පුංචි මල් වැස්සේ - දුව පැන නටා ඔහේ
මල්ලිත් එක්ක රණ්ඩු වී - ගුටි කයි දෙන්නාම අම්මාගෙන්
මහ වැසි වසින විට - අපි සේරම එකතු වෙලා
කඩදාසි ඔරු හදා - පාකර යවා සතුටු වෙයි වතුරේ
කිචි බිචි නදින් කුරුල්ලන් සේ - කෑ ගසා දුව පනිමින් ගේ පුරා
හැපෙයි අම්මාගෙ ඇඟෙත් - සුරතල් රැවුම් මැද ඇගේ
ඉස්කෝලෙ යන්නට කම්මැලි වී - ඇඳට ගුලි වී හොර පූසන් සේ
සිටින විට සැර වෙයි අම්මා - තාත්තාටද කියයි කේලම්
ඉස්කෝලේ යාම හරිම යුද්ධයකි - උදේට කෑමත් හරිම කරදරයි
අම්මා කරවයි ඒ සියළු දේ බලෙන් - කිරි කොකුන් සේ අපි ගෙදරින් යන්නේ
හවසට ගෙදරට එන්නේ - මඩ තවරාගෙන මුළු ඇඟ පුරා
බනිමින් ඒත් ආදරෙන් අපිව - නාවයි රෙදි සෝදා දෙයි අම්මා
පාසලේ පාඩම් හොඳින් -කරයි තාත්තාගෙ අණින්
නොලැබෙන විටදි ප්‍රතිඵල - දඬුවමත් ලැබෙයි හොඳහැටි
මට විරුද්ධව මල්ලි කියයි කේලම් - මාත් අත නොහරිමි ඒ රණ්ඩුව
අම්මාගේ පැමිණිලි රැසක් මැද - තාත්තාටද වෙයි මැදිහත් වන්නට
ලෙඩක් දුකක් වූ විටක - කිහිලි ගන්නාගෙන මල්ලීව
අතින් අල්ලාගෙන මාව - අම්මා යන්නෙ තාත්තත් සමග
බොන්නට නොහැකිව තිත්ත බෙහෙත් - ගේ පුරා දුවන්නෙමු අපි
පන්නයි අම්මා නිරතුරු පස්සෙන් - පැණිරසක් එක්ක බෙහෙත් ගිල්ලන්නට අපිට
කොලු කෙල්ලන් සමග එකතු වී - සෙල්ලම් කරයි අල්ලයි කිරිගස්
දුව පැන නටා රිසි සේ - අඳුරට කලින් එන්නෙ සිහිවී අම්මාගෙ බැනුම්
සිහිවනා විට ඒ සොඳුරු විය - නැවත නොඑන බව මේ භවේ
සිතේ සිරවුණු අමුතු දුකකින් - පෙළයි මා වැඩිහිටි වියේ......
අසංක ගයාන් අබේසිංහ
නංගියේ - මල්ලියේ.....
ReplyDeleteනංගියේ - මල්ලියේ
මල්ලියේ - නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ....
මට දෙන්න මගේ පුංචි කාලේ....
වැලි බත් උයන්නම් සැඟවී සිටින්නම්
මාදං කැලැවේ පලු වීර වදුලේ....
කවි ගී අසන්නම් - ඇකයේ රැඳෙන්නම්....
මව්ගේ තුරුල්ලේ උණුසුම් කැදැල්ලේ.....
නිල්වන් ජලාශේ කිමිදී ගිලෙන්නම්
විහඟුන් විලාසේ හිනැහී ඉගිල්ළී
පාසැල් වෙලාවේ පාඩම් කරන්නම්...
වේවැල් කසායේ දඟයෙන් මිදීලා.....
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
Deleteඅප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
සාමල අමරල - පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව් විය
එදවස් අප හට නැත ආයේ...
සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
----------------------------------------------------------------------
ගායනය - ශාලිත අබේවික්‍රම
ගොඩක් ස්තුතියි සින්දු ඇනෝට සහ මනෝෂ්ට....ඔබ මේකට හරියටම ගැලපෙන ගීත ඉදිරිපත් කරලා...ඇත්තටම දැන් අපිට වෙලා තියන දේවල් එක්ක බලද්දී ඒ අතීතය ගැන කියලා වැඩක් නෑ...ඇත්තමයි...
Deleteඉස්සර මං ගිය පාසැල ඇරිලා............
Deleteඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේළි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුළක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
ගී තනු - එච්.එම්. ජයවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහ
සින්දු ඇනෝට බෙහෙවින්ම ස්තුතියි...ඔබ මේ සියලු දේට ගැලපෙන අදහස් සහිත වටිනා ගීත අපි වෙත ලබාදීම පිළිබඳව...ඔබ නම් වචනයේ පරිසමාප්තයෙන්ම සින්දු ගැන හොඳින් දන්න කෙනෙක් බව පේනවා...ඒව නියම ආකාරයට රස විඳින කෙනෙක් බවත් පේනවා...හරිම සුන්දර ගීයක්....
Deleteසිහිනයක් පමණක් වූ අතීතයක මැකීයන මතකයන් අතරට මාව නැවතත් රැගෙන ගියාට ගී පවුරේ අසංකට බෙහෙවින්ම ස්තූතියි...
ReplyDeleteඋදේට ඉස්කෝලෙ යන්න කලින් බත් කන එක හරි වදයක්..
පාඩම් කරන්න කියන වචනෙ කන් වලට කටු අනිනවා වගේ..
අපේ අම්මයි තාත්තයිත් බෙහෙත් ගන්න මල්ලියි මායි එක්ක ගියේ ඔය විදියටමයි...
උදේට කිරි කොකා වගේ අම්ම අපිව ලෑස්තිකරල යැව්වත් හවසට එන්නෙ මඩ ඌරො වගේ..ඉතින් බැන බැන ඇඳුම් සෝදනව...
මේව අපි කාටත් සොඳුරු අත්දැකීම් වෙලා නේද...
සත්තකින්ම මනෝෂ්....ඒ සොඳුරු බව ගැන කියන්න වචන නෑ...ඒ අතින් අපේ පරම්පරාව ටිකක් හරි වාසනාවන්තයි...අඩු ගානෙ අපිට කියන්න ළමා කාලයක් තියනවා...ඒත් දැන් හැදෙන පරම්පරාවට මම හිතන්නේ කියන්න මොකුත් ඉතුරු වෙන එකක් නෑ...මේ සේරම මහ බොරුවක් කියලා හිතෙන වාර අනන්තයි...අද අපේ හිත්වල තිබුණු ඒ නිදහස, සොඳුරු බව, ආදරය කොහෙ ගිහින්ද...අපිට අපිවත් නැතිවෙන සමාජ රටාවකට අපිත් නොදැනුවත්ව ගිහින්....අන්තිමට මොකක් හරි වාසනාවකට මේ විදිහට බ්ලොග් ලෝකයේ හරි අපේ සොඳුරුකම, ආදරය බෙදාගන්න අවස්ථාවක් උදා වුනු එක ගැනවත් මට තියෙන්නෙ පුදුම සතුටක්....
Deleteලියන්න දෙයක් ඉතුරු කරලා නෑ
ReplyDeleteපට්ට අතීත සිහිවටනයක්
ඔව් ජීවන....අපි මේ මහ ලොකු වගකීම් කරගහගෙන හිටියට මගෙ හිතේ ඇත්තටම ඉතුරු වුණේ ඔය කියපු සුන්දර ලෝකෙ විතරයි....ඒකයි මෙහෙම ලිව්වේ...ඔබටත් මේ වගේ සොඳුරු අත්දැකීම් සහිත ළමා කාලයක් තියෙන්න ඇති....ගොඩක් ස්තුතියි ජීවන අපිත් එක්ක මේ සුන්දරකම බෙදාගන්න ආවට...
Deleteඅන්තිමට ඉතුරු වුනේ මේ වගේ සුන්දර මතකයන් ටිකක් විතරයි නෙහ්..
ReplyDeleteඒ ටික අපූරුවට පෙළගස්සල... ආපහු පුංචි කාලෙ මතක් කෙරුවා..
ඒකනම් ඇත්තම ඇත්ත සංචාරකයා...අවංකවම ඉතිරි වුණේ ඔය සුන්දරත්වය විතරමයි...ඒක විස්තර කරන්න බැරි සුන්දරත්වයක්.....ගොඩක් ස්තුතියි මේ හැඟීම බෙදාගන්න එකතු වුනාට...
Deleteවැටෙන පොද වැස්ස
ReplyDeleteබිදු බිදු ගෙනා සිසිළස
සිත අරන් ගියා මගෙන් දුර ඈත
මුතු වැස්සේ මතක අතර..
