නිවන් අකැප ද රජ වුවත් මා
සියල් ලෝකය ගොසින් හැරදා
කසී සළු තිර ගිනි අරන් අද
මන්දිරේ චිතකය දැවෙන්නා...................... //
සත් පියුම් පරවී ගියා ඇය
ලයේ කිරිකැටි පුතු හොවා
සිව්නෙතක් මාවෙත තියා යළි
පුතු ගියා සිහිනය දවා.............
ඉරහදය මට නන්ද රාහුල
අමාවක සදහට තියා
සිනා නැතිමුත් පහණකිය ඈ
ඇය ගියා පුතු ගිය දිහා..........
බලා වැළපෙමි මහළු දේශය
මියෙන්නට පණ ලන දිහා
පූජාපතියනි හනික එනු මැන
බලන්නට මළ හිරැ දිහා........ //
තුෂාර විතාරණ
No comments:
Post a Comment