1 දවස
( ස්වාමියා පුවත්පතක් බලයි. බිරිඳ ඔහු ළඟට පැමිණෙයි )
බිරිඳ : අනේ ඒයි මේ පුටුවක් කැඩීලා ගොහිං
ස්වාමියා : ඉතිං මොකද මට කියන්නෙ වඩුවෙක්යැ මෙමං
( බිරිඳ මුහුණ පුළුටු කරගෙන ආපසු යයි )
2 දවස
( ස්වාමියා රූපවාහිනිය නරඹයි. බිරිඳ පැමිණ දැවටෙයි )
බිරිඳ : අර කුස්සියෙ කරාමයක් ලීක් වෙයි අනේ
ස්වාමියා : ටැප් හදන්න මම බාසෙක් නොවෙයිනේ පනේ
( බිරිඳ ශෝකයෙන් ආපසු යයි )
3 දවස
( ස්වාමියා විවේකී සුවයෙන් සිටී. බිරිඳ පැමිණ සුරතල් වෙයි )
බිරිඳ : අපේ නිදන රූම් එකේ ලයිට් නෑ අද
ස්වාමියා : එය හදන්න මම මිකැනික් කියල හිතුවද
( බිරිඳ බොහෝ දුකෙන් නිහඬ වෙයි )
දින ගණනාවකට පසු...
( ස්වාමියා වැඩ ඇරී නිවසට සැපත් වෙයි. බිරිඳ ඉපිල ගිය සතුටින් ඉදිරියට පැමිණෙයි )
බිරිඳ : එහා ගෙදර ඉන්නා අර ලස්සන කොල්ලා
ලයිට් හදල දුන්න අපිට යසට බලාලා
ස්වාමියා : ඒක හොඳයි ඒක හොඳයි මට හරි සතුටුයි
ඉතිං ඔහුට සලකන්නට මටත් දැන් හිතයි
බිරිඳ : ඔයා අනේ දුක් වෙන්නට කාරියක් නැතා
ඔහුත් උදව්වක් ඉල්ලුව කෙරුව මං සිතා
ස්වාමියා : ඉතිං මොකද ඌ ඉල්ලුව උදව්ව සුහදේ
අගේ නොකර ඉතිං අනේ කියනු මැන වදේ
බිරිඳ : ඔහුගෙ කමිසෙ බොත්තං ටික ගැලවිලා ගොහිං
ඒක මහල දෙනවාදැයි ඇහුවනේ ඉතිං
ඒක මහල නොදුන්නොතිං ඉල්ලුවේ සැකෙන්
ඔහුත් සමග ගතකරන්න පැයක් තනිකමෙන්
ස්වාමියා : වලත්තකම මූ මරන්න එපායෑ බොලං
ඉතිං ඔයා ඌට මහල දුන්නද බොත්තං
බිරිඳ : ඔයා මෙතන මළ කෝලං කියනවද මෙයා
මම ටේලර් කෙනෙක් කියල හිතුවදැයි ඔයා
සැ.යු : බිරිඳගේ ඉල්ලීම් ගණන් නොගෙන දිගින් දිගටම මගහැරීමෙන් පවුලේ අනාගතය අඳුරු වීමේ අවදානමක් මතු විය හැක.
-අසංක ගයාන් අබේසිංහ-
සෙනෙහසේ නිම් නැති අනන්තේ
උණු රුහිරු කිරි දියේ සඟවා
පොවා ඔය පපුතුරේ හොවලා
පණ පෙවුනි මගෙ ජීවිතේ
පළමු උපතය දිවි මගේ
ආදරෙයි මා... ආදරෙයි මා...
මගේ අම්මේ දිවි තුරා
හිඳිනෙමිය ඔබෙ ලොවෙහි මා...
ආදරේ නිම් නැති අනන්තේ
නෙත් කැලුම් නිල් දියේ සඟවා
උණුහුමේ හදවතේ හොවලා
ලැබුණි මට මගෙ ජීවිතේ
දෙවන උපතය දිවි මගේ
ආදරෙයි මා... ආදරෙයි මා...
