ඈත මෑත සොයමි නිතර
හද ඇඳි රුව ඇතිද කියා
වරෙක මහත් වෙහෙසකි මට
එකම රුවක් මදිය කියා
මේ ලැබුණා දැන් ලැබුණා
කියා සිතට සැනසුම එයි
ඒත් සැනින් නිමේශයෙන්
ඊට වැඩිය රුවක් මැවෙයි
එකම පෙමක රැඳුනු සිතක්
සතුටු සිතින් හිඳිනු කෙසේ
එයද මහත් පැනයකි මට
සලකන විට වෙනස් රසේ
සනසනු බැහැ මගේ සිතත්
තිබහට ලුණු දිය බිව් සේ
ගහෙන් ගහට පනින්නටයි
හිත කියන්නෙ හැම මොහොතේ
සංස්කෘතිය සභ්‍යත්වය ආගම හා ලැජ්ජා බිය
පසුපසටම අදිනු වගේ මගේ නොතිත් ආශාවම
ඒත් අනේ කෙසේ කියා අමතක කරනට හැකිවෙද
මගෙ සුන්දර අන්තඃපුර සිහින රාජ මාලිගාව
-අසංක ගයාන් අබේසිංහ-