Thursday, October 29, 2015

නැතුව නැතුව - නැතුව නැතුව ...................


අපි නං කවදාවත් ම 
හොරුන්ට තක්කඩියන්ට තනතුරු දෙන්නෑ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු පහුගිය කාලේ 
ඔය තක්කඩියන්ට යට වෙලා බයෙන් හිටියේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු හරිම අමාරුවෙන්
කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
මාධ්‍ය මර්ධනය කරලා තර්ජන කරන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
පහුගිය කාලේ මාධ්‍ය බය වෙලා හිටියේ
කිසි දෙයක් කට අැරලා කිව්වේ නැහැ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු හරිම අමාරුවෙන්
පහුගිය කාලේ පණ ගැටගහගත්තේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
අධ්‍යාපන අයිතීනි උදුර ගන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ 
පහුගිය කාලේ අපේ දරුවන්ට 
කදුළු ගෑස් ගහලා පන්නා ගත්තේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................

අපි නං කවදාවත් ම 
ජනතා සල්ලි වලින් රජමාලිගා හදන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
කලින් හිටපු රජවරු මාලිගා වගේ
වැසිකිලා හදාගත්තෙත් අපේ සල්ලි වලින්
නැතුව නැතුව - නැතුව නැතුව ...................



කසුප් අනුරාධ



.

Monday, October 26, 2015

දෙපා බැදි යදම් වැල් නූල් පොටකට තරං .............



වඩිනු මැන හිමි සදුනි
මා උරෙන් රැගෙන යමි..
බැඳි දෙපා හෙමි හෙමින්
තබා ඔබ නොසොල්වමි..
දෙකන් පෙති මත තබා
පවන් පත් සලන්නෙමි..
නොහිතන්න සාමිනේ
මම ඔබව රකින්නෙමි..

හෙණ්ඩුවට බය කරන්
දෙපැත්තෙන් ඉන්නවද
ගිණි බෝල කරවං
තවත් බය කරනවද
තිරිසනෙක් නං පිටේ
කරඩුවක් තියෙනවද
කුහුඹු වැනි මිනිස්සුන් 
දෑත් බැ වදිනවද


දෙපා බැඳි යදම් වැල්
නූල් පොටකට තරං
හෙණ්ඩු ගිණිබෝල වැල්
බයක් නොදැනෙන තරං
ගරුසරු ව පය තබා 
වඩම්මන්නට උරෙං
හිත පුරා කරුණාව 
තියෙනවා අැති තරං


තුෂාර විතාරණ



පසු සටහන - අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය නරඹමින් සිටින විට හිතට දැනුණ හැගීමක් අකුරු කිරීමකි........

.

Wednesday, October 21, 2015

තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ........



පළවෙනියට ම ඔෆිස් ගිය දා
රස්සාවත් පා කරවං 
ඔෆිස් ක පුරා ඔරවං හිටපු
නාකි මූණු හිතුවේ 
මං උංගේ රස්සාව හොරකං කරා කියලා ..........

වෙනම කාමරයක හිටියාට

මොකක් දෝ ලෙංගතුකමක් 
හෘදයාංගම කමක් ක්ක හිනාවුණ
කම ක මූණක් තිබුණා
කට්ටියගේ ම අාමන්ත්‍රණය වුණේ විජේ අයියා........

වැඩ පටං ගන්න කලින් ම 

බ්‍රීෆ් කේස් කේ හංගන් 
බුලත්, පුවක්, හුණු ගුලිකරලා
විටක් හපන්න පටං ගන්න ගමන්
මේක නැතුව බෑ බං කිව්වේ විජේ අයියා .........

හරියට ම අවුරුදු විස්සක් 

බාල මම උඹ වෙද්දි  
තාත්තට වඩා අවුරුදු කීපයක්
අඩු දෙදරු පියෙක් වුණාට
මගේ කටින් කියැවුණෙත් විජේ අයියා........

උඹව දුරින් තියලා වැඩක් නැහැ

මං ලියුමක් හදලා දැම්මා
හෙට ඉදලා හෙඩ් ඔෆිස් වරෙං
මං කොහෙද තකොට ඉන්නේ
මගේ මේසේම හිටපං යකෝ මං විජේ අයියා....... 

මෙන්න බං කලු අලකොළ

තෙල්දාපු දෙල් ක්ක කෙහෙල්මුව 
පියනට මාලු අයින් කරන්නේ මට
කාලා ඉවර වුණ ගමන් අල්ලපු කඩේට 
කෙහෙල් අැවරිය ම ගත්තෙත් විජේ අයියා.......

