Monday, September 28, 2015

ගහන්න එපා සර්...... මම තමයි සර් කොන්ඩයා.......


දවසක් දා පොලීසියට අාරාධනයක් ලැබුණා
ස්කොට්ලන්ඩ් පොලීසියෙන් සීල් තියාලා
අපේ ලොක්කො කලබල වී ගත්තා අැමතුමක් හනික
මොකක්ද මේ හතිලව්වෙ වෙන්නේ කියලා

අනේ මචං ඩෝන්ට් වොරී පුංචි තරගයක් තියෙනවා
උඹලත් දැන් රෙකග්නයිස් චරිත කියාලා
යූ එන් එක හොල්ලාගෙන ඉන්න නිසා ලොක්කා කිව්වා
කාඩ් එකක් ඔය පැත්තට යවන්න කියලා

අපේ ලොක්කා ගෙන්නාපී කොස්තාපල්ලා හතරක්
සාජන් කෙනෙකුට දුන්නා බලය පවරලා
හවසම නැගලා ගුවනට බැහැලා බැලින්නම් එරටට
හෙලිකොප්ටර් අමුතු මැෂින් අරුන් ගෙනැල්ලා

රටවල් තිහ හතලිහකම පොලීසි අැවිදින් තරගෙට
ලොක්කා අැවිත් තරගය ගැන විස්තර දුන්නා
කනේ ටැග් එකක් එල්ලපු හාවෙක් අැත අතහැරලා
ගිහින් හොයා ගන්න ඕනේ අැමේසන් කැලේ

අැමරිකාව, එංගලන්තෙ ප්‍රංශෙ එක්ක ජර්මනියත්
උපරිම කෙරුවාව දැම්මා හාවා හොයන්න
උඩින් බිමින් හැම තැනින් ම භට සේනා දහස් ගණන්
ඒත් බැරිවුණා හැංගුණ හාවා හොයන්න

අන්තිමේට නිදාන හුන් අපේ අයියලා සෙට් එක
නැගිට්ටවලා කිව්වා මේ ඔබේ වෙලාව
අපේ එවුන් ළග ගහකින් පොලු කඩාන වැඩට බැහැපි
පැය දෙක තුන ගතවුණ මුත් නෑනේ සද්ද

හිටපු ගමන් කැලේ මැදින් මතු වූයේ පත වළහෙකි
දෑත් දෙකම උස්සාගෙන උෟ දිව එනවා
හොටු පෙරාන අඩන වළහා පස්සෙන් එයි අපෙ කස්ටිය
ඊට පස්සේ අැහුණෙ දෙබස පහත විදිහටයි............................

පොලිස් කොස්තාපල් - උඹ කවුද????

වලස් තඩියා - මම තමයි සර් කොණ්ඩයා........

පොලිස් කොස්තාපල් - අා දැක්කානේ සර් මූ තමා වැඩේ කරලා තියෙන්නේ

ස්කොට්ලන්ඩ්යාඩ් ලොක්කා - දැන් කවුද මේ කොණ්ඩයා ... කෝ ඒතකොට හාවා......

පොලිස් කොස්තාපල් - අා........... දැන් අපි හොයන්න ඕනේ කොණ්ඩයා නෙමෙයිද සර්...

ස්කොට්ලන්ඩ්යාඩ් ලොක්කා - නෑනේ මේ තරගෙදි හොයන්න තියෙන්නේ හාවෙක්

පොලිස් කොස්තාපල් - අා............ හරි විනාඩි පහක් දෙන්න සර්...

වලස් තඩියා - එපා එපා සර් විනාඩි පහක් ඕනේ නැහැ . හාවත් මමම තමයි............. 



කසුප් අනුරාධ‍‍‍


.

Friday, September 25, 2015

අනුන් වෙනුවෙන් ජීවත්වීම.................



