මට දවසක් දා මිනිසෙක් මුණගැහුණා
ඔහු කවදාවත් ම විරහම අකුරු කරලා නැහැ.
අකුරු කරන්න තරං විරහවක්
ඔහු කවදාවත් ම විදලා නැති නිසා
ඒකේ වරදක් කියන්නත් බැහැ....
තව ටිකක් කතා කරද්දි ඔහු මට කිව්වා
"මම කවදාවත් වේදනාවක් විදලා නැහැ"
ටිකක් පුදුම වුණ මම මෙහෙම අැහුවා.
"ඒ අැයි..?"
ඔහුග් හිනාව පිරුණු මුවේ සටහන් වූ පිළිතුර
"මට කවදාවත් ම වේදනාවක් දැනිලා නැහැ".....
මේ අපූරු මිනිසාගෙන් මං මෙහෙම අැහුවා
"ඔබ කදුල ගැන ගීත කුරුටු ගාලා නැද්ද...?"
ටිකක් උස්හඩින් සිනාසුනු ඔහු
"නැහැ" කියලා කිව්වා.
"ඒ කියන්නේ ඔබ කවදාවත් ම කදුළු සලලා නැහැ"
මගේ ප්‍රශ්ණයට ඔහුගේ පිළිතුර වුණේ
"ඔව් ඔබ හරි" යන්නයි.....
විශ්මයට පත්වුණු මම මගේ අන්තිම වචනය ලෙස
කාටවත් ම ගැලවිය නොහැකි දුක තෝරාගත්තා.
"නැහැ මං කවදාවත් ම දුක ගැන කතා ලියලා නැහැ'"
"මොනවා ඔබ මේ අැත්තම ද කියන්නේ...?"
"ඔව් මට කවදාවත් ම දුකක් දැනිලා නැහැ"
ඔහුගේ අවසන් උත්තරය මාව නිරුත්තර කළා....
ඔහුට සමුදෙමින් මම අැත්තම කිව්වා.
"ඔබ තමා මට හමුවුණු තෘප්තිමත් ම මිනිසා"
"ස්තූතියි මිත්‍රයා" ඔහුගේ සතුට ප්‍රකාශ කළා.
හැබැයි තවත් දෙයක් තියෙනවා කියන්න.
"ඔබ තමයි මං දැකපු සත පහක නිර්මාණශීලීත්වයක්
සමාජගත නොකළ කාලකණ්ණිම මිනිසා.........."
තුෂාර විතාරණ
.
විරහව වේදනාව පුංචි හදුන්පොජ්ජට හොදටම දැනිලා තියනවා මචෝ.ඒ වෙලාවටනම් පොත් ලියන්න තරම් දේවල් ගලාගෙන එනවා තමයි.තෘප්තිමත් බව කියන එක යමක් නොදැනීම.දුක නොදැනීම කියලා ගත්තම බුදු සමය අනුව නම් පුංචි වෙනසක් තිබෙනවා.කොහොම උනත් දුක වේදනාව නොදැනි පවතිනතාක් ජීවිතය තෘප්තිමත් කියලා අපිට හිතෙනවා.මට මුන ගැසි තිබෙනවා දුක වේදනාව පමනක් නොවෙයි සතුට පවා නොදැනෙන භික්ෂුවක්.ඇත්තම කිව්වොත් උන්වහන්සේට නම් තිබුනේ ආබාධයක්....
ReplyDeleteමනෝ..............
Deleteමිනිස්සු සතුටින් ජීවත් වෙන්නයි උත්සහ කරන්නේ..... දුක වේදනාව තමා ලෝකයට මහා නිර්මාණ බිහි කරලා තියෙන්නේ... සතුටින් තෘප්තිමත් වෙන මිනිසා ඒ සතුට මතක් කර කර තව තවත් සතුටු වෙනවා විතරයි.... ඒත් දුක වේදනාව දැනුණු මිනිහා ඒ දුක නැති කරන්න හෝ නැවතත් ඒ දේ නොවෙන්න උත්සහයක නිරත වෙනවා.... මේක අාදරයට විතරක් ලඝු කරලා හිතන්න ඒපා..... අපි ජීවිතේ හැම දෙයකදී ම මෙහෙම තමා...
