Wednesday, April 29, 2015

අනේ දෙයියනේ......!!!



සෝමෙ අයිය කරනා හොඳ රැකියාව
නගරෙ වසමෙ මිනි එම්බාම් කෙරුවාව
නියම සරුයි අතමිට ඇත හොඳ සරුව
එහෙත් හිතට වදයකි අප්පිරියාව

කුමක් කරම් මෙය කරනෙමි නැත අවුල
රැකුම වේය වගකීමෙන් මගෙ පවුල
පිය බිරිඳගෙ සෙනෙහස මැද නැත තැවුල
ඉතින් මමත් කරනෙමි මෙය නොව සසල

දිනක් මෙසේ කරනා විට එම්බාම
ලැබුණෙ ඔහුට මිනියක් කරනට සුරුම
ජූඩ් අයියගේ මිනියයි මෙය අරුම
නගරෙ ගණන් කරුවෙකි ඔහු තැබුව නම

සෝමෙ අයිය දෙකක් දමා කට පුරවා
පැමිණ මේසෙ වෙතට තිබුණු සිරුර හොවා
සුද්ද කරන්නට ශරීරෙ ඔහු නාවා
ඒකෙ තිබුණු ඇඳි වස්තර දැමි ගලවා

මහ පුදුමෙකි ඇස් උඩගියෙ සෝමයගේ
දුටු පමණින් ජූඩයියගෙ යට බාගේ
ප්‍රජනන සැට් එක විශාල හරිම අගේ
උපන් සම්මෙ දැකල නැතිය මේ වාගේ

සෝමෙ අයිය හරි අවංක වී ඉන්නා
හැම දෙයක්ම බිරිඳ සමග පවසන්නා
අගෙයි ඉතින් මෙය ඇයටත් පෙන්නන්නා
එහෙම සිතා ඔහු අවයව ගලවන්නා

ඉතින් හවස ඔහු යන්නා ගෙදර තුටින්
ඔතා තිබුණු පාර්සලය රැගෙන අතින්
බිරිඳ පැමිණ පෙරට සතුටු වී ඉහළින්
සෝමෙ අයිය පිළිගත්තේ හරි අදරින්

නාල කාල කාරිය තේ බීල හෙම
සෝමෙ අයිය ලෑස්ති විය රඟ දැකුම
බිරිඳ මගේ කළ යුතු වෙයි හරි පුදුම
අමුතු ලෙසට දැක්විය යුතු මෙය කෙරුම

ඔයා දන්නවද මාගේ හොඳ නෝනේ
හරිම පුදුම දෙයක් මමත් දැක්කානේ
ලෝකෙ ලොකුම අවයවයකි මෙය වෙන්නේ
ඔන්න බලන්නකො මම දැන් පෙන්නන්නේ

එහෙම කියා සෝමෙ අයිය සිරි සිරිය
දිග හැරියේ ඔහු ගෙනාව පොට්ටනිය
සාලය මැද දිස්විය ලොකු අවයවය
නෝන බැලුවෙ උඩින් එබී හොඳ හැටිය

එය දුටු ඇගෙ මුළු ගත දැන් වෙව්ලන්නා
බයවි පුදුම වී ඇස් දෙක ලොකු වෙන්නා
ඒ අතරින් කඳුළු කැටත් වැගිරෙන්නා
ගත් කටටම මේ ලෙස ඇය විමසන්නා



අනේ දෙයියනේ......ජූඩ් අයිය මැරිලද ???......


අසංක ගයාන් අබේසිංහ

Tuesday, April 28, 2015

පොල් ඔයන්න දන්නවාද??????



