Tuesday, December 29, 2015
Sunday, December 27, 2015
Wednesday, December 23, 2015
කෝ අපිට නඩු............... කෝ FCID......
සිල්වා කොහොමද ඉතින්.......???
මේ සිල්වා එදාටත් වැඩිය හොදින් ඉන්නවා දැන්.....
ඒ වුණාට ඉතින් පැරදුනා නේද සිල්වා...???
මේ සිල්වා පරදින්න ඡන්දේ ඉල්ලුවා යෑ....
අනික කවුද පැරදුනේ...?
මට පෙන්නන්න මෙන්න මෙයා පැරදුනා කියලා
කවුරුත් පැරදුනේ නැහැ....
හා කවුද පැරදි හොදයි.....???
හරි මං මෙහෙම අහන්නම්කෝ.
අනික් කට්ටිය දිනුවා නේද සිල්වා ......???
දිනුවා.......... හිහ්.. කවුද දිනුවේ.....???
මට පෙන්නන්න මෙයා දිනුවා කියලා.
කවුරුවත් දිනුවේ නැහැ....
හා කවුද දිනුවේ හොදයි......???
නෑ මං කියන්නේ හැම දේම වෙනස් වුණා නේද සිල්වා....???
පිස්සුද..? කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ...
තිබ්බා වගේමයි....
හා වෙනස් වුණ දෙයක් මට පෙන්නන්න බලන්න....
මොනවද වෙනස් වුණේ....???
හිතාගෙන හිටපු දේවල් හරිගියේ නෑ නේද සිල්වා....???
කවුරු හිතාගෙන හිටපු දේද හරිගියේ....???
කිසිම කෙනෙක් හිතාගෙන හිටපු දේ වෙලා නැහැ.
හා කවුරු හිතාගෙන හිටපු දේද හරිගියේ හොදයි.......???
ඒ වුණාට සිල්වා අමාරුවේ වැටුණා නේද.....???
අමාරුවේ වැටුණා.... මේ සිල්වා....
දන්න හරිය තමා ඔය.....
අච්චර කට්ටියක් උසාවි ගානේ දැක්කුවත්
අපි කොච්චර පරිස්සමට ඉන්නවද බලන්නවා...
මහ දවල් මිනිස්සු ගස් බැන්දාට...
හමුදාවේ ලොක්කන්ට කණ පැලෙන්න ගැහුවාට....
දුටුගැමුණු වගේ ටවුම පුරා නාඩගං නැටුවාට...
කෝ අපිට නඩු............... කෝ FCID......
අැයි මගේ අහිංසක කොල්ලා.
බලන්නකෝ අනික් දරුවෝ වගේද කියලා
ඉතින් අපි කොහෙද ඕයි අමාරුවේ වැටුණේ...........????
කසුප් අනුරාධ
.
Monday, December 21, 2015
ලොව තෘප්තිමත් ම මිනිසාගේ නිර්මාණශීලීත්වය
මට දවසක් දා මිනිසෙක් මුණගැහුණා
ඔහු කවදාවත් ම විරහම අකුරු කරලා නැහැ.
අකුරු කරන්න තරං විරහවක්
ඔහු කවදාවත් ම විදලා නැති නිසා
ඒකේ වරදක් කියන්නත් බැහැ....
තව ටිකක් කතා කරද්දි ඔහු මට කිව්වා
"මම කවදාවත් වේදනාවක් විදලා නැහැ"
ටිකක් පුදුම වුණ මම මෙහෙම අැහුවා.
"ඒ අැයි..?"
ඔහුග් හිනාව පිරුණු මුවේ සටහන් වූ පිළිතුර
"මට කවදාවත් ම වේදනාවක් දැනිලා නැහැ".....
මේ අපූරු මිනිසාගෙන් මං මෙහෙම අැහුවා
"ඔබ කදුල ගැන ගීත කුරුටු ගාලා නැද්ද...?"
ටිකක් උස්හඩින් සිනාසුනු ඔහු
"නැහැ" කියලා කිව්වා.