විරහව විතරක් නෙවෙයි තුෂාර ජිවිතේ නොයෙක් බලාපොරොත්තු බිඳ වැටෙන කොට දැනෙන වේදනාවන් තිබෙනවා.ඉතා සුලු ප්‍රශ්නයක් වන දේ තවත් කෙනෙකුගේ ලොකුම ප්‍රශ්නය වෙලා සියදිවි හානි කරගන්න පවා උත්සහා කරන අවස්ථා තිබෙනවා.ප්‍රශ්නය කුමක් වුවත් අවසානයේ සියල්ල සම්බන්ධ වෙන්නේ මනසත් එක්ක.වේදනාවට හේතුව කුමක් වුවත් විඳවන්නේ මනසින්.කොහොම උනත් මිනිස්සු ප්‍රශ්න වලට මුහුන දෙන්න දෙන්න පන්නරයක් ලබනවා.එකම ප්‍රශ්නයට විවිධ පැතිකඩ ඔස්සේ විසදුම් හොයනවා.
Deleteග...//ඒත් දුක වේදනාව දැනුණු මිනිහා ඒ දුක නැති කරන්න හෝ නැවතත් ඒ දේ නොවෙන්න උත්සහයක නිරත වෙනවා//...
දුකක් දැනෙන බව දුකක් ඇති බව අතේරැම් ගන්නා පුද්ගලයාට පමනයි දුකින් නිදහස් වෙන්න පුලුවන් කියන එක වත්ථුපම කියන සූත්‍රයෙත් සදහන් වෙනවා.
ලොව පහලවුන බොහෝ දාර්ශනියකයන්ගේ,විද්‍යාඥයන්ගේ ජීවිත කතා කියවලා බැලුවොත් ඒ බොහෝ දෙනෙක් හොඳම කටු කාපු අය.ඒ නිසා ජිවිතයේ ගැඹුරු සියුම් තැන් විනිවිද දකින්න,අලුත් විදියකට හිතන්න ඒ අයට පුලුවන් වෙලා තියනවා.ඒ වගේම මිනිස් ජීවිතයේ ප්‍රශ්නවලට සාර්ථක විසදුම් ඉදරිපත් කරන්නත්,ලොකයට අලුත් දෙයක් සොයලා දෙන්නත් ඒ අයට පුලුවන් වෙලා තිබෙනවා.
දුක වේදනව මිනිස්සුන්ට පන්නරයක් දෙනවා.... ඒ වගේ ම නැවතත් හිතන්න අවස්ථාවක් ලබා දෙනවා.... ජීවිතය දැනෙන්න දෙනවා.... ජීවිතය සමග අපිව බද්ධ කරනවා..... අැත්තට ම දුක වේදනාව කදුල තමා මේ ලෝකය මේ තරම් ලස්සන කරලා තියෙන්නේ.... ඒ වගේ ම මේ ලෝකයේ තියෙන හැම සොයා ගැනීමක් ම පිටි පස්සේ තියෙන්නෙත් ඒක......
Deleteඔබ හරි මනෝ දුක පවතින බව දකින සහ තේරුම් ගන්න කෙනා විතරයි ඒ දුක නැති කිරීම ගැන හිතන්නේ... ඒකට උත්සහ කරන්නේ.... ඒක බුදුදහමේ විතරක් නෙමෙයි හැම අාගමකම පදනමක්....
අායෙ එන්නං කියවන්න.
ReplyDeleteහා........... අායෙ අාවාම විස්තර කතා කරමුකෝ ප්‍රසා අයියා......
Deleteඅන්න අන්න කුරුටු අර මිනිසාටත් දුක හිතෙව්වා
ReplyDeleteලස්සනයි කුරුටු....
නැහැ සබරේ............
Deleteඒක තමා අැත්ත... දුක වේදනාව සමග ගණුදෙනු කිරීම තමා ජීවිතය කියන්නෙත්....
සුන්දර වේදනාව නොදුටු අයෙක්...
ReplyDeleteඅැත්ත ඒකයි...