හමා යන මද පවන් සිසිලස 
බෙදා සෙනෙහස හොයනවා
සොයා උණුහුම සරන විහඟුත්
අාදරේ සුව දන්නවා
නිවී හෙට දින පායන්න මග
බලන හිරු යළි හිතනවා
ඊයේ අද නොව හෙටින් ළැඹෙන
දවසෙ වෙනසක් දැනෙනවා

සතුට වෙනකක් නොවේ හිත්තුළ
නැගෙන සිනහව අැති තරං
වේදනාවන් නොවේ වෙනකක්
සිටින තරහක් හිර කරං
දුක සතුට දෙක වෙන්ව අරගෙන
විදවන්න වෙයි නං ඉතිං
දුකත් සතුටත් වෙන්ව නොදකිමු
හිනාවෙමු අපි හැකි තරං

අනුන් වෙනුවෙන් ගෙවෙන තත්පර
දවස් අවුරුදු කරනවා
අනුන්ගේ සිනහව දකින්නට 
අපේ සිනහව පුදනවා
අනුන් කරනා දෙයින් තැවෙනා
සිතින් අාදරෙ කරනවා
අනුන් වෙනුවෙන් මගබලාගෙන
අපේ ජීවිත ගෙවෙනවා


තුෂාර විතාරණ


.

Tuesday, September 22, 2015

උඹලාට ඕනේ එල්ලුම්ගහනේ, ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා........




උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
ඉඳා තියාගනිල්ලා පරිස්සම් කරලා.......
ඕක ගෙනාවාම ඔක්කොම හරිනේ
උඹලාගේ රට සුඛිත මුදිත වෙලා තියෙයි
වැරදි කරන්න තියා හිතන්නෙවත් නැති 
සුවච කීකරු මිනිස්සු ටිකක් හැදෙයි 
බලාන හිටපල්ලා..... හම්බෙයි මෙන්න කියලා.....


උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
ඉඳා උඩ පැන පැන මිනීමරපල්ලා.......
හැබැයි පොලීසියේ උන්ට පොරටෝක් දුන්නාම
උඹලාගේ දරුවෝ කුඩු පැකට් දාලා අරං
උසාවි දාලා මරණ දඩුවම දුන්නා ම 
උෟව එල්ලලා මරද්දි උෟ වැරදි නෑ කියලා
ගිහින් කියලා බලපංකෝ මහඋන්ට
උඹලාට හම්බෙයි..... මෙන්න කියලා....


උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
ඉඳා අතගගා සතුටු වෙයල්ලා.......
අාණ්ඩුවක් මාරු වෙලා අනික අාපු ගමන්
හිටපු අැමතිලා ටිකයි ලේකම්ලා ටිකයි
එල්ලලා මරලා අාතල් ගන්න පුළුවන්
ඔය විදිහට අාණ්ඩු තුනක් විතර මාරු වුණාම
ඊළග ඡන්දයට නාම යෝජනා දෙන්න
රටේ එක මිනිහෙක්වත් ඉතුරු වෙන එකක් නෑ
බලාන හිටපල්ලා...... හම්බෙයි මෙන්න කියලා...


උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා........
ඕක ගෙනාවාම මහපාරේ වෙඩි තියලා
කොල්ලො මරන එකක් නම් නැහැ
අායුධ හොයන්න අරං ගිහිල්ලා
වෙඩි තියලා මරන එකකුත් නැහැ
මොකට ද නිකං අතේ ලේ ගාගන්නේ
බලළා ඉද්දි කියලා උං හිතයිනේ
බලාන හිටපල්ලා..... හරි එවුන් මරයි මෙන්න කියලා.....



කසුප් අනුරාධ


.
රූපය - නිවුස් ෆස්ට් වෙතිනි....

Wednesday, September 9, 2015

පියඹලා වරෙන් පුත දෙව්විමන් අැත බලං.........


ලෝකයක් හදන්නට තියෙන අාගම් අරන්
තොපේ පව් හෝදන්න අහිංසකයින් මරන්
නොදරුවන් බිලිගන්න රකුසු මිනිසුනි අහන්
කොහිද දෙවියන් ඉන්නෙ මෙහෙව් ජඩකං බලන්

මේ නිසල ගත දකින තොපේ හිත වාවයිද
තොපේ දරුමුණුපුරන් හෙට කෝම නලවයිද
ලෝකයක් ඉකිගසා අඩනවා අැහෙනවද
හෝදන්න මේ කරුම ශුද්ධ යුද්දෙට හැකිද

