Friday, January 30, 2015

ඉතිං මං එහෙම කෙනෙක්යැ......



1 දවස

( ස්වාමියා පුවත්පතක් බලයි. බිරිඳ ඔහු ළඟට පැමිණෙයි )

බිරිඳ : අනේ ඒයි මේ පුටුවක් කැඩීලා ගොහිං
ස්වාමියා :  ඉතිං මොකද මට කියන්නෙ වඩුවෙක්යැ මෙමං

( බිරිඳ මුහුණ පුළුටු කරගෙන ආපසු යයි )



2 දවස

( ස්වාමියා රූපවාහිනිය නරඹයි. බිරිඳ පැමිණ දැවටෙයි )

බිරිඳ : අර කුස්සියෙ කරාමයක් ලීක් වෙයි අනේ
ස්වාමියා : ටැප් හදන්න මම බාසෙක් නොවෙයිනේ පනේ

( බිරිඳ ශෝකයෙන් ආපසු යයි )



3 දවස

( ස්වාමියා විවේකී සුවයෙන් සිටී. බිරිඳ පැමිණ සුරතල් වෙයි )

බිරිඳ : අපේ නිදන රූම් එකේ ලයිට් නෑ අද
ස්වාමියා : එය හදන්න මම මිකැනික් කියල හිතුවද

( බිරිඳ බොහෝ දුකෙන් නිහඬ වෙයි )



දින ගණනාවකට පසු...

( ස්වාමියා වැඩ ඇරී නිවසට සැපත් වෙයි. බිරිඳ ඉපිල ගිය සතුටින් ඉදිරියට පැමිණෙයි )

බිරිඳ : එහා ගෙදර ඉන්නා අර ලස්සන  කොල්ලා
          ලයිට් හදල දුන්න අපිට යසට බලාලා

ස්වාමියා : ඒක හොඳයි ඒක හොඳයි මට හරි සතුටුයි
                ඉතිං ඔහුට සලකන්නට මටත් දැන් හිතයි

බිරිඳ : ඔයා අනේ දුක් වෙන්නට කාරියක් නැතා
          ඔහුත් උදව්වක් ඉල්ලුව කෙරුව මං සිතා

ස්වාමියා : ඉතිං මොකද ඌ ඉල්ලුව උදව්ව සුහදේ
                අගේ නොකර ඉතිං අනේ කියනු මැන වදේ

බිරිඳ : ඔහුගෙ කමිසෙ බොත්තං ටික ගැලවිලා ගොහිං
          ඒක මහල දෙනවාදැයි ඇහුවනේ ඉතිං

          ඒක මහල නොදුන්නොතිං ඉල්ලුවේ සැකෙන්
          ඔහුත් සමග ගතකරන්න පැයක් තනිකමෙන්

ස්වාමියා : වලත්තකම මූ මරන්න එපායෑ බොලං
                ඉතිං ඔයා ඌට මහල දුන්නද බොත්තං

බිරිඳ : ඔයා මෙතන මළ කෝලං කියනවද මෙයා
          මම ටේලර් කෙනෙක් කියල හිතුවදැයි ඔයා


සැ.යු : බිරිඳගේ ඉල්ලීම් ගණන් නොගෙන දිගින් දිගටම මගහැරීමෙන් පවුලේ අනාගතය අඳුරු වීමේ අවදානමක් මතු විය හැක.


-අසංක ගයාන් අබේසිංහ-

58 comments:

  1. මේක නාට්‍ය පිටපතක් වෙන්න ඇති නේද?

    බිරිඳගෙ ඉල්ලීම් ගණන් නොගෙන ඉන්න හොඳනෑ. එ්ව ගණන් කරල මතක තියාගන්න. හැබැයි ඉල්ලන දේම දෙන්න ඕනැ නෑ. වෙන හොඳ දෙයක් ඉඳල හිටල කරල දෙන්න.

