Friday, March 4, 2016

ඒ අදුර මැකෙන්නෙත් බැබළෙන්න හිතුනමයි...



විඩාබර ජීවිතේ
ඉසුඹුලන විරාමේ
මඟබලන් ඉන්නවා
හැමදාම පෙර වගේ...

දුටු නුදුටු හීනයක්
හිත අගින් ඉඟිකරයි
අත වනා මහ දුරක
පැතුම් නෙක පොදි ගහයි...

ගඟ ගලයි හිතු මතේ
සිසිල දී හැම අතේ
ඒ වගෙද ජීවිතේ
හැමදාම මට සිතේ...

වට පිටේ එළි වුණත්
හිත් කුටිය කළුවරයි.
ඒ අඳුර මැකෙන්නෙත් 
බැබළෙන්න හිතුනමයි...



ඉසුරිකා උත්පලානී 
(ඉසූ)



.

37 comments:

  1. // ඒ අඳුර මැකෙන්නෙත්
    බැබළෙන්න හිතුනමයි...// ඇත්ත තමයි නේද ... :)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ..
      ස්තූතියි තුශානි

      Delete
  2. අඳුර මැකෙන්නේ- බැබලෙන්න හිතුවමයි. හිතන්න ඕනේ හැම දෙයක්ම කරන්න. ඒක සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි අඟහරු..

      Delete
  3. හැම අතට සිසිල දීල හිතුමතේ ගලන ගඟම හොඳ වැස්සකින් පස්සෙ දෙපැත්තෙ තියෙන හැම දෙයක්ම හෝදගෙන හිතුමතේ ගලනව. හැක්..

    ReplyDelete
    Replies
    1. ඉවුරු දෑලේ හිඳ බැලූවිට ගඟ හැඩයි කදිමයි.. (අදාල නෑ වගේ)
      ඒක ඇත්ත ප්‍රසා අයියෙ..

      Delete
  4. අර පිංතූරේ ඉන්න ලමය කකුලවත් හෝදල නැහැ. හැක්

    ReplyDelete
    Replies
    1. තාම ඒක ගැන හිතිල නෑ. හැක්..

      Delete
    2. ඒ ළමයට හීන බල බලයි , පැතුම් පොදි ගගහයි ඉඳලා, නාන්නත් අමතක වෙලාලු ..හැක්

      Delete
    3. @ ඉසුරිකා.

      කවිය ලස්සනයි හොඳේ ..

      නැත්නම් තරහා උනොත් හෙම ... ☺ ☺

      Delete
    4. @ ඉයන්,

      ඔය අහු මුලු බලන්නැතුව රූපය දිහා බලන්න එපැයි.

      @ප්‍රසන්න අයියා,

      අනිවා

      @ සදරු,

      ස්තූතියි... දෙකට ම හොදේ....

      Delete
  5. ♥ මංගල දැන්වීම. ♥
    ....................

    විඩාබර ජීවිතේ ලැබෙන සෑම විරාමයකම, දු‍ටු නුදු‍ටු සෑම සිහිනයකම සැරිසරන තම සිහින කුමරා පැමිණෙන තෙක් මග බලා සිටින තම නැගණියගේ හිත් කුටිය එළිය කර , ගලන ගඟක් මෙන් ඇයගේ ජීවිතය සිසිල් කළ හැකි මනාලයෙකු සොයුරන් සොයයි.
    ( අසංක / තුෂාර )

    ReplyDelete
    Replies
    1. සදරුවෝ.................

      ඔය හිටියට වේකන්ට් නෑ මයේ හිතේ....

      තුෂාර

      Delete
    2. සඳරු...දැන් එහෙනම් ඔය දැන්වීම වෙන පත්තරේක දාන්න කියලා අම්මලාට කියපන්.උඹත් නගින නගින ගහේ දෙබලක්.

      Delete
    3. සදරු එහෙම අදහසකින් නෙමෙයි නේද ඒක කිව්වේ.......

      Delete
  6. Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජිත්

      Delete
  7. Replies
    1. ස්තූතියි කලු ගලක්..

      Delete
  8. ගොඩාරියක් ලස්සනයි .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙතූ.......

      Delete
  9. කදිමයි... කාලෙකින් රස බැලුවෙ.

    ReplyDelete
    Replies
    1. සතූටුයි.....ස්තුතියි මනෝශ්

      Delete
    2. ආ.............. මනෝෂ්........... කාලෙකින් බ්ලොග් ලෝකයට සමවැදිලා තියෙන්නේ.... මොකද මේතරම් දුරස් වෙන්න හේතුව..... ටිකක් විස්තරත් දාහංකෝ...

      තුෂාර

      Delete
  10. මොකද හිත් කුටිය ඔය තරමට කළුවර වුනේ.

    ලස්සන කවි පෙලක්.

    ReplyDelete
    Replies
    1. දිවයින පුරා විදුලිබලය ඇණ හිටීමක්.

      Delete
    2. වෙලාවකට එහෙම වෙනවනෙ......ස්තූතියි මනෝ

      Delete
  11. Replies
    1. ස්තූතියි ලයියො...

      Delete
  12. lassssssssssanay suba pAthum :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි.....

      Delete
  13. ගීයකට වුණත් ගැළපෙන පද වැලක්..

    ReplyDelete
    Replies

    1. ස්තූතියි ඔබේ දිරිමත් කිරීමට වැසි...

      Delete
  14. බැබලෙන්න හිතෙනක්ම් අර අහිංසකයා බලාගන ඉන්නඕනේ ඉතින්.....
    කවිය ලස්සනයි ඉසුරිකා....

    ReplyDelete
    Replies
    1. කව්ද කටුසු??
      ස්තූතියි..

      Delete
  15. අර පිංතූරේ ඉන්න ලමයා බ්‍ර එකක් ඇදලා නැහැ

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ.... උඹලා එතැනත් බිස්නස් කරන්න නේද ට්‍රයි එක.....

      තුෂාර

      Delete

Related Posts Plugin for WordPress, Blogger...