පතිනියේ මගෙ දිවි තුරා
හිඳිනෙමිය ඔබෙ තුරුලෙ මා...
අසංක ගයාන් අබේසිංහ
බල්ලනේ උඹ බුරාපන්
ගිරිය පුප්පාන උඹ බුරනා බව හැබෑවක් වුණත්
තාමත් ඉවසා අසා සිටිය හැක මට..............
රෑ තුන් යාමේ උඩු බුරනා පජාත සුනඛයන්ගේ
කුණු ගද හමන භිරාන්ත උඩු බිරුම්
බලෙන් අැස්සවූ මට
ඔබේ බිරුම තාමත් ඉවසිය හැකිය...................
බල්ලනේ උඹ වසුරුලාපන්
උඹත් තැන තැන වසුරු ගොඩලනවා වුණත්
ඒ කැත හා ගද තාමත් ඉවසිය හැක මට................
කටෙත් නහැයෙත් වසුරු ලෑ කුජීත සුනඛයන්ගේ
හොරි ගද සමගැ මුසු වූ බලු ගද
බලෙන් ඉවලන්නට සැලැස්සවූ මට
ඔබේ වසුරුලෑම තාමත් ඉවසිය හැකිය..................
බල්ලනේ උඹ විකාපන්
උඹත් මිනිසුන් සපාකන බව හැබෑවක් වුණත්
ඒ තුවාල තාමත් ඉවසා සිටිය හැක මට.............
අැති දැඩි කළ, කන්න දුන්නු අත සපාකෑ සුනඛයන්ගේ
දත් සහ නිය සම තුළට බසිනු
බලෙන් විදින්නට උරුම කළ මට
ඔබේ විකාකෑම තාමත් ඉවසා සිටිය හැකිය.....................
තුෂාර විතාරණ
.
අයියේ ගැමුණු කොයි රොප්පේ ඉන්නවද
තෙල් මිල අඩු වෙලා ඔබ දන්නේ නැතිද
තෙල් මිල වැඩි වුණොත් ඒ රුපියල දෙකද
බස් මිල නගී තුන හතරක් අමතකද ....................... ?
විසිගාණක්ලු රුපියල් ඒ කජු අැටද
දැන් ඔබ අඩු කරන්නේ විස්සද තිහද
මිල සංශෝධනය සිදුවන්නේ අද හෙටද
නැතිනම් තවත් අඩුවන තුරු ඉන්නවද .......................?
අවමිල පහයි තිබුනේ දැන් දහය වෙලා
ලොකු මිල ගණන් නප්පියටත් උඩ නැගලා
මිල වැඩි කළොත් දුවනා ලෙස හතිදාලා
දුවහං අයියේ දුවහං තෙල් මිල බැහැලා .......................???
තුෂාර විතාරණ
.