රස්සාවක් හොයන් කන්න ගෙදරට බර නොදී ඉන්න
දවසක් දා සිරිපාලට හිතක් පෑදුනා
දන්නෙ එකම රස්සාවයි පොල් ගස් නැගගන්න තමයි
ඒකෙන් ගොඩයන්න පොටක් කොල්ලා හිතුවා

කුරුණෑගල ටවුමට ගොස් ගමකට යන බසයක් දැක
පොල් ගස් වැඩි පැත්තක් වෙත ටිකට් ඉල්ලුවා
පොල් වත්තක් මැදට අැවිත් කොන්දොස්තර තග දාලා
සිරිපාලයා බස්සාලා බසය අැද්දුවා

ළගම තිබුණ ලොකු ගෙදරට ගොහිං තට්ටු කරපු ටිකට
යකෙක් වගේ මහත්තයෙක් කඩාන අාවා
මොකෑ මොකෑ දොර කඩන්නේ මොනවාදැයි උඹට ඕන
කියලා ලොක්කා සද්දෙ දමා කොලුට අැමතුවා

දොරවල් නොව මං කඩන්නෙ ගස් නැගලා පොල් කඩන්නෙ
දවසට ගස් සීයක් මුත් මට කම් නැතුවා
ඉන්න කන්නට ටිකක් දීලා වත්ත පැත්තේ යැව්වා නම් 
පොල් කඩලා මම ඔහේව පුදුම කරනවා

කොලුවා පරදන්න හිතා ලොක්කා තරමක් හිතලා
දන්නවාද පොල් ඔයන්න කියලා අැහුවා
දන්නෑ කියලත් හරි නෑ. මේ ගැන මං දන්නෙත් නෑ
සිරිපාලයා බේරෙන්නට ක්‍රමයක් හිතුවා

ඉහ නිකටත් අතගාලා කට කොනකින් හිනාවෙලා
කටට අාපු උත්තරයක් කොලුවා දුන්නා
පොල් ඔ යන්න දැකලා නැතත් අඹ බ යන්න දන්නවා මං
ඕනමනං පෙන්නන්නං පොතකත් ලියලා .................


තුෂාර විතාරණ


.

Thursday, April 23, 2015

පහුවදා මං ගියපු එකදැයි වරද මාගේ කියල්ලා ....................



බලය අැතිදා කරට ගත් උන් මෙදා ඔලුවෙත් නගිනවා
අගේ ඉදගෙන කන කාපු උන් අැහැට නහයට අනිනවා
කැඩූ මී හැම ලෙවකාපු උන් අාණ්ඩුව තුළ රැකෙනවා
පනින ගෙම්බන් කොයිතරම් නම් පජාතද දැන් හිතෙනවා

කොරපු දේවල් නොකෙරුවාහේ රටම අමතක කරනවා
නොකළ දේවල් නොහිතු දේවල් කළා වාගේ කියනවා
කරපු වැරදිත් නොකළ වැරදිත් කම ගිණුමට වැටෙනවා
රිදෙනවා හිත රිදෙනවා ය හැම දෙනාටම දැනෙනවා

සුදෝ සුදුවට ගත වසාගත් සුදු රෙදිත් දැන් මඩ වෙලා
කරවටේ අත දමා හිනැහුණු සාටකෙත් නෑ ඉගිලිලා
ටොන් ගණන් බර උරමත්තේ ලූ තුන්කට්ටුවක් අයියලා
පැරදුනේ මං වගේ ඉන්නවා වරද මයෙ කර පටවලා

රජ වුණේ මම නොවෙයි මාගේ අයියා කෙනෙකිය අහල්ලා
මරපු හරියක් මැරුවේ මා නොව ඔහුත් ළියේ හොයල්ලා
රේස් පැද්දේ රොකට් අැරියේ මගේ උන් නොව බලල්ලා
පහුවදා මං ගියපු කදැයි වරද මාගේ කියල්ලා ....................


කසුප් අනුරාධ


.

Saturday, April 18, 2015

අනේ නාමල් උයනේ සාදූ ................


බුදුරදුන් මග පෑදූ
ධර්මය රකින්නට හැදූ
සඟුන් තිරිවානා කඳූ
රකියි නාමල් උයනේ සාදූ ..............

ජීවිතය නෑ තුටක්
වේදනාවන් ගොඩක්
අාත්මය මහ දුකක්
නිවන සඟුන් යන මගක් ..............

හෙලා දෙව්දත් ගල්
නාලාගිරිට රා කල්
බුදුහිමිට රැකවල්
දුනිද එදා කොස්තාපල් ..............

අවි අතට ගත් උන්
නැසෙයි නම් අවියෙන්
රැකවරණ හොයපු උන්
අවියෙන් ම වෙනු පරිස්සන් ..............