"ඒ කියන්නේ ඔබ කවදාවත් ම කදුළු සලලා නැහැ"
මගේ ප්‍රශ්ණයට ඔහුගේ පිළිතුර වුණේ
"ඔව් ඔබ හරි" යන්නයි.....
විශ්මයට පත්වුණු මම මගේ අන්තිම වචනය ලෙස
කාටවත් ම ගැලවිය නොහැකි දුක තෝරාගත්තා.
"නැහැ මං කවදාවත් ම දුක ගැන කතා ලියලා නැහැ'"
"මොනවා ඔබ මේ අැත්තම ද කියන්නේ...?"
"ඔව් මට කවදාවත් ම දුකක් දැනිලා නැහැ"
ඔහුගේ අවසන් උත්තරය මාව නිරුත්තර කළා....
ඔහුට සමුදෙමින් මම අැත්තම කිව්වා.
"ඔබ තමා මට හමුවුණු තෘප්තිමත් ම මිනිසා"
"ස්තූතියි මිත්‍රයා" ඔහුගේ සතුට ප්‍රකාශ කළා.
හැබැයි තවත් දෙයක් තියෙනවා කියන්න.
"ඔබ තමයි මං දැකපු සත පහක නිර්මාණශීලීත්වයක්
සමාජගත නොකළ කාලකණ්ණිම මිනිසා.........."
තුෂාර විතාරණ
.
Saturday, December 19, 2015
සීතල දෙතොලත මාගේ උණුසුම් සුව වින්දා......
අැස් වලින් පවා නුඹ හිනැහුණ දා
සද රැස් ගැලුවා......
නෙත් වලින් පවා ඉගි බිගි කළ දා
තරු නෙතු දිලුනා......
මත් සිතින් බලා මට අැරයුම් කළ දා
හදේ සුව වින්දා.........
සරා සද ඒළියේ
සුසුම් සර වැදිලා
ඔබේ නෙතු විමනේ
මගේ රුව අැදුනා.......
අැරයුම් පිරි ඔබ දෙඅැසේ
කැල්මෙන් හද සැලුණා
සීතල දෙතොලත මාගේ
උණුසුම් සුව වින්දා........
කාංචනා චන්ද්‍රසේකර
Wednesday, December 16, 2015
අැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක් ................
අාදරේ සිහිනයක්..............
වැහුණු නෙත් යට සැගවිලා
ශ්වේත අංජන තැවරිලා
රැයක් එළිවෙන තුරා පෙනෙනා මම මාව දකිනා සිහිනයක් ........
ප්‍රේමයේ කඩතුරාවෙන්
වැහුණු දෙනුවන් නුරාවෙන්
හමායන සැඩ සුළං අැවිදින්
ගසාගෙන ගිය ජීවිතේ............
වළාකුලුමත සතපලා නැවත පණපොවනා සිහිනයක්..............
දිරාගිය දඩු මත හැදූ
මුලාවෙන් මම ගොඩනැගූ
සුනු විසුනු වී ඉකිගැසූ
මට අයිති නැති ජීවිතේ ............
අැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක් ................
තුෂාර විතාරණ
.
Monday, December 14, 2015
බලංගොඩ, ඉඹුල්පේ ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ පොත්පත් බෙදා දුන්දා...............
