ස්වාමියා - අපෙ ලොක්කගෙ සීයා මැරුණ හිතේ ශෝකෙ නිවාගන්න
ජයසේනත් එක්ක ගියා බාර් එකට එකක් ගන්න
බි - එකක් ගත්තු හැටි පේන්නෙ ඉහෙන් කනෙන් වෙරි පෙරෙන්නෙ
කිතුලට ගිය මිනිහාටත් කියන්න උත්තර තියෙන්නෙ
ගෙදර තියෙන අගහිගකම් නෑනෙ ඔයාලට පෙනෙන්නෙ
අායෙත් නෑ මං කියන්නෙ කවදාහරි මට්ටු වෙයිනෙ
ස් - ඊට වඩා ගොඩක් ප්‍රශ්ණ මගේ හිතේ කැකෑරෙන්නෙ
ඒවට උත්තර හොයන්න එකක් දෙකක් ඕන වෙන්නෙ
බි - ළමයින්ගේ හෙට දවසයි මේ විදිහට දිය කරන්නෙ
හම්බකරන කිසිම දෙයක් නෑ හරියට ඉතිරි වෙන්නෙ
ඔය ජරාව තොල ගෑවම මොනාද ඔය හැටි ලැබෙන්නෙ
ජන්මයටත් එහා ගියපු පුරුද්ද නෑ අතාරින්නෙ
ස් - වෙහෙස වෙලා ගෙට අා විට කියව කියව ඉන්නෙ නැතුව
සුහද බිරිඳ වගේ ඉතින් උයපු දෙයක් බෙදල ගන්න
බි - උණ පුරුකේ ලා හැකිනම් බලු වලිගේ අැද අරින්න
වෙණ වයලා පලක් වේද බීරි අලින් හට අැහෙන්න
බොනවා නම් දහක් හේතු තිබේ නිදහසට කියන්න
යනවා මං ගෙදර යන්න ඔයාම අද උයාගන්න
ස් - ඉතින් යනවා යන තැනකට මට හැකි ගේ බලාගන්න (තමන්ටම)
එහෙම කියලා කොහොමද මට බෑ මේ වැඩපළ කරන්න
යන්න එපා අනේ ගෙදර වැඳලා කියන්නම් හාමිනෙ
මෙව්වා ඉතින් බිව්වා කියලා නෑ ඒ හැටි සැප ලැබෙන්නෙ
ඔන්න කිව්ව අායෙත් නෑ මං මේ හැටි අඩි ගහන්නෙ
ඉන්න ටිකේ දුක සැප දෙක ඔයා එක්ක බෙදා ගන්නෙ
ඉසුරිකා උත්පලානී
'
හහ් කොහොමද කාලෙකින් මට එක වෙන්න ලැබුනෙ.
ReplyDeleteශහ් මරු අදහස්නෙ ඉසුරිකාට එන්නෙ. නියමයි ආයෙ කියල වැඩක් නෑ.
Deleteඉස්තූතියි අහසෙන් එන්න...
Deleteරටේ ලෝකේ වෙන දේවල්නෙ මේවා. හැමදාම කොමෙන්ටුවලින් දිරිමත් කරනවට ප්‍රණාමය
එක සත්තමෙන් මහත්තයා සරෙන්ඩර් නෙහ්.. :)
ReplyDeleteසරෙන්ඩෙර් වෙලා ඉන්න එපැයි නේද කල්යාණ මිත්‍ර
Deleteවෙහෙස වෙලා ගෙට අා විට කියව කියව ඉන්නෙ නැතුව
ReplyDeleteසුහද බිරිඳ වගේ ඉතින් උයපු දෙයක් බෙදල ගන්න
ඉස්තූතියි ඉයන්.......
Deleteමම අදහස් කලේ යහපත් බිරිඳක් කල යුතු දේ ඒකයි කියල. දවස් දෙකක් විතර ගියාට පස්සේ පොඩ්ඩක් තොදොල් වෙලා කිව්වම, "ඔයා බීල එනකොට මොනවහරි වෙයි කියල මම බයයි ඒයි"කිඅයල මිනිහ සරෙන්ඩර්. බීල ඉන්නකොට වලි ඇදගැනීම වලි පෝලිමකට මුලයි
Deleteකොහොම හරි අන්තිමට දෙන්න ෂේප් වුනානෙ ඉයන්...........
Deleteහරියට හරි නගා අතාරින්ටෙපා. එනවා මෙතන බෝතලයක් කරේ ගහන්
ReplyDeleteඒකනෙ අයියා...... ඉස්තූතියි ඇනෝ අයියා.....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteජයවේවා ! ඉසුරිකාට ජයවේවා !!
