අපේ තරුණ ජීවිත වෙත ළබැඳි සෙනෙහසින් අමතමි...
ඔබ......
කිසියම් ම හේතුවක් නිසා හෝ... දිවි නසා ගන්නේ නම්... එය...
මහා පාපයක්ම වෙයි... මතු සියළු භවයන් අඳුරු කරවන...
ඔබ අනෙකෙකුට ප්‍රේම කිරීමට පෙර...
ඔබ ඔබටම ප්‍රේම කරගත යුතුය...
ඔබේ දිවි තොර කර ගැනීමෙන්... ඔබ සියල්ලෙන් ගැලවේ ද?...
නැත... එය එසේ නොවේ...
සියළු ආගමික දර්ශන අනුව... අපි සිදුකරන සියළු දෙයටම...
ඊට අනුරූප විපාක දෙවන්නේම ය...
ඔබට තවමත් සිතෙන්නේ දිවි තොර කර ගැනීමටම නම්... මඳක් සිතන්න...
අභියෝග සහ තෙරක් නැති ප්‍රශ්න යනු ජීවිතයේ අනිවාර්යය දෙයකි...
එය ඔබට මට පමණක් නොව විමුක්තිය සොයාගත් මහා ආගමික නායකයන් හටද පොදු වූවකි...
ඔබේ ප්‍රශ්න වලට මෙන්ම අනුන් නිසා ඔබට ඇතිවූ ප්‍රශ්න වලටද විසඳුම් ඇත...
ඉවසීමෙන් විමසා බලන්න...ඉවසීමෙන් සිටිද්දී යම් මොහොතක දී...
ඕනෑම බරපතල ප්‍රශ්නයකට යහපත්ම විසඳුම කාලය විසින් ඔබ වෙත දෙනු ඇත...
ඔබ වැනිම ප්‍රශ්න වලට මුහුණ දුන්...
ඊටත් වඩා වේදනාවන් විඳින්නවුන්...
මේ ලොව තුළ අනන්තවත් ජීවත් විය...ජීවත් වන්නේය...ජීවත් වනු ඇත...
උපතින්ම අත්, පා, ඇස්, කන් අහිමි මිනිසුන් මෙන්ම...
දිවියේ හොඳම කාලයන්හි දී සියල්ල අහිමි වූ...
ඔබට මේ මොහොතේ ඇති සම්පත් කිසිවක්ම නොමැති මිනිසුන්ද...
ඔබට වඩා මානසික මෙන්ම බාහිර පීඩාවන්ගෙන් පෙළෙනා මිනිසුන්ද...
මේ ලොව ජීවත් වන්නේය...
ඔවුන් මිනිසුන් අතර උසස්ම වන්නේය...මන්ද...
කිසිවක් නැතත් ඔවුනට ජීවත් වීමේ ධෛර්යය ඇති බැවිනි...
තවද...
දසමසක් කුස හොවා... ලේ කිරි කර පොවා...දහදුක් විඳ ඔබ හැදූ වැඩූ...
දෙමව්පියන් හට ඔබ පුදන උපහාරය කුමක් ද?...
දිවි තොර කර ගැනීම ද?...
ඔවුන්ගේ පපු තුළ නැගෙන ගින්දර වලින් ඔබේ ආත්මය නොපිළිස්සෙන්නේ ද...
ඉතිං... ඔබට තවමත් මේ ජීවිතය එපා නම්...
ඔබේ ජීවිතය තොර නොකර... ඒ වෙනුවට...
අනුන්ව ජීවත් කරවන්නට නුඹේ ජීවිත කැපකරපල්ලා...එය පිනකි...
රටට වැඩක් කරපල්ලා... එය පිනකි...
මනුෂ්‍යත්වය වෙනුවෙන් වැඩ කරපල්ලා... එය පිනකි...
ඒත් බැරිනම්...
නුඹ අදහන කිනම් හෝ ආගමක් හදවතින්ම ඇසුරු කර...
පාපයකින් තොරව...
මේ සියළු දුක් වලින් ගැලවීමට හැකි මඟක් හොයපල්ලා...
ඒ මගේ පලයල්ලා... විමුක්තිය සොයාගනිල්ලා...
අසංක ගයාන් අබේසිංහ