පාලුයි මචං...
උඹ නැති බ්ලොග් කරලියම
හිනාවේ අඩුවක් දැනෙනවා
හිනා වෙන්නට බැරි තරම්.....
පාලුයි මචං...
උඹ නැති කමෙන්ටු ඔක්කොම
ඉන්නවා අපි මගබලං
ඉක්මනට එනකං තුටිං
පාලුයි මචං...
උඹ නැති සයිබරයම
මගබලං ඉන්නං ඉතිං
හිනා වෙන්නට අා සැනිං
කුගෑගීප
සටහන - මධුමාධවී හී මධුවා රෝගාතුර වීමෙන් පසුව රෝහල්ගත වී සිට මේ වන විට නිවසේ වෙෙද්‍ය උපදෙස් මත විවේකීව ඉන්නා බව දිනකට පමණ පෙර දැනගත්තෙමු... මේ සටහන ඔහු වෙනුවෙනි... ඉක්මනින් අායෙම බ්ලොග් ලියන්නට එනතුරා අපි මගබලා ඉන්නවා මධූවෝ....
.
ඇයි මචං ඌ මැරිලයි..??? හැක්
ReplyDeleteනෑ යකෝ ලෙඩ වෙලා... ටිකක් සීරියස් කේස් ඒකක්... ඒකයි ඒකට ඉක්මන් සුව පතලා පෝස්ටුවක් දැම්මේ....
Delete(මේවාවත් ටිකක් සීරියස් ගනිංකෝ...)
මොනා කරන්නද බං... ඉතිං.. හොද වෙලා ගෙදර ගියා නං අපි සිරියස් අරන් මොටද?? ලෙඩ වෙච්චි කාලේ දන්නෙවත් නැත්නං හොද උනාට පස්සේ අහවල් අනුකම්පාවක් දෙන්නයැ
Deleteමම හිතුවෙ මධුවා බ්ලොග් ලියන එක අත ඇරල කියල. බ්ලොග් වලට එනව වගේම යන එකත් සාමාන්‍ය දෙයක්නෙ. මෙහෙම දෙයක් නම් හිතට ආවෙම නෑ. මධුව වගෙ කෙනෙක් මෙහෙම රෝගී වෙනව කියන එක අසාමාන්‍යයි. මොකද අනුන් හිනස්සන නිතර සතුටින් ඉන්න අයට ලෙඩ අඩුයි කියල මං අහල තියෙන්නෙ.
Deleteසතුටුයි සුව වෙලා ගෙදර ආ එක ගැන. ඉක්මන් සුවය පතනව ආයෙත් බ්ලොග් ලෝකෙට ඉක්මනින් එන්න ලැබෙන්න කියල පතනවා.
බ්ලොග් විශාල ප්‍රමානයක් තිබුනත් ඇත්තටම එලිය විහිදුවන සූර්යයන් වගෙ ඉන්නෙ බ්ලොග් කීපයයි. මධුවගෙ බ්ලොග් එකත් එහෙම එකක්. මධුවල වගෙ අය නැත්නම් ඉතින් බ්ලොග් කියන්නෙ නිකම්ම නිකම් දිනපොත් වෙනව.
මධ්‍යස්ථ
Deleteකට ඇරපන් ගාල් කාලක් වක් කරන්න කටට..
මෙන්ඩෝ.............. ම.ම..... දේශකයෝ...
Deleteදැනට ගෙදර අැවිල්ලා තමා බොල... ඒත් ඒකා ලෙඩ වෙලානේ... අාරංචි විදිහට මධුවා ලෙඩ වෙලා හොස්පිටල් ගෙනියලා තියෙන්නේ ඔෆිස් ඉද්දි.... උගේ ලැප්ටොප් ඒක මේසේ උඩලු.......
//උගේ ලැප්ටොප් ඒක මේසේ උඩලු//
Deleteහුටා... එහෙනං කට්ටියටම කොටදෙනියාවෙ යන්න වෙයි.
ඉතිං අපි යමංකෝ ඒකගේ ලැප උස්සගෙන එන්න..
Deleteප්‍රසා.. මධුවට කතා කරල බලහං ආයිත්
උඹලා පරාදයි..... ඊයේ හවස ඒක අරං ගිහිල්ලා උෟට දීලා... යකෝ උඹලා වගේ යාලුවෝ ටිකක්......
Deleteඅප්පට සිරි තුෂාරයා දන්න දේවල්...
Delete//උගේ ලැප්ටොප් ඒක මේසේ උඩලු//
Deleteහුටා... එහෙනං කට්ටියටම කොටදෙනියාවෙ යන්න වෙයි.//
ගෙදර අන්තිම කැමතත් කිව්වා..
මධුවා අන්තිමට කැමාගේ පෝසට් එකකදි කොමන්ටුවක් දැම්ම වෙලාවක කිව්වා ලැප ෆෝමැට් කරන්න ඕන කියලා.ඒක කරන්න කලිනුයි අසනිප වෙලා තියෙන්නේ.ඉන් පසසේ තුෂාරයා ඒකේ තිබුන වටිනා කියන වීඩ්යෝ වගයක් උගේ ලැපට දාගත්තා කියලත් ආරංචියක් ආවා.දැන් මධුවගේ ලැප් එකේ තිබුන බඩු තියෙන්නේ තුෂාරයාගේ ලැප් එකේ...
Deleteඔව් බං...................
