Sunday, June 26, 2016

යළි නොයෙන කාලයට හිත ඔහේ දුවනවා…....




රැළි වැටුණ දෑත් යුග
ළතැවුලක් මවනවා
ගෙවුණු කාලය කෙරේ
හිතින් ලොබ බඳිනවා……

කෙළි කවට කම් කෙරූ
බාල විය හැඟෙනවා
හැම අතින් ගත මහලු
වන බවක් දැනෙනවා……

ජීවිතේ ආ මගේ
මිතුරු හිත් තියෙනවා
ළඟ නැතත් බොඳ වෙවී
මතකයේ රැඳෙනවා….

නිශා යාමය කරා
ජීවිතේ ඇදෙනවා
යළි නොයෙන කාලයට

හිත ඔහේ දුවනවා


ඉසූ


.

Saturday, June 11, 2016

තුන්වෙනි හයිකුව.......................



හොරු ඇරං ගිය පිච්ච මල
රැකිය හැකි නං හැමදා ම එක වගේ
තරහක් නැහැ හොරාටවත්


තුෂාර විතාරණ


.

Wednesday, June 8, 2016

ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්


මොනවා.............
ඇමරිකාවටත් ගෑණියෙක්.
ගෑණු විදිහට හිතන ගෑණු වැඩ කරන
දවසක් ඒවිද ඇමරිකාවට...............?
මේ  අර ඇමරිකාව නේද...?
ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය යෑ
අනික් අතට ජර්මනිය තියා එංගලන්තය යෑ............
ඇමරිකාව යකුනේ ඇමරිකාව........

ලෝකෙම පොලිස්කාරයා
ලෝකෙම සල්ලිකාරයා
ලෝකෙම හයිකාරයා
ලෝකෙට ම සද්දෙ දාන මර්සියා
කොහොම තියෙයි ද
පොලිස් නෝනා කෙනෙක්
සල්ලිකාර ඇන්ටි කෙනෙක්
හයිකාර මැඩම් කෙනෙක්
ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්

ධවල මන්දිරයට භාර ගන්නා 
පළමුවැනි කාන්තාවලු......
මොන පිස්සු ද ?
මෙච්චරකල් පිරිමි පත්වුණාට
ධවලමන්දිරය භාරගත්තේ ගෑණු තමා.
ඒ විතරක් නං මදෑ 
රටම පාලනය කළෙත් ගෑණු තමා.

හැබැයි මේකත් එක විදිහක
රෙකෝඩ් එකක් නොකියත් බැහැ.
මොක ද තුන්වෙනි පාරටත් 
ඇමරිකාව භාරගන්නා එකම එක
ජනාධිපති(නිය) තමයි මේ....................... (ගොඩක් විට)



කසුප් අනුරාධ



.
Related Posts Plugin for WordPress, Blogger...