නින්ද නොයන ලෙඩක් තිබුණ එක මිනිහෙක්
ඒකට බෙහෙතක් ගන්නට හිතා ගොඩක්
දොස්තර කෙනෙකුන් හමුවට යයි දවසක්
ගන්නට මේකට හොඳහැටි නිදි බෙහෙතක්
දොස්තර ඇහුවෙ ලෙඩ හොඳ හැටි ළං වීලා
නැවත නැවත රෝග නිදන් හාරාලා
එයින් එළිවුණේ යළි යළි විමසාලා
මානසිකව කළ හැක මෙය සකසාලා
තමුන් කළ යුතුයි මේ ලෙස නිසි අයුරින්
සැතපිය යුතුය ඇඳ මත හිඳ උඩුබැල්ලෙන්
සිහි කරද්දි මා කියනා මේ විලසින්
නිදි දෙව් දුව පහස ලැබිය හැක විගසින්
කකුල් දෙකේ නියපොතු වල මුල හරිය
පටන් එකට ඉහළට එන වපසරිය
සිහිකරමින් එකින් එකට අවයවය
හිතෙන් ඒව සිදුකළ යුතු වෙයි දොයිය
ඉතින් අපේ රාළහාමි දැන් සොඳිනා
ගෙදර ගොහින් උඩුබැල්ලෙන් වී හිඳිනා
සිහිකරමින් අවයවයන් එක පෙළිනා
එකින් එකට මානසිකව නිදි කරනා
සිටින විටදි ඔහු සිතුවිලි ඕවිල්ලේ
ඔහුගෙ බිරිඳ ලැසි ගමනින් නැළවිල්ලේ
දුහුල් ඇඳුම රුසිරු සිරුර වනමින්නේ
පැමිණ ඉතින් එහෙට මෙහෙට ලතවෙන්නේ
තවම නින්ද නොගිය ඔහුගෙ ඇස් ගෙඩිය
දුටුව විටදි බිරිඳගෙ හැඩ වැඩ බොඩිය
පිස්සු තදවෙලා සිදුවිය මළ කෙළිය
කෑ ගැහුවේ ඔහු මේ ලෙස හිටි හැටිය
හෝව්...හෝව්...සේරමල්ලා නැගිටපල්ලා...නැගිටපල්ලා...අද නිදාගන්න හම්බවෙන්නෑ...!!!
-අසංක ගයාන් අබේසිංහ-
පරසතු මලේ පෙති අැහිදින බඹරින්දු
ඉදහිට අවුත් සිත් අග පිණි බිදු රැන්දූ
කාටත් හොරා සිතුවිලි දහසක් කැන්දූ
නොලැබෙනු නොදැන ප්‍රේමයෙ රන්දම් බැන්දූ...................
සුපුරුදු හැගුම් ගෙන නුපුරුදු විලාසින
කිම අතවනන්නේ පෙනෙනා දුරින් මන
තහනම් අඩවියට පෙම් අැරයුම් රැගෙන
අසරණ කරන්නේ කිම හදවත සෙමින...................
විසුරුව සසලන හැගුමන් සිතේ
බොද කරනට අැදි සිතුවම් නෙතේ
සුසුමක් වෙන්නදෝ ඉගි බිගි කරේ
පෙති විසිරුණත් ඒ පරසතු මලේ...................
ඉසුරිකා චූලරත්න
.
ඡන්දෙ තිබුනේ 8 වෙනිදා
මුළු රට ම හොල්ලලා
හැමෝම නිදි නැතුව ඡන්දය බලවලා
දිස්ත්‍රික්ක 12 ක් ම අල්ලලා
අපි දින්නා
කට්ටඩියෝ සේරම පරද්දලා...............
එක අැමතියෙක් පැන්නා 8 වෙනිදා
වක්කඩ කැඩුවා වගේ අැරලා
හිටපු බලකණු ගලවලා
සරත් අමුණුගමලා
විජිත් විජිතමුණිලා
හිටි ගමං අැවිල්ලා
අපි දින්නා
රාජපක්ෂ රෙජීමය බිදලා ...................
සභාපතිකම අැගේ ගැහුවා 9 වෙනිදා
මැද කර සභාව අැවිල්ලා
මාධ්‍ය සංදර්ශන පවත්තලා
පක්ෂ ව්‍යවස්ථාවත් ගෙනැල්ලා
පෙන්නුවා අතේ පැළ කරලා
අපි දින්නා
හිටපු සභාපතිව පන්නලා ...................
බඩු පටවද්දි අැල්ලුවේ 12 වෙනිදා
ඉස්ටෝරුවක් අැරලා
ගුවන් යානයක් ගත්තා හොයලා
තිබ්බේ පොඩි එකාගේ නමට ලියලා
අාර්ථිකේ අස්සේ හංගලා
අපි දින්නා
හිතුවේවත් නැති දේවල් අල්ලලා ...................