හිත හිරිවට්ටන සිසිල් සුළග
අවුළුවෙන් එහා දගකරන ළමයි කැල
අරන් ගියා මමත් පොඩි කාලෙට
පොද වැස්සේ තෙමි තෙමි නටන..
කොයි තරම් නම් සරළද
ජීවිතය ඒ දවස් වල
ලොකු හීන කිසිත් නෑ
හදවතේ සිර උන..
බැදීම් නෑ මේ ලෝකයට
තරගයක් නෑ කෙනෙක් පරදවා යන
සමනල් හිත එහෙ මෙහ පා උන
අද කොහිද හිත ඒ ලෙසම..
මිරිගුවක් අද අප සොයා දුවන
සැනසීමක් වේද දිනක අපේ හිතට
ඒ සොදුරු දවස් වලම හැමදාම
ඉන්න ඇත්නම් කොතරම් මිහිරිද..
මේක කියවද්දී මට මතක් වුනේ 2012 කාලේ වගේ මම ලියපු මෙන්න මේ කවි ටික.. මුකුත්ම නොකියා මේක දාලා විතරක් යන්නම්..
මුලින්ම කියන්න ඕන ඔබ ඇත්තටම ලස්සන කවිකාරයෙක්නෙ දිනේෂ්....හරිම ලස්සන සුන්දර කවියක් මේක....ඔබ වෙන මොකුත් නොකිව්වට කියන්න ඕන දේ මේ කවිය තුළ තියනවා...හරිම සුන්දරයි...ස්තුතියි ඔබට...
Deleteelaz Dinesh...
Deleteඅතීතේ මතක් වුණා ආයෙම
ReplyDeleteලස්සනයි
ඇත්තටම අපූර්වි අපේ තිබුණු ඒ ලස්සන දැන් කොහෙද....මම ඔය ගැටළුව විසඳන්න ගිහින් හෙම්බත් වෙලා දැන් මේ ජීවිතේට පුරුදු වෙලා...අන්තිමට මෙහෙම ලියන්නවත් හිතුණා.....ස්තුතිය් අපූර්වි...මේ ලස්සන කාලය බෙදාගන්න ආවට...
Deleteඅතීතයට ලොබ බැදීම
ReplyDeleteසුන්දරයි නේද...
මතක අලුත් කළ කවියක්...
ජයවේවා
මේ වගේ අතීතයකට ලොබ බැඳීම අතිශය සුන්දරයි මහේෂ්...ඇත්තමයි...කිසිම තැනක දුක හිතෙන තැනක් නෑ ළමා කාලයේ...තියෙන්නේ ඒක ආපහු එන්නේ නෑ කියන දුක විතරමයි....ස්තුයියි මහේෂ්....ජය වේවා...
Deleteසුරංගනා කතා අසා බත් කට කට කවාගන්න
ReplyDeleteආසයි මට දඟ කරන්න පුංචි ළමා වියට යන්න
ඒක ඇත්ත ඉවාන්....ඒ කාලය තරම් සැහැල්ලු සුන්දර කාලයකට අපි හැමෝම මේ තරම් ආස වෙන්නෙ අද අපේ හිත්වල තියන පීඩනය හින්දම කියලා මට හිතෙනවා...ස්තුතියි ඔබට අතීතය බෙදාගන්න ආවට...
Deleteඒකනං කොරන බෑ මචෝ.. පුංචි කාලෙට ගියාම අනුමය්හ වෙන්න බෑ නොවැ.. මෙහෙම හොඳා !!
Deleteඋඹ කියන එකත් හරි....ඒ කාලෙ මතක් වෙන එක වළක්වන්න නම් බොන්නම වෙනවා නේද.....
Deleteඔය ඇඩිල්ල නවත්තල කාලාවතරණය කරහං.. වැඩේ හරි..
ReplyDeleteහා....එහෙම කරන්නම්....ස්තුතියි දේශකයෝ...
Deleteඇත්තෙන ඒ කාලෙ ආයෙත් එනවා නම්!!!
ReplyDeleteඔව් ප්‍රියා...ගොඩක් අය ඇත්තටම කැමති මේ කාලයට තමයි....ඒ අපි අවංකවම සතුටු වුණේ මේ කාලෙ හින්දා...ස්තුතියි ඔබට අතීත සැමරුම් අතරට ආවට.....
Deleteඔය අතීත ආවර්ජනය නැති කෙනෙක් නැහැනේ.
