Wednesday, April 8, 2015

වාද බයිලා මඩුව........... මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා



මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා
සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා


හිතෙන දෙයක් ලියලා ගිහිං අායෙ වරෙල්ලා
බැනලා තියෙන වුන් ක්ක වාද කරල්ලා
අතින් පයින් නැතුව වචන හරඹ කරල්ලා
වාද පිටිය මේක තමයි දැන් අරඹල්ලා


මෙහෙං වරෙල්ලා - අැවිල්ලා කවි ලියහල්ලා
ගින්දර බයිලා - මල්ලි හිටගෙන බයිලා
සුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලා
මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා .................


මාතෘකාව - අාදරය කරන්නට යෑමේදී ස්ත්‍රීන් ඉදිරියේ පුරුෂයා අනාථ වීම.

තාලය - විස්කිරිඤ්ඤං තාලය (ඒ කියන්නේ තමන්ට උවමනා තාලයක් හිටං)


109 comments:

  1. පස්සෙන් ගොස් කෙල හල හල දාගන්නවා බඩූ
    ඊට පස්සෙ ජීවිතේම ගොඩකිය අව නඩු
    මල්ලි ජීවිතේම බඩුව එක්ක කියන්න වෙයි නඩු
    කෙල හල හල මල් කඩ කඩ දාගත්තම බඩු

    ReplyDelete
    Replies
    1. ඒත් මාතා අැයි කොල්ලෝ හොයන්නේ ම බඩු
      බඩුවක් දාගන්නැත්තං නම්බුවට ද අඩු
      'අනේ තාම නැද්ද උඹට' ගහනා හංවඩු
      බේරෙන්නට බැරිතැනදෝ උන් හොයන්නේ බඩු

      Delete
    2. පස්සෙන් කෙල හල හල ආ අයියන්ඩිගෙ බඩු
      බැන්දට පස්සේ නිතරම ෆෝන් එකෙන් තුඩු
      අපේ අම්ම මට කිවුවා බැන්දොත් මූ නඩු
      අහන්නැතුව මම ගිල්ලනෙ මේ මිනිහගෙ පුඩු

      Delete
    3. පස්සෙන් ගොස් කෙළ හල හල දාගත්තට බඩු
      බැද්ද දාට පස්සෙ ඉඳං හම්බුවෙනව බඩු
      දික්කසාද කරගන්නට ගොස් කීවත් නඩු
      නීතිත් උන්ටම ගිහින්ලු අඩෙ අම්මට හුඩු

      Delete
    4. චොකලට් පොදි බැඳගෙන බිම වැටි වැටි ඇඬු දෙඩු
      ඇයි මෙච්චර පීචං වෙන්නේ කොල්ලන් හඩු
      බැඳගත්තට පස්සෙයි උන් දෙන්නේ අවනඩු
      නරියොත් සිංහයො වෙනවලු කුඩු කර ගෙයි බඩු

      Delete
    5. යාලු කාලේ කණට ඇහෙන්නට කතා නැතේ
      මාළු ගෑණු වාගෙ සද්දෙ ඊට පසු පුතේ
      සාළු ඇන්ද දේව දූති වේශයෙන් එතේ
      පාළු විදියටම ගෙවපං කොල්ලො ජීවිතේ

      Delete
    6. චොකලට් දෙනකොට මූණෙන් පැනි බේරෙනවලු
      වෙනස් වෙන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවලු
      හැබැයි බැන්ද දාට පස්සෙ ඉඳං රාස්සි වෙනවලු
      වෙන එකෙක් කන්න බැරි හින්දා මිනිහව කනවලු

      Delete
    7. කෙල්ල කියනවා මුලින් ම කොල්ලා අහගෙන
      කෙල්ල අහනවා පස්සේ කොල්ලා කියවන
      බැන්දට පස්සේ කියනවා දෙන්නා බැදගෙන
      වටේ පිටේ ඒවුන් තමයි ඉන්නේ අහගෙන

      Delete
    8. මචං මධුමාධවී පොඩ්ඩක් මට තේරුම් කරපං
      ගැහැණියෙක් ද පිරිමියෙක් ද කියලා හිටහං
      උඹ ගැහැණුන්ටද පිරිමින්ට ද සපෝට් කියහං
      මචං මධුමාධවී පොඩ්ඩක් මට තේරුම් කරපං

      Delete
    9. අපේ එකේ දෙන්නෙක් ඇත එය නොදැනේද
      අපි ලියන ජාති වෙනස් මචෝ එය නොපෙනේද
      අපි දෙන්න දෙපැත්තට සපෝට්නෙ එය වරදක්ද
      උඹල එකොළහක්නෙ අපි දෙන්නනෙ ඇයි අවුලක්ද

      Delete
    10. අවුල් තමා මෙහෙම හරුප ලියලා උඹලා
      ප්‍රැක්ටිස් කෙරුවොත් ඒකොළහ යයි පන්නාලා
      (අපේ)පනහක් සීයක් උඹලා පොඩිවුන් හදලා
      උන් ලියාවි බ්ලොග් ලෝකෙට ගේම ඉල්ලලා

      Delete
  2. ඔය පිරිමි වඳින එක ගෑනිට දණ බිමට නවන්
    තුශාරයා තරම් කවුද දන්නේ ඒ තරම්
    ඌ සොයා ගනින් දෙදන නවා ඇද යටට ගිහින්
    අනේ මචං කියපන් අපි තවම පොඩි එවුන්

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ මං නිතරම ඉන්නේ අැද යට
      බයක් හිතිලා නෙමෙයි බොලං සුන්දර බිරිදට
      මගේ තගට අැය බය වෙයි කියලා හිතං හිට
      අැගේ හොදට රිංගලා මම ඉන්නේ අැද යට