ReplyDeleteගොඩක් ඉස්තූතියි සාරිකා......... ඔබේ දිරිමත් කිරීම වටිනවා
DeleteI only wanna be with you.
ReplyDeleteat last....... thanks lalith
Deleteහෑ..සදු මට කෑ ගහනවා ඇහිලා මේක ලිව්වට..කොස්සෙන් ගහනවා දැක්කෙ නෑ නේද?
ReplyDeleteමෙන්ඩට වෙච්ච දේ ඉසුරි කොහෝමද හරියටම දැනගත්තේ.මෙන්ඩගේ පොටෝ එකකුත් දාලා තියෙන්නේ.
Deleteදෙකම දැක්ක මෙන්ඩ අයියෙ.....මතුසම්බන්ධයි,
Deleteමෙන්ඩා අයියගෙ පොටෝ එක දුන්නෙ අපේ තුෂාර අයියා මනෝ අයියෙ
මෙන්ඩ බීල කියවුනා දැන් සදූ ගහන්නෙ මෝල් ගහෙන් කියල. පව් බං මෙන්ඩ.
Deleteමෙන්ඩා කොසු අරං යන්නෙ තොග මිලටලු.
Delete(කොස්සට චු කරලා ගහන ඒවා..සිනි බෝතලෙන් ඔලුවට ගහන ඒවා..බිත්තියේ ඔලුව අනින ඒවා..දන ගස්සලා තියන ඒවා..එලියට දලා දොර වහන ඒවා මුන් දන්නෙ නෑ හොද වෙලාවට)
Deleteටිකක් එහා පැත්තෙන් විදානයායි අසංගයයි ඉයනුයි වැටිලා හිටියා..ඒ ෆෝටෝ එක කෝ තුෂාරයෝ?
Deleteනෑ මෙන්ඩෝ.....
Deleteඔය තියෙන කුණු බක්කි දෙකේ ඉන්නේ අපි තමා..... ගහන ඒක කුණු වෙන්න ගහනවා කියන්නේ ඒකට.... හැක්....
හැක්.. ඔය ඉන්නෙ සෙට් එකම.
Deleteඅා............ කියන්න අමතක වුණා... ඒ රූපයේ තියෙන්නේ කුණු බක්කි දෙකක් වුණාට තවත් කීපයක් ඒහා පැත්තේ තියෙනවා... ප්‍රසා අයියා තුන්වෙනි ඒකේ ඉන්නවා..... (නැත්තං අාය තරහා වෙයි...)
Deleteඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත...
ReplyDeleteගෙදර උයපු කෑමද ඇතුලුව
Deleteඑකෙන්ම
Deletewhatever.........
DeletePra Jay ++++
Delete//ඉතින් යනවා යන තැනකට මට හැකි ගේ බලාගන්න//
ReplyDeleteමේක ඇහෙන්න කිවුවනං බලාගන්න තිබුණ වැඩේ... හැක්.
දත් නැතිව බත් කන්න වෙයිද ප්‍රසන්නය්යෙ?
Deleteනෑ නෑ ප්‍රසන්නයා ෂේප් වෙනවා.නැත්තම් එළියට දාලා දොර වහනවනේ.
Deleteසැලකිය යුතු දුරක සිට ඕන ඒ වගේ ප්‍රකාශ කරන්න.
Deleteඑහෙනං ගේ බලාගනිං කියලා දෑවැද්ද ඔක්කොම පටෝගෙන ගියාලු. දැං ප්‍රසන්නයා ගේ විතරක් බලාගෙන දෙයියනේ කියලා ඉන්නවා යස අගේට.
Deleteගෙදරත් නෑ බං.... කඩේට වෙලා කඩෙන්කාලා... ඉස්සරහා හදන බිල්ඩිම දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්නවාලු......
Deleteඅා........... කියන්න අමතක වුණා.... අර බිරිදට බය නැති ෆීල්ඩ් මාෂල් මේ දවස් ටිකේ ඩොන්ගලය ඔෆිස් ඒකේ දාලා ගිහිල්ලා නිසයි සද්ද නැත්තේ... අද පටං ගනියි..... මං හිතන්නේ මාෂල් සතියට ම ඔෆිස් යන්නේ අද තමයි..... ඔය බොන ඒක ගැන සහ නෝනාගෙන් බේරී ජීවත් වීම ගැන විදානයාට පශ්චාත් උපාධියක් තියෙනවා.... පශ්චාත් කිව්වා ම තේරෙනවානේ....
තුෂාර..