Delete//සුන්දර වේදනාව//
ජීවීතය ඇත්තේ විඳවන්න නොව විඳින්නටය..
ReplyDeleteහැබැයි අපි ජීවිතය පුරාම කරන්නේ විදිනවා යැයි හිතමින් විදවීම පමණි.......
Deleteඅනේ අපි නම් එහෙම නෑ...
Deleteඅපි නං ඒහෙමයි බං.........
Deleteඇයි බං අහිංසකයා වගේ ඉන්න අසංකයට කිසිම නිර්මානසීලිත්වයක් නැති එක කියලා බයින්නේ..
ReplyDeleteජ ය වේ වා !!!!
උඹ අපේ සහෝදරකම නැති කරන්න නේද ප්ලෑන...... කාගෙද කොන්ත්‍රාත්තුව.... ගාන කීයද?????
Deleteකොන්ත්‍රාත්තුව ළඟම ඉන්න කෙනෙක්ගෙ තමයි.
Deleteගාන ලක්ෂ 15 - 25 අතර කියල තිමයි ආරංචි.
ළගම ඉන්න කෙනාද????????
Deleteසතුට ඇතිකල කලා නිර්මාණ 5%, දුක විරහව ඇතිකල නිර්මාණ 95%. බොරුනම් ගණන් කරලා බලන්න.
ReplyDeleteඅන්න මේ නිර්මාණයේ යථාර්තය...... හැම වෙලාවෙම ලෝකයට නිර්මාණ බිහිකරලා තියෙන්නේ දුක, වේදනාව, විරහව තමා... ඒක තමා වැඩිම ප්‍රමාණය..... ඒක සතුට, විදීම වෙනුවෙන් නිමැවුණු නිර්මාණ වගේ කීපගුණයක් වෙනවා......
Deleteඅනික් අතට මිනිස්සු වැඩි පුරම අාකර්ෂණය වෙන්නෙත් දුක වේදනාව ගැන කියැවෙන දේට.. හේතුව තමා අපි වැඩිපුරම අත්දකින දේ ඒක නිසා...
දුක කදුළු තුළින් තමයි යථාර්ථවාදී බවට සමීප නිර්මාණ බිහිවෙන්නේ.. අවසන් වචන ටික හරියටම හරි...
ReplyDeleteඅර්ථවත් පබැඳුමක්
ජයවේ කුරුටු!
මම වර්ණ කුලකයා
Deletefake වර්ණ මලයෙක්වත්ද දන්නේ නෑ.පොටෝ එකත් වෙනස් වෙලා.
Deleteවර්ණ..............
Deleteඅපි කරන සමහර නිර්මාණ සාර්ථක වෙන්නේ සහ සමහර ඒවා අසාර්ථක වෙන්නෙත් ඔය දේ මත තමා.... අපි අත්දැකීමක් අකුරු කරද්දි ඒක ඉක්මනට ම ලියැවනවා.... ඒත් අත්දැකීමක් නැති දෙයක් අකුරු කරන්න අමාරුයි.... දුක වේදනාව ඉක්මනට අකුරු වෙනවා.. ඒ වගේ ම සාර්ථක නිර්මාණ හැදෙනවා....
@ මනෝ...
වර්ණ ෆේක් කරගෙන... හැක්
විරහව නිසා අපූරු නිර්මාණ බිහිවෙනවා තමා. ඒ වගේම බලාපොරොත්තු නිසාත් ඒ වගේ නිර්මාණ බිහිවෙනවා.
ReplyDeleteබලාපොරොත්තු කියන්නෙත් ඒක විදිහක වේදනාවක් නේද මධාවියෝ....... මොකක් හරි බලාපොරොත්තුවක්වත් තියේද???????
Deleteවිරහව වේදනාව විදවපු අය තමයි ලෝකය වෙනස් කරපු නිර්මාණ බිහිකලේ තවමත් එහෙමයි කුරුටු...
ReplyDeleteසුබ නත්තලක් කිව්වා....
සුභ නත්තලක් වේවා මහේෂ.........
