හිතට පෑයූ සඳක් වී
ලොවම සරසා සිනා වී
තුරුළෙ හිඳ ඔබ ගැයූ ගී
එදා මටනම් නෑසුණී
ඇය මගේ ලොව රජවෙලා
මදු සඳක් සේ පායලා
එවන් දැහැනේ තනිවෙලා
දෑලෙ මායා පෙම් කළා
ස්වප්නයෙන් එළි වූ දිනේ
මීදුමක් පාවී ගියේ
ඇගේ මායා විල් තෙරේ
මුළා වුණු බව වැටහුණේ
අන් ලොවක් වෙත පායලා
ඇගේ පුන්සඳ හිනැහුණා
අව සඳක් මට පෙන්වලා
සැණින් ඉවතට ඉගිලුණා
ඔබට මා දුන් දුක් සුසුම්
පාව යාවිද යළි ඉතින්
කමන්නට ආ මුත් සොවින්
සොමි සඳක් වැනි වත දකිම්
කෙලෙස් සයුරින් අත් මිදී
යන මගට ඔබ නොම සැලී
එකතු වන්නට හිත හැදී
මේ ලොවේ මට පිං මදී...
අසංක ගයාන් අබේසිංහ
අපූරුයි අසංග.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමියෝ...
Deleteසෑහෙන කාලෙකින් හොඳ නිසඳැසක් එළි බැහැල
ReplyDeleteබොහොම ස්තුතියි අජිත් අයියේ...
Deleteආපෝ... ඔහේනං මහන වෙන්න එපා. හැක්..
ReplyDeleteනියමයි.
නෑ බං මමනම් මහන කෙනෙක් වෙනවමයි...(ටේලර් කෙනෙක්)..හැහ්...
Deleteස්තුතියි ප්‍රසා...
හොද හිටි ඉදි කට්ට අනුනානම්
Deleteකාලෙකට පස්සේ
ReplyDeleteඔව් මචං...
Deleteලස්සනයි පහන් හැගීමක් එන්නෙ
ReplyDeleteබොහොම ස්තුතියි අරු...
Deleteකාලෙකින්.. අපූරුයි...
ReplyDeleteඔයත් කාලෙකින්...අපූරුයි...
Deleteබොහොම ස්තුතියි තුශානි...
කාලෙකින් මෙහෙට ආවේ අය්යෙ .. අපූරු පද ගැලපුමක්
ReplyDeleteමාත් ආවෙ කාලෙකින් නංගි...බොහොම ස්තුතියි...
Deleteසැබෑ අත්දැකීමක් කියලනම් කියන්නෙපා...
ReplyDeleteසමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
කිළුටක් නෑ මගේ හදවතේ සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම
ආදරයක් නොලැබුණ දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි වුණා කසාවත මට
කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයක හැඟුමෙන් නෑ හදවත කොණක
ගෙවාගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
චාමර වීරසිංහ
අඩේ මනෝෂා...උඹ කොහෙද බං හිටියේ...උඹල වගේ එවුං නැතුව කවියක්වත් ලියන්න හිතෙන්නෙ නැතුව හිටියේ...ඒකයි අපිත් ගොඩක් මේක අතඇරල දැම්මෙත්...ආයෙත් ගොඩ එන්න බලනවා අපිත්...
Deleteආන්න හරි... මාත් මේ ආපහි ගොඩ එන්න ට්‍රයි එකක් දෙන ගමන්.. ඉස්සර තරම් ගැම්මක් නෑ බං දැන් මේවගේ... මතකද ඒ සොඳුරු අතීතේ...
Deleteලස්සනයි ඔබට පුදුම හැකියාවක් නෙ තියෙන්නෙ කව් ලියන්න
ReplyDeleteදැං මහන කෙනෙක් වෙලා හිටිය ඇති. මේක ලියහං.
ReplyDelete