අද අැවිල්ලා 16 වෙනිදා
පනින උනුත් පැනලා
උන්ටත් කට්ටිය සලකලා
ලොක්කත් එක්කත් ඩීල් දාලා
අැමතිකමුත් දීලා
30 දැන් 50 - 60 වෙලා
ලේකම්ලත් පත්වෙලා
උපදේශකලත් දිව්රලා
අපි දින්නා
ඒත්
කේ.පී ව දැන් අමතක වෙලා...................
තුෂාර විතාරණ
.
ඔබතුමා පියෙක් බව දනිමි.
හිටපු පියවරු රටට ම දරුවන් දුන් බව ද දනිමි.
නමුත්
ඔබ අනුන්ගේ දරුවන්ට පියෙක් නොවනු අැතියි
උදෙක්ම බලාපොරොත්තු වෙමි.................................
ඔබතුමාට පුතෙක් අැති බව දනිමි.
හිටපු පුතුන් මෙතෙක් නැටූ විගඩම් ද දනිමි.
නමුත්
ඔබේ දරුවන් යුවරජවරු නොවනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වෙමි.................................
ඔබතුමාට සහෝදරයින් අැති බව දනිමි.
හිටපු සහෝදරවරු හූරාගෙන කෑ බව ද දනිමි.
නමුත්
ඔබේ සහෝදරවරු රට පාලනය නොකරනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වෙමි.................................
ඔබතුමා ජනාධිපති බව දනිමි.
හිටපු ජනාධිපතිවරු රජ වූ බව ද දනිමි.
නමුත්
ඔබ රජෙක් නොවනු අැතැයි
හදපතුලෙන් ම මම බලාපොරොත්තු වෙමි................................
තුෂාර විතාරණ
.
එකයි එකයි එකතු කළාම කීයද...? දෙකයි.
කොයි ඉස්කෝලෙක ඉගැන්නුවත් උත්තරේ එසේයි...
එහෙමනම්,
එකයි එකයි එකතු කළාම කීයද...? දෙකයි හරි එකොළහයි හරි වෙන මොකක් හරි.
අපේ රටේ ජ්‍යෝතිෂ සාත්තරෙත් ඒ වගෙයි...
එකෙක් කියනවා මෙයා දිනනවාමයි කියලා...
තව එකෙක් කියනවා මෙයා පරදිනවාමයි කියලා...
සේරමලා බලන්නේ එකම කේන්දර නම්...
සේරමලා දන්නේ හරි කොරන්නේ හරි එකම සාත්තරේ නම්...
එහෙම වෙන්නේ කොහොමද...?
රාහු, කේතු, ශනි, ගුරු, කුජ, දෙකර්ණාධිපති රෙද්ද අස්සේ ගහගෙන බෝල උඩ දදා...
හතරවරං පච කෙළිමින්, මිනිස්සු මී හරකුන් සේ සලකන, බොරුකාරයිනේ...
පක්ෂ භේද නැතුව, ඔය සාත්තරෙන්ම හොඳ වෙලාවක් බලාගෙන, උඹලා ඔක්කොම ගිනි තියාගනිල්ලා...
අපි දෙන්නම් අමුද්‍රව්‍ය...සම්පූර්ණයෙන්ම නොමිලේ...
අසංක ගයාන් අබේසිංහ
කටමැත දොඩවනවා කියලා මෙහෙම කටක්
නොකියං කාටවත් දෙවියෝ දුන්න බවක්
කට හංදා නහිනවා මෙහෙ මාලු රැළක්
අයියෝ විමල් කියනවා හැර කියමි කුමක්
අම්මගෙ අප්පගේ බූදලෙ කියලා හිතං
හදනා අගල ගානේ තම කොටහා අරං
ගෙවල් කාර් සැප පිටරට තුරුළු කරං
අයියා අැණුනු පහුවෙනිදා රටිං ගොහිං
ලැජ්ජා නැද්ද කට කියවලා ගත්තු ෆන්
දැන් රෙදි නැතුව දුවනා විට අැද්ද ෆන්
අමුහෙළුවෙන් මහපාරේ නොයාෆන්
හගුරංකෙත ගෙට වී දොර වසාෆන්
බටකොළ කාපු කාලේ දුක ගියා සිරි
පක්ෂය වැජඹෙනා යුගයක නැගේ සිරි
හිටපු හෙනහුරා තිස්සයි උඹයි සිරි
දිවි අැති තෙක් බටකොළ කන් දයාසිරි ......................