Deleteඅපොයි ඔය විරහව විඳපු එවුවො තමයි හොඳ නිර්මාණ කරන්නෙ කියල දැං හැදෙන සින්දු ඇහුවම හොඳට තේරෙනව. කොටිංම ඒව ඇහුවම උංට වැඩිය වේදනාව දැනෙනව අපිට............ කනේ. හැක්...
ReplyDeleteපට්ට කතාව ප්‍රසා අයියා...............
Deleteඔය විකාර බිහිවෙන්න හේතුවත් මෙතනින් ම පැහැදිලි කරගන්න හැකියි.... අැත්තට ම ප්‍රසා අයියා ඉස්සර මිනිස්සු ගණුදෙනු කරේ සීමිත සහ සුන්දර වටපිටාවක් ඒක්කයි..... ඒකයි ඒ කාලේ ලියැවුණු ගීත හරිම සුන්දර වුණේ..... ඒවා අහපු මිනිස්සුත් තමන්ගේ වේදනාවන් හරි සුන්දර විදිහට විදගත්තා....
ඒත් දැන් ලාේකය ඒන්න ඒන්නම විකාරරූපී වෙලා.... මිනිස්සුත් විකාරරූපී විදිහට තමා වේදනාව, දුක පිට කරන්නේ..... සියදිවි නසා ගැනීම් සහ ඝාතනයන් දැන් වැඩි වෙන්නේ ඒකයි..... කවියකින්, ගීතයකින් හෝ ලස්සන නිර්මාණයක් අහලා බලලා කදුලු හලලා ඒ දුක නිවා ගන්න දැන් තාරුණ්‍යයට බැහැ..... අපි අැත්තට ම ඉස්සරට සාපේක්ෂව නිර්මාණාත්මක වටපිටාව අතින් හරිම දුප්පත් වෙලා......
කෝ බං අපේ සිංදු ඇනෝ.. දීපං මචං මේ දවස් වල තියෙන සුපිරි සිංදුවක්. .හැක්.
ReplyDeleteදේශෝ........... මෙහෙම දෙයක් තියෙනවානේ... දැන් වුණත් ලියැවෙනවා ඉස්සර ගීත වලටත් වඩා නිර්මාණාත්මක ගීත..... සින්දුවා මේවාට උදාහරණ දෙයි......
Delete"මුතු ඇටයක් බවට පත්වන්නෙ බෙල්ලෙක්ගෙ බෙලිකටුව තුල සිරවුන වැලි කැටයේ වේදනාවයි.."
ReplyDelete//හුගදෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ කලා නිර්මාණ කලාකරුවාගේ හදවතට කොහෙන්ද ඒන්නේ කියන ඒක. මිහිරි ගී තනු වචන කොහෙන්ද ඒන්නේ කියන ඒක. බිතෝවන් කිව්වේ මේ සියල්ල පැමිණෙන්නේ දෙවියන්ගෙන් කියලා.. ඒත් මං නං කියන්නේ මේ සියල්ල පැමිණෙන්නේ වේදනාවෙන් කියලා...//
Deleteකසුට්ටෝ තෑන්ක්යූ........... වැදගත් තැනක් පෙන්නුවේ
හරිම අමුතුයි
ReplyDeleteලියන්න තවත්
ආසයි කියවන්න
බ්ලොග් කියවන්නෝ ඉන්නතාක්
Deleteඅපිත් ලියනවා.............
යකෝ යකඩ පොල්ලකින් දේයි ගාල නෙලියනෙ අන්තිම පදෙන්. අනේ මංද බං, ඔය කතාවෙ තව පැත්තකුත් තියෙනව කියල උඹට හිතෙන්නැත්ද? ඔහු පරමානන්දය පිලිබඳ, සංතුෂ්ඨිය ගැන නොලිව්ව වෙන්න බැරිද??
ReplyDeleteකොහොම උනත් මෙන්න මේ කතාවට මං පට්ට එකඟයි.
" මුත් ඇටයක් බවට පත්වෙන්නෙ, බෙල්ලෙක්ගෙ බෙලිකටුවක සිරවුන වැලි කැටයේ වේදනාවයි... ඔවුහු ගී ගයමින් වේදනාව උගනිති.."