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRM2EWOHWbzyrn3YMP4aMlFglldVKEhPoCRVWQ76jSpRcY1iI8Nmbb_w8OxtOOCL-nOVHycDvMLDOXWU0tCj4PZkcou4qpwiDUJ0w5_TJttQBNYqaFIwTx-3xifkf3qGPrBA8YrtqKYQko/s400/17.jpg)
හිනා පිරි මුව හිතේ සැගවුණු කතාවක් කියනවා වැනේ
හරිම ලස්සන පිච්ච කැකුළක් පිපී හිනැහෙනවා වනේ
අනාගත ලොව පෙරුම් පුරලා තුටින් ඉපිලෙනවා පෙනේ
හිතට දහිරිය අරං ජීවිත ගමන ජයගන්නා දිනේ
මගේ කරුමෙට කුලී වැඩකට දවසෙ පඩියට යට වුණත්
වහින දවසට ලෙඩක් දුකකට කන්න බත්පත හිගවුණත්
අකුරු ශිල්පය අරං දවසක ලොකු නෝනා කෙනෙකුන් වුණොත්
ණයක් නෑ උඹ සතේකිංවත්, මම හෙළමි දහඩිය තවත්
සුදෝ සුදුවට ගවුම් පොඩි අැද අකුරු කෙරුමට යන දුවේ
පොතක් පෑනක් අරං දෙන්නට නැතිව නෙත කදුලැළි මැවේ
ඒත් නෑ වරදින්නෙ උඹලට කරපු පිං තව අැත භවේ
හෙවනැල්ල සේ උඹේ පසුපස මේ හැවොම ඉන්නවා දුවේ ................!
පසු සටහන -
ඊයේ දිනයේ (දෙසැම්බර් 13 ඉරිදා) බලංගොඩ ඉඹුල්පේ ශාරිපුත්‍ර විද්‍යාලයේ අාර්ථික අපහසුතා අැති දරුවන් 42 දෙනෙකුට පොත්පත් සහ පාසල් උපකරණ සහිත තෑගි මලු බෙදා දීමේ කටයුත්ත පාදක කොටගෙන මෙම නිර්මාණය කළෙමු.
මෙම වැඩසටහන ගැන මේවන තුරුත් බ්ලොග් සහෘදයන් වෙත කිසිදු දැනුම් දීමක් නොකිරීම ගැන මුලින් ම අපිට සමාවෙන්න. අැත්තට ම මේ සදහා දායකත්වය සැපයුවේ රත්නපුර අාශ්‍රිත ප්‍රදේශයේ සිට බ්ලොග්කරණයේ නියැලෙන බ්ලොග් සහෘදයන් පිරිසක් තමයි. මේ සාකච්ඡාව අැති වුණේ මේ පිරිස අතර නිසා සහ මුල් සාකච්ඡා වලින් ම අවශ්‍ය ප්‍රමාණයට මුදල් ඒකතු වූ නිසා තව දුරටත් මේක ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවයක් වුණෙත් නැහැ.... මෙහිදී විශේෂයෙන් ම මතක් කළ යුතුයි නෙලුම් යායේ අජිත් අයියා අැතුළු පිරිස (චන්දිම සහෝදරයාත් මතක් කළ යුතුයි)... ඔවුන් මේ වැඩේට ලොකු දායකත්වයක් සැපයුවා.
මේ වෙනුවෙන් අපි කිහිප දෙනා අතර මේල් 100 කට අධික ප්‍රමාණයක් හුවමාරු වූ අතර සියලු සාකච්ඡා ඒ හරහා සිදු කෙරුණා. සතියක් පමණ අැතුළත රුපියල් 42,000 ක් පමණ මුදලක් ලබා දීමට කට්ටිය පොරොන්දු වූ නිසා අපි දෙවනුව සිදු කරේ දරුවන්ට ලබා දීමට අවශ්‍ය පොත්පත් උපකරණ ලිස්ට් එකක් හදා ගැනීමයි.. ඒ සදහා බලංගොඩ නගරයේ කඩ කිහිපයක අැවිදිමින් තුෂාර සහ විදානේ දරුවන්ට දීමට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල ගණන් බලා ගත්තා. විදානෙගේ අැදුනුම්කමක් අනුව පොත් ලබා ගැනීම සදහා බලංගොඩ සම්මානී අායතනයෙන් ලොකු වට්ටමක් ලැබුණා. මේ අනුව පහත සදහන් පාෙත්පත් උපකරණයන්ගෙන් සමන්විත පොත්පත් මලු 42 ක් සූදානම් කර ගැනීමට අපට හැකි වුණා.
