Monday, March 14, 2016

නෙලුම් යායක් නැවුම් හෙටකට පිපී හිනැහෙනවා...................


පිපී හිනැහෙනවා...............
සියගණන් මල් එකම යායට පිපී හිනැහෙනවා...............

හමායන මද පවන මුහුකොට
අපේ සුසුව බෙදා ලෝකෙට
නෙලුම් යායක් නේක පෑයට 
පිපී හිනැහෙනවා..................... පිපී හිනැහෙනවා.

"අ"යනු  "ආ"යනු සමව අරගෙන
කවි කතා රස ගඟුල පාදන
තර්ක හා සංවාද අතරින
අනාගත ලොව දිශාගත වෙන
නෙලුම් යායක් අලුත් ආරට
පිපී හිනැහෙනවා..................... පිපී හිනැහෙනවා.

විසිර විහිදුණු ලොවේ නන්දෙස
අපට හරියන අපේ අදහස
වැට කඩොලු මායිම් නොවන ලෙස
ලියන්නෙමු අපි සොයා නිදහස
නෙලුම් යායක් නැවුම් හෙටකට
පිපී හිනැහෙනවා...................
සියගණන් මල් එකම යායට
පිපී හිනැහෙනවා................... පිපී හිනැහෙනවා.


තුෂාර විතාරණ



පසු සටහන - බ්ලොග් ලෝකයම හොල්ලන අලුත් ම සාකච්ඡාව නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ බව දැන් කිසිම බ්ලොග් ලියන්නෙකුට කියවන්නෙකුට රහසක් නොවේ... මාර්තු 26 වෙනිදා, ඒ කියන්නේ හරියට ම තවත් දවස් 12 කින් එලැඹෙන සෙනසුරාදා දහවල් 2.00 සිට කොළඹ 05 කිරුළපන පාර අංක 163 හි පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති 2015 වර්ෂය සදහා වූ බ්ලොග් සටහන් වෙනුවෙන් පිදෙන බ්ලොග් සම්මාන උලෙළ සදහා බ්ලොග් ලියන කිවයන මෙන් ම බ්ලොග් ලිවීමට කියැවීමට හිතන ඔබ සහ ඔබේ මිතුර මිතුරියන් සියලු දෙනාට නෙලුම්යාය සහෘද කැල වෙනුවෙන් කරන්නා වූ සුහද ආරාධනයයි මේ..............

(ටිකක් බරපතල වුණාද වැඩි ද මන්දා.... ඒත් මේ විදිහට කවුරුත් ම ලියලා තිබුණේ නැහැනේ..... ඒකයි මෙහෙම ලියුවේ.... )

වැඩි විස්තර සදහා අපට හිතට අල්ලලා ම ගිය කමියාගේ බැනරය ද අජිත් අයියාගේ ආරාධනා ලිපිය සටහන් බ්ලොග් ලිපියද මෙලෙස එල්ලා තබන්නෙමු...


ස්තූතියි
මෙයට සේවා ලැදි
කුරුට්ටෝ.



වැඩිවිස්තර සදහා -  නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015
.

45 comments:

  1. // බ්ලොග් ලෝකයම හොල්ලන අලුත් ම සාකච්ඡාව නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ බව දැන් කිසිම බ්ලොග් ලියන්නෙකුට කියවන්නෙකුට රහසක් නොවේ... //

    මහින්ද හොරා ලඟ හිටපු හඩ්සන් ගේ වන්දි බට්ට ගොට්ට ඇල්ලීමට හපන් නෙව!!!!

    ReplyDelete
    Replies
    1. Elakiri Sara marai

      Delete
    2. Elakiri Sara marai

      Delete
    3. //බ්ලොග් ලෝකයම හොල්ලන අලුත් ම සාකච්ඡාව //

      මුන් හිතන්නේ බ්ලොග් ලියන්නේ සින්හලේන් විතරයි කියලා...

      බ්ලොග් ලියනා සුද්දොත් හෙල්ලිලා ඇති නේ?

