ශේෂ වුණු කදුළක් කොපුල් රූරාගෙන
ශ්වේත අංජන නෙතින් අභිනික්මන් කර
රෝස පෑයට පිපුණු කම්මුල් මත
වේලිලා ඉරිතලනු ඇති බව දනිමි මම
...........................
අතොරක් නැති කර්කෂ ගෝෂාව මැද
අයාගත් දෑස් පියන්නට අතහැරී
අනන්තය දකින්නට යත්න දරමින්
කල්පනාබරිත ව සිටින බව දනිමි මම
..........................
ප්‍රේමය සංතර්පනය කොට උනුන් වෙලා
පරිධියේ කොනක පෙම් කෙළින් පෙම්වතුන්
යටගියාව පීඩනයක් කොට උගුර හිරකරවන
දුක්බරිත බව හොදාකාරව ම දනිමි මම
..........................
ලම්භාකාරව පොළවට පතිත වන
වැහි බින්දු ජනිත කරන මූසලකම සහ හීතල
පාළුව උපරිම කොට නොහිම් කණාගටුවක්
මවන බව දනිමි මම දනිමි මම
.............................
අතීතයට පණ දී නැවත නැගිටුවා සිට
සුන්දරම සුන්දර දවස් යළිත් උද්දීපනය කොට
ඇස් කොනින් බලා කට කොනින් හිනාවෙන
හෙටක් තනන්නට වෙහෙසෙමි මම
.......................
තුෂාර විතාරණ
.