මයෙ පුතේ මියැදෙද්දි රිදුන බව මම දනිම්
නුඹෙ අම්ම තාත්තා වැරදි නැති බව දනිම්
බේරෙන්න යකුන්ගෙන් නුඹව තුරුලට අරං
නැව් නැග්ගෙ ජීවිතය හොයා යන්නට හිතං

දෙවියන්ට බිලි දෙන්න කිරිකැටියො පෙති ගහං
යකුන් රකුසන් අැවිං නුඹව ඩැහැගත් ලොවෙං
පියඹලා වරෙං පුත දෙව්විමන් අැත බලං
දෝත ගෙන නලවාවි හැබෑ දෙවියන් අැවිං


තුෂාර විතාරණ


.

Tuesday, September 8, 2015

නින්ද සොරා ගෙන අැයි ඔබ ගියේ..........



නිශා...තරු කැට අතුරා
හිතේ... සඳ මිණි දවටා
ළඳේ ...මා ගිනි නිවලා
මගේ... සුසුම් සිර වෙලා...........


නීල නෙතු සරින් නුඹේ
පාන මල්    සිනා    පිරේ
කෝල  සිත් මුළා වුණේ
මාන නෙත් සරින් ළඳේ..........


මිහිරාවියේ මා නෙත් මානයේ රැදී
ගිම්හානයේ මා පාලුවෙන් වෙළී
සංසාරයේ ඔබෙ සුසුමෙහි වෙළි
නින්නාද වෙයි හද ගත කිතිකැවී...........


හංස   තලාවෙහි   සුව  දී    වෙළී
නින්ද සොරා ගෙන අැයි ඔබ ගියේ
වින්ද  වේදනා  නිදි  නැති  රැයේ
මන්ද නොදැනුනේ අද මිහිරාවියේ...........



කාංචනා චන්ද්‍රසේකර



.

Friday, September 4, 2015

ගහෙන් වැටුණ මිනිහාට ගොනා අැන්නා වාගේ........


දා හෙළ ජන වහර 
කියූ කතා මනහර
පහත දැක්වේ විස්තර
තවත් ලියනුව කතා ක්කර 




ගලේ පහරපු බලළා වගේ
විමල් වීරවංශ

කාලේ හොදවුණාම බඹරේ වැල්ලෙත් කැරකෙනවා
රනිල් වික්‍රමසිංහ

ඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි
මෙෙත්‍රීපාල සිරිසේන


වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීම
තිස්ස අත්තනායක

දැලි පිහිය අහුවුණ රිලවා වාගේ
උදය ගම්මංපිල

උන්නත් දාහයි මලත් දාහයි
ඒ. ච්. ම් ෆවුසි

කතාව දෝලාවෙන් ගමන පයින්
සරත් ෆොන්සේකා

නැව ගිලුණත් බෑන් චූන් (පෙරළුන පිට හොදයි කියනවා)
අාරුමුගම් තොන්ඩමන්

දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අනුර කුමාර දිසානායක

උෟරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්
අාර් සම්බන්ධන්

ගහෙන් වැටුණ මිනිහාට ගොනා අැන්නා වාගේ
මහින්ද රාජපක්ෂ


කසුප් අනුරාධ


.

Wednesday, September 2, 2015

අෑ නැගිට එයි ඉඩ ලද සැනින්......


මදිරා පෙරෙන නෙත් සර තුළින්
හිත් රසෙන් පුරවා ලද සැනින්
සිල්ලරට විකිණුනු අත් දෙකෙන්
වත නැගෙන ඩා බිඳු පිසලමින්,
දුක් කඳුලු ඇහිපිය යට තියන්
ඈ හිඳී පෙම් ඇරයුම් අරන්…………………..

දොස් පරොස් ගල් කැට ඉවසමින්,
දිවි ගැහැට පරුවත උසුලමින්,
නිසයුරු සමග පෙම්වත් වෙමින්,
වීදිය කොනේ ඇත මග බලන්………………………….

ලෝකය යදින ලොව පුද දෙමින්
තව ලොවක් තනමින් සෙනෙහසින්
ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
ජීවිතේ මඩ තැවරුනු තැනින්……………………
                                                      


ඉසුරිකා


.
Related Posts Plugin for WordPress, Blogger...