Deleteහරිම පරිස්සමෙන් මං ලැප්ඒක තියාගෙන ඉන්නේ...... මොකද යකෝ කවුරුහරි ළගපාත ඒකෙක් මලොත් මාව ගස්නේ....
තුෂාරයා හොඳ එකා බං ලැප උස්සන්න ගියත් පස්සේ මධුවා ලෙඩ වේලා ඉන්නවා දැක්කම දුක හිතිලා , කොපි කරගෙන ලැප ආපහු ඉහින් තියලා
Deleteඅපි ඒහෙමයි බං....... අනික ඔය ලැප් කියන්නේ හිරේ යන්න වෙන ජාතියක්නේ බං..... අපි දැන් ඔ්වාට බයයි..
Deleteසුචරිතවාදී ලැපක් උවමණාකර තිබේ.
Deleteසහතික ඇත්ත කුරුටු... මධාවියා නැතුව ඇත්තටම පාලුයි තමයි. ඒ අඩුව සෑහෙන්න දැනෙනවා.
ReplyDeleteඔව් බං........
Deleteඋගේ කවි නැතුව මාර පාලුයි කැමා..
ඔය අනිකා කැමා.සති තුනක්ම අන්තරස්දානයි.උඹනම් කතා කරපුවම කීවනේ වැඩ වලට හිරවුනා කියලා.ඒ ටිකේම මධුවත් පේන්න හිටියේ නැති නිසයි මම උඹෙනුත් ඇහුවේ මධුවා ගැන.උඹත් මේ සිද්ධිය දැනගෙන හිටියේ නෑනේ.
Deleteකැමා ගේම ඉල්ලල තියෙන්නෙ. හෙටානිද්දට ආයෙ අතුරුදං වෙයි.
Deleteමොනවද කැමා මේ කියන්නේ...... අනේ මන්දා බං.... උත්තරයක් දෙන්නම වෙනවා....
Deleteනෑ බං... ඕකුන් ටික මං නැති ටිකේ මට බෙල්ලෙ වැල දාගන්න තරමෙ මඩ ගොඩක් ගහලා. මං මේ ආපු ගමන් සෙට් එකම ලිස්ට් කර ගත්තා එකා එකාට ගේම දෙන්න...
Deleteමු දැනටමත් මට ගේම දිලා එලියේ ඉන්නේ..
Delete11 කට එක ගෙයක් මදිවෙයි බං. උඹට අර සජිත් ලොක්කගෙන් ගෙවල් ඉල්ලගන්න වෙනව.
Deleteමචං 11 ට වැඩි.පහුගිය ටිකේ පෙන්න හිටියේ නැත්තේ පොඩ් කේෂ් එකක් වැටිලා අම්බානක කැවා නැඟිට ගන්න බැරි වෙන්නම.එතනිනුත් පෝරියල් එක ලැබෙනවා.හිටහල්ලකෝ මම ඒ සිද්දිය කැමාගේ පෝස්ට් එකේම කොමන්ටුවකින් කොටන්නම්...
Deleteඅපි නම් අහිංසකයි..................... අපි නෑ ඔ්වාට....
Deleteකැමා නම් මලත් මොකද බං
Deleteයකෝ................. කැමාට අැහුනොත්... හිමිං කියහං..
Deleteප්‍රසා.. සජිත් ලොක්ක කිව්වෙ මටද? මම කැමාට ගෙවල් නෙවෙයි.. ඕක නින්දගිය වෙලාවක ගල් ලෝඩ් එකක් ගෙනත් බානව යටවෙලා යන්න...
Deleteඒ ගමන කැමා තව එකෙක්ගෙන් කන්න යන්නෙ.
Deleteසජ්ජා 6x9 ඒවයින්ම ගෙනත් බාන්න.
//නින්දගිය වෙලාවක ගල් ලෝඩ් එකක් ගෙනත් බානව යටවෙලා යන්න...// ළගකදී අහපු සුපිරිම අනතුරුඅැගවීමක්.....
Deleteසඡ්ඡා
Deleteපරිස්සමට..කැමාලාගේ ඇදයට මම ඉන්නවා
ඒතකොට උඹේ කොම්පැණිය...... පරිස්සමෙන් ඔ්කා බඩු උස්සයි...
Deleteකැමාට පාළු දැනෙන්න ඉතිං ඔක්කොටම කලිං ඌ ඇක්ටිව් වෙලා ඉන්ට එපායැ.
Deleteසජ්ජා මං හිතුව තරං හොඳ එකෙක් නෙමේ වගේ.
උඔ විශ්වාස කරපන් ඊයේ රැත් මතක්වුනා මධුවාව..හැමදාම උදේට හවසට බලනවා මු අලුතෙන් ලියලද කියලා..
ReplyDeleteකුරැට්ටෝ උඔලට ස්තුතියි අපිව දැනුවත් කරාට සහ ඌ වෙනුවෙන් සටහනක් ලිව්වට..
මධුවා..
ඉක්මනට සනිපවෙලා වරෙන්..අපි උඔ එනකන් බලන් ඉන්නවා..