      රටේ ජනාදිපති සහ අගමැති එක්කාසු කොරන් ඇවිත් තම කසාදෙට අස්සන්කරගන්න, ලැප් ටොප් එකක් ගන්න ඒ වගේ තව සිල්ලර උදවු කොරගන්න දේසපාලුවෝ ආස්සරේ කොරනා සින්හල ජනමාජ්ජවේදීන් ට හපන්...

      අජියා ගේ පස්සෙන් යනවා...
      අජියෝ.... දැන් ඇති කියලා කිවුවොත් හොඳයි නේද??

      Delete
    4. මචං දෙයක් කරද්දි එකෙ හොද වගේම නරකත් තියනව...හොද කියන්ඩ ඕනෙ වගේම නරක දකින්ඩත් ඕනෙ...එත් මචං හැම දේකම සීමාවක් තියනව....වැඩිපුර හොද කීවොත් ඒකත් වැරදී...නොතිබෙන නරක කීවත් ඒකත් වැරදී....තාම මචං වැඩේ කරෙත් නෑ...පොඩ්ඩක් හිටපං වැඩේ කරහම බලපන්ං...ඊට පස්සෙ කියපන් වැරදි...මොකද බං වැඩක් කරන්ඩ කලින් නරක කියද්දි, උබල එක අන්තෙක වගේ පේන්නෙ....26 වරෙන් ඇවිල්ල බලන්...හොදනන් හොද කියපන්....හොද නැත්තන් වැරදි විතරක් කියපන්...ඊලග සැරේ කරද්දි උබල පෙන්නල දෙන වැරදි හදාගෙන ලස්සන්ට වැඩේ කරන්ඩ පුලුවන් වෙයි...

      Delete
    5. රසික උඹ කියලා තියෙන දේ දැක්කා ම මේ දේ නොකියාම බැහැ. ඒත් මේ කියන කිසිම දෙයක් සරසාට අදාළ නොවන බවත් කිව යුතුමයි. මොකද සරසාට උත්තර දීම අප විසින් නවතා ඇති බැවින් සහ සරසාගෙන් කිසිදු පිළිතුරක් අපි බලාපොරොත්තු නොවන නිසායි...

      රසික, සම්මාන උලෙළ සමස්ථ බ්ලොග්කරුවන් සියලු දෙනාටම සහයෝගයක් වෙනවා වගේ ම තැන තැන විසිරිලා තිබුණ බ්ලොග්වලට සම්බන්ධවීමටත් ඒ තුළ ලොකු දායකත්වයක් දීලා තියෙනවා. අපි මුල සිට ම බ්ලොග්කරුවන් තුළ දැකීමට ඇති කාලයක් ලියා නැවත දකින්නට නොමැති ව බ්ලොග් අවකාශය හැර යන ලක්ෂණය ගැන කතා කරා. ඇත්තට ම ඒ සදහා ද මේ කියන නෙලුම්යායෙන් ලැබෙන්නේ හොද සහයක්. මේ විතරක් නෙමෙයි තවත් හේතු කීපයක් ම නිසා අපි නෙලුම්යායට මුල සිට ම සහය දැක්වුවා.

      පොදුවේ බ්ලොග්කරුවන් හැටියට අපි විසින් යම් වැඩපිළිවෙලකට දක්වන සහයක් පුද්ගලික ව සැලකීම තමා වරද. අපිටත් ඔය හැමෝට ම කියන්න තියෙන්නේ එදාට ඇවිත් බලන්න කියලා තමා. ඒත් ගැටලුව තියෙන්නේ ඔතන නෙමෙයි රසික. ඔය අයට ප්‍රසිද්ධියේ ඒ තැන්වලට එන්න බැහැ. කරන දෙයක් හැංගිලා තමා ඉතින්....... අනික තමා කඩේ යන්නේ කවුද කියලා හැම බ්ලොග්කරුවෙක් ම දන්නවා......

      Delete
  2. "වැට කඩොලු මායිම් නොවන ලෙස
    ලියන්නෙමු අපි සොයා නිදහස"
    "මෙවන් සමාජ සත්කාරයන් කරන අය පැසසිය යුතුමය . ඔබටද තුති මල් මිටක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි......