1. පිටු 80 පොත් 10
2. පිටු 60 චිත්‍ර පොත් 01
3. කෑලි 12 පාට පෙට්ටි 01
4. කෑලි 06 පාට පැන්ලස් පෙට්ටි 01
5. කෑලි 06 ප්ලැටිග්නම් 01
6. වතුර බෝතල් 01
7 කෑම පෙට්ටි 01
8. පැන්සල් පෙට්ටි 01
9. පැන්සල් 05
10. පෑන් 02
11. මකන 01
12. කටර් 01
13. කතුරු 01
14. බ්‍රවුන් පේපර් මීටර් 04
15. අඩිරූල් 01
එක් දරුවෙක් සදහා රුපියල් 1,500 කට අාසන්න වෙළදපොළ වටිනාකමක් අැති පොත්පත් මලු 42 ක් සූදානම් කර ගැනීමට අපට හැකිවුණා... වට්ටම් සහිතව මිලදී ගැනීම නිසා අපට මේ එක් මල්ලකට වැයවුණේ රුපියල් 1030.00 පමණ මුදලක් පමණයි.
මෙම වැඩසටහන මේ තරම් දුරකට ගෙන ඒමට මූල්‍යමය දායකත්වය සැපයූ බ්ලොග් සහෘදයන් ටිකත් මේ වෙලාවේ සදහන් කළ යුතුයි.
1. විදානේ සහ විදානී
2. මධුමාධවී හී මධාවියා
3. අජිත් අයියා සහ චන්දිම සහෝදරයා - නෙලුම්යාය සහ ලංකා නිවුස් වෙබ්
4. Praසන්ன අයියා
5. සබරේ අැනෝ (මිත්‍ර වර්ණ)
6. අසංක අයියා සහ නෝනා - කුගෑගීප
7. චතුරිකා සහ තිළිණ - කුගෑගීප
8. විදානෙගේ ඔෆිස් එකේ නංගී
9. අැයි තුෂාරයි කාංචනායි.....
පාසල සමග සාකච්ඡා කරගත්තු විදිහට දෙසැම්බර් 13 ඒ කියන්නේ ඊයේ දිනයේ උදෑසන 9 ට අපි වැඩේ පටන් ගත්තා... උදේ 8 වෙද්දි අපි පාසලට ගියා. ඒ වෙනකොටත් දරුවෝ කීපයක් ම අැවිත් හිටියා.... වැඩේ කරගෙන යන්න අපි තෝරා ගත්තේ පාසලේ ප්‍රාථමික අංශය අසල තියෙන වල... (පේරා වල වගේ ලොකු නැතිවුණාට ගුරුවරු සහ දරුවෝ ඒකතු වෙලා හදාගත්තු ලස්සන තැනක්...) ඒතනට පුටු කීපයක් දාලා දරුවෝ වාඩිකරවලා දෙමාපියන් පැත්තකින් තිබුණු පඩිපෙළේ ම වාඩිවුණා..... ඊට පස්සේ වැඩේ පටන් ගත්තා..
අපි පොඩි වැඩසටහනක් විදිහට ඒක හදාගත්තා... ඒක පහත විදිහටයි තිබුණේ
1. ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමා විසින් පිළිගැනීමේ කථාව
2. තුෂාර විතාරණ විසින් බ්ලොග්සහෘදයන් වෙනුවෙන් අරමුණ පැහැදිලි කිරීම. (මෙම වැඩසටහන ගැන සහ මෙයට දායක වූ සියලුදෙනා පිළිබද ව මෙහිදී සදහන් කෙරුණා)
3. දරුවන්ට පොත්පත් සහ පාසල් උපකරණ සහිත බඩුමලු බෙදා දීම (මේක පැමිණ සිටි සියලුම ගුරුවරුන් සහ බ්ලොග් සහෘදයන් අතින් ප්‍රධානය කෙරුණා.)