මම හැම එකාටම ලියපිය ලියපිය කියලා පස්සෙන් එලවනවා වැඩි වැඩි වෙලා මට උඔලා බනි කියලා බයට කටවහගෙන ඉන්නෙ නැත්නම් අතනියනවා..“ලියපිය අලුත් එකක් කියලා කොටන්න
ඔව් බං................ මමත් කීප පාරක්ම ගියා ඒ පැත්තට.... අන්තිමට අපි පොඩි මේල් හුවමාරුවක් කරගත්තා... ඒත් මේකා අාගිය අතක් නැහැ..... විදානයා තමයි මටත් කලින් කතා කරලා තිබුණේ... මට මැසේජ් ඒකක් දාලා තිබුණා ඊයේ පාන්දර 1 ට විතර...... ඒතකොට තමා විස්තරය දන්නේ....
Deleteබිලා ෆොන් කරනවා කියලා ඌට විහිලු කරන නිසාද දන්නෙ නෑ ඌ මට කතා කරේ නෑ..තරහාවෙලාද විදානෝයෝ?
Deleteඒහෙම කිව්වාම ඔ්කා තරහා වෙනවාද බං........ ????
Deleteබ්ලොග් නොලිව්වට මෙන්ඩල නැත්තං කීදෙනෙක් බ්ලොග් නොලිය ඉඳීවිද?
Deleteකුරුට්ටෝ, මදුව නැතුව පාලු නැත්තෙ කාටද බං. අපි ඌට ඉක්මන් සුව පතමු.
කසුනාගේ කතාව අැත්ත.. ප්‍රසා... මෙන්ඩා.... පත්තරේ.... මේ හැමා්ම....
Deleteඋඹට කතාකරන්න බොන්නම එපායැ...
Deleteඅන්න කොල්ලා වැඩට ඇවිල්ලා..
තව සති දෙකකින් විතර එකෝ ටෙස්ට් එකක් කරන්න ඕන කිව්වා..
දැං ඇගට ටිකක් අමුතු වගේ කිව්වා.. බට් නොමල් වැඩ ටික කරනවා කිව්වා..
කෑමෙන් බීමෙන් යනාදියෙන් බොහෝ ප්‍රවේසම් විය යුතුයි කිව්වා...
උෟට ඉක්මන් සුව පතමි...
විදානේ, උඹ ඌව හම්බුනාට පස්සෙ නේද ඔය ලෙඩේ හැදුනෙ.
Deleteකට කට කට පොසන්න අයියා.. ඒක මං ඔහේට විතරයි කිව්වේ...
Deleteමෙන්න අලුත් ම අප්ඩේට්ස් විදානේ වෙතින්.....
Deleteවැඩට ඇවිත් කියලා දැනගත්තමත් සන්තෝෂයි බං.මම අඳුනගෙන මාස තුනයි.ඒ උනාට පොඩි කාලේ ඉඳන් දන්න හඳුනන එකෙක් තරමට ෆිට් උනා
Deleteමේ බ්ලොග් සහෘදකමේ හැටි බං..
Deleteමෙන්ඩා, උඹ ජනාධිපතිකමට ඉල්ලහං. ඊට පස්සෙ දෙවනි තුංවෙනි පාරත් ඉල්ලහං. මං මේ සේරටම කළගුණ සලකන්නං.
Deleteයකෝ එහෙම කේස් එකක් මම දන්නෙ නෑනෙ. මම ඊයෙ හැන්දෑවෙත් කෝල් එකක් ගත්ත නෝ ආන්සර්.
ReplyDeleteඉක්මනට සනීප වෙලා වරෙන්. උඹ නැතුව අපේ සෙට් එක සයිබරෙන් හරි ගහ මරාගෙන ගන්න තියෙන ආතල් එක නැතිවෙනව.
ඒකයි අර මේල් ටිකේ මේකාගේ ප්‍රතිචාර නැති වුණේ.......
Deleteආන්සර් කොලෑකියැ බං. රේඩියේෂන් හින්දා මොනිටර් අවුට් යනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමදාවියා අසනීපෙං කීව... අඩේ උව බලන්න යමල්ල බං..
ReplyDeleteඔය මොනවත් ගෙනියන්න ඕන නෑ... අපිට කලිං ගිය ඈයො ගෙනිච්චේවත් ඇති නෙ.. උට වැඩිත් ඇති අනික ඔ ලෙඩ්ඩුන්ට බිසිකොට් අනං මනං වැඩිය කන්නත් හොද නෑ... අපිම ඒවට ත් වග කියල එම්මු...
හැක්....
ඒ මචං මදාවියා.... ඉක්මණට සනීප වෙන්ට ඕන..
අපේ පැතුමත් ඒකයි බං..... අපි දැකලාවත් නැහැ තමා.. ඒත් සහාේදරකම දැනෙනවා...
Deleteමහේෂ්,
Deleteබිස්කට් ඕන නෑ බං. ඔන්නොහෙ බෝතලයක් දෙකක් අරං ගිහිල්ල ඌ ඉස්සරහම සෙට්වෙලා, ඔය උෟට ගෙනල්ල තියෙන දෙයක් කාල බීල, උගේ දුක සැපත් බලල එමු. මොකද ලෙඩා දුකා වෙච්චි එකේ බොන්නත් හොඳ නෑනෙ.
අරකාව අායෙම හොස්පිටල් යවන්න තමා උඹලාගේ සූජානම......
Deleteප්‍රසන්න අය්ය ඕකේ නං අපිත් ඕකේ... අර මෙන්ඩ නං දැනටම රෙඩිලු.. එක ින් ඉන්න ගිහිං කකුලකුත් ඇමට්ටි කරන්ය කීවෙ.. හෙක් හෙක්..
