Sunday, January 18, 2015

සුසුමක් වෙන්නදෝ ඉගි බිගි කරේ......................



පරසතු මලේ පෙති අැහිදින බඹරින්දු
ඉදහිට අවුත් සිත් අග පිණි බිදු රැන්දූ
කාටත් හොරා සිතුවිලි දහසක් කැන්දූ
නොලැබෙනු නොදැන ප්‍රේමයෙ රන්දම් බැන්දූ...................

සුපුරුදු හැගුම් ගෙන නුපුරුදු විලාසින
කිම අතවනන්නේ පෙනෙනා දුරින් මන
තහනම් අඩවියට පෙම් අැරයුම් රැගෙන
අසරණ කරන්නේ කිම හදවත සෙමින...................

විසුරුව සසලන හැගුමන් සිතේ
බොද කරනට අැදි සිතුවම් නෙතේ
සුසුමක් වෙන්නදෝ ඉගි බිගි කරේ
පෙති විසිරුණත් ඒ පරසතු මලේ...................


ඉසුරිකා චූලරත්න



.

42 comments:

  1. //කාටත් හොරා සිතුවිලි දහසක් කැන්දූ
    නොලැබෙනු නොදැන ප්‍රේමයෙ රන්දම් බැන්දූ.....//

    අපේ හිත් කොච්චර අකීකරු වෙනවද.....

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්...........

      අපි හිතන්නෙත් නැති තරම් අපේ හිත් අකීකරු වෙනවා... පස්සේ කල්පනා කරද්දි තමයි ඒක තේරෙන්නේ..............

      Delete
  2. ලස්සනයි ...!

    පරසතු කුසුමට සෙනෙහසින් ...

    නොලැබෙනා බව දැන දැන පැතුමන් පුරනු එපා
    තහනම් බව දැන දැන රස විඳිනු එපා
    අනඟ බඹරු ‍රැඟුවට ‍රැවටෙන්න එපා
    පරසතු මලේ, ඔය පෙති ඉහිරුවා ගන්න එපා

    @ඉසුරිකා
    ( ඔබගේ කවිය දැක්කම ඇතිවුනු සිතුවිල්ල කවි කරේ, ඔබේ නිර්මාණයට හානියක් උනා නම් සමාවෙන්න .. )

    ReplyDelete
    Replies
    1. හරිම අගෙයි සදරු............

      කොහොමත් සදරු හරි කවිකාරයා කියලා අපි දන්නවා...... කවි පද ටික නම් අගෙයි... ස්තූතියි.......... බොහොම ස්තූතියි............

      Delete
  3. පළවෙනි කවියේ තියෙන සුන්දරත්වය හා ජවය ඊළඟ කවි දෙකේ නෑ.. ඒ කියලා රහ නැත්තේ නෑ.. වෙනස් විදියක දැක්මක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතා......................... ගැම්මෙන් ම ලියන්න උත්සහ ගන්නම්... අදහස් වලට තුති...........

      Delete
    2. හරියට හරි මාතා.. මාත් ඒක කියන්නයි පල්ලං බහින්න ගියේ.. මුල් කවිය අගේට තියෙනවා..

      Delete
    3. අඩේ දේශකතුමෝ.....................

      දෙවැනි කවිය තරමක් වෙනස් කරා.. තුන්වැනි කවිය වෙනසක් කරේ නැහැ. ඒක තුළ වෙනස් ම තාලයක් තියෙන්නයි ලියලා තියෙන්නේ...

      Delete
  4. පරවුන මල් වල සුවඳ අතීතේ
    පරසතුමල් ලඟ විසිර ගියාවේ
    දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
    එළිය මැදින් හෙට දවස උදා වේ….

    අතට වලලු මම කොහෙන් සොයම්දෝ
    පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ
    ඉනට හවඩි මම කොහෙන් සොයම්දෝ
    දුවට මවක මිස පියෙක් කොයින්දෝ

    දහවල ගෙවිලා අඳුර ගලනවා
    ඈත ලොවට නිදි දෑස පියෙනවා
    සීතල පාළුව ඉවුරු පිපෙනවා
    ඒ අතරින් දුව දොරට වඩනවා…

    පරසතු මල් සිනමා සිත්තමෙන්..