කසුප් අනුරාධ
.
උතුමාණනි...
ඔබ රටට, අපට කළ හොඳ...
කිසිදා අමතක නොවේ...
ඒ අපි හදවත් ගැහෙනා...
සාමාන්‍ය අහිංසක මිනිසුන් වන බැවිනි...
උතුමාණනි...
ඔබගෙන් අපි බලාපොරොත්තු වනුයේද...
රටට සහ අපට, හොඳක්ම පමණි...
ඒ අපි හදවත් ගැහෙනා...
සාමාන්‍ය අහිංසක මිනිසුන් වන බැවිනි...
-අසංක ගයාන් අබේසිංහ-
දේශපානලඥයෙක් කියයි නම් 'හා' = 'සලකා බලන්නම්'
දේශපාලනඥයෙක් කියයි නම් 'සලකා බලන්නම්' = 'බැහැ'
දේශපාලනඥයෙක් කියයි නම් 'බැහැ' = ඔහු දේශපාලනඥයෙකු නොවේ.
ගැහැණියක් කියයි නම් 'බැහැ' = 'සලකා බලන්නම්'
ගැහැණියක් කියයි නම් 'සලකා බලන්නම්' = 'හා'
ගැහැණියක් කියයි නම් 'හා' = අැය ගැහැණියක් නොවේ..................
(කුගැගීප කියයි - මෙය කවියක් නොවේ.....)
තුෂාර විතාරණ
.

ඔයාව මුල්ම වතාවට හමුවුණු ඒ දවස් කීපය ආයෙත් ඇදලා ගන්න පුළුවන්නම්... මම මුළු ලෝකෙම දීලා හරි ඒ දේ කරනවා මගේ නංගි... ඒ දවස් වල අපි දෙන්නම පුංචි... ඔයා ගැන හරිම ලෙංගතු හැඟීමක් මගේ හිතේ ඇතිවුණත් ඒක කියාගන්න මම පහුබෑවා... ඔයාගෙ හිතෙත් ඒ වගේ හැඟීමක් තිබුණා කියලත් මට එදා දැනුණා... ඒත් ජීවිතේ අපිව මුණගැස්සුවේ ඒවා හිත්වලම හිරකරගන්න බලපෑම් කරලා... ඒත් අදටත් මම තනියම... තවමත් මගේ හිත ඔයා වෙනුවෙන් හූල්ලනවා... අද අපි දෙතැනක... ඔයා කොහේ ඉන්නවද කියලවත් අද මම දන්නේ නැහැ... ඒත් අතීතේ අපි දෙන්න හිටපු ගම මැදින් යද්දී හමන හුළඟේ හීතල මැදින් ඔයා මා ළඟ හිටියනම් කියලා මට තාමත් හිතෙනවා... ගමේ ගස් කොලන්, වෙල් ඉපනැලි, සුන්දර කැලෑව මැදින් වැටුණු ගුරු පාර හින්දා මට මතක් වෙන සුන්දර හැඟීම් කොයි තරම්ද... ඒත් ඒ එකක්වත් සැබෑවක් නොවෙන හීන විතරක් බව දැනෙද්දී තාමත් කාටත් හොරෙන් මට කඳුළු එනවා... ඒ ඔයා වෙනුවෙන් ඇතිවුණු මුල්ම ආදරේ කඳුළු කියලා මට දැනුණත් අද මම ගොඩක් පරක්කු වැඩි... අසම්පූර්ණ ජීවිත ගමනේ ඔයා නැතුවම අද මම ගොඩක් දුර ඇවිත්... ජීවිතේ කියන්නේ අපි කොයි තරම් උත්සාහ කළත් අපිට අවශ්‍යම දේවල් ගොඩකුත් නොලැබී යන දෙයක් කියලා අද මට තේරෙනවා...ඒ ඇත්ත දරාගන්න අමාරු වුණත්...