Deleteකුරුටු.. නැ...නැ..ඒක සහෝදර පේමය ලු
අා............. සහෝදර ප්‍රේමය කියන්නේ ඒකද???? දන්නෑනේ බං ඒ බවක්....
Deleteඅඩේ ප්‍රසන්න අයියා ඌ බොනවා දැකලා හිතේ අමාරුවට මැරෙයි බං
Deleteඅරක්කු කිව්වනම් ඉතිං මගේ කට දෙපැත්තෙන් කෙල බේරේනවා..
Deleteමාත් එනෝ
අපි එහෙම කරනවද, අපි ඌට දෙනව මෙන්ඩ ගානෙ අඹ.
Deleteබොනවානම් බොමු....................
Deleteබොන්ඩ නං එකෙන්ම හෙහ් හෙහ්.. කෝ ඉතිං .
Deleteමොනවද????????
Deleteඋඹට කියන්න මහේෂයෝ ගෙදර ඇවිත් බලනකොට එක බිස්කට් කුඩක් ඉතුරු නෑ.
Deleteඉක්මනින් සනිප වෙලා එන්න මදු. ඒත් මාත් බැලුව මොකෝ නැත්තෙ කියලා.
ReplyDeleteහලෝ සබරෙ මල්ලි , තනියට තව එකෙක් ඉන්න එක සතුටුයි.
Deleteමාව ඕන්නෑ කම්මල ඇයි වදේ අර අනු නංගියා ඉන්නේ.....
Delete(ෆෝන් වලින් යනකොට තමා මේ අවුල වෙන්නේ)
කම්මලයා ජයවේවා..
Deleteසිරාවට පාළුයි...ඉක්මන් සුවය පතනවා...
ReplyDeleteඅපිත් ඒකමයි පතන්නේ ඉන්ද්‍ර..........
Deleteමම හිතාගෙන හිටියෙ වල් මදාවිය බිසී කියල.
ReplyDeleteඉක්මනට සනීප වෙලා වරෙන් මදාවි මාමෙ ....උඹ නැති බ්ලොග් නිකන් හොටු නැති නහය වගේ.
බලහංකෝ උඹේ උදාහරණය......අනේ මගේ කට
Deleteතන් නැති බ්‍රා වගේ
Deleteහත්තිලව්වයි
Deleteයකෝ මේ වනේ උපමා.ඉක්මනට ලියාගන්න ඕන පංතියේ උගන්නන්න..
Deleteපන්තියෙන් බේරුමක් නැති වෙයි... මෙන්ඩාව විසිටින්ග් ලෙක්චර්ස් ගෙන්නන්න කියලා.. බලාගෙන...
DeleteI also didn't know this.. get well and be back soon brother..
ReplyDeleteදැන් ඉංගිරීසියෙන් බනින්නේ නේද?????
Deleteඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteඅපිත්......................
DeleteGet well soon Bro........ waiting for your witty comments (Y)
ReplyDeleteඔව් ප්‍රියන්ති................... අපේ පැතුමත් ඒකයි
Deleteකුරුටු කියනකම් මධු අසනීපයි කියලා දන්නේ නෑනේ.කොල් එකක්වත් දෙන්න මධුගේ නම්බර් එකත් නෑ.මම බිලොග් රෝලේ නිතරම බැලුවා මධුවාගේ අලුත් පෝස්ට් එකක් තියනවද කියලා.අපි හැමෝටම මධූවගේ කොමන්ටුවක් දකින්න නැතිව හරි පාලුවක් දැනිලයි හිටියේ....
ReplyDeleteඅපේ මධුවා ඉකිමනින් සනීප වෙලා එනකම් අපි බලාගෙන ඉන්නවා.උඹට ඉක්මන් සුවය ....!!!
අපේ පැතුමත් ඒකයි මනෝ........ ඔහු සතුව තිබුණේ වෙනමම අනන්‍යතාවයක්.... ඒක බ්ලොග් ලෝකයට අවශ්‍යම දෙයක්.... ඒකයි පාලු...
Deleteමධුමාධවීව මම නම් දන්නේ නෑ. එයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා කවුරු උනත්!
ReplyDeleteසැක්.. ඒක නං අපසාදයක් කෝචිචයෝ
Deletemadhumadhavi135.blogspot.com
මධුමාධවි දන්නෙ නෑ කියන්නෙ වෙසක් එකට තොරන් බැලුවේ නෑ වගේ
Deleteමේ පොඩි එකාට වැරදි පාරවල් පෙන්නන්න එපා බං.
Deleteමාධවී නැති බ්ලොග් කෙරුවාව හරියට
Delete//හොටු නැති නහය වගේ//
කම්මලයාට අනූව
කාටද අනූවක් කිව්වේ කුරුටු.
Deleteකම්මලේ මෙන්නෝ........
කම්මලයාට අනූව ? හෑ..ක් අනේ යකුනේ අනූ මට එපා . මම දරුවො දෙන්නෙක් ඉන්න තාත්තෙක්. රෙෂ්පට් එකට එකට ඉන්න කීකරු සැමියෙක්
DeleteThis comment has been removed by the author.
Deleteමේකට මොනවත් ලියන්න ගිහිල්ල ඔය අනූ ආයෙ බ්ලොග් පැත්ත පළාතෙ එන්නැතිවෙයිද කියල බයයි. ඒ හින්ද සද්ද නැතුව ඉන්නව.
