රැළි වැටුණ දෑත් යුග
ළතැවුලක් මවනවා
ගෙවුණු කාලය කෙරේ
හිතින් ලොබ බඳිනවා……
කෙළි කවට කම් කෙරූ
බාල විය හැඟෙනවා
හැම අතින් ගත මහලු
වන බවක් දැනෙනවා……
ජීවිතේ ආ මගේ
මිතුරු හිත් තියෙනවා
ළඟ නැතත් බොඳ වෙවී
මතකයේ රැඳෙනවා….
නිශා යාමය කරා
ජීවිතේ ඇදෙනවා
යළි නොයෙන කාලයට
හිත ඔහේ දුවනවා…
ඉසූ
.
ලස්සනයි..
ReplyDeleteසෙට් එකට කාලෙකින් බ්ලොග් එක පැත්ත මතක් වෙලා තියෙන්නේ.
ස්තූතියි දිනේශ්....
Deleteඉසූ
අපි ගැන ලියල වගේ.
ReplyDeleteඅපි හැමෝම ගැන ඉයන්...ස්තූතියි
Deleteමටත් හිතුන මං ගැන :)
Deleteදෙගුරු සිත් නොරිදුවත්
ReplyDeleteදඟ වැඩත් කලා අපි
දුකක් නැහැ දන්නවා
ගෙව්ව කල මුලු හිතින්
මැදිවයසෙ ඉණිමගේ
නැග්ගේ හිත් නොරිදවා
හැකි පමණ හැකි විලස
අනුන්ටත් අත දෙමින්
කරපු දේ බොහෝමයි
නාස්තියක් නෑවුණේ
ගිය කාලෙ ගැන හිතා
අඩන්නට දෙයක් නෑ.
ගිය කාලේ ගොඩක් සුන්දර තැන් තියෙන නිසා හරි ලෝබ කමක් හිතෙනවා...මක් කරන්නද
Deleteඉසූ
++++++++++++++++++
ReplyDelete++++ +++ +++
Delete++++
ගෙවූ කාලය දෙසම
ReplyDeleteඅප බලා සිටිනවා :)
ඔව් හංසි......
Deleteස්තූතියි
ඉසූ
නිශා යාමය කරා ඔබ පිය මනින විට...,
ReplyDeleteජීවිත අරඹන්න මම තාම හොයනවා.!
මොහොතින් මොහොත අපි යන්නේ වයසට රසික
Deleteස්තූතියි
ඉසූ
ජීවිතේ ආ මගේ
ReplyDelete////මිතුරු හිත් තියෙනවා
ළඟ නැතත් බොඳ වෙවී
මතකයේ රැඳෙනවා….///
++++++++++++
හරි අපූරුයි... කට්ටිය කාලෙකින් ඇවිත් තියෙන්නේ....
හැමදාම එන්න හිතයි නිර්මාණි..ඒත් කට්ටිය බලන්න එන්න ගේන්න දේවලුත් එපැයි.ඉතින් අරගෙනම ආවා
Deleteස්තූතියි
ඉසූ
මිතුරු වේසෙන් ඇවිත්
ReplyDeleteබෙලි කපන උං නැතිව
සැබෑ මිතුරෙක් ළඟින්
සිටියොතින් වටිනවා.
නියමයි.
ඒකනං සහතික ඇත්ත ප්‍රසා අයියේ.
Deleteස්තූතියි
ඉසූ
දෙව් ලොවද අපායද
ReplyDeleteයමක් මට පෙනෙනවා
සැරි සැරූ මණු ලොවෙන්
යන්න හිත අඩනවා.....
අර්ථවත් කවියක්.
ජයවේවා!!!
ඔයාගේ කවියත් අගෙයි දුමින්ද
Deleteස්තූතියි
ඉසූ
රැලි වැටී වෙව්ලනා දෑතින්
ReplyDeleteකෙමෙන් නොපෙනිලා යන දෑසින්
නොනැවතී ඉදිරිය බලා යමි
තනන්නට නිසි මගක්
මගේ මතු පරපුරට,
දිගු කරන්නෙමි වෙව්ලනා දෑතම
උන් වැටුනහොත් නැගිටවන්නට
පෙනෙන තරමින් බලා ඉන්නෙමි
කුහක නොවනා මගේ දෑසින්
අපේ පොඩි උන් පියනගන හැටි,
ජයග්රහනයේ නව ලොවට.....
කුරුට්ටො ටික හැන්ගිලා උන්නෙ කොහේද මේතරම් කල් ?
හැංගිලා බලන් උන්නා දසුන්
Deleteපබැඳුම අගෙයි.