      ඇත්තට ම මේ වැඩසටහන ගැන අපිත් නෙලුම්යාය සහෘදයන්ට ස්තූතිවන්ත වෙනවා. ප්‍රියන්තිත් එදාට එනවානේ......

      Delete
  3. සම්මාන ලැබීමට නියමිත බ්ලොග් ලියන්නන්ට සහ ලියන්නියන්ට සුභ පැතුම්! ඒ වගේම සංවිධායක මණ්ඩලයටත් සුභ පැතුම්!
    මට නම් එන්න ලැබෙන්නේ නෑ. ඕපන් යුනි ඒකෙ විභාගයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. විභාගය එදාටමද තියෙන්නේ.... එදා උදේට නං හවස ඒ පැත්තේ ඇවිත් යන්න මලයා...

      Delete
    2. එදා උදේ එක පේපර් එකයි, ඉරිදා උදේ එක පේපර් එකයි තියනවා. මට කොළඹ ඇවිත් ආපහු එන්න ක්‍රමයක් නෑ.

      Delete
    3. තේරුණා....... තේරුණා....... හැකි වෙලාවක හමුවෙමු....

      Delete
    4. සයිබොර් අවුරුදු උත්සවේ තියනවනේ.

      Delete
  4. ජයවේවා! ඒ කියන්නේ අපිටත් එන්න පුළුවන් බලන්න නේද? :)

    ReplyDelete
    Replies
    1. කමියා මාවත් එක්කං පලයන්කෝ

      Delete
    2. උඹලා දෙන්නා ගැන නං හිතලා බලන්න වෙනවා..... කමියානං දුර ඉදලා එන එකනේ... කමක් නැහැ කියමුකෝ...... ඒත් ඉවාන් උඹ මයික් ටයිසන් කෙනෙක් වෙන්නෑ කියලා පොරොන්දු වුණොත් විතරයි...........

      Delete
  5. Replies
    1. දිනේෂ් එදාට ලංකාව පැත්තේ ඇවිත් යන්න බැරියැයි....... පොඩි කයියක්වත් ගහන්න..... ප්ලේන් එකක් හයිජැක් කොරලා හරි සෙට් වෙමුද??????

      Delete
    2. අපොයි ඕවා ලියන්න එපා . මාත් ගස්.

      Delete
    3. නෑ නෑ හයිජැක් කොරාම අජිත් අයියා අල්ලං යන්නෑ අල්ලන්නේ උස්සපු කෙනාව.... හැක්

      Delete
    4. කුරුටු සෙට් එකම එනවනම් ඔන්න හිතා බලන්න පුළුවනි.

      Delete
    5. දුසිම් බාගයක් එව්වොත්.....

      Delete
  6. හහ් තුෂාර අයියත් එදාට හම්බුනැහැකි ද? කුරුටු දුසිම ම අරගෙන එන්න.

    ReplyDelete
    Replies
    1. දුසිම කෙසේ වෙතත් දුසිම් භාගයක්වත් ගේන්නයි ට්‍රයි එක.... බලමු බලමු......

      මං නං ගොඩක් විට එනවා. එදාට හම්බෙමු.. අපි ඉතින් දුරුකතර ගෙවාගෙන එපැයි එන්න.... කසුනා කලින් ම ඇවිත් අපිටත් පුටු කීපයක් අල්ලං ඉන්නවැයි....?????

      Delete
  7. මගෙනුත් සුබ පැතුම් ඔන්න හැමෝටම........... සම්මානත් අරන් එන්නකෝ අපිටත් බලන්න

    ReplyDelete
    Replies
    1. සම්මාන කෙසේ වෙතත් කට්ටියම හම්බෙන අදහසින් තමා ඉන්නේ... එදාට එනවානේද???????

      Delete
  8. බ්ලොග් ලෝකයට හොඳක් වෙන ඕනම දෙයකට මමත් හද පත්ලෙන්ම සුභ පතනවා ! :)

    [කොච්චර බුකියේ කරක් ගැහැව්වත් බ්ලොග් අවකාශයටමයි එදා ඉඳල කැමැත්ත තිබ්බෙ. පොඩ්ඩ පොඩ්ඩ මේකට එන්ටර් වෙන්න තීරණය කලා]

    ReplyDelete
    Replies
    1. අන්න ජේමිස් සහෝ හොද තීරණයක් අරන්......