දෑවැද්ද බැංකුවෙ මදාවියො.
Deleteඑහෙනං මාෂලය අදත් දොලහට විතර වැඩ ඉවරකරල ගෙදර යයි.
අද............... වැස්සෙ නැත්තං වැඩට යයි.... ඒත් ෂුවර් නෑ අද බදාදානේ..... අනික් හැමෝම වැඩට ඒන දවස නිසා ඔ්කා අද යන්නෑ.....
Deleteදත් ටික ඉතුරු වුනොත් ඇති ඉසුරී . සාර්තක වේවි නේ ඔහොම හොඳවයින් දෙකක් කිව්වම ( කවි ටික නම් "සුපර්බ්" )
ReplyDeleteගොඩක් ඉස්තූතියි හංසමාලි... දවසක අත්හදා බලන්න වෙයිද මංදා........
Deleteඉසුරිගේ අත්දැකීමකි.
ReplyDeleteඅනේ නෑ මනෝ.....
Deleteලොක්කගේ සියා විකුනල කි වෙනි වතාවටද දන්නෑ බිවේ.
ReplyDeleteමේකට කොමෙන්ට් කරන්න පුලුවන් අපේ තුෂාර අයියට තමයි
Deleteආ......... මට දැන් තමයි වැටහුනේ බ්ලොග් පොස්ට් අහලා තියෙන්නෙ මොකක්ද කියල. ලොක්කගෙ පරම්පරාවම විකුණනව ඇති..
Deleteමෙ කාලෙ වැනෙන්ඩ බොනවා කියන්නෙ සල්ලිකාරයෙක් වගෙ!
ReplyDeleteඑලියට දැම්මා නම් හරි යන්ඩත් තිබුනා...
ආ ගනන් ගිය හින්දද? මේ වගේ අයට ඒවා ගානට balance කරගන්න පුලුවන් කියල මං හිතනව රූපෙ.......
DeleteThis comment has been removed by the author.
ReplyDeleteරූපෙටත් කම්මල සින්ඩ්‍රෝමය හැදිලෝ.........
Deleteතුෂාර
අඩෝ අයින් කලේ නෑ බන්!
Deleteඒහෙනං අයින් වෙලාද????
Deleteතුෂාර
නොබැඳපු එහෙත් බඳින්න අදහස් කරන පිරිමින්ට අවවාදය. බඳින්න කලින් කෙල්ලටත් බොන්න පුරුදු කරන්න.
ReplyDeleteවැඩක් නෑ..එතකොට ඌන් බිලා අපිට ගේම ඉල්ලයි
Deleteමෙන්ඩට ඒකග වෙමි.......
Deleteදැනට මෙහෙමනං..... ඒහෙම දෙයක් වුණානම් අපිට බඩුම තමා නේද මෙන්ඩෝ....
තුෂාර
ලෑන් පිස්සු තද වෙලාද? කවුද එතකොට දෙහි ගාලා,කබරයා දානකොට කොන්ද පපුව අතගාලා දොයි කරවන්නෙ?
Deleteලස්සනයි ඉසුරිකා... මම ලිව්වනම් මෙහෙමයි ඕක ඉවර කරන්නේ ..
ReplyDeleteමේ රෑ තනි පංගලමේ පුලුවනිදෝ ගෙදර යන්න
ත්‍රී විල් කොලුවෙකු හැකිනම් කෝල් කරල ගෙන්වගන්න
ගෙන්වගන්න බැරි උනොතින් හැකි විගහින් මට කියන්න
හනිකට ටවුමට දුවලා මට පුළුවනි රැගෙන එන්න
නැන්දම්මත් මාමණ්ඩිත් මතක් කරා බව කියන්න
මා වැනි බෑනෙක් ලැබුමත් වාසනාව බව කියන්න
හදිස්සියේ ගෙදර එන්න කලබලයක් නැහැ ඕන්න
මාසෙට තුන් හතර වරක් මං එන්නම් ඇවිත් යන්න.
ඔය කිව්වට ගෙයි සිරිකත ඇයත් සමග යන්න යාවි
Deleteඊට පස්සෙ මුලු ගෙදරම සොහොන වගේ පාලු වේවි
බඩගිනි වී ළමයි අඬයි කිරි පොවන්න සිද්ද වේවි
අද විතරක් හපනා වෙලා හෙට ඇය ළඟ වැඳ වැටේවි
ඉස්තූතියි අමබළන්ගොඩ කතා.......ඔයාගේ කවි ටික අපූරුයි
තුෂාරයාට / අසංකයාට සිදුවුණු මේ සත්‍ය සිදුවීම මනරම් ලෙස කවි කරවා ඔවුන්ගේ නෑනා / නංගී විසින් මෙසේ ප්‍රසිද්ධ කරන ලදි.