Deleteමේකට මොනවත් ලියන්න ගිහිල්ල ඔය අනූ ආයෙ බ්ලොග් පැත්ත පළාතෙ එන්නැතිවෙයිද කියල බයයි. ඒ හින්ද සද්ද නැතුව ඉන්නව. 2
Delete//මේකට මොනවත් ලියන්න ගිහිල්ල ඔය අනූ ආයෙ බ්ලොග් පැත්ත පළාතෙ එන්නැතිවෙයිද කියල බයයි. //
Deleteමම බ්ලොග් එකක කෙනෙක් ගැන හිතල නෙමෙයි එහෙම කිව්වෙ , කවුද බොලව් බ්ලොග් වල ඉන්න අනූ . කවුරු හරි හිත නරක් කරගන්න එපා ඕං.
This comment has been removed by the author.
Deleteඒකි එහම නෑ මචං..මට හිතෙන විදිහට ඒකිට විහිලු තේරේනවා..අනික බ්ලොග් වල එහම විහිලුවලට හරි නම ගෑවෙනවා කියන්නෙ වටිනාකමක්..
Deleteපුෂ්ප කසාඳයයි.. මොකද්ද මම මේ කරේ...
Deleteයකෝ මෙන්ඩා දන්න දේවල්................
Deleteරස සරණියෙන් රස රස පද වැල් ගෙතුවෝ
ReplyDeleteසතියට දෙක බැගින්වත් සිනහව බෙදුවෝ
හිතවත් බ්ලොග් වෙතට ගොස් දුකසැප බැලුවෝ
ගෙට් වෙල් සූන් පතනව පෙම්බර මධුවෝ.......
ඉදා උඔටත් ගල් අරක්කු බාගයක්
Deleteමෙව්වා තමා සුපිරි ප්‍රාර්ථනා කියන්නේ මෙන්ඩෝ...........
Delete@ මෙන්ඩා
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
@ කුරුටු
Deleteතුති
අනේද කියන්නේ මාත් ලෙඩවෙලා උන්නා. එකට ලියන මටවත් නැහැනෙ මෙහෙම විෂ් කොලේ.
Deleteඑකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඒක තමයි සබරෙ. හැක්...
Delete@ සබරේ
Deleteඅනේ බඹරේ මම දැනන් හැටියෙ නෑනේ...
@ ප්‍රසන්න
එකට කන්නේත් නෑ ප්‍රසන්නයෝ.. ඒක නෙමේ පුළුවන් වෙලාවලට වර්ණකුලකය පැත්තෙත් ඇවිල්ල යමන්
ජයවේ ප්‍රසා!
අනේ ප්‍රසා අන්න ඒ පැත්තට යමංකෝ..................
Deleteවර්ණ දැන්ම බ්ලොගයට වයිරස් ගාඩ් ඒකක් වගේ ප්‍රසා,මෙන්ඩා, පත්තරේ ගාඩ් කියලා අලුත් සොෆ්ට්වෙයා ඒකක් තියෙනවා ඒක දාගනින්..... නැත්තං බ්ලොග් ඒක අතඅැරලා රට හැර යමං
වර්නයාගේ එකට යන පාර කියපල්ලා
Deletehttp://warnakulakaya.blogspot.com/2015/11/blog-post_15.html
Deleteඉඳහං අපි එන්නං ඒ පැත්තෙ.
මෙන්ඩා නම් එනවනේ
Deleteප්‍රසා පුළුවන් නම් පත්තර මල්ලිටත් කියහන් ඒ පැත්තේ ඇවිත් අදහසක් දාන්න කියලා..
ජයවේ මෙන්ඩ්, ප්‍රසා ඇන්ඩ් කුරුටු!
චැක්..රා,කසිප්පු ටිකක් විතරක් බිබි හිටපු වර්ණයට මෙන්ඩා ගල් අරක්කුත් පුරුදු කරානේ.සබරේනම් පුංචි එකා සන්දියේ ඉඳලම ඕනම එකකට ඔට්ටු එකානේ.
Deleteප්‍රසා පත්තරයත් එකතු කරගෙන උඹලා ඒ පැත්තට යනවැයි.වර්ණේඋඹ ඉවරයි මලේ...
මොනා කරන්නද. ආරාධනා කරලම එන්න කියන එකේ නොගිහිං බෑනෙ.
Deleteඅනේ මනෝ මන් පොඩි එකා වෙච්චි ඕවට නෑ අප්පා
DeleteThis comment has been removed by the author.
Deleteඅනේ කුරුටු මේ මගේ වැඩිපුර වැටුන කොමෙන්ටු මකන්ටෝ.... 4න් එකෙන් කොමෙන්ට් කලහම අවුල් වෙනව අප්පා...
Deleteවෙනසක් කරල බලන්න හිතුණා මනෝ අපිත් හැමදාම රා බිබී ඉඳලා හරියන්නෙ නෑනේ..
Deleteගහමු මචං බල්ලට මචං කියලා කන සාක්කුවට වැටෙන්න..
Deleteමධුවා වෙනුවෙන්
චියර්ස්
කන සාක්කුවට වැටෙන ඒක කෙසේ වෙතත් සාක්කුවට කනට වැටෙයිද දන්නෑ.... (සාක්කුව කනේ නං කලිසම ඔලුවේ බව කරුණාවෙන් සලකන්න)
Deleteඉක්මන් සුවය ලැබේවා
ReplyDeleteඅපේ පැතුමත්...........