      තුෂාර

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අනෙ උඹේ තගට බයවෙන ඈ හරි අහිංසකයි
      බය වැඩිවන විට දෑතට ගන්නේ කොස්සයි
      කොස්සේ මිට උඹෙ තට්ටෙට හරිම ආදරෙයි
      උඹ එපා එන්න එළියට ඇගෙ හදවත ගැස්සෙයි

      Delete
    4. හදවත ගැස්සෙයි කසුට්ටෝ හදවත ගැස්සෙයි
      අැය මට බයවෙයි දැක්කොත් අැය මට බය වෙයි
      අැද අස්සේ නිකං ඉන්න බැහැ අැය බයවෙයි
      මුට්ටියකට රිංගලා මම ඉන්නේ හොදටයි

      Delete
    5. අපේ නෝන දණ ගාගෙන එයි මා ගාවට
      ඒ ආවත් ඇය හට නොහැකිය මට ලං වෙන්නට
      ඇගෙ වචන පහක් ඇත නිතරම පවසන මා හට
      “හොඳහිතින් ඇඳයටින් දැන්වත් එනවා එළියට“

      Delete
    6. සතුටුයි මචං අපි ඔක්කෝම එක බෝට්ටුවේ
      මුල් අංකය කාටද ගෑනිට බය සිට්ටුවේ
      මුල් අංකය කාටද ගෑනිට බය සිට්ටුවේ
      සතුටුයි මචං අපි ඔක්කෝම එක බෝට්ටුවේ

      Delete
    7. (මචං) මුලු ලෝකෙම පිරිමි ඔහොම තමයිලූ හිටං
      ගැහැණු තමයි රජ කරන්නේ ගේ අැතුලේ හිටං
      විමුක්ති හෙව්වට ලෝකෙට කෑ ගහලා හිටං
      (අම්මපා) පිරිමි අපියි හොයන්නෝනි විමුක්තිය හිටං

      Delete
  3. ආදරේට ආදරයක් දුන්නා හැම දින
    මං නං කවදාවත් නෑ ගියෙ දණ ගා ගෙන
    (මල්ලී) කෙල්ලන් ගේ පිටු පස්සේ බිම දණ ගා ගෙන
    ඉල්ලල නෑ ආදරයක් කොන්ද නමා ගෙන

    ReplyDelete
    Replies
    1. අාරංචියි රසික අයියේ ඒ වගගොත ගැන
      දණ ගා ගෙන ගිහින් නෑලු කාගාවත් වෙන
      දණ ගාන්න විදිහක් නෑ කියලා කිව්ව තැන
      බඩගාගෙන කෙල හලාන ගියාලු හැම දින

      Delete
  4. මෙන්න මෙතන හොර රහසේ බයිල කියනවා
    කියනව නං මඩු ගහලා අපිත් කියනවා
    මල්ලි කියනව නං මඩු ගහගෙන අපිත් කියනවා
    මෙන්න මෙතන හොර රහසේ බයිල කියනවා

    ReplyDelete
    Replies
    1. මඩු මොකට ද බයිලා රජුට බයිලා කියන්න
      ලිං පඩියෙත් පිලෙත් අපිට බයිලා ගලන්නේ
      ලිං පඩියෙත් පිලෙත් අපිට බයිලා ගලන්නේ
      මඩු මොකට ද බයිලා රජුට බයිලා කියන්න

      Delete
    2. කොල්ලොයි බල්ලොයි එක්කල අගුපිල්වල ලැගලා
      රජවරු බයිලා කියනව තියනවාද දැකලා
      රජවරු බයිලා කියනව තියනවාද දැකලා
      කොල්ලොයි බල්ලොයි එක්කල අගුපිල්වල ලැගලා

      Delete
    3. ආදරෙ කරනා කාලේ දන ගහලා හිටපං
      බැන්දට පස්සේ නවලා දන ගස්සල දීපං
      බැන්දට පස්සේ හොඳහැටි දන ගස්සල දීපං
      ආදරෙ කරනා කාලේ දන ගහලා හිටපං

      Delete
    4. හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි

      Delete
    5. @ රාජ්..............

      ඒක අැත්ත බොලං රාජ් බයිලා ඒක ගැන
      කොල්ලෝ ඉන්නේ නෑනේ බොලං බල්ලෝ ඒක තැන
      කොල්ලෝ කියන්නෑනේ බයිලා බල්ලෝ ඒක තැන
      ඒක නිසා අපි යන්නම් බායි රාජ් තැන

      Delete
  5. කුරුටු ගගා කවි ලියවෙන කුරුටු පවුල අද
    බුරුතු පිටින් වාද බයිල තරඟෙට විත් ඇත
    මෙන්න...
    බුරුතු පිටින් වාද බයිල තරඟෙට විත් ඇත
    කුරුටු ගගා කවි ලියවෙන කුරුටු පවුල අද

    කසිලි බිසිලි නෑ අපි ලඟ කවියටමයි හිත
    ඇසිල්ලකින් රිප්ලයි දෙමි මමයි කලා හිත
    මල්ලි...
    ඇසිල්ලකින් රිප්ලයි දෙමි මමයි කලා හිත
    කසිලි බිසිලි නෑ අපි ලඟ කවියටමයි හිත

    ReplyDelete
    Replies
    1. කලා හිතට ඒන කවි පද කියන කතාවල
      පැණී බේරෙයි රස බෝමයි නැගෙයි පහන් සිල
      පැණි බේරෙන රස බෝකර කියන කතා වල
      කලා හිතට ඒන කවිපද නගයි පහන් සිල

      Delete
    2. නැතුවට වැඩි කතා ඔය ඇතා දරුණු ඉතා..
      මල්ලි, නැතුවට වැඩි කතා ඔය ඇතා දරුණු ඉතා
      කවි කිව්වට ගොතා මම අහිංසකම සතා
      ඔය කවි කිව්වට ගොතා මම අහිංසකම සතා..