4. විදුහල්පතිතුමාගේ කතාව
5. හිටපු විදුහල්පතිතුමාගේ කතාව (මෙම පරිත්‍යාගය තුළින් දරුවන්ට ලැබෙන දේ සහ දෙමාපියන්ගේ කාර්යභාරය ගැන සදහන් කෙරුණා)
6. දෙමාපියන් වෙනුවෙන් මවක් කතාවක් ඉදිරිපත් කරා....
7. කරුණාරත්න ගුරුතුමන් විසින් ස්තූති කතාව
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZ0p2myB20fXVXuBocoNh35O5d6GID_3G0VQBBs_3Pj895oynBKY6fqc5SCRRiiR8rHm_iDfvrbBmPjMIetnG-bZDf3w6HJoUBVG0e09pcDotKwHyoZBbeY5FyR9RrSbXlefuf6h27Irdc/s400/1.jpg)
පිළිගැනීමේ කතාව (ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමා) කරන අවස්ථාව
පිරිස වමේ සිට - අසංක නෝනා, විදානී, විදානේ, අසංක, කාංචනා, හිටපු විදුහල්පතිතුමා, විදුහල්පතිතුමා, කරුණාරත්න ගුරුතුමා, හිටපු නියෝජ්යවිදුහල්පතිතුමා (කුගෑගීප හී විරසිංහ මහතා) තුෂාර
(පැමිණිමේ දී සුළු ප්‍රමාදයක් සිදු වූ නිසා සබරේ අැනෝ ඡායාරූපයේ නොමැතිබව ද කරුණාවෙන් සලකන්න)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilFwptWqU04PXHw8ZKmQfmwrX8nu22xBv1iZbSwJVMkew2MUnMVN0omzwPK9mJJjb0EuKOC7-TdSnfTa8YPiIGamZOt-sTrMdaEXr7arAVDaE-Mpecq2QRbkFvvaD5g_dhCqiF6jpFYuuL/s400/7.jpg)
විදානේ අතින් දරුවන්ට තෑගී ලබා දුන් අවස්ථාව
වැඩේ ඉතා සාර්ථක ව පැවැත්වුණා.... දරුවන් දෙදෙනෙකු ලෙඩ වී සිටි බැවින් මව්වරුන් පැමිණ එම පොත්පත් මලු භාරගත්තා... තවත් දරුවන් 6 දෙනෙකුගේ පමණ පොත්පත් මලු ඉතිරු වූ අතර ඒවා පාසල අාරම්භ වූ පසු ලබා දෙන පොරොන්දුව පිට විදුහල්පතිතුමාට භාර කරා... පාසල පැත්තෙන් ද සුදුසුම දරුවන් තෝරා තිබුණා. අපි ඒ පොත්පත් ලබා දීමේ කතාවන් වලදී දුප්පත්කම කියන කාරණය කිසිවිටෙකත් සදහන් කළේ නැහැ.... දරුවන්ගේ හැකියාව අනූව තෝරා ගත් බව සදහන් කරා... ඒක ඒ දරුවන්ටත් හොද උත්තේජනයක් වුණා... මලු ටික බෙදපු වෙලේ සිට ඒවා බැලීමේ අවශ්‍යතාවයෙන් දරුවන් දගලපු හැටි දැක්කා ම අපේ කුඩා කාලය මතක් වුණා..... කොහොම හරි අපි හිතුවාට ත් වඩා ඉතා සාර්ථක වැඩසටහනක් කරන්න හැකි වුණා....
ඊට පසු ගුරුවරුන් කීපදෙනෙක් සහ බ්ලොග් සහෝදරත්වය අසංක අයියලාගේ ගෙදර පැවති තේ පැන් සංග්‍රහය භුක්ති වින්දා. මෙහි දී පළමු වරට මුහුණු දුටු කිහිප දෙනෙක් ම සිටියා. විශේෂයෙන් සබරේ අැනෝ සහ අපි හමුවූ පළමු අවස්ථාවත් මෙයවුණා. විදානේ සහ අසංක අයියා ඒකම වයසේ බව දැනගත් අතර විදානී, කාංචනා සහ තුෂාරත් ඒකම පවසේ පිරිසක් බව දැනගත්තා. (මෙහිදී දැනගත් නමුත් ප්‍රකාශ කිරීමට අවසර නැති රහස් කිහිපයක් ද අැති බව නොකියාම බැරිය) පසුව බ්ලාග් සහෘදයන් අතර බ්ලොග් පිළිබද අැති වූ දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ සතුටින් විසිර ගියා...