DeleteWe missed him very much....
ReplyDeleteI was thinking what happened to him suddenly....
get well soon and come back to your blog...
we all waiting and pray for you.........
ඒක තමා අපිට කරන්නට හැකි දේ..... මං හිතන්නේ ඔබතුමා බ්ලොග් කියවන්නෙක්... මම හරිද???
Deleteyes you are correct and I always admire the best and sensible blogs.... brother
Deleteඔව්............... අපි සාදරයෙන් පිළිගන්නවා.. අැත්තට ම බ්ලොග් ලෝකයේ හුවමාරු වෙන දැනුම ඉහළ නිසයි අපිත් මේ අවකාශයේ ඉන්නේ..... දිගට ම බ්ලොග් සමග ඉන්න කියලා අාරාධනා කරනවා....
Deleteකණගාටුයි අැසුවම ඔබෙ අසනීප
ReplyDeleteඒනමුත් සතුටුයි අද ලැබු සනීපය
ඉපිද මැරෙන අපි කාගෙත් උරුමය
අායෙත් වරෙං ගෙන අදහස් මධූමය
අගෙයි පැතුම... ජයවේවා
Deleteමදාවියා අසනීප වෙන්න බෑනේ මචෝ ඌ අනිත් උන්ව හිනස්සන විදිහට ...මධුවෝ උඹට ඉක්මන් සුවය පතනවා !!! ඉක්මනින් සනීප වෙලා වරෙන් මචෝ ...දැන් උඹලා අපි එකම පවුලේ උදවිය වෙච්චි .එකෙක් හරි ආවේ නැත්නම් ඒ අඩුව හොඳටම දැනෙනවා මචෝ ....
ReplyDeleteරජෙකු වුණත් ගිලන් වෙලා
එක්තැන් වුණ දා.....
කියනවාට සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආ දා.....
දැනෙනවාට සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
බැරිවුණදා නෑදෑයන්
අතහැර ගිය දා....
හිතෙනවාට සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා
ගී පද - මහින්ද චන්ද්‍රසේකර
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
සින්දුවට තැන්කූ සින්දුවෝ...............
Deleteඅපි මෙච්චර කිව්වාට ඔ්කා රජෙක් කියනවාටනම් ඒච්චරම කැමති නෑ හරිද????
මදාවියයියට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...... ඕ............
ReplyDeleteප්‍රාර්ථනය හරි වගේ.... අද වැඩට ගියාලු...... යකෝ දාෙස්තරලා රෙස්ට් කරන්න කියලා කියලත් තිබුණා කිව්වා..... ඒත් රස්සාවට ගොහිං.... අනේ මන්දා..
Deleteමධූව දන්නෙ නෑ.ඒත් ඉක්මන් සුව පතනවා.කුරුටු ඔයාලා යනවනම් මමත් මතක් කළා කියන්න.මතක ඇතිව කන බොන දේවල් ටිකක් ගෙනියන්න.මම කඩේට සල්ලි දෙන්නම්.
ReplyDeleteබොන දේවල් මදාවියට හොඳ නෑ. ඒව ඉතිං අපිට තමයි. නැද්ද කුරුට්ටො.
Deleteඔව් ඔව්.............. කුරුම්බා ගෙනියන්නම්............ ඔ්කා හරි අාසයිලු.......
Deleteබොරු නෙමෙයි ප්‍රසා විදානේ කිව්වේ.....
ඌ කිව්වා VAT 69 බීපු එකෙක් ලඟින් එන සුවඳ බලන්න ආසයි කියලා.. ඉක්මනට මට එයින් බෝතලයක් එවපියෝ... හෙටවත් ගිහිං එන්න
Deleteඅනේ ඔය නංගාගෙන් ඉල්ලලා ගල් බෝතලයකට සල්ලි දිලා පලයන් බාර් එකට..මමත් අමාරැවෙන් ඉන්නෙ..
Delete69 කරන්න වැට් ගහනවද බං.
Deleteඑව්වා සෙල්ලං වැඩයැ අයියා...
Deleteඋපදෙස් ගනිල්ලා විදානෙයාගෙන්.........
Deleteතනියම බොන්න එපා යකෝ පාප මිත්‍රයෝ වගේ.අනික අරක්කු පනු අමාරුවට හොඳයි.මට අයුර්වේද වෛද්‍යවරයෙක් උපදෙස් දීලා තියෙන්නේ තියෙන්නේ තැඹිලි ගෙඩියකට අරක්කු කාලක් දාලා තැඹිලි බොනවා වගේ බොන්න කියලා...අපි මධුවටත් එහෙම ගෙනියමු...
Deleteඋෟ බලාගෙනලු ඉන්නේ උඹලා තැඹිලි ගේනකල්...
Deleteමධුට ඉක්මන් සුවය පතනවා!
ReplyDeleteමධුවෝ.........................
Deleteඉක්මනට වරෝ.....................
හෑ................වෙන්ඩ බෑ.................. බැංකුවේ සල්ලි ගෝනියක් ඔලුව උඩටවත් වැටුනද දන්නේ නෑ.
ReplyDeleteහොඳ හිතින් කියන්නේ ඉක්මනනට හොඳ වෙයන්.
අනේ හොඳ වෙන්න ඈ.
දැන් හොඳයි නේද?
අන්න, දැන් හොඳයි.
