ඇමති කෙනෙකු විය - කැබිනට්
සැප සම්පත් විය - කුල්මත්
ගරු බුහුමන් නැගි - දසතින්
සැරදුනි මැතිණිගේ - බලයෙන්
ඇමති බර්ටි මැරැණෙ එදා
උතුරු පළාතට ගිය දා
ඒත් මැඩම් හිතා බලා
බර්ටි මහඇමති උපදා
නැතත් කැබිනට් ඇමතිකම්
පක්ෂෙ වෙනුවෙන් කැපකම්
එදා බර්ටි නොකළානම්
උතුරු මැද නෑ පක්ෂෙ බලකම්
මහා ඇමති කෙනෙකු විය
පක්ෂයේ බලය නොසෙල්විය
හැකි හැම දහිරිය
දමා රැක‍්කේ ය පක්ෂය
ආවා අලුත් ඡන්ද කාලේ
සහෝදරයින් ඇමති රාළේ
මනාපය ඉල්ලා එවේලේ
දමයි දහිරිය පපා ආලේ
එකට සිටි මහ පුටු දැරූවන්
මූණ නොබලා අහක බැලුවන්
මහා පුටුවට කෙළ හැලූවන්
බර්ටි හළලා සතුටු වූවන්
ගසා ගැට විජ්ජුම්බර
බර්ටි දැරු පට්ටන්තර
උදුර ගෙන පෑ මන්තර
බර්ටි ගැන කීවා කතන්දර
මැරුවා බර්ටි මහ ඇමති
උපද්දා බර්ටි මන්ත්‍රී
දෙවැනි වරටත් මැරුණ බර්ටි
පස්සේ පුටුවට දැම්මා පණනැති
හිටපු ඇමති කෙනෙකු විය.
හිටපු මහ ඇමතිත් විය.
හිටපු මන්ත්‍රි වනවා දිස්විය.
බර්ටි නික්මිය ............... මරණයක් විය.
තුෂාර විතාරණ
.