      26 වෙනිදා ඇවිල්ලා මේ අලුත් තීරණය තවත් ටිකක් තරයේ අරගමු..... ටිකක් අපිට කතා කරලා ම බැරියෑ තේ එකක් එහෙම බොන්න...

      Delete
  9. මෙන්න ගීයක් කුරුටු ගාල... යසයි..රසයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලබ්බෝ............

      එදාට අපි හම්බෙනවානේ...... අනිවා එනවා නේද??????? එච්චරයි

      Delete
  10. බොහොම ස්තූතියි. ලස්සනයි. ඔය සරසා ගහන ගල් ගණන් ගන්න එපා. දත් වල හිරවෙන ඒවා.

    ReplyDelete
    Replies
    1. සරසා අපේ පථයෙන් ඉවත් කරලා තියෙන්නේ.... අනවශ්‍ය සාකච්ඡා කියන්නේ කාලය කා දැමීමක්. හොද සංවාදයකට එනවානං එකගද විරුද්ධද කියන එක වැදගත් නැහැ. ඒත් ඒ සාකච්ඡාව වචන අපතේ යැවීමක්....

      Delete
  11. Replies
    1. හරි අජිත් අයියා............... මේ සතිය තුළ අපි තවත් ආරකට මේ වැඩේ ගැන ආයෙම ලියනවා..... එදාට ඒ ගැන කතා කරමු..... ජයවේවා...

      Delete
  12. ඇහුන් නෑ කියාංකො
    හිහි
    ජයවේවා කුරුට්ස්.....
    නැ නෑ නෙළුං යායටත එක්කම තමා
    දැං ඉතිං වලිගෙ උස්සං එනව නෙවී හිහි

    ReplyDelete
    Replies
    1. වලිගේ උස්සං එදාට එනවානේ...... මහේෂ් අයියා හම්බෙන්නත් එක්කයි මගබලාගෙන ඉන්නේ......

      Delete
  13. හැක්.. නියමයි.
    බලමු පුලුවන් උනොත් එදාට එන්න.

    ReplyDelete
    Replies
    1. පුළුවන් වුණොත් නෙමේ ප්‍රසා අයියේ..... යන විදිහක් කතා කරමු....... නොගිහින් කොහොමෙයි......???????

      Delete
  14. අපි එන්නෑ එංගල්න්තේ බ්ලොග් වලට විතරක් සම්මාන දෙන ඒවට... හැක්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එහෙම වුණත් එංගලන්තේ එහෙම වෙන්නේ නෑ.......

      Delete
    2. @Lecturer
      ++++++++++++++++++++++++++++

      Delete
    3. ලෙක්චරර්ගෙන් ඉවත් වූ වගයි........

      Delete
  15. බ්ලොග් වටේටම හරි හරියට නෙලුම් මල් පිපිලා .. ගෙදරින් හෙමිහිට අවසර ඉල්ලන්එදාට' එන්න තමයි අදහස ..එහෙම උනොත් අනිවා එනව :)

    ReplyDelete
  16. සුබ පැතුම්..! සියල්ල හොඳින් ඉටු වේවායි පතමි.

    ReplyDelete
  17. මේ දවස්වල තාවකාලිකව මට සිද්ද වෙලා තියන අකරතැබ්බයක් හින්ද කිසිම බ්ලොග් ස්පොට් එකකට නියම නමින් කොමෙන්ටු දාන්න විහක් නෑ. sugv.wordpress.com නෙළුම් යායට මුළු හිතෙන්ම සුබපතන බව පවසන්න වෙන විදිහක් නෑ. නෙළුම් යාය‍ෙ සුවඳ පතුරවන්න ගත්තු උත්සාහය වෙනුවෙන් අනුන්ගෙන් ණයට ගත්තු මේල් එකකට මුවාවෙලා කුරුටුට සතුට පළ කරනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...