අද වැඩට ගියා කියලා අලුත්ම අාරංචි මාර්ග වලින් කියැවෙනවා විචා මාමේ...........
Deleteකවුද යකෝ ඔය කෙප්ප කෙලින්නේ...
Deleteතාප්ප විදානෙ තමයි හිටං.
Deleteතාප්ප විදානේ නෙමෙයි බොල..... ෆීල්ඩ් මාර්ෂල්....
Deleteවයිෆ් බැංකුවටම ඇවිත් මූට පොල්ලකින් ගැහුවා කියලා කටක් ඇරලා කොහොම කියන්නද බං
ReplyDeleteඒහෙනම් ඉතින් උඹට වුණ ඒකේ අනික නේද?????
Deleteඋඹ එවෙලේ ෆ්‍රිජ් එක ඇතුළෙද?
Deleteබැංකුවේ ෆිජ් එකක් තිබ්බෙ නෑ විචෝ... (පුටුවක් යටට වෙලා හියෛ්...)
Deleteප්‍රයිවට් බස්ඒකේවත් යවන්න ඒපැයි...???
Deleteමම මේ බැලුවේ... කට්ටිය මධු පිටින් දාලා ෂේප් එකේ බෝතල් පාටියක් දාන්න වගේ....හරි හොඳ ළමයි ටිකක්...යාළුවා ලෙඩ වුණු නිසා සතුට... නෑ නෑ දුක සමරනවා වගේ.තව ඩ්‍රැකි විතරයි මෙතන අඩු.
ReplyDeleteඩ්‍රැකියා අමු බේබද්දා.උදේම අවදිවුන ගමන් බෝතල් කාලක් බීලයි දවස පටන් ගන්නේ.අදත් කරටි කැඩෙන්න ගහලා තවම වෙරිපිට ගෙදරින් එලියේ පැදුරක් දාගෙන දොයි.වෙරි බැස්සම මේ පැත්තට සේන්දු වෙයි.
Deleteවුට්ටක් බොන්න් ගෙදරින් පනින්න බලං ඉන්න අපිට මධුවා කොලේ ලොකු උදව්වක්.....
Deleteඅනේද කියන්නෙ. ලෙඩේ වගේද සෙට් වෙන එක.
Deleteමධුවා නිසා තමයි අපේ කම්පියුටර් නිල්පාට වෙලා X අකුර වැඩ කරන්නෙ නැතුව ගියේ..
Deleteපව් අර අහිංසකයා..
Deleteසක් පරක්කු වුනාම තියෙන කේස් එක, මමත් ත්‍රීවීල් එකක ඇවිත් සුබ පතලා ගියා කියහන් , ඉක්මනට සනීප වෙන්න කියලා
ReplyDeleteහැක්.. මේ පෝස්ට් එක බැලුවනං ඕකා පැයෙන් හොද වෙනවා අනිවා.. හැක්. මාත් ට්‍රයිසෝ එකක් අරගෙනම ආවා උඹත් එක්ක.. හැක්
Deleteදැන් මචං උඹලා අාවේ වාහන වර්ග දෙකකද ඒතකොට..... මොනවද ඔ්වාගේ වෙනස බං...
Deleteමධුවා ගේ බොග පාලු වීමේ හේතුව මේකයි එහෙනම්.
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා කියලා පතනවා. ඉන්ටවල් ඉවරා......යි කිව්වම මම හිතුවෙ ඉවරමද කියලයි
ඒ වෙලාවේ තමා පටාං ගෙන තියෙන්නේ.... හැක්
Deleteඅඩේ ඌ ලෙඩ වෙලා හිටියද...
ReplyDeleteමම හිතුවේ ඌ බිසී වෙලා නිසා ටික දවසක් මිසින් වෙලාය කියල...
කෝල් එකක් දීල බලන්න ඕනේ...
අපිත් ඒහෙමයි හිතුවේ... පස්සේ තමා දැනගත්තේ.....
Deleteයකොඩෝ... මම හිතුවේ මධුව ලිව්වා දේවල් පොඩි කෙලී දැකල ඕකට බ්ලොග් ලිනය්ය තහනම් කරලා කියල... ඉක්මන් සුව පතනවා...
ReplyDeleteඒකත් හේතුවක් ද දන්නෑ ලෙඩේට..
Deleteඉක්මන් සුව මධුවෝ!!
ReplyDeleteදැනටමත් ගොඩ මං හිතන්නේ බස්සී............
Deleteකුරැට්ටෝ
ReplyDeleteබලපන්..මධු කියලා නම වැටුනත් පොස්ට් හිට් වෙන හැටි..
මාත් මගේ හැම පොස්ට් එකකම මාතෘකාවට මදුවෙක් ඇදල ගන්න ඕන...
Deleteඔවු, සමපෝෂ ඇදල අරගෙන තමයි උඹ කෙලෝගත්තෙ.
Deleteසමපෝෂ කියන්නේ මොනවද? නිකං ගල් වගේ දෙයක්ද
Deleteඅම්මපා......... සමපෝෂ ගුලිය ගැන මතක් වුණත් උඹව බිම පෙරළගෙන ගහන්න හිතනවා බං...
Deleteමචං විදානේ.... හැම පෝස්ට් ඒකක් ම කියන්නේ මචං අර අවුරුද්දට ලියන ඒකම පෝස්ටුවට ද???