    ReplyDelete
    Replies
    1. http://mobile-mage-sithiwili.blogspot.com/2015/01/blog-post_22.html

      Delete
    2. යකඩෝ හෙනහුරා මෙන්න මෙහෙටත් පාත් වෙලා...හැක්...කමක් නෑ...කමක් නෑ...උඹවත් සාදරෙන් ආදරෙන් පිළිගනිමු...

      මේක නාට්‍යයක් නෙවෙයි බං...මම අහල තිබුණු විහිළු කතාවක් මේ විදිහට් හැදුවා ඕං...අහපු කතාවෙ නම් තිබුණෙ පේළි කීපයයි...ඒත් කවි කරන්න ගියාම එහෙම බෑනෙ...ඉතිං නාට්‍යයක් වගෙත් පේනවනං ඉතිං ඒකත් හොඳයි...

      Delete
    3. හැක්...හැක්...උඹේ කයියත් බැලුවා හෙනහුරු...මරුනේ...

      උඹ කිව්වත් වගේ බිරිඳ ඉල්ලන හැමදේම දීලත් බෑ නොදීත් බෑ...

      Delete
    4. මලිත්ට ගැහුවම ඇයි බං චංචලා අඬන්නේ?

      Delete
  2. බුහ් හහ් හා..............
    අපේ මදාවි නෝනෙට මේක හම්බුණා නං මරු වැඩක් කොරල තියෙයි..
    හිහි...
    පට්ටයි මචෝ ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙනං උඹත් නෝනට අද ඉඳලම උදව් පදව් කොරපං කම්මැලිකං නැතුව...හිකිස්...

      Delete
    2. ඒයි...ඒයි... මහනව බොත්තං ටික මොකවත් කොරගන්න බැරිවෙන්න දෙන්නගෙම.

      Delete
    3. හැක්...හැක්...එන්නකො එන්නකො බොත්තං මහන්න...දෙන්නම් නියමෙට...

      Delete
  3. ටැප් එකක් හදන්න පයිප්ප බාස් කෙනෙක් වෙන්නම ඔුනද?
    ලයිට් එකක් දාගන්න මිකැන්කි කෙනෙක් වෙන්නම ඔනද?
    පුටුවකට ඇණයක් ගහන්න වඩුවෙක්ම වෙන්න ඕනද?
    හොඳ වැඩේ කම්මැළි හස්බන්ඩ්ට....
    සුපිරි.....
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් බං කම්මැලි වාහෙලට ඉතිං ඕන එකකට හේතුවක් තියනවනේ...මාත් ඉතිං කම්මැලියා තමයි...ඒත් ඉතිං මේ වගේ කම්මැලි වෙන්නනං අදහසක් නෑ...හිකිස්...

      Delete
  4. අල්ලපු ගෙදර ඉඳල තියෙන්නෙ අටං වගේ..

    ReplyDelete
    Replies
    1. ඇයි අටමා මිකැනික් කෙනෙක්ද අනුන්ගෙ ලයිට් හදන්න...හික්ස්...

      Delete
  5. කම්මැලි මිනිහාට වෙච්චි වැඩේ,ඉතින් කොහොන් හරි ගැණි වැඩේ කරගන්නත් එපැයි.පවුලට වරදක් කියන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචෝ...ගෑණි හැම වැඩේම කාට හරි කියල කරගන්න කලියෙන් උඹලම වැඩ කරපල්ලා...

      Delete
  6. මම නිවාඩු දාලා වරැවෙන් යනවා අද
    අපේ ගෙදර පුටුවක් කැඩීලා ගොහිං, කුස්සියෙ කරාමයක් ලීක් , අපේ නිදන රූම් එකේ ලයිට් නෑ ඒ මදිවට එහා ගෙදර ඉන්නා අර ලස්සන කොල්ලාගේ කමිසෙ බොත්තං ටික ගැලවිලා ගොහිං තියනවා දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඉක්මනට පලෝ...දැනටමත් ලෙට් ද දන්නෙ නෑ...හැක්...

      Delete
  7. හපෝයි මෙන්න කුරුට්ටත් දැන් මදාවි ඉට්ටයිල් කතා ලියනවෝ ....