ReplyDeleteලස්සන අතිතේ අමතක කරන්න බැරි මතක.
ඔව් මනෝජ්....ඒ අතීතෙ ලස්සන ගැන විස්තර කරන්න මෙහෙම බෑ...ඒත් පුළුවන් තරමින් කළේ ඒ තරම්ම ඒවයෙ සොඳුරු බව හදවතට දැනුණු හින්දයි....ඔබට ස්තුතියි මනෝජ් ඒ සුන්දරත්වය බෙදාගන්න ආවට...
Deleteඇහැට කඳුළක් එක්ක ගතකල ඒ කාලය මතක් වුණා
ReplyDeleteඇත්තෙන්ම නලියා මටත් ඒ කාලය නැවත එන්නේ නෑ නේද කියලා මතක් වෙද්දී ඇහැට කඳුලක් එන එක නවත්තන්න බැරිවුණා....මට ඒ කාලය ආයෙමත් මතක් වුණේ මේ දවස්වල වහින මහ වර්ෂාවත් එක්ක තනියම ඒ වැස්ස දිහා බලාගෙන ඉන්න වෙලාවක...මගේ හිත නොදැනුවත්වම ඒ අතීත සුන්දරත්වය හෙව්වේ අද අපි මේ මොනවද කරන්නේ කියන හිස් බවත් එක්කමයි...ඔබට ස්තුතියි නලියා...
Deleteනෙතට උළෙලක්
Deleteවිය එදා ඔබ
කඳුලු බිඳුවක්වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්වුනිද මන්දා..
ඔබෙන් තොරවූ
ලෝකයක් ගැන
හිතන්නටවත්
නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක
ගෙන එන්න කැන්දා...
ඔබේ රුව රසඳුනක්වූවට
කමක් නැහැ
මට තවත් ඇසකට
නමුදු ඒ රුව
තවත් කෙනෙකුට
අයිතිවනු බැහැ
දරාගන්නට....
කරුණාරත්න දිවුල්ගනේ..........
මේ ගීතය කොහොමද විදානයෝ මෙතනට ගැලපෙන්නේ...තරහ නැතුව ටිකක් පැහැදිලි කරනවද...
Deleteමෙහෙමයි අසංක... මට හිතෙනවා දැං මේ ගීය ගැන මට හිතෙන හැටි පොඩිඩක් කියන්න..
Deleteඅසංක, අසංක ජීවිතේ එකම එක පාරක් ප්‍රථම ප්‍රේමයට මුහුණ දීලා ඇති.. ඒ ප්‍රේමය නියම් ප්‍රේමයක් හෝ අනියම් ප්‍රෙමයක් හෝ ඒක පාර්ශවික ප්‍රේමයක් වන්නට ඇති.. අපි හැමෝම එහෙමයි.. ඉතිං බොහෝ දෙනෙක් මේ පලමු පෙම ඇතිකරගන්නේ පාසැල් කාලයේදීමයි.. සුවඳ තැවරූ කොල වල මුතුකැට අකුරු වලින් ලියූ පෙම් හසුන් පොත් පත්වල පිටු අතරට වෙලා හුවමාරු වෙන්න ඇති.. මහා ලොකු තෑගි බෝග නැතිවට ලේන්සුවක්, පෑනක්, කොන්ඩ කට්ටක් වගේ පුංචි පුංචි හැබැයි මහ මෙරක් තරම් වටිනා තෑගි බෝග හුවමාරු වෙන්න ඇති..
එවේ ප්‍රේමය හමාර වෙලා කාලයක් ගතවෙලා ආයේ ඒ පෙම මතක් උනාම මේ ගීතය මතක් වෙන එක සාධාරණයි.. මොක ද අසංක මෙතැනදි අපි සාපේක්ෂයි අපිට සාධාරණව අපි විසින්ම හදාගත් හේතු ගොඩක් එක්ක අපි බිඳුනු පෙම දිහා බලනවා.. එත් තාමත් පොඩ්ඩක් ලෝබයි, ඉරිසියයි.... yela.. yela..
ඔබ හරියටම හරි විදානේ....මේ අර්ථයෙන් ගත්තොත් නම් අතීත මතකයන්, සැමරුම් ගැනනම් කියලා වැඩක් නෑ....ඒ ගැන ලියන්න එක කවියකිනුත් බෑ...ඔබ හරි...ඔබට වගේමයි හැමෝටමත්...තම තමන් ලබාගත් අත්දැකීම් එක්ක ජීවිතේ කතාව ගලපගන්නවා...ඔබට ස්තුතියි විදානේ අළුත් පැත්තකින් මේ ගැන හිතලා මෙය ලස්සන සංවාදයකට ගත්තට....