අර වැඩේ හරි මං තේරුණා

අම්මපා උඹ ගැලපෙන්නේ ඒකට
උඹට හොද ගමනක් තියෙනවා
මං මේවා මොනවා හරි කරගන්නම්
තාත්තා වගේ ම සතුටුවුණ කෙනා විජේ අයියා......

මට සද්දේ දාපු උන්ට පේන්න

ගණන් ගත්තේ නැති උන්ට දැනෙන්න
දෙතුන් ගුණයක් වැඩි පඩියකට 
මහා පොරක් වගේ පිටවෙලා අාවාට
තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ........



තුෂාර විතාරණ


රූපය - අමාරුවෙන් හොයාගන්න පුළුවන් වුණේ මේ රූපය විතරයි. විජේ අයියාට හොරෙන් පින්තූරය ලබා දුන්නු හර්ෂණ සහෝදරයාට ස්තූතිය. 

Monday, October 19, 2015

කළ කම් පළ දේ ය දුවේ නුඹ අැවිදින මේ සසරේ



සැප කුටියේ බලු සෙනෙහස ගුලිකරගත් දියණියේ
බලු කුටියේ පිය සෙනෙහස ක් තැන් කළ දියණියේ
බලු කැත කුණු සතුටු සිතින් අත පත ගෑ දියණියේ
ඔබේ කැත කුණු අැති නිරයේ ගාල් වෙලා දියණියේ

දරු තැනුමට බැරි බර දී වෙහෙසූ කය අබලන් වී
වියපත් වන විට අැති හැකි බව වියැකී ක් තැන් වී
ලෙයින් මසින් හැදුමුත් පණ මෙන් සිය දරුවන් පේවී
මොළයේ ගුණ නැති උන් හැම දා ඔවුනට දුක් දේවී

දහදුක් විද හැදූ පියා බලු දුක් විදිනා අතරේ
රජ සැප දී බලු සුරතල් විදිමින් සුවිසල් මැදුරේ
පිය දුක නොපෙනෙන විලසට සිටියත් සැගවී අදුරේ
කළ කම් පළ දේ ය දුවේ නුඹ අැවිදින මේ සසරේ



ඉසුරිකා උත්පලානී



.

Wednesday, October 14, 2015

ඔය මොනවා වැඩි වුණත් බජට් එක අාවාම බලන්නකෝ.........



කාර් වැඩිවුණා තමයි
කට කමක් නැහැ
සල්ලිකාරයන්ටනේ වදින්නේ

අරක්කු සිගරට් වැඩිවුණා තමයි
ඒකටත් කමක් නැහැ
බීලා මැරෙන්න හදන උන්ටනේ වදින්නේ

සීනි තෙල් වැඩි කරයි තමයි
ඒකටත් කමක් නැහැ
ඒවා නිසානේ මිනිස්සු ලෙඩ වෙන්නේ

බඩු මිල වැඩි වෙනවා තමයි
ඒකට කමක් නැහැ
අවධමනය රටකට හොදම නැහැනේ

ඔය මොනවා වැඩි වුණත්
බජට් ක අාවාම බලන්නකෝ
කොත්තමල්ලි, පල්මානික්කම් හෙම 
හිටු කියලා මිල බස්සනවා ෂුවර්..................... අම්මපා.....



කසුප් අනුරාධ


.

රූපය - ලංකාදීපයෙනි....


.

Tuesday, October 13, 2015

මෑත කාලීන අපරාධ සහ උගත්පාඩම්..................



පුද්ගලයා -   17 හැවිරිදි පාසල් සිසුවා
නිරීක්ෂණ -  ලැප් කේ අරවා තිබීම
                   ෆේස් බුක් ෆොටෝ තිබීම
නිගමනය -  කොල්ලා සැක පිට අත්අඩංගුවට ගැනීම
ක්‍රියාමාර්ග-  ල්ලා පහර දී ප්‍රශ්ණ කිරීම
උගත්පාඩම -    ළගපාත අපරාධයක් සිදුවුවහොත් ලැප් ෆෝමැට් කිරීම

පුද්ගලයා -   ක් දරු පියා
නිරීක්ෂණ -  කොණ්ඩය කැපීම
                   රැවුල බෑම
නිගමනය -  පියා සැක පිට අත්අඩංගුවට ගැනීම
ක්‍රියාමාර්ග-  ල්ලා පහර දී ප්‍රශ්ණ කිරීම
උගත්පාඩම -    රැවුල සහ කොණ්ඩය කවර නොකැපීම

පුද්ගලයා -   මහබැංකු අධිපති
නිරීක්ෂණ -  මහජන මුදල් කොල්ලකෑම
                   මූල්‍ය වංචා සිදු කිරීම
නිගමනය -  අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග-  දන්නෑ වගේ සිටීම (සිටීමට සිදුවීම)
උගත්පාඩම -  මහබැංකුව අනික් බැංකු වගේ නොවේ..