    පද රචනය : සේකර,
    ගායනය : සුජාතා අත්තනායක,
    තනු නිර්මාණය : ලයනල් අල්ගම.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ සිංදුවමයි මතක් උනේ.

      Delete
    2. විදානේ.......................මනෝෂ්.............

      ස්තූතියි පරසතු මල් වලට ම ගැලපන අදහසටත් ගැලපෙන ගීතයක් අපිට ඒකතු කරාට................ දැන් විදානෙත් ගීතයෙන් ම කාලය ගත කරනවා වගේ......................

      Delete
  5. මේ මාතෘකාව ගැන ලියනවනම් ඕන තරම් ලියන්න පුලුවන්... ලස්සනයි කවි ටික..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුසී................

      හැමෝගෙම අදහස් සමානයි... අත්දැකීම් සහ සිදුවීම් සමානයි... ඉතින් අපි හැමෝම ඒකම වර්ගයේ මාතෘකා වලට විවිධ ප්‍රවේශයන්ගෙන් අමතන්න අාසයි.............

      Delete
  6. ඉසුරිකා... මෙය මගේ online පුවත්පත වන ශ්‍රී ලංකා විත්ති හි උපුටා දැක්වූවාට කමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. කිසිදු ගැටලුවක් නැහැ......

      මට ඒවැනි අවස්ථාවක් ලබා දීමට ඉදිරිපත්වීම ගැන ඔබට තුති....
      ඔබේ අඩවියේ ලින්ක් ඒක අපිටත් දෙන්න... අපිත් නිතර ම ඒ පැත්තට ඒන්නම්...........

      Delete
  7. පැදි පෙල අපූරුයි! කාලෙකින් වෙනස් මාතෘකාවක්.
    මිනිස් සිතේ කොනක සැඟවුණු සිහිනයක් තමා පරසතු මල් පහස විඳීම (මලටත් එහෙමයි). ඒක පාලනය කරගෙන ඉන්නේ පරිසර සාධක ඊට සහාය නොදෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මාධවී....................

      ඔබ පහුගිය ටිකේ තුෂාරයි, අසංකයි, කසුපයයි මේක මැතිවරණ වේදිකාවක් කරගෙන හිටියේ(විහිළුවට) දැන් යන්තම් මටත් ඉස්පාසුවක් ලැබුණා............. ස්තූථියි අදහස් දැක්වීමට......... පරිසර සාධක නිසා යන්තම් පාලනය කරගෙන ඉන්නවා....... හහ් හා..........

      Delete
  8. බොහෝම අලංකාරයි ඉසුරිකා නිර්මාණයනම්.. සේකරගේ කවියක් කියෙව්වා වගේ. මුල්ම කවි පෙළනම් හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්..........

      දෙවැනි තුන්වැනි පද ගැලපීම් වල අවුලක් තියෙන වග මාතාත් කිව්වා...හදන්න උත්සහයක් දෙන්නම්...................

      Delete
  9. අගේ ඇති කවියක්.වැඩියෙන්ම හිත ගියේ පළවෙනි කවියට.ඒ කවියේ තිබුන රිද්මය අනිත් දෙකින් ඈත්වෙලා.ඒත් තේරුමනම් අඩුවෙලා නෑ.කොහොමත් ආදරය හිතට එන්නේ තහනම්ද,නැද්ද කියල බලල නෙමෙයිනේ.
    ඔක්කොටම වඩා වටින්නේ "පවුර" වටේ බැඳල තිබුන ඡන්ද පෝස්ටර් ටික මේ කවියෙන් ඉරල දාපු එකයි.ඒවම බලල එපාවෙලා හිටියේ.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුටු.....................