      Delete
    3. නැතුවට වැඩි කතා ඔය ඇතා දරුණු ඉතා
      ඔය කළණ තමා කකුල් පහේ ඉතා දරුණු ඇතා
      ඔය කළණ තමා කකුල් පහේ ඉතා දරුණු ඇතා
      නැතුවට වැඩි කතා ඔය ඇතා දරුණු ඉතා

      Delete
    4. තරුණ කාලේ කකුල් පහයි දැන්නම් හතරයි
      ඔය කළණ කියන ඇතා මචෝ හොඳටම නාකියි
      උගේ දලේ තවම කෙලින් නිසා යන්තම් බේරෙයි
      තරුණ කාලේ කකුල් පහයි දැන්නම් හතරයි

      Delete
    5. සතා දරුණු තමා කළණ නොමවූවොත් පමා
      ජයගතහැක පෙමා ඊට පෙම් කලදක් දමා
      ජයගතහැක පෙමා ඊට පෙම් කලදක් දමා
      සතා දරුණු තමා කළණ නොමවූවොත් පමා

      Delete
  6. කුරුට්ටෝ්්්්්්්්්්්් මොනවද මේ ලිවුවේ
    අවුරුද්දට රබන් ගහන්නදෝ...


    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව්
      අවුරුද්දට ගහමු රබන් උඩ පැන පැන ඔව්
      අවුරුද්දට ගහමු රබන් උඩ පැන පැන ඔව්
      ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව්

      Delete
    2. හී හී හී.... මෙන්න කුරුට්ටට පිස්සු හැදිලෝ්්්්්්්්්්්්්්

      Delete
  7. මම නම් නෑ ලව් කරන්න යන්නේ පිඹගෙන
    මම ඉන්නේ සිල් අරගෙන හතර පෝයෙම
    මල්ලි
    මම ඉන්නේ සිල් අරගෙන හතර පෝයෙම
    මම නම් නෑ ලව් කරන්න යන්නේ පිඹගෙන

    ReplyDelete
    Replies
    1. හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි

      Delete
    2. සීලෙ අරං ඉන්න "ඉවා" හැම දිවා රැයේ
      ලීලෙ පපා කොක්ක ගහයි හැම චීත්තයේ
      අනේ, ලීලෙ පපා කොක්ක ගහයි හැම චීත්තයේ
      සීලෙ අරං ඉන්න "ඉවා" හැම දිවා රැයේ

      Delete
    3. සීලෙ බලේ මූණ දිහා බලනකොට පෙනේ
      බාටා මාර්ක් මූණ පුරා තියනවලු අනේ
      (අයියො!)බාටා මාර්ක් මූණ පුරා තියනවලු අනේ
      සීලෙ බලේ මූණ දිහා බලනකොට පෙනේ

      Delete
    4. බණ අහන්න යනවා කියලා ඒය තලනා ඉවා
      පිරිත් ගෙදර ගිහිං අැවිත් කැටි කරනා ඉවා
      පිරිත් ගෙදර ගිහිං අැවිත් කැටි කරනා ඉවා
      බණ අහන්න යනවා කියලා ඒය තලනා ඉවා

      Delete
  8. මතක් වෙනවා මේ වෙලාවේ වලත්ත මධුවා
    ඉන්න තැනෙන් ඇදගෙන වර වල් මදාවියා
    මට
    මතක් වෙනවා මේ වෙලාවේ වලත්ත මධුවා
    ඉන්න තැනෙන් ඇදගෙන වර වල් මදාවියා

    ReplyDelete
    Replies
    1. හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි
      හි හි හි හි හි හි හි හි හි හිහිහිහි

      Delete
    2. මධු මදාවි රස- හා එක්කල හස
      බයිල අවුළු කිස- මගේ කැරකෙනවා හිස
      උගේ බයිලා බයිට් කිස- මගෙ කැරකෙනවා හිස
      මදුමාධවි රස- දෙන එකතු කරල හස :)

      Delete
    3. තොගෙ ආච්චීට හාල් ගරාපං ඉවානයා
      මූ කට ඇරියොත් මට කපනව වල් ඉවානයා
      උඹ අහුවෙයංකො දවසක මට ගෙරි ඉවානයා
      ඉවානයා නෙමෙයි ඕක හැලි වානරයා

      Delete
    4. ඇයි උඹට මොකද වුනේ කළණ ජබර කලන්තෙද
      දැන් කැරකෙන්නේ උඹේ කොතන තියෙනා ඔලුවද
      දැන් කැරකෙන්නේ උඹේ කොතන තියෙනා ඔලුවද
      ඇයි උඹට මොකද වුනේ කළණ ජබර කලන්තෙද

      Delete
    5. වළන් හිටං හෝදලාම මහන්සිය නිසා
      බොලං ඔළුව ඉතුරු වෙයිද ගෑණි මෙහෙ නිසා
      කමී, බොලං ඔළුව ඉතුරු වෙයිද ගෑණි මෙහෙ නිසා
      වළන් හිටං හෝදලාම මහන්සිය නිසා

      Delete
    6. කිසි නරක දෙයක් නොදැන හිටපු මං වගෙ පොඩිවුං
      ඇයි නරක් කලේ මදාවියෝ ලියලා සුංබුං
      මගෙ ළමා හිතට දැන් මැවෙන්නේ දාර කාම වුං
      කිසි නරක දෙයක් නොදැන හිටපු මං වගෙ පොඩිවුං