පුද්ගලයා -   කුමරන් පද්මනාදන්
නිරීක්ෂණ -  ත්‍රස්තවාදීන්ට මුදල් රැස් කිරීම
                   ත්‍රස්තවාදීන්ට අවි අායුධ ලබා දීම
                   ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියා කිරීම
නිගමනය -  අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග-  නැත
උගත්පාඩම -  ත්‍රස්තවාදී ක්‍රියා කරාට කම් නැත

පුද්ගලයා -   සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්
නිරීක්ෂණ -  මහජනතාව මරා දැමීම, කොල්ලකෑම
                   නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කිරීම
නිගමනය -  අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග-  හරි නැති නිසා වෙන දෙයක් පෙන්නා රදවා ගැනීම
උගත්පාඩම -    ලොකු වැරදි සගවා පොඩි වැරැද්දකට හසුවීම

පුද්ගලයා -   කරුණා අම්මාන්
නිරීක්ෂණ -  මහජනතාව මරා දැමීම, කොල්ලකෑම
                   ත්‍රස්තවාදී නායකයෙකු ලෙස ක්‍රියාකිරීම
නිගමනය -  අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග-  අත්අඩංගුවට ගැනීම අමතක කර දැමීම
උගත්පාඩම -  වැරදි කළ හොත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු යෑම



කසුප් අනුරාධ


.

Wednesday, October 7, 2015

කොහෙන්ද මේ කොණ්ඩයාට අයියෙක් අෑ......................



අර අවුරුදු 17 කොල්ලා ගත්තා
ඒක සාධාරණයිනේ
මේකා මළගෙදර ගිහිල්ලත් නැහැ
ටිකක් මූඩ් අවුල් වෙලා ඉදලා තියෙනවා
ඉතින් ඉස්කෝලේ ගියත් නැතත්
අපිට සැක පිට මොකා ගන්න බැරි අැයි

අර ක්දරු පියා ගත්තා
ඒකත් සාධාරණයිනේ
ගෙට පිටිපස්සේ ගෙදර ඉදලා තියෙන්නේ
මූ කුරුමානම අැල්ලුවානම්
අනික මූණත් ටිකක් පැණි පෙනුමයි
හිනාවත් අපිට අැල්ලුවේ නැහැ
ඉතින් සැක කරන කේ අවුලක් නෑනේ

අර කොණ්ඩයා ගත්තා
ඒක නම් පට්ටම සාධාරණයිනේ
උෟ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ
ඉදලා තියෙන්නෙත් කැලේ
මනුස්ස ගතියක් පේන්නෙත් නැහැ
ඔය වල් වැඩ මූණෙම තියෙනවා
අනික මාධ්‍ය වලිනුත් උෟ වැරදිකාරයාම කරානේ
ඒකනේ අපිත් ප්‍රධාන සැකකරු කිව්වේ

කොහෙන්ද දැන් මේ අයියෙක් අාවේ 
සම්පූර්ණ වැඩේ අවුල් වුණානේ
අරකාව ල්ලන්න විතරනේ තිබුණේ
දැන් මේකාගේ වැරදි කියන්නත් බෑ
ප්‍රධාන සැකකාරයා කියන්නත් බෑ
කැලේ හිටියා කියන්නත් බෑ
මූණ කචල් කියනවා තියා 
අපිට මූණ දෙන්නවත් බෑ
ඒ මදිවට මූ රහස් ප්‍රකාශත් කරනවා
කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා 

මරණ දඩුවමවත් ගෙනැත් තිබුණානම් 
මේක මෙච්චර වන වෙන්නෑ කීයටවත්.
අන්න ඒකට හිරුණිකා මැඩම්.
මල් තියලා වදින්න වටිනවා .....................


කසුප් අනුරාධ


.

Related Posts Plugin for WordPress, Blogger...