Deletegodak lassanai...e athitheta giya...
ReplyDeleteGodak stutiyi Rehani...Onna mamath unicode natiwa Rehanigema kramayata stuti kala....
Deleteබොරු කියන්න එපා රෙහානි, ගියානං මට හම්බෙන්නෙපැයි හැක් හැක්
Deleteඒ කියන්නේ විදානෙගෙ අතීතෙ රෙහානිත් ඉඳලා...එහෙම නැත්නම් රෙහානිගෙ අතීතෙ විදානෙ ඉඳලා...මේකෙන් කොයිකද හරි...??
Deleteපුංචි කාලේ අපි සිංදු කියපු හැටි,
ReplyDeleteපැන්චියෙ මට මතකයි...................
පුන්චි පැටික්කිට වෙච්ච පොරොන්දුව,
ඉර හඳ වගේ මතකයි............ හැක් හැක්..
ජ ය වේ වා !!!!
එකෙන්ම බොසා …
Deleteඅපි දෙදෙනයි එකට පාසැල් ගියේ
ගස් හෙවනේ ඉඳං පාඩම් කලේ
ඈ සමංගින් එදා ඒ මා තමා
අද් නැතුවා වගෙයි ඈ මේ ගමේ…
උඹල දෙන්නම තකට තක...ජය වේවා...ජය වේවා....ඔහොම යං....
Deleteඉඳුන් මහේ නෙත මුලින්ම දුටුදා මා හා හිනැහුනු අහිංසකාවිය
Deleteඅදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ පුරුදුහර්‍ඩන් ඇයි හිනා ොවන්නේ....
මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්
පොඩි කාලේ මරද වැල්ලේ....
Deleteවැලි බත් උයාපු කෙළ්ලේ..
වැලලී ගියා අතීතේ..
කෝ බැන්ද ඕලු මාලේ...
දඟකාර ඔය දෑස දුටුවා එදා
Deleteදුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //
උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා
දඟකාර ඔය දෑස දුටුවා එදා...
සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා
දඟකාර ඔය දෑස දුටුවා එදා...
ගායනය - සනත් නන්දසිරි
සංගීතය - රංජිත් පෙරේරා
ගීපද - සුනිල් ගුණවර්ධන
මේ සංවාදය හින්දා දැන් දැන් අපිට සුන්දරම සුන්දර ගීත වගයකුත් අහන්න ලැබෙනවා...බොහොම ස්තුතියි සින්දු ඇනෝ, විදානේ ඔබ දෙපළට...
Deleteපාසලේ එදා උන්නේ එකම පංතියේ
Deleteආලෙ පෙන්නුවේ මට බොරුවටද නංගියේ
ඔයා දුන්න පින්තූරය ගෙදර බිත්තියේ
රාමු කරල එල්ලුවෙ නෑ ඒක පෙට්ටියේ
දෝන කතිරිනා ඉස්සර මගදි හමුවෙලා …
හුරතලේට කවි කියමින්
Deleteඑහෙ මෙහෙ ගිය මං …
බාල බොළද බස් දොඩමින්
කැලේ පැන්න මං…
බාල වියෙන් පිටමන් වී
යොවුන් වියට පිය මැන්නේ …
…පිය ළඳුනෙ
නුඹ නිසාය …//
කැදලි පුරා කුරුලු පුරේ
ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු
තුරුවැල් පෙම් කෙලිනු දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය
හුරතලේට කවි කියමින් ...... …
උනුන් හඹා දුවන පනින
සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන
ආදරවන්තයින් දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය
හුරතලේට කවි කියමින් ...... …
ගායනය හා සංගීතය :වික්ටර් රත්නායක
පද රචනය :මහාචාර්‍ය සුනිල් ආරියරත්න … …
විවිධ මාතෘකා යටතේ කරන ඔබේ නිර්මාණ මා රස විඳිනවා. ඔබ කැමති නම් ඔබේ නිර්මාණ මගේ ශ්‍රී ලංකා විත්ති මාසික වෙබ් ප්‍රකාශනයේ ඇතුළත් කරන්න පුළුවන්.
ReplyDeletesri lanka-viththi is a US based monthly publication. Go to the contact page and follow instructions. Thank you.