ReplyDeleteනෑ .... නෑ මධුවෝ..
Deleteමේක ලබන සතියේ සෙනසුරාදා රෑ වෙන සිද්ධියක්ලූ.. අනික් ඒක්කෙනෙක්ට නෙමෙයි... දෙන්නෙක්ට ම වෙනදෙයක්ලු.... ඉසුරි කලින් හිතලා දාලා තියෙන්නේ...... හා නෑ කියමු බලන්න...
උඹල දෙන්න හොරෙන් සෙට් වෙන්නද හදන්නෙ.
Deleteඅාරංචි නැද්ද ප්‍රසා අයියා..... අපි නෙමෙයි ඔය පැත්තෙන් වැඩට යන ඒකා ඒක්ක....... අපි තමා වැඩේ අැණ කරන්න දත කන්නේ......
Deleteමට මේක දැක්කම මතක් වුනේ අර උඩරට තේ වතු පැත්තේ කඩවල හවසට බොන මිනිස්සු ගැන. ඒ අයගේ ළමයි එලියට වෙලා තාත්ත බොනකන් බලන් ඉන්නවා. ඒ බිල එලියට අවමා අතේ තියන කියා හරි ඉල්ලා ගෙන පන් ගෙඩියක් ගන්න යන්න.
ReplyDeleteරා බොමු කියලා ගහලා තියෙන තැනට ගිහින් තාත්තා බිව්වාට අම්මලා හංගං හවසට බොනවා කියලත් මේ පොඩිඋන් දන්නවා.... අජිත් අයියා...
Deleteතුෂාර
මිනිහ කාලක් ගහලා ගෑණිට කශිය පැකට් එක අරන් යන්නෙ.නැත්තං ගුටි කෙලියයි.කන්න තියෙන රොටිය හම්බෙන්නෙත් නෑ.
Deleteබීපු එකෙක් කවියක් කියාගෙන ගියා එකපාරක් පාරෙ... එක පදයක් මතකයි...."ගැහැණිය දළඹුවෙකි ගෑවුණු තැන කසන.... "
ReplyDelete'සජ්ජා දත් නැතුව බත්කන හැටි පෙනින' කියල තිබුණෙ නැද්ද?
Deleteහැක්... මම නෙමෙයි නේ කිව්වෙ...
Deleteමොනවා වුණත් පට්ට කවි කෑල්ල......
Deleteතුෂාර
ඔය කිවුවට නොබීම ඉදියිද?
ReplyDeleteමේ හැටි බොන්නෙ නෑ කියල කිව්වෙ කපටිකමට.
Deleteඇත්තටම එහෙම වෙනව නම් අපේ රට ගොඩක් ලස්සන වෙයි නේද දිනේශ්.......?
අපිනම් නෑ ඕවට. අපිට අදාලත් නෑ. ඕ යේස්!
ReplyDeleteඑහෙම නම් ගොඩක් හොඳයි මහේශ්....
Deleteඅදාල නෑ කිව්වේ කසාද බදින එක..බොන එක නෙමෙයි
Deleteආ එහෙමද මෙන්ඩ අයියෙ.....? ඔයාලා අහිංසක කොල්ලො නරක් කරනවා පව්ව්ව්..........
Deleteලෝකේ වැඩිම බේබද්දෝ ඉන්නේ ලංකාවේලු.
ReplyDeleteඇත්තට අඟහරුවෝ?? ලෝකෙන් උතුම් රට ලංකාවයි.......කියන්නෙ කොහොමද දැන්?
Deleteඅපි ලගදිම අගහරැ ලෝකෙටත් පුරැදු කරනවා
Deleteඒකත් කරයි වගේ තමයි......
Deleteආ හා මෙහෙ ඕවා කරන්න ආවොත් බලන්න පුළුවන්..
Deleteනෝනේ මගේ සුදු නෝනේ අලි වැඬේ මේ මට උනේ
ReplyDeleteඉස්තූතියි සින්දු.........
Deleteඉඳලා... හිටලා.....පොඩ්ඩක්...... නොබී.... ආවට.... හැමදාම අඩ්ඩක් ගහන ඩෑල් කොච්චර ඉන්නවද හා..?? ප්‍රජාතන්ත්‍රවාදීව හිතන්න ඕනෙ..
ReplyDeleteජයවේවා..!!
ඉස්තූතියි ගස් ලබ්බ....ප්‍රජාතන්තර වාදයට ජය වේවා!!!
ReplyDelete