      Delete
    7. කසුටු පුතා තොත්ත බබා සූකිරි මල් පැල
      අැරපං කට සූප්පුවක් ගහන්න මගෙ මල
      උරපං මේ සූප්පුවක් කටේ තියං මල
      කසුටු පුතා තොත්ත බබා සූකිරි මල් පැල

      Delete
  9. කොහෙද කියල හොයල බලන් තරු විදානේයා
    ලව් කරන්න දන්නෙම නැති අවලං ඔටුවා
    අර
    ලව් කරන්න දන්නෙම නැති අවලං ඔටුවා
    කොහෙද කියල හොයල බලන් තරු විදානේයා

    ReplyDelete
    Replies
    1. ආ ඉවාන් මල්ලි දැං පට්ට රිලැක්ස් වගේ

      Delete
    2. උබ කිව්වට මෙහෙම බයිලා පද ගලපාලා
      අපි දන්නවා උබ වෙන කිච බඩු නරඹාලා
      ඉවාන්
      අපි දන්නවා උබ වෙන කිච බඩු නරඹාලා
      උබ කිව්වට මෙහෙම බයිලා පද ගලපාලා

      කියන්නේනම් ඕන එකක් මට යටයි වගේ
      ඒ උනාට හැම තැනදීම මු කිචයි අනේ
      ඉතින් කොමදයි කරන්නේ ආදරේ අනේ
      ඕන තැනක් මුට උඩින් ස්ත්රියෝ ඉන්නේ

      Delete
    3. මෙන්න යකෝ තව ඔටුවෙක් විදානේ හොයනා
      මොණර නටන කොට ලස්සන උගෙ පුක පේනා
      ඔය මොනර නටන කොට පස්සට උගෙ පුක පේනා
      මෙන්න තවත් හොඳ ඔටුවෙක් ඔටුවොම හොයනා

      Delete
    4. සුරුට්ටු බිව්වට "ඉවා"ගෙ චේ ද ගුවේරා
      මුරුක්කු කාලයි බිව්වේ අපිත් කිතුල් රා
      අනේ, මුරුක්කු කාලයි බිව්වේ අපිත් කිතුල් රා
      සුරුට්ටු බිව්වට "ඉවා"ගෙ චේ ද ගුවේරා

      Delete
    5. ගලන ගගට පැනලා මොට ද දිවිනහගන්නේ
      යන වලියට රිංගලා අැයි අපි අැරගන්නේ
      යන වලියට රිංගලා අැයි අපි අැරගන්නේ
      විදානේ අැවිදින් පැනලා දිවිනහගන්නේ

      Delete
  10. හද පතුලේ සුපිපුණු පෙම් මලක සුවඳ දැනී
    ප්‍රේමය ඉල්ලනව මිසක් හලනව නෙමෙ පැණී
    කොල්ලො සෙනෙහස ඉල්ලනව මිසක් හලනව නෙමෙ පැණී
    හද පතුලේ සුපිපුණු පෙම් මලක සුවඳ දැනී...

    ReplyDelete
    Replies
    1. අනිවා උබේ අදහසට බෝක්කෙන් රෙස්පට්ය
      එල ද බ්‍රා බ්‍රෑන්ඩ් එක අපේ කවදත් ගල්ය
      එල ද බ්‍රා බ්‍රෑන්ඩ් එක අපේ කවදත් ගල්ය
      අනිවා උබේ අදහසට බෝක්කෙන් රෙස්පට්ය

      Delete
    2. වර්ණ මචං කිව්ව අමුතු කතාවකිය ඒල
      හදපතුලේ අාදරේට සුපිපුණ පෙම් මල
      (අනේ) අපේ ගෑණු දකින්නෑනේ අාදර පෙම් මල
      වර්ණ මචං කිව්ව සුපිරි කතාවකිය ඒල

      Delete
  11. දැක්ක කමෙන්ට් බර ගානක් පෝස්ට් එකට යටින්
    හැම එකාම පද බැඳ ඇත වැඩ කිඩ කවියකින්
    මග අරින්න හිත දුන්නෑ අම්මප මට නිකන්
    ඔන්න
    මමත් ලිව්ව දෙක තුනක්ම බයිල කියල හිතන්

    කවි එක දෙක පද බැඳ ඇත හැම එකාම තුටින්
    ඒ හැම කවියම තියෙන්නෙ තම තමන්ගෙ නමින්
    නමුත්
    එකම නමින් කවි ලියලා ඇත තැන තැන හිටං
    හරියට
    දොට්ට බරක් ඉවසගන්න බැරුව වගේ නිකන්


    එහෙම කිව්වෙ වෙන එකෙක්ට නෙමේය මම මචං
    අර මුණු දෙකේ පික්චර් එක තියෙන පොරට මචං
    ගේමක් ඉල්ලපු බවකුයි මට පේන්නෙ නිකං
    හැබැයි
    තාමත් නැහැ ප්‍රති උත්තර ලැබුණු හැඩක් මචං

    කුරුටු ගාපු අපෙ සෙට් එක දීලා හොඳ වැඩක්
    හරියට
    රබන් සුරල් තාලෙට ගහනවා වාගෙ වැඩක්
    මෙහෙම තමයි වෙන්න ඕන අවුරුද්දට ගොඩක්
    එතකොට
    තමයි මචං ෆෝම් වෙලා වැටෙන්නෙ කවි ගොඩක්