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි ඇනෝ...මදවියා නෙවෙයි කවුරු ලිව්වත් ඉතිං සිද්ධිය නම් මෙසේමැයි...ඒක හින්දා බිරිඳට හොඳ තැනක් දෙන්න ඕන ඕං...හැක්...

      Delete
    2. එක තමයි බන් ...නැත්නම් ඕන් අපිට එන්න වෙනවා උඹලගේ දිහා බොත්තම් අල්ලගන්න ....හැක හැක්

      Delete
    3. අනේ යකෝ...හැක්...

      Delete
  8. අනේ අම්මපා අපේ ගෙදර ටැප් ලීක් වෙන්නෙම නැද්ද මංදා.. එතකොට ලයිට්, පුටු කැඩෙන්නෙම නැද්ද මංදා. අපේ උන්දෑ කවදාවත් ඔහොම එව්ව මට කියල නෑනේ. ඒකටත් එක්ක අර අල්ලපු ගෙදර ගෑනු මනුස්සයගේ බඩු හැමදාම කැඩිලා. පුදුම කරදරයක් මට තියෙන්නේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. හා හා කමියගෙ කමිසෙ බොත්තං එහෙම ගැලවෙනවද ඉතිං නිතරම...හික්ස්...

      Delete
    2. දැන් මචෝ කමියට වයිෆ් Tshirt ලු අරන්දෙන්නේ .....

      Delete
    3. // අපේ ගෙදර ටැප් ලීක් වෙන්නෙම නැද්ද මංදා.. එතකොට ලයිට්, පුටු කැඩෙන්නෙම නැද්ද මංදා. අපේ උන්දෑ කවදාවත් ඔහොම එව්ව මට කියල නෑනේ//
      ඒ වුනාට බලපන් අල්ලපු ගෙදර කොලුවගේ ෂර්ට් එකේ බෝත්තන් කැඩිලද කියලා

      Delete
  9. අනේ දෙයියනේ... මදාවියත් ඔහොමයි. හොඳ වැඩක් කරන්න ඕනි. බොත්තං මහන්නනම් බෑ. කේක් එකක්වත් හදල දෙන්න කිව්වනම්. ඒත් මම බක්කරේ කෙනෙක්යැ.
    කවි පංතිය සුපිරියි අසංක. මෙහෙම වෙනස් දේවල් කලාම ඔබේ ඔපය තවත් වැඩි වෙනවා. ජය වේවා! (මගෙ පේටන්ට් එක තියෙයිද බලන්න ඕනි අල්මාරියෙ. උස්සල වගේ කීප දෙනෙක්)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාධවියෝ...මේ...මේ...අපිනං ඔන්න පේටන්ට් ඉස්සුවෙ එහෙම නෑ හොඳේ...(රහසින්: අපිත් වල් කතා දන්නෙ 2 වසරේ ඉඳන් ඕං...හැක්...)

      Delete
    2. දැන් මේකෙ මදාවියෝ, මාධවියෝ වැජි වැහල නොවෑ.. අපේ අසංකයත් ගල් ඇම්ඩෙක් වෙලා!!!

      Delete
    3. අඩේ එහෙම කියන්න එපා මනෝ...කොහොමත් ඉතිං උඹලත් එක්ක ඉද්දි ඇම්ඩන් නොවීත් බෑ...හිකිස්...

      Delete
  10. හි හි...
    අනේ අපේ අල්ලපු ගෙදර මිනිහත් කම්මැලි වුනානම්....

    ReplyDelete
    Replies
    1. අනේ...අනේ...මේ කමෙන්ට් එක වහාම ෂර්මියාගෙ නෝනට පෙන්නන්න ඕන...නෝන මහල දෙයි බොත්තං... හික්ස්...