ස්තූතියි
ඉසූ
අපූරුයි...
ReplyDeleteස්තූතියි ඉන්ද්‍රජිත්........
Deleteඉසූ
පදවැල් අතර හුරු සුවඳක් දැනුනා, අපූරුයි.
ReplyDeleteපදපෙල කීපවතාවක් රසවින්ඳෙමි.
මෙහෙම කතාවක් තියෙනවා:
We can not direct the wind, but we can adjust the sails.
රස විඳීමට ඔබට තුති ගල් මල්.... සුළඟ නොහරවා රුවල හරවාගෙන යමු
Deleteඅදහස වටිනවා
බැරි වෙනකොට ඔහොම තමයි අප්පා... අර කතාවක් තියෙන්නෙ පෙරහැරක මුලින් එන තරුණ තම්මැට්ටම් කාරයො වාදනය කරන එක ඇහෙන්නේ "දැන් දුන්නොත් දැන් ගහනව, දැන් දුන්නොත් දැන් ගහනව" වගේලු. ඊට පිටිපස්සෙන් වයසක හොරණෑ කාරයෝ ටිකක් වාදනය කරනකොට ඇහෙන්නෙ "අපිට ඕව බෑ..... අපි ඕවට නෑ." වගේලු.. කට කහනවට කිව්වෙ. කවි පද ලස්සනයි....
ReplyDeleteආ එහෙම කතාවක් තියෙනවද??
Deleteස්තූතියි සජ්ජා.....
It's my story..hik..hik...
ReplyDeletesame to everyone lalith. I think so,
Deleteහිතේ හයිය එහෙම ලේසියෙන් වැටෙන්න දෙන්නේ නැත. මනෝ ලෝකය කොපමණ පුළුල් වුනත්, හැකි ඉක්මනින් යථාර්ථවාදී ලෝකයට පැමිනෙමි.
ReplyDeleteඔබ හරි විචාරක.මනෝ ලෝකයට පරක් තෙරක් නැත.අතරමං වනසුලුය
Deleteස්තූතියි
දැං මේක ලියලා මාසයක් විතර වෙනවා නේද?
ReplyDeleteඅර තුසාරයා හංගං හිටියා නේද පබ්ලිස් නෛාකර..
අගේයි ඉසු..
ජ ය වේ වා !@!
ඔව් අයියේ..බලන්ටකො අනේ!
Deleteස්තූතියි
වයසටම යන්න ඕනෑ නැහැ.දැන් උනත් හැරිලා බැලුවාම ආයෙමත් යන්න හිතෙන එත් යන්න බැරි තැන් කොච්චරනම් අපේ ජිවිත වල තියෙනවාද?
ReplyDeleteමතක් කර කර දුක් වෙනවනෙ මනෝජ්... මොකද වයස ආපස්සට යන් නෑනේ
Deleteලස්සනයි කවිය අදහස් එක්කම. ඒත් මට හිතනවා මට වයස යන්න යන්න මම ඉන්නේ හිතේ සතුටෙන් කියල.
ReplyDeleteස්තූතියි අජිත්......... සතුටු වෙන්න පුලුවන්නම් හොඳයි. මටනං ලෝබකමක් තියෙන්නේ
Deleteකවිය ලස්සනයි..
ReplyDeleteවයස යන්න යන්න මට නම් දුක හිතෙනවා මේ ලොකේ හැමදෙයක් ගැනම.. කවදා මේ දුකෙන් මිදෙයිද ? අපෙන් පස්සේ එන අය ආපහු අපි අපවිත්‍ර කරලා ගිය ලොකේක මැරෙනකන් ඉන්න ඔනේ..
අපි අපවිත්‍ර කරපු ලෝකයක..... ඒක මරු අදහස
Deleteඔව් ඔව් ඒක හරි, ලස්සන ලෝකයක් මිනිස්සු අපවිත්‍ර කරනවා. ඒ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා
Deleteස්තූතියි හීන දකින්නී
ලස්සනයි ඉසුරි නගා
ReplyDeleteස්තූතියි සබරේ අයියේ......
Deleteනාකි නොවී වයසට යන එක අමුතු රහක් තියන වැඩක්..
ReplyDeleteවයසට නොයා නාකි වෙන එක දරා ගන්න අමාරු වැඩක්..
ජයවේවා!!
වයසට නොගිහින් වුනත් හිත දන්නවනේ ඒ ටික වෙනවා කියලා. ඒකයි දරාගන්න අමාරු
Deleteස්තූතියි ගස් ලබ්ස්..