කොහොම වුණත් බාටා කෑලි දෙකක් දාගෙන උදේ අැවිත් ඉන්න දරුවෝ දැක්කා ම අපේ හිත්වල අැතිවුණේ දුකක්.... ඒත් මේ තෑගි මලු අරන් හිනාවෙවී යන මූණු දැක්කා ම හිතට දැනුණේ සතුටක්....... ඉතින් අපි අැතුළු හැමදෙනාට ම ස්තූතියි කියලා තමා කියන්න තියෙන්නේ.... අර අම්මා කරපු කතාවෙදි කිව්වා මේ ළමයින් ලියන අකුරක් අකුරක් ගානේ අපිට පිං ලැබෙනවා කියලා.... අපි හිතන විදිහටනම් මේ හිතට දැනෙන සතුට තමා ඒ පින.............
- සමාජයේ ම කොටසක් වන අපි හැමදෙනා සතුව ම යම් සමාජ වගකීමක් අැත. එය හදුනා ගැනීමට සහ තෝරා ගැනීමට අප අප්‍රමාද වනතුරු සමාජය එයින් තෘප්තවීමට මගබලා සිටී -
මීට
කුගෑගීප
Wednesday, December 9, 2015
වෙඬරු සේ දියවී ගලයි පෙම .............
සැඟවුවත් මා ඔබට දෙනයන
අැසේ අැඳි සොඳුරු වූ සිත්තම
සොයයි නුඹේ රුව තිස්සෙම
දැවෙයි මගෙ මුළු හදම ගිනිගෙන
නොමැති දෝ සිත හැඟුමන්
සැඟව සිටියද දැක්මන්
නුඹෙ දෙඅැස තවමත්
කරයි මගෙ හද මන්මත්
හිරිවැටෙන නෙතු බැල්මන්
සවන රිදවන සුපෙම් සක්මන්
තෙපුල් රත්පැහැ කරන හැඟුමන්
සිතින් කෙලෙසක කරමි අවමන්
දහස්වර විත් හිතට වදදෙන
අහිමි සිසිලස විඳිමි තිස්සෙම
ඔබට නොදැනෙන මගේ ලෝතුළ
සුපෙම් සෙනෙහස් කිරුළ ඔබමය
යඳඬු සේ ගිනියම් ය මයෙ ගත
වෙඬරු සේ දියවී ගලයි පෙම
කිමිදෙන්න නැතුවත් වරම් අද
විඳගන්න සිත් සේ සිතැඟි අැත....
කාංචනා චන්ද්‍රසේකර
.
Monday, December 7, 2015
අදත් බීලා අාවානේ .............?