ජීවිතයේ එක් සුහුඹුල් සමයක
මට ඔබ හමුවූවා
ඔබ මා හමුවූවා
හිරිමල් හැඟුමක් සිත් මල් කළඹා
හොරැහින් එබී බලා
දෙහදට කතා කළා
මුවගින් එක වදනක් හෝ නොමැතිව
අප නෙත් යා කරලා
හැඟුමන් කතා කළා
සිත් සැරසූ ඒ හැඟුමන් අතරේ
හිනැහුණු නෙත් රඳවා
සිහිනෙක රස වින්දා
කඳුලක උණුසුම සැමකල් රන්දා
අප නෙත් මගහැරුණා
ඔබ මා අත්හැරුණා
කාලය මැවු ඒ අදිසි වසන්තය
ගීයක පද සරසා
සැනෙකින් නිමා වුණාපසු සටහන: මට සමීප අයෙකුගේ ඇත්දැකීමක් මගේ වචනයෙන් හා කවියෙන් ප්‍රකාශ කිරීමකි.-අසංක ගයාන් අබේසිංහ-
කෙනෙක් එක මිනිහෙක්ව මැරුවොත් ඒකා මිනීමරුවෙක්...
කෙනෙක් මිනිස්සු විස්සක් මැරුවොත් ඒකා සමූල ඝාතකයෙක්...
කෙනෙක් මිනිස්සු දහස් ගණනින් මැරුවොත්...???
ඌට සාම සාකච්ජා සඳහා සුඛෝපභෝගී රටවල්වලට ආරාධනා කරනවා...
ඉතිං එහෙව් වූ උත්තමයෙකුට...
අපේ හිටපු උත්තමාවියක විසින්...
'මිස්ටර්' යනුවෙන් ඇමතීම මේ හැටිම අපරාධයක්ද...???
-අසංක ගයාන් අබේසිංහ-
උපන් දා උඹ මම හැඩූවෙමි දවස තිස්සෙම මයෙ පුතේ
හිතට අා සතුටට හැඩූවේ මං අම්මා වැළදං සුදු පුතේ
උඹේ අම්මා විදපු දුක්කද අාපු දා උඹ අපෙ පුතේ
උඹට අප්පෙක් වුනෝතින් උෟ අම්මගේ කවුරුද පුතේ ...............
උඹේ සිනහව මගේ මුහුණින් නැගෙන සිනහව හා සමයි
උඹේ ගමනත් මගේ ගමනත් එකවගෙයි අම්මා කියයි
උඹේ කටහඩ ටිකෙන් ටික දැං මගේ හඩ වෙන්නට ළගයි
උඹේ පපුවෙන් පොම්ප වෙන්නේ අපේ පවුලේ ලේ තමයි ...............
අපේ ජීවිත ගමන සරසන එකම එක පුතු උඹ තමයි
තවත් දරුවන් හැදුවේ නෑ පුත උඹට අඩුවක් වෙයි හිතෙයි
එහෙව් උඹ අම්මට කරන අපහාස නින්දා අපමණයි
ලැජ්ජා හිතෙනවා පුතේ උඹ හැදු වැඩූ අප්පච්චී මමයි ...............
සීයලා දෙන්නයි අාච්චිලා දෙපැත්තෙන් දෙන්නයි පුතේ
අක්කලා, නංගිලා, මල්ලිලා, අයියලා කොතෙකුත් අැතේ
මාමලා, පුංචිලා, නැන්දලා බාප්පලා හිටියත් පුතේ
එක රටයි, එක පියයි අම්මයි උඹට ඉන්නේ සුදු පුතේ ...............
කසුප් අනුරාධ
.