      Delete

  11. අල්ලපු ගෙදර ටැප් එකක් කැඩිච්ච කතාවක් කියනවත් ඇහුන මගේ ශර්ට් එකක බොත්තමකුත් කැඩිල……

    ReplyDelete
    Replies
    1. උඔලාගේ ගෙදර ටැප් එක කැඩිලද? නිදන කාමරේ බල්බ් එක වැඩද බලලා හිටපන්..ඉවානයා බෝත්තන් කෑඩිච්ච ෂර්ට් එකකුත් අරගෙන වටේම ඇවිදිනවා දැකපු අය ඉන්නවා.

      Delete
    2. ඔව් ඔව් රාජයා...බලපං...බලපං...ඉවානයා බොත්තං අල්ලන්න ගිහින් සත්තං වෙලාලු...හැක්...උඹත් පරිස්සමින්...

      Delete
  12. සක් , ඒ ගෑනි ඒක මිනිහට කියලද? ටික දවසක් ඒ පැත්තේ නොගිහින් ඉන්න ඕන :P

    ReplyDelete
    Replies
    1. උඔට ටැප් හදන්නත් පුලුවන්ද?

      Delete
    2. ඕකට පුළුවන් ටැප් ගලවන්න විතරයි...හිතාගෙන ඉන්නෙනං හරි ඉහළින්...හික්ස්...

      Delete
  13. ගස්බන්ඩෙක් වුනහම එකම වැඩේ විතරක් කරල හරීයන්නෙත් නෑ. ඒ වැඩේට අමතරව අනික් වැඩ ගැනත් පොඩි හරි දැනුමක් ඕන

    ReplyDelete
    Replies
    1. අන්න නියම හස්බන්ඩෙක්...හැම වැඩේම දන්නවා වගේ...හොඳා...හොඳා...ඔහොම යං...

      Delete
  14. අපේ අල්ලපු ගෙවල් වල මෙහෙම කම්මැලියෝ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඉවානයා අසල් වැසියෝද?

      Delete
    2. ඉඳපං...ඉවානයා ළඟදීම ඔහේ පදිංචියට එයි...

      Delete
  15. කතාවක් විදියට කලින් කියවල තියේ මේක. ඒත් මේ ලියල තියෙන විදියත් නියමයි.

    හා...හ්.. මට දුක අපේ මධාවියා ගැන. උඹල උගේ බඩට ගැහුව නේද!!

    ReplyDelete
    Replies
    1. අපි මේ හදන්නේ මනෝෂ් අපේ මාධවීවත් සම්භාව්‍ය සාහිත්‍යකාරියක් කරන්න...මේව අපි ලියනව දැක්කම කළකිරිලා එයා ඕව නවත්තයිනේ...හිකිස්...

      Delete
  16. දැන් ඉදන්ම හොයල බලන්න අපේ ඕන අල්ලපු ගෙදර මනුස්සයත් කම්මලියෙක්ද කියල :v පට්ටයි අහ

    ReplyDelete
    Replies
    1. හොරෙං බොත්තං අල්ලන්න ගිහින් අහුවෙයංකෝ...

      Delete
  17. මේක නං මං පොඩි මල්ලි චූටි මල්ලි වැඩසටහනක් දැක්කා බං..

    ReplyDelete
    Replies
    1. ඔව් බං...වෙන්න පුළුවන්...මම මේ කතාව දැක්කේ පත්තරේක....ඉතිං මෙහෙම හැරෙව්වා...

      Delete
    2. අපූරුයි උඹ කතා , කවි කොරන විදිය. ලස්සනයි.. නරි බෑනා නාට්‍යයේ වගේ..

      Delete
    3. හැක්...හැක්...නරි බෑනා...බැරි නානා...බොහොම ස්තුතියි සාජ්ජෝ...

      Delete
  18. මලා.... ටේලර් කෙනෙක් නෙමේ නේන්නං !

    ReplyDelete
    Replies
    1. ඒකනේ මධු...එහෙනං මොකෙක්ද ඈ...

      Delete
  19. අන්තිමේට කොහොම හරි බොත්තම් මහල නෑ නේ. පව් අර අසරණය :D

    ReplyDelete
    Replies
    1. හරී පව් නේ මනෝ...අනේ යකෝ...හිකිස්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...