    තව ඩින්ගෙන් ටොපික් එකත් ෆොගේට් වෙනව මචං
    ආදරයන් ඇති වී ඇත මට නම් බං ගොඩක්
    නමුත් ඇහුවෙ එකම එකම එකයි ජීවිතේට මමත්
    ඉතිං කාටත් පොදු ඉරණම අත් උනා මටත් මචං

    ReplyDelete
    Replies
    1. (මනා) ගෑනුන්ගෙන් බේරෙන්නට ගහමුද පෙරමුණ
      ගහලා පාටි දාමු ඒක සමරන්නට වන
      බීලා නටමු සින්දු කියමු ගෙදර නොයන තැන
      ගෑණු අැවිත් අපිට වැදලා ඒක්කාගෙන යන

      Delete
  12. අත්දැකිම හොදටම මදි මටනං ඔය ගැන
    ඉන්න හිතන්නේ තනියම දිවියේ ඇති දින
    හොදත් නරක ඔය ගැන වැටෙනව නිතරම කණ
    කියාදෙන්න පුළුවංවෙද පොඩ්ඩක් ඔය ගැන

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බොල යූස් නොකර පරලොව ගියහම
      සීල් තියලා අරං තියයි ඒද්දි නොදෙන්නම
      අායේ ඒද්දි තියලා අැවිත් අනාථ වුණහම
      බදිනවා බොරු ඔ්නේ වුණත් ‍බඩු නැතිවුණහම

      Delete
  13. පව් එයාලා කියලා තමයි කියන්න වෙන්නේ ඉදගෙන
    දනගාගෙන බඩගාගෙන කෙලපෙරනා හැටි බලාන
    අයියෝ පව් කියලා කියලා තමයි කියන්න වෙන්නේ ඔහෙලට
    දනගාගෙන බඩගාගෙන පනිහලනා හැටි බලාන

    ReplyDelete
    Replies
    1. පැණි තියනා මල්වලටයි බඹරු ඇදෙන්නේ
      වේලුනු මල් වලට ඇවිත් කවුද වහන්නේ
      ඔමා, වේලුනු මල් වලට ඇවිත් කවුද වහන්නේ
      පැණි තියනා මල්වලටයි බඹරු ඇදෙන්නේ

      Delete
    2. මේ ගල් බ්‍රහ්මය මොන මගුලට මේකිල මැව්වද
      ඒ මගුලත් මේ ඇඟේම තිබුනොත් නරකද
      ඔය බ්‍රහ්මයටත් බ්‍රහ්මි පස්සෙ යන්න වුනාද
      අනේ එහෙනං මේ අසරණ වූ අපිලා කවුරුද

      Delete
    3. රාජ් අයියා@
      සමනලයෙක් ආවාමයි අපි පැණි දෙන්නේ
      සද්දේ දදා බමණ බඹරු මල තලනවනේ...
      ඔය සද්දේ දාන බඹරු ඇවිත් මලතලනවනේ
      සමනළයෙක් ආවාමයි අපි පැණි දෙන්නේ


      මධු@
      නොහිටියනම් ගැහැණු ලෝකේ පිරිමි ඉඳි මෙහෙක් කරන්..
      ඒ අවයවය ට විතරක් දෙන්නට බැහැ සතුට යාළු
      ඒ අවයවයට විතරක් දෙන්නට බැහැ සතුට යාලු
      නොහිටියනම් ගැහනු ලෝකේ පිරිමි ඉදී මෙහෙක් කරන්

      Delete
    4. කෙල්ලො හරි සැරයි හිටියට සයිස් එකට බටු
      කොල්ලො දුවන්නේ අඬ අඬ පෙර පෙරාය හොටු
      (ඔමා!) වරෙන් මචං අනිමු මුන්ට වාද බයිල කටු
      කුරුටු පවුර හෙලවෙන්ඩම පෙරලමු කවි පිටු

      Delete
    5. කොන්ඩ දිගට එල්ලුනාට බස්සගෙ කෝමල
      නොන්ඩි ගහයි හීල් දාං යන එනකොට බල
      අයියො , නොන්ඩි ගහයි හීල් දාං යන එනකොට බල
      කොන්ඩ දිගට එල්ලුනාට බස්සගෙ කෝමල

      Delete
    6. ගෑනු නැතත් ඔමෝ පිරිමි දන්නව වැඩ කිඩ
      උඹල තාම දන්නෙ නෑ උන්ගේ අතට තියෙන වැඩ
      පිරිමි පස්සෙන් එන්නේ බලන්නමද හැඩ....
      ඒ අවයව නැත්තං ගෑනුන්ටත් නෑ නොවැ ඉඩ

      අර ඔමා යෝදි සමගින් එනවා බට කොස්සී
      මේ අපිලට ටොකු අනින්න හිත ඉස්සී ඉස්සී
      අනෙ පුලුවං මගුලක් කරපංකෝ බට කොස්සී
      හැම කොල්ලම බස්ස වගේ නෑ බොල බස්සී

      Delete
    7. යන්න ආවේ ගෙදර යන්න අවුරුද්ද බලා
      කොහෙ යන්නද මුන් වලියක් දැන් මදැයි කොලා..
      යකෝ කොහොම යන්නේ අවුරුද්දට දැන් ගෙදර බලා
      මෙතන මෙන්න මුන් වලියක් මමත් එමි ඩලා

      ඔමා කෙල්ල පිට දේසෙක ඉඳ කියන කතා
      බොලා මොකට ගනන් ගන්නෙ වැඩිද කට ඉතා
      ඔය.. ඔමා කියන කතා ගනන් ගන්නෙපා පුතා
      එයා.. තාම ඉන්නෙ මනෝ ලෝකෙ 'කඟ වේන' පතා

      උස මදි උන නමුත් ඇගේ කට ඉතා සැරයි
      අපේ බස්සි රවන කොට බස්සට අනේ චූ බරයි
      කොට බස්සි රවන කොට බස්සට චූ යන්න වගෙයි
      ඈ හිතා ඉන්නේ හැම එකාම බස්ස වගෙ කියයි..