සමපෝස නෙවෙයි මං අද හිතාගත්තා කවුපි ගැන කථාවක් ලියනවා කියලා
Deleteඒතකොට ටිකිරා අයියා වෙනුවට කාවද ගන්නේ...???
Deleteමධුවාට ඉක්මන් සුවය ලැබේවා.... ලංකාවේ ඉන්න එවූ කට්ටිය සෙට් වෙලා ඉස්කෝතු පැකට් එකක් එහෙම අරගෙන මධුවා බලන්න ගියානම් හොඳයි නේද...
ReplyDeleteමං අද යනවා...
Deleteඋෟ අායෙම අයිසීයූ නවත්තන්න වෙයිද මචං///////?????
Deleteඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. බ්ලොග් සහෝදරත්වය අපුරුයි.
ReplyDeleteඒකයි වැදගත් අජිත් අයියා..........
Deleteඅපි තාම දැකලාවත් නැහැ.... බ්ලොග් ලියන්න අැවිල්ලා අවුරුදු දෙකකට වැඩියි..... ඒත් දැන් තමයි පළවෙනි වතාවට හරි දුරකථනයෙන් කතා කරලා මේල් ඒකක් දාලා කට්ටිය සමග සම්බන්ධ වුණේ... ඒත් බ්ලොග් සහෘදයෙකුට දුකක් වුණා කියලා අාරංචි වුණාම තමන්ගේ ඒකෙක්ට වුණා වගේ දැනෙනවා.... ඒකට අලුත් නමක් දාන්න වෙනවා.... බ්ලොග් සහෝදරත්වය නියමෙට ගැලපෙනවා.....
අප වෙත වැඩිම හිට්ස් ප්‍රමාණයක් සහ කොමෙන්ට් ප්‍රමාණයක් ලබාදීම සඳහා දායක වූ පෝස්ටුව ලෙස මෙම පෝස්ටුව උසවා තැබූ මධුවාට සහ අනෙකුත් ඈයන්ට අනේ පිං..
ReplyDeleteකුගෑගීප-
උඩුකුරුඤ්ඤං
Deleteඒක උං බලාගනී. උඹ පැනල දෙන්නැතුව හිටහං.
Deleteමචං මමත් ඉක්මනට ම ඒකෙක් ව ලෙඩ කරවලා හරි පෝස්ටුවක් දානවා... මේ විදිහට ම අැවිත් මටත් හිට්ස් ගොඩක් දීපල්ලා....
Deleteමීට
විදානේ නොහොත් මාෂල්
බ්ලොග් ලොව එලිය කරන්
ReplyDeleteමදාවියෝ අයෙත් වරෙන්
මං හිතන්නේ මනෝජ් තව දවස් කීපයක් අැතුළේ කොල්ලා අායෙම කරලියට ඒනවා ෂුවර්.....
Deleteඅම්මප ඉන්නම ඕන එකෙක් නෙව. ඉක්මනින් සුවවේවා. ලඟපාත ඉන්න එවුන් කාලක් බාගයක් ගෙනිහිං දීපල්ල ඉක්මනින් හොඳ වෙන්න.
ReplyDeleteපිස්සුද බං, ඒ අපරාදෙ කරන්න පුලුවන්ද. අපි කාලක් බාගයක් ගහල ඌව බලන්න යනව මිසක්ක.
Deleteඅපිත් කාලක් ක්‍රියා කරන්න තමා හිතාන ඉන්නේ මේ සිද්ධියට.....
Deleteමාධවීල එක්ක එච්චර ගණුදෙණුවක් තිබ්බෙ නෑ... අපි අලුත් නේ
ReplyDeleteඅලුත් පරණ භේදයක් නැහැ උඩුවෝ බ්ලොග් ලෝකයේ.... අපි හැමෝම ඒක විදිහේ සිතුම් පැතුම් අැති ඒවුන්..... ඒකනේ ඒකම පාරක් දිගේ යද්දි හම්බෙන්නේ..... ඒච්චරයි...... ගණුදෙනු පටං ගනිං... ඒවා දිගට ම සිද්ධ වෙයි.....
Deleteදැනුයි දැක්කේ... දැන්ම යන්න ඕනා බලන්න..
ReplyDeleteමාරි පැකට් එකක් ගිනිච්චනං හරි..
Deleteබලන්න යන යන එකාට ඌ කවුපි තම්බලා දෙනවා..
මට කියන්න අමතක වුණානේ උෟට සමපෝෂ ඒකක් අරං තියපං කියන්න... අද උඹ ඒනවා කියලා කිව්වාට ඒක කියන්න අමතක වුණා.... සොරි මචං...
Deleteකෝ මේ කුරුටු ගෑ ගී ප.. සෙට් එකම උඩුකුරුඤ්ඤං වෙලාද මන්දා
ReplyDeleteඅැයි උඹ මාරි පැකට් ඒකක් අරං ඒන්නද???????
Deleteඅනේ මංදා....මේ කුරුටු ළමයි මධුව දැකලාත් නැතිලු.ලෙඩ බලන්න කියලා කෑම බීම අරන් එහෙම ගිහින්, මධු කියලා වෙන කෙනෙක් බලලා ආවොත් තමයි වැඩේ.
ReplyDeleteඒහෙම වෙන්නෑ. අනුත්තරා.............
Deleteරත්නපුරේ පැත්තට ගිහින් ඉවෙන් තමා ඉතුරු ටික යන්නේ....... අාය ෂුවර් වරදින්නෑ...