      දෙවැනි කවිය වෙනස් කරා... දැන් හරි මයේ හිතේ... තුන්වෙනි කවියේ නම් තාලය ටිකක් වෙනස් ව තමයි ලියුවේ... ඒක ඒක දිගට ම අාපු රිද්මය කඩලා ලියපු ඒකක්... ඒක සමස්ථ කවියේ අදහස අන්තිම කවියේදී වෙනස් ව දැනෙන්න සැලැස්වීමේ අදහසින් තමයි ලියුවේ......

      පවුර වටේ බැදලා තිබුණ ඡන්ද පෝස්ටර් ගැන කියපු කතාවත් අැත්ත... අපිටත් ඒපා වෙලා හිටියේ.... ඒත් මේක ඒකතුවක් නොවැ.... ඒක නෙමෙයි... අසංක අයියා, තුෂාර අයියා, කසුප් ඒහෙම දැක්කොත් මලපනී.....

      Delete
    2. අඩේ කසුට්ටා........................

      ඔහොම හිටු...... මට අහුවෙනකල් පරිස්සම් වෙලා හිටු..........

      තුෂාර

      Delete
    3. හුටා.....
      ඇයි මචෝ අවුලක්ද?

      Delete
  10. ලස්සන කවි සිත්තමක්... !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග..........

      ඒ අදහස් අපිව තවත් දිරිගන්වනවා.........

      Delete
  11. යකුනේ... ජනතා හද ගැහෙන රාවය ( බර වැඩිද මන්දා ) ඉදිරිපත් කොළාම බොලා ඔහොම කියන එක හරිද... බොලාට එපා වෙනකම් ආදරේ, විරහව, තව කීයක් නම් දේවල් ලිව්වද... මුන්ට ලියන පෑන හොඳයි තව තව ලියන්න...හිකිස්...

    -අසංක-

    ReplyDelete
  12. වෙනස් ආරක කවි පෙළක්, අපූරුයි.

    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
    මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
    උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා..

    ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
    දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ
    මල්වරව දෙතොල් අනුරතිය යදී
    එදෙස බලා හිඳිනු කෙසේ දො උමතු නොවී..

    ගායනය සනත් නනදසිරි
    ඔන්න් ඕක තමයි මට මතක් වුනේ

    ReplyDelete
    Replies
    1. අදමයි ඉවාන් මේ ගීතය ගැන අැහුවේ...

      මොනවා වුණත් හරි ම ලස්සන පද ටිකක්.... ස්තූතියි අගය කිරීමට..........

      Delete
    2. http://www.youtube.com/watch?v=eTx1YFIvvtU

      මෙතනින් අහන්න

      Delete
    3. නැහැ .... නැහැ.......... ඉවාන්.... මේක අහලා තියෙනවා... තාලය අැහුවාමයි මතක් වුනේ... පද නම් අැත්තට ම අමතක වෙලා තිබුනේ...

      මොනවා වුනත් ස්තූතියි ලින්ක් ඒක දීලා මතකය අලුත් කරාට.......

      Delete
  13. පෙති ඉහිරුණත් පරසතු මලේ සොඳුරු
    අමතක නොවේ දුන් සුවඳේ අපුරු
    ඉඳහිට නැගේ තවමත් මතකෙට මියුරු
    සොඳුරිය නුබයි පෙති ඉහිරා ගත් නපුරු

    ReplyDelete
    Replies
    1. අම්මේ මනෝජ්................

      හරිම අගේට පද ගලපලා ලියලා තියෙන්නේ.... ලියමුකෝ මේ ගැනම මනෝජ්ගේ අදහසත් කවියකට පෙරළලා.............

      Delete
  14. Replies
    1. ස්තූතියි දිනේෂ්................

      Delete
  15. ලස්සන කවි පෙලක්..

    // සුසුමක් වෙන්නදෝ ඉගි බිගි කරේ
    පෙති විසිරුණත් ඒ පරසතු මලේ.// මේ පද පේලියට වැඩිපුර හිත ගියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි..............

      Delete
  16. Replies
    1. ස්තූතියි මෙන්ඩා.............

      Delete
  17. ලස්සන කවි පෙළක්. ඒ වගේම හොඳ මාතෘකාවක් ;). ජය වේවා!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...