      Delete
    8. @ අඩෝ ඔමා...................

      මොන පිස්සුද සද්ද දාන්නෑ අපි නංගි
      සමනලයෙක් වගේ අපිත් සොදුරුයි නංගි
      සමනලයොයි අපියි වෙනස් නෑනේ නංගි
      (ඉතිං) පැණි ඩිංගක් ගන්න අැහැක් වෙයිදෝ නංගි

      Delete
  14. පලමු බුදුන්ටයි දෙවනුව හැදුවැඩු දෙමාපියන්ටයි
    බයිලා පිටියේ මටත් තරගෙට බයිලා කියන්න අවසරයි
    පලමු බුදුන්ටයි දෙවනුව හැදුවැඩු දෙමාපියන්ටයි
    බයිලා පිටියේ මටත් තරගෙට බයිලා කියන්න අවසරයි

    ReplyDelete
    Replies
    1. උඹ වඳිනව විතරයි මෙන්ඩෝ කොයිදෑ බයිලා
      මම ආවේ එළ බ්‍රා බයිලා ඇති කියලා
      මම ආවේ එළ බ්‍රා බයිලා ඇති කියලා
      උඹ වඳිනව විතරයි මෙන්ඩෝ කොයිදෑ බයිලා

      Delete
    2. කොල්ලො කියන ජාතිය ඉන්නේම වැඳගෙන
      කෙල්ලො වගේ නෑ වැඩකිඩ ඇත්තෙ බොරු බණ
      තාම වඳිනවා මෙන්ඩිය බිම නැමීගෙන
      කොන්ද රිදෙනවත් ඇති නැගිටපං මගෙ පණ

      Delete
    3. දා ගත්තාම දෙකක් හවසට පඩි දවසේ
      ගෑනි කතා කරන්නෙත් දන ගහලයි ඒ දවසේ
      කොස්සත් අරන් මාව හොයයි ඇද අස්සේ
      මොන මගුලක් කරනවද තමුසේ ඇද අස්සේ

      Delete
    4. ඔහොම කියිවාරුව ගැහුවට මේ කෙල්ලන් බොරුවට
      අපෙන් බඩපිරෙන්න කනව නේද මාස දහයකට
      එහෙම කාල ඉතිං ඉවසන්නත් බැරිවෙන කාලෙට
      අනේ අතගාන්න කියා වඳියි කොන්ද රිදෙනකොට

      Delete
    5. කොන්ද නැති එවුං බිව්වට පෙත්ත වියග්ග්‍රා
      මෙන්ඩ කෙල්ලො වටකරගෙන ඉන්නෙ එක්ක බ්‍රා
      පිණ්ඩ සිටුතුමා වාගේ වසති පුරේ ශ්‍රා
      ඉන්ඩ දියං බස්සියෙ මේ කොල්ල එලදබ්‍රා

      Delete
    6. වයසට ගියත් කොල්ලා හවසට ගෙදර
      හැට පැන්නත් වදුරෝ ගස් උඩමයි නිතර
      හැට පැන්නත් වදුරෝ ගස් උඩමයි නිතර
      වයසට ගියත් කොල්ලා හවසට ගෙදර

      Delete
    7. හරි වයසම කියලා තියෙයි මෙන්නා ඒළ බ්‍රා
      හැට පැන්නා කිව්වට දැන් හැට හතරයි බ්‍රා
      මෙන්ඩාට දැන් හැටහතරයි වෙන්ට ඒළද බ්‍රා
      කොල්ලා කියලා කිව්වේ උගේ ලොකු පුතාට බ්‍රා

      Delete
  15. චිත්තරපටි වල හිටියට කොල්ලො පොර වෙලා
    විස්තර ගත්තම ඇත්තට ඉන්නෙ බලු වෙලා
    මල්ලි
    විස්තර ගත්තම ඇත්තට ඉන්නෙ බලු වෙලා
    චිත්තරපටි වල හිටියට කොල්ලො පොරවෙලා.

    පුරසාරං දෙඩෙව්වාට කියමින් ලොකු බණ
    ගෑණු ඉස්සරහ මිනිස්සු ගහනවානෙ දණ
    මල්ලි
    ගෑණු ඉස්සරහ මිනිස්සු ගහනවානෙ දණ
    පුරසාරං දෙඩෙව්වාට කියමින් ලොකු බණ

    පව්ර වගේ දිලිසුනාට කුරුකුටු ගානා
    පවුල එන්නේ නැද්ද ලඟට කුනු කුනු ගාලා
    අර, පවුල එන්නේ නැද්ද ලඟට කුනු කුනු ගාලා
    පව්ර වගේ දිලිසුනාට කුරුකුටු ගානා

    ReplyDelete
    Replies
    1. කර්පට් වුන ඇත්ත කියයි නෑ ගැටි කල්ලී
      රෙෂ්පට් කොල්ලෙකි මට නම් සජ්ජා මල්ලී
      (සිරා!) රෙෂ්පට් කොල්ලෙකි මට නම් සජ්ජා මල්ලී
      කර්පට් වුන ඇත්ත කියයි නෑ ගැටි කල්ලී

      Delete
    2. තැන දීලා පොෂ් කිව්වම ලොකු මුරුංග ගහේ
      පණ දාගෙන බඩගෑවට පෙනෙයි ඒකෙ රඟේ
      බස්සි, පණ දාගෙන බඩගෑවට පෙනෙයි ඒකෙ රඟේ
      තැන දීලා පොෂ් කිව්වම ලොකු මුරුංග ගහේ