අහෝ හිමියනී
නිවන් මග පෙනි පෙනී
ගල් කඳු වලට තනී
රැකුම හිනායන විහිළුවක් වැනී ..............



තුෂාර විතාරණ



.

Tuesday, April 14, 2015

සුරා මතින් තොර සුබ නව වසරක මිහිර විදිමු අප සැම මිතුරේ .......



මීන රාශියෙන් මේෂ රාශියට නෑ ගම් යන මේ නව                           වසරේ
දොර දොර සුපිපෙන සතුටු සිනා මැද සිරි සුබ නැකතින් කිරි             ඉතිරේ
නැවුම් පැතුම් හදවත් තුල පිබිදී සාමය සමගිය ලොව                       පැතිරේ
සුරා මතින් තොර සුබ නව වසරක මිහිර විදිමු අප සැම                    මිතුරේ


ඉසුරිකා චූලරත්න 


ඔබ සැමට සුභම සුභ නව වරසක් වේවා යැයි කුරුටු ගෑ ගී පවුරේ අප සැම ප්‍රාර්ථනා කරන්නෙමු....


.

Sunday, April 12, 2015

බිය නොවනු පුත ළයේ සෙනෙහස පිහි තුඩින් නෑ මියැදුනේ ......



ආලයෙන් නුඹ අන්ධ වී දැයි නොදන්නෙමි පුතුනේ මම
දස මසක් කුස දරා මෙලොවට නුඹව බිහි කෙරුවෙමි මම
නුඹේ සුලැගිල්ලකටවත් හානියක් වෙන්නට නොදීම
හැදූ පින් මහිමයෙන් බුහුමන් ලැබූවෙමි නුඹ අතින්ම

අජාසත් පුත් වුවත් පිතු හද සෙනෙහසම දැල්වීය පුතුනේ
වනේ වන සත් පවා සිය පුතු ළයේ සගවාගෙනයි ඉන්නේ
රනින් රිදියෙන් මිල කරන්නට හැදූවත් මව් පිය සෙනේ
බිය නොවනු පුත ළයේ සෙනෙහස පිහි තුඩින් නෑ මියැදුනේ

සිතක් පපුවක් නැති සිගිති මස් වැදැල්ලකි මේ ලොවට ආවේ
රැගෙන දෝතට රන් කදක් මෙන් දහ අටක් වස් නුඹව හැදුවේ
හොදයි නරකයි දෙක කියා දී කර දඩුව උස් මහත් කෙරුවේ

එහෙව් මගෙ පන නසන්නට මොන හිතද පුතු හට සාප කෙරුවේ



ඉසුරිකා චූලරත්න



රූපය - www.pinterest.com
.

Saturday, April 11, 2015

බ්ලොග් වසන්තයේ කුගෑගීප ළකුණ - ''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් බීලා යන්න''



වසන්තයක් නවාලූ කොහෙන් කොහෙට කාට
හතුපිපෙන්නා හේ ලියැවෙන බ්ලොග් ලිපි දෙක තුනට
ඉඩෝරයෙන් ඉරි තලලා වතුර යදින බිමට
දොහකට දෙකකට වැහැලා නවතීනම් මොකට


මල් පිපෙනවා දළු දානවා අවුරුදු කාලේ හැටී
වෙසක් මහේ කූඩු හැදෙයි නෑ මතකේ පෙර සැටී
කක් දෙකක් කුරුටු ගාලා අලු ගසලා නැගසිටී
නමුත් යටින් යටට ගොහින් සින්ඩියේ පතුලට වැටී


හෙට අනිද්දා සෙට් වෙනවා බ්ලොග් ලියනා ගොන්න
මමත් හිටපු බ්ලොග් කෙරුමෙකි දැනට බුකියේ ලගින
වසන්තයක් නැතිව බෑනේ බ්ලොග දිහාට යන්න
''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් බීලා යන්න''



කුරුටු ගෑ ගී පවුර 


.

Wednesday, April 8, 2015

වාද බයිලා මඩුව........... මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා



මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා
සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා


හිතෙන දෙයක් ලියලා ගිහිං අායෙ වරෙල්ලා
බැනලා තියෙන වුන් ක්ක වාද කරල්ලා
අතින් පයින් නැතුව වචන හරඹ කරල්ලා
වාද පිටිය මේක තමයි දැන් අරඹල්ලා


මෙහෙං වරෙල්ලා - අැවිල්ලා කවි ලියහල්ලා
ගින්දර බයිලා - මල්ලි හිටගෙන බයිලා
සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා .................