ස්වාමියා - අපෙ ලොක්කගෙ සීයා මැරුණ හිතේ ශෝකෙ නිවාගන්න
ජයසේනත් එක්ක ගියා බාර් එකට එකක් ගන්න
බි - එකක් ගත්තු හැටි පේන්නෙ ඉහෙන් කනෙන් වෙරි පෙරෙන්නෙ
කිතුලට ගිය මිනිහාටත් කියන්න උත්තර තියෙන්නෙ
ගෙදර තියෙන අගහිගකම් නෑනෙ ඔයාලට පෙනෙන්නෙ
අායෙත් නෑ මං කියන්නෙ කවදාහරි මට්ටු වෙයිනෙ
ස් - ඊට වඩා ගොඩක් ප්‍රශ්ණ මගේ හිතේ කැකෑරෙන්නෙ
ඒවට උත්තර හොයන්න එකක් දෙකක් ඕන වෙන්නෙ
බි - ළමයින්ගේ හෙට දවසයි මේ විදිහට දිය කරන්නෙ
හම්බකරන කිසිම දෙයක් නෑ හරියට ඉතිරි වෙන්නෙ
ඔය ජරාව තොල ගෑවම මොනාද ඔය හැටි ලැබෙන්නෙ
ජන්මයටත් එහා ගියපු පුරුද්ද නෑ අතාරින්නෙ
ස් - වෙහෙස වෙලා ගෙට අා විට කියව කියව ඉන්නෙ නැතුව
සුහද බිරිඳ වගේ ඉතින් උයපු දෙයක් බෙදල ගන්න
බි - උණ පුරුකේ ලා හැකිනම් බලු වලිගේ අැද අරින්න
වෙණ වයලා පලක් වේද බීරි අලින් හට අැහෙන්න
බොනවා නම් දහක් හේතු තිබේ නිදහසට කියන්න
යනවා මං ගෙදර යන්න ඔයාම අද උයාගන්න
ස් - ඉතින් යනවා යන තැනකට මට හැකි ගේ බලාගන්න (තමන්ටම)
එහෙම කියලා කොහොමද මට බෑ මේ වැඩපළ කරන්න
යන්න එපා අනේ ගෙදර වැඳලා කියන්නම් හාමිනෙ
මෙව්වා ඉතින් බිව්වා කියලා නෑ ඒ හැටි සැප ලැබෙන්නෙ
ඔන්න කිව්ව අායෙත් නෑ මං මේ හැටි අඩි ගහන්නෙ
ඉන්න ටිකේ දුක සැප දෙක ඔයා එක්ක බෙදා ගන්නෙ
ඉසුරිකා උත්පලානී
'
Friday, December 4, 2015
පුතුනි නුඹ හට සුවය සදනෙමි...........
ඈත අහසේල හිරුගෙ සැඩ රැස්
පෙරා දෝතින් රැගෙන එන්නෙමි...
ගතේ රතු ලේ කිරට හරවා
මගේ පුතු හට දොවා දෙන්නෙමි....
හදේ පොපියන උතුම් සෙනෙහේ
පුතුගෙ නාමෙන් බැබළි බැබළී....
දුටුවාද පුත රෑට අහසේ
තාරකා එළි ලෙසට හිනැහේ....
මෙලෝ වඩිනට පෙරුම් පිරුවේ
මගේ කුසයෙන් දිවිය ලැබුවේ....
මව්ගෙ උණුහුම පිරුණ ළැමතුර
සිහින දකිමින් තුටින් නැළවේ....
උතුම් පදවිය නුඹෙන් ලැබුවෙමි
නුඹට ප්‍රාණය වුවත් පුදනෙමි....
මගේ තුරුලේ නිදන කිරි කැටි
පුතුනි නුඹ හට සුවය සදනෙමි....
ඉසුරිකා උත්පලානී
.
Wednesday, December 2, 2015
බල්ලා, උෟරා, *&^,%$@,*&$................
1 - හෙලෝ.....
2 - ඔව්..... කවුද කතා කරන්නේ
1 - මේ වාසු මහත්තයාද....???
2 - ඔව් ඕයි.... අැයි....?????
1 - අපි කොළඹ ඉන්න කට්ටියක්
කොළඹ අපේ ගෙයක් තියෙනවා කුලියට දෙන්න.. මං මේ...
2 - ඉතින් මට %&@ ඕයි...
බල්ලා, උෟරා, ^&%,*&^, ................
1 - හෙලෝ.....
2 - ඔව්..... කවුද කතා කරන්නේ
1 - මේ වාසු මහත්තයාද.....???
2 - ඔව් ඕයි අැයි....?????
1 - අපි නුවර ඉන්න කට්ටියක්
කොළඹ ඔයාලගේ ගෙයක් තියෙනවාද කුලියට දෙන්න.... මං මේ....
2 - තියෙනවා අාච්චිගේ %$, ඕයි...
බූරුවා, මීමින්නා, *&^,%$@,*&$................
කසුප් අනුරාධ
.
Subscribe to:
Posts (Atom)