Friday, May 31, 2013

සුද්ධෝධන වත






නිවන් අකැප ද රජ වුවත් මා
සියල් ලෝකය ගොසින් හැරදා
කසී සළු තිර ගිනි අරන් අද
මන්දිරේ චිතකය දැවෙන්නා......................‍  //

සත් පියුම් පරවී ගියා ඇය
ලයේ කිරිකැටි පු‍තු හොවා
සිව්නෙතක් මාවෙත තියා යළි
පුතු ගියා සිහිනය දවා.............

ඉරහදය මට නන්ද රාහුල
අමාවක සදහට තියා
සිනා නැතිමුත් පහණකිය ඈ
ඇය ගියා පුතු ගිය දිහා..........

බලා වැළපෙමි මහළු දේශය
මියෙන්නට පණ ලන දිහා
පූජාපතියනි හනික එනු මැන
බලන්නට මළ හිරැ දිහා........ //

 තුෂාර විතාරණ 

Thursday, May 30, 2013

විශ‍්‍රාම සුවය





ගුත්තිල ගුරුවර ගත වෙහෙසා දර පලනා
අසිත තවුස්වර කල ගෙඩියෙන් දිය ගෙනෙනා
මහසද් පඩිවර උදළු මිටට දුක කියනා
ගණදෙවි නුවණට බර වැඩ නුහුරට දැනෙනා ....................//

අළුයම සීනුව තාමත් හිත ගස්සනවා
නීල කොබෙයි රැල මා නැතුවත් හිනැහෙනවා
පාළුව තනිකම සතර අතින් නැගැ එනවා
පෙන්ෂන් දිවියේ මිහිර තවම අහුලනවා ...........................

රජවරු තැනුවෙකි, තනි ව මිදුල අමදිනවා
ඉර හඳ දුටු සිත බිත්ති හතරෙ බැඳලනවා
හාන්සි පුටුවේ දැල් නුහුලන බර දෙනවා
දහවල් සීනුව හිත නිදහස් කරලනවා .......................
දහවල් සීනුව හිත නිදහස් කරලනවා .......................//


තුෂාර විතාරණ

Sunday, May 19, 2013

අප්පච්චී



 
තුරුහිස මුදුනේ කිරැළු දරා
නීල ස්වේත පෑ ගුවන අරා
මට රජිදෙකි ඔබ මහා වීරයෙකි
ගස් කපනා කග ලෙලදෙවනා..................................//

ගස මුල සිදලා බිම පෙරලන්නට
අතු එකිනෙක බර අඩු කරනා
ඔය ගත වෙහෙසා ඔබ වෙරදැරුවත්
හිතේ දැවෙන බර අඩු නොවෙනා..............................

වරපට බැදලා මග අහුරන්නට
දෑතේ ශක්තිය මද නොවෙනා
කරපිට පටවා දහිරිය කෙ‍රුවත්
‍රොටී අදත් කුස ගිනි නිවනා..............................

අප ගැන හිතලා ශාප කරන්නට
එපා හිතේ දුක පහකරලා
මල්ලිගේ නංගිගේ කුස පුරවන්නට
රන්වන් පෑ දහදිය හෙලනා............................

තුරු හිස මුදුනේ කිරැළු දරා.........................

තුෂාර විතාරණ

Monday, May 13, 2013

හමුවීම


ප්‍රේමය මට හමු වීය
දිනක
ගොලු වී ගුලි වී
හඩ හඩා සිටින විට
මුල්ලකට වී.....
“පෙම්වතුන්
  පෙම්වතියන්
  ඔවුන්ගේ
  ඕනෑ......
  එපා.......වට
  පෙම්කර
  මට වද දෙනවා
  සැලමුතු ප්‍රේමය
  නොවේ
  ඔවුන් ළග
  ප්‍රේමය ඔවුන්ට
  නොදැනෙන්නේ
  මන්ද?.....
  දමා යන්නේ ඇයි ද මා.......
  ඔවුන්ගේ හිතුමතේට....? “
ඇසූ විට මා ද
නිරුත්තර වීමි.
මා ද ප්‍රේමය
දමා ගොස්
ඇත
දිනක.


හසිත හර්ෂණ

හිගන්නා



බොහෝ දෙනා සිගාකති.
ලෝකයෙන් සැගවී,

‍දේශපාලනඥයන් අහිංසක මිනිසුන්ගෙන්,
වෛද්‍යවරැන් අසරණ රෝගීන්ගෙන්,
ව්‍යාපාරිකයන් දුප්පත් පාරිභෝගිකයන්ගෙන්,
නීතීඥයන් නූගත් සේවාදායකයින්ගෙන්,

හැම දෙනාම හැම දෙනාගෙන් ම.............................


නමුත්....
ඔවුන්ට වෙන වෙනම නම් ඇත.

ඇමතිතුමා,
වෛද්‍යවරයා,
නීතීඥයා
ධානපතියා
උපාසකයා ..................

සත්‍ය නිරැවත් කොට,
ලෝකයට පෙනෙන්න,
හිගාකන එකම කෙනා ඔබ.
නමුත් ඔබට ලස්සන නමක් නැත.
ඔබට කියන එකම නම

හිගන්නා .................................‍‍‍

Friday, May 10, 2013

අමරණීය ගැහැණිය - මොනාලීසා




















ඇත්තට ම මං උඹට කැමතියි.
ඒ මොකද දන්නව ද ?

හිතට සතුට‍ක් දැනිලා මං හිනාවෙන කොට,
උඹත් තුන්හිතින් ම මගේ සතුට බෙදා ගන්නවා.
දරාගන්න බැරි ව මං ඉකිගගහ අඩද්දි,
උඹත් දුකින් ඉන්න වග මට ඔය මූණෙන් පේනවා.

එහෙම අයට තමා කළ්‍යාණ මිතුරෝ කියන්නේ.....

හැබැයි,
උඹට පිස්සු කියලා 
සමහර මිනිස්සු කියන කතාවෙත් 
ඇත්තක් තියෙනවා කියලා මටත් හිතෙනවා.....

මොක ද .........
මටත් පිස්සුනේ..........


තුෂාර විතාරණ

Thursday, May 9, 2013

වලාවෙන් දුටු මිනිසා

විටක නුඔ
නිසසලයි
සැහැල්ලුවෙන් බලා හිදී......
විටක නුඔ
සිත්තරෙකි 
සිත්සේ රූ රටා මවන......
එකවිටම
සසල වී නුඔ සැනින්
වසාගෙන කලු අදුරු ගතින්
මර සෙන් මෙන්
කඩු කිනිසි අමෝරා
මවයි ගිනි පුළිගු
ගුගුරමින්...............
මෙහොතකින් නුඔ
පියවි උතුරු සලුව
ඇග ලා ගත් උපාසකයෙකු මෙනි.........


හසිත හර්ෂණ
Related Posts Plugin for WordPress, Blogger...