මාතෘකාව - අාදරය කරන්නට යෑමේදී ස්ත්‍රීන් ඉදිරියේ පුරුෂයා අනාථ වීම.

තාලය - විස්කිරිඤ්ඤං තාලය (ඒ කියන්නේ තමන්ට උවමනා තාලයක් හිටං)


Tuesday, April 7, 2015

අනේ අජිතා නැහැ දුම්රියේ මොර දෙන්නේ ................



ලාටු පෙරන් කබ හොටු සෙම හලාගෙන
නැගිටපු ගමං අැවිදින් කෑ මොර නගන
බසය වගෙද පිරිසිදු සුදු අැදුම් ලන
දුම්රියේ රියදුරන් ස් ම් තැන හිදින ..........

බසයේ රජුන් කොන්දොස්තර තග හන්දා
නොමනා බැනුම් දෙයි සල්ලිත් පොදි බන්දා
අල්ලන හැරෙන තැන තීන්දු දෙයි කොන්දා
දුම්රිය හොදයි කොන්දා තැන නැති හින්දා ..........

බසයේ ටිකට් දෙන්නට ඔහු අැවිත් හිඳ
පස්සට තදවෙලා හිටගෙන වැනෙන සඳ
විට කෙළ දුම් ගදත් ඉවසන්නට වුවද
දුම්රියේ ටිකට් දෙයි කවුළුව හා ඉඳ ..........

රියදුරු මහා සටනකි කරගෙන යන්නේ
මහා තරගයකි පාරේ සිදු වන්නේ
කෙක් කපා ගෙන තවෙකෙක් දිව යන්නේ
දුම්රිය නැතේ තවෙකක් පසුකර යන්නේ ..........

ගොඩවුණ වෙලේ සිට කංබෙර හූරන්නේ
අඩන අජිත් හොටු පෙරාන වැළපෙන්නේ
යකඩ තැලෙන හඩ සොදුරුයි අහපන්නේ
අනේ අජිතා නැහැ දුම්රියේ මොර දෙන්නේ ..........



තුෂාර විතාරණ


.



Thursday, April 2, 2015

විජේතුංග මහත්තයාට පස්සේ අඩුම කාලයක් හිටපු ජනාධිපති..........



ජේ අාර් ජයවර්ධන
1977 ජූලි 23 ඉදලා 1978 පෙබරවාරි 04 දක්වා අගමැති
1978 පෙබරවාරි 04 ඉදන් 1989 ජනවාරි 02 දක්වා ජනාධිපති
හරියට බැලුවාම අවුරුදු 12 ක් විතර ම 
රාජ්‍ය නායකයා...................

රණසිංහ ප්‍රේමදාස
1989 ජනවාරි 02 ඉදලා 1993 මැයි 01 දක්වා ජනාධිපති
බෝම්බයක් පුපුරා මැරුණේ නැතිනම් 
බොහෝ විට වේවි අවුරුදු 12 ක් විතර ම 
රාජ්‍ය නායකයා .....................

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
1994 නොවැම්බර් 12 සිට 2005 නොවැම්බර් 19 දක්වා ජනාධිපති
අවුරුද්දක් කලිං ඡන්දයක් තිබ්බත් පැරදුනේ නැති නිසා
හරියට බැලුවා ම අවුරුදු 11 ක් ම
රාජ්‍ය නායිකාව ......................

මහින්ද රාජපක්ෂ
2005 නොවැම්බර් 19 සිට 2015 ජනවාරි 09 දක්වා ජනාධිපති
මැරෙනකල් ම ඉන්න හිතාගෙන හිටියත් 
හරියට බැලුවා ම අවුරුදු 09 යි මාස 01 යි දවස් 21 ක් හිටපු
විජේතුංග මහත්තයාට පස්සේ අඩුම කාලයක් තනතුර දරාපු
රාජ්‍ය නායකයා .....................


කසුප් අනුරාධ



.
Related Posts Plugin for WordPress, Blogger...