මෙහෙමයි මනෝෂ්.............
Deleteතෘප්තිමත්භාවය කවදාවත් ලෝකයේ ප්‍රගමනයට කිසිම දෙයක් දීලා නැහැ.. හැමවෙලාවෙම නව දැනුම, නව අදහස් ලෝකයට දීලා තියෙන්නේ විදවීම විසින් ම තමයි..... ඒ නිසා දුක කදුල තමා නිර්මාණකරණයෙහි පදනම වෙන්නේ.......
duka wirahawa kadhula wedhanaawa hama kenaatama jeewithayedi adu wadi wasayen labena dhewal. hondha nirmaanayak kurutu.
ReplyDeleteස්තූතියි සෙනරත් ................
Deleteඅන්තිම පදපේලි දෙක තමා නියම :D
ReplyDeleteස්තූතියි හංසි...........
Deleteජීවිතය කොච්චර වින්දා උනත් නිර්මාණයකට විරහව අංශුමාත්‍රයක් හරි එකතු උනාමයි ඒකේ සුන්දරත්වයක් තව කෙනෙක් විඳීන්නේ.
ReplyDeleteදුක තමා දිනේෂ් හැමවෙලාවෙම නිර්මාණ බිහිකරන්නේ........ ඒක තමා අත්දැකීම් ඒක්ක ලියැවෙන දේ අතිසාර්ථක......
Deleteතුශාර.. තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියන එකා.. තුවාලෙ වේදනාව ගැන කියන්න දන්නෙත් ඌ විතරයි.. තුවාලෙ හොඳ උනත් ඒ මතකයණැතිවෙන්නෙ නෑ.. තුවාල නැතිව ජීවත්වෙන එක සනීපයි කියල දැනෙන්නත් තුවාලයක් හැදිල තියෙන්න ඕන.. ජීවිතේට තුවාලයක් හැදික නැතිව හිටඖ එකෙක්ට තුවාලයක වේදනාව ගැන කියන්න තෙරෙන්නෙ නෑ.. තුවාලයක් තිබිල නැති නිසා සනීපෙන් තුවාලයක් නැතිව සතුටින් ඉන්න එක කොච්චර වාසනාවක්ද කියල ඌට දැනෙන්නෙත් නෑ...
ReplyDeleteඋඹ තවත් පැත්තක් දැකලා..... අගෙයි....... වේදනාව නුදුටු කෙනා සතුටේ අගය දන්නෙත් නෑ තමයි.... ජයවේවා
Deleteඋට ලාදුරු කියල කියන්න ගියෙ ඒත් අන්තිම වචන සෙට්එක මට දෙයක් හිතන්න සැලැස්සුව
ReplyDeleteමේක නං ටිකක් හිතන්න සිද්ද වෙන ජාතියෙ කවියක්
ඇත්ත කියහං තුශාර උඹ නෙවී නේද මේක ලීවෙ හැක්
පට්ටම පට්ටයි මචෝ
යකෝ මංම තමා ලිව්වේ........ අැයි මේක නිර්මණාත්මක මදි වගේද....????? ඒක නේද ඒහෙම අැහුවේ.... හැක්
Deleteඇහුවේ නැද්ද ඌට අකුරු ලියන්න කියවන්න පුලුවන්ද කියලා.. හැක හැක.. මොකද ලියන්න කියවන්න බැරි උන් ගොඩක් දෙනෙක් දුක අඳුනන්නේ නෑ.. :)
ReplyDeleteඋඹ තමා ඉතින් ඔය විදිහක ප්‍රශ්ණයක් අැහුවොත්........ මේලක් දාන්නම් පොඩි විස්තරයක් අහලා..... අපිට ඔය අලුත් වැඩ ගැන කියන්නේ නැතෙයි.......
Deleteඅතිවිශිෂ්ඨයි !!! ජයවේවා .
ReplyDeleteස්තූතියි මෙතූ....................
Deleteaniwa...
ReplyDeleteEla da Bra
අා........ ඔය අාවේ....... ජයවේවා..... උඹ අාවාට තුති......
Delete