      Delete
    3. හරි සාජ්ජා කියපං මට අැත්ත කතාවක්
      උඹ නෝනට වැදලා නැද්ද දෙතුන් වතාවක්
      උඹ නෝනට වැදලා නැද්ද දෙතුන් වතාවක්
      හරි සාජ්ජා කියපං මට අැත්ත කතාවක්

      Delete
  16. අම්මා ඉස්සරහා දණ නැමුවත් මල්ලි
    ඔය කෙල්ලෝ ඉස්සරා අපි දණ ගහන්නැහැ මල්ලි
    කෙල්ලෝ ඉස්සරහා දණ ගහන්නේ නැහැ මල්ලි
    අම්මා ඉස්සරහා දණ ගැහුවාට මල්ලි.

    ReplyDelete
    Replies
    1. අනිවා රෙෂ්පට් අපේ මනෝ නෑ කවදාවත් දන නැමුවේ
      ආදර බිරිද දන ගහලයි ඇදයට සිටි මනෝට කොස්සෙන් ගැහැව්වේ
      ආදර බිරිද දන ගහලයි ඇදයට සිටි මනෝට කොස්සෙන් ගැහැව්වේ
      අනිවා රෙෂ්පට් අපේ මනෝ නෑ කවදාවත් දන නැමුවේ

      Delete
    2. මනෝ එහෙම කිව්වට අපි දන්නෙ මෙහෙම වෙනෝ
      ගොනෝ කියා කොසුපාරක් පවුල ඇවිත් දෙනෝ
      දනෝ කියා පු* පැත්තම දුවලා හති ලනෝ
      පිනෝ කියෝ වාගෙයි බොරු කියන්නෙ අපෙ මනෝ

      Delete
    3. කතාව හරි මනෝ කියන දණ ගහනා ගැන
      උෟ නෝනට අම්මා කියලා කියනවා අහගෙන
      (අනේ) අම්මි මෙහෙට ඒන්න කියලා වැදලා කැදවන
      දණ ගහලා වදිනවා බඩ ගානවා මදි තැන

      Delete
  17. අඩෝ කවුද මේකෙ ඉන්නවාද ගණන්කාරයෝ
    අපි එක්ක ඇවිත් හැප්පෙන්නට බයිල කාරයෝ
    අපි ඇවිල්ල උප්පත්තියෙන්ම බයිල කාරයෝ
    අපි ඉස්සරහදි ඔය ඔක්කොම විහිලු කාරයෝ

    ඔය කසුප් කියන එකාද මේ බයිල කියන්නේ
    බෑ තුෂාරයා වෙන්න ඕනි මේව දාන්නේ
    නෑ ඒකත් වෙන්නට බැරි බව දැනුයි පේන්නේ
    මේ අසංකයා තමා මෙතන බයිල කියන්නේ

    අඩේ ඔය කිව්වට මාත් ගියා ඈ පස්සෙන්ම
    ඒ ගිහිං කොරාගත්තු හරිය කරුමෙකි අරුම
    මේ කරුමෙ ඉතිං ඉවරවෙන්න ඕනි ගෙවලම
    දැන් කවි ලියනව අරමුණුකොට දුක නැතිකෙරුම

    අර හුටු හුටු පොජ්ජේ නැගලා හිමිදිරියේම
    මම පින්න කඩං ඈ සොයාන ඇදුනා සේම
    දැන් වැඩට යන්නෙ ගෙදරින් පැන හිමිදිරියේම
    අර සීතලටයි නැත ඇයහට බයකට හේම

    මට තුරුලුවෙලා කෙඳිරිගගා හිට පොඩි කෙල්ල
    දැන් මටත් ගහන්නට එනවා නෑ කිසි මෙල්ල
    මම සොයනාවිට හැංගෙන්නට ගෙයි දොරමුල්ල
    ඇය මටම කියල ගෙන්න ගන්නවා දොර පොල්ල

    අපි වුණත් හොඳට ඉල්ලං කා පුරුදු ජාතියක්
    නෑ කෑමක්නං ඉල්ලං කාලා මෙහෙම මෙතෙක්
    දැන් මොනව වුනත් වෙච්ච දේට කරමුදෝ කුමක්
    හිත සනසාගමි එනතුරු කුරුටුත් බඳින දිනක්

    ReplyDelete
    Replies
    1. අඩෙ මධුමාධවි කියන්නෙ ගෑණුන්ගෙ නමක් නේ
      මම මෙච්චර කල් අක්කෙක් යැයි හිතාන උන්නේ
      කවි ලියවෙන වළලු දාන අතක් මැවෙන්නේ
      යකෝ මධුමාධවි කියන්නෙ ගෑණුන්ගෙ නමක් නේ

      Delete
    2. කියනවිටදි කුණුහරුපය මිහිරි රසට ගොතා
      හොයනවිටදි එල කොල්ලෙකි මධුවා හෙන සතා
      බස්සි, හොයනවිටදි එල කොල්ලෙකි මධුවා හෙන සතා
      කියනවිටදි කුනුහරුපය මිහිරි රසට ගොතා

      Delete
    3. ඉස්සර, රේඩියෝවෙ මධුමාධවි අහලම නැද්ද
      ඒක ගෑනුද පිරිමිද කියලා බස්සිය ඇහුවද
      ඒ කාලෙ මේ කෙල්ල ඉපිද නැතිවද කොහෙද
      ඒයි මධූ ගෙදර මම මාධව අයියා හරිද

      Delete
    4. නව අදහස් එක්ක බොලග් ලෝකයේ කරනා පෙරලි
      අම්මාපා මම වදිනවා උඔලාට බිම පෙරලි
      අම්මාපා මම වදිනවා උඔලාට බිම පෙරලි
      නව අදහස් එක්ක බොලග් ලෝකයේ කරනා පෙරලි

      Delete
    5. එතනත් වඳිනව මේකා මෙතනත් වඳිනව
      ගෑණි රවපු ගමන් පෙරලි පෙරලී වඳිනව
      අන්න අමන්දොලුවෙ ෆාමසියේ අයඩෙක්ස් තියෙනව
      කොන්ද අතගාගෙන දැන්වත් බයිලාවක් කියනව

      Delete
    6. වතුර වගේ බයිල කියන මල් සූටික්කී
      මිනීබිරියෙක් වයසෙ බස්සි පුංචි පැටික්කී
      (මධුවගෙ!) මිනිබිරියෙක් වයසෙ බස්සි පුංචි පැටික්කී
      කතුර වගේ කට තිබුනට පොඩි බෝනික්කී

      Delete
    7. අඩෝ කවුද බොලා මේ කියනා මල් සූටික්කි
      මිනිපිරියක් වගේ බස්සිගේ පුංචි පැටික්කි
      (ඒතකොට) අාච්චි අම්මා බස්සියි පට්ට සිරික්කි
      අනේ කවුද බොලා මේ කියනා මං සුටික්කී

      Delete
  18. මේ පිරිමි කියන ජාතිය නිතරම බොරු සද්දේ
    ගෑණු අපිටමයි මුන් හින්දම යම යුද්දේ
    (අනෙ!)ගෑණු අපිටමයි මුන් හින්දම යම යුද්දේ
    මේ පිරිමි කියන ජාතිය නිතරම බොරු සද්දේ

    ReplyDelete
    Replies
    1. සමතැන ගන්න පිරිමින් හා ගැහැනුන් කන කට්ට
      අපි නැත්නම් බෑ ගහගන්න හැට්ටෙට කට්ට
      අපි නැත්නම් බෑ ගහගන්න හැට්ටෙට කට්ට
      සමතැන ගන්න පිරිමින් හා ගැහැනුන් කන කට්ට

      Delete
    2. පොඩි බුරුලක් දුන්න ගමන් කරටම ඉස්සී
      හීල් නැතුව ඉහලින් යයි මේ පොඩි බස්සී
      අයියො , හීල් නැතුව ඉහලින් යයි මේ පොඩි බස්සී
      පොඩි බුරුලක් දුන්න ගමන් කරටම ඉස්සී

      Delete
    3. දැන් ඔමත් හරිය උඹත් හරිය බස්සියෙ අහපන්
      ඔය දිලිනිල සහ තුශානිලත් ඇති අඬ ගහපන්
      තව ඉන්නම ඕනෑ කෙනෙක්ව සිහිකර බලපන්
      අපේ වනිත නෝන ආවෙ නෑනෙ පුදුම නැද්ද බන්

      Delete
    4. කෑවා මදිවෙලාද අපෙන් තව හොයන්නේ මධු
      දෙන්නෙක් ඇති දාහක් වර සටනට එමි සදා
      අපි දෙන්නෙක් ඇති දාහක් වර සටනට එමි සදා..
      කෑවා මදිද තව ඕනෙද ඇම්ඩන් මධු පුතා

      Delete
    5. ඇයි කෑම ගැනත් උඩ තැනකදි කිව්වා මතකද
      ආයි මාස ගානකට ඇතිනොවැ කාලම නැද්ද
      අපි දෙන්නෙ නංගි එහෙමයි ඇයි අහලම නැද්ද
      අන්න එදාට ඔය කයිවාරුත් ඉවරයි නේද

      Delete
    6. හපෝ කන් දෙන ගෙවෙනව මේ නරිවාදම් වැස්සේ
      ගෑනි කොස්ස අතට ගත්තු ගමන් මුන් ඇඳ අස්සේ
      අනේ! කොස්ස දැක්ක ගමන් මාධවය ඇඳ අස්සේ
      හපෝ කන් දෙන ගෙවෙනව මේ නරිවාදම් වැස්සේ

      Delete
    7. කොස්ස ගත්ත ගමන් යන්නේ අපි අැද අස්සට
      හොද නැති හන්දයි මිනියක් මැරෙන්න ගෙදරට
      හොද නැති හින්දයි මැරෙන්න මිනියක් ගෙදරට
      මිනී මරලා යන්නට බැරි හින්දයි අැතුළට

      Delete
  19. අඩෝ ආදරයයි මම කැමතිම ටොපික් එක බොලේ
    ඒකේ රහ ගුණ දන්නව සත්තමයි හොඳේ
    අඩෝ ආදරයයි බූට් එකයි මරුවට ගැලපේ
    හරියට අහසයි වැටකොළු වාගේ යස රහට තියේ

    මෙහෙට වරෙල්ලා ඔය චන්ඩිය කියන එවුන්
    පෙන්නාපන් උඹල අනාථයි නේද බොලන්
    අඩෝ ආදරයෙදි අපි හැමෝම බලු වෙයිනෙ මචං
    අඩෝ ආදරයෙදි අපි හැමෝම එක වගේ මචං

    අසංක

    ReplyDelete
  20. http://upashantha.blogspot.com/2011/12/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. //එකක් දෙකක් දැනගත්තට එපා බුරන්න..
      ගෑණු ගහයි වළං කට්ට කරේ හිටින්න..//

      Delete
  21. ඇඹරි ඇඹරි කෙල්ලෝ එනවා මගේම පස්සේ
    එක කෙල්ලයි ඉන්නෙ මචං මගෙ හිත අස්සේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...