Thursday, August 29, 2013

කෝම යන්න ද වෙන්වෙලා ........................






නීල දෙනුවන් අමතද්දි
මයේ නෙතට
සත්තමයි,
ඔබට වාගේම
අමතක වුණා සොඳුර
අපි අපේ නොවන වග .......................

එහෙත්,
ළං වුණා සසර පුරුද්දට ....................

දැන් ළඟයි යළිත් අප
වෙන්වෙන්න ......................

තරුමල් දහසක් ඇත ඔය තුරුලේ
සඳට අවසරයි බැසයන් සබඳේ
දනිමි අහස ඔබ හඩනා නිබඳේ
අහසට සඳට ඇයි ඔබ පෙම් පිරුවේ ............................


කාංචනා චන්ද්‍රසේකර

.

Monday, August 26, 2013

බඹසර ..................................

ගෙත්තම් කළ
සිහින සිතුවම් ..............
සිත්තම් කළා
හදේ මල්කම් ..............

මන්මත් කළා
සුපෙම් මල්දම් ..............
වත්තම් කළා
මහද යන්තම් ..............

සුපෙම් මූ දෙනෙත්
යුගාතරින් ..............
ගැලූ නෙතුසර
මල් සරින් ..............

නොවී මුසපත්
පපුතුරින් ............
ඉදිමි මම තවම
බඹසරින් .............................


කාංචනා චන්ද්‍රසේකර

.

Sunday, August 25, 2013

සබඳ ................................




 හන්තාන කන්දෙන් රැගෙන ආ
මුතුමල් වැහිපොද අතරින්
මා හා යාවුණු ‍සොදුරු නෙත් යුග
පතා ඉඳිමි මම. මවෙත වඩිනු මැන ...............................

ආදරේ පිවිතුරු සුපුන් සඳ
අවදි කළ මගේ පෙම් සිත
ඔබ මගෙයි කියා කියූ සඳ
සිතින් ලංවුණා ඔබට නිබඳවම ..................

උණුසුම් වූ ඔබේ දෙනෙත්
යා වෙද්දි මයේ නෙතට
සබඳ,
නිබඳවම දැනුනා මට
මතුභව සසරක සුපෙම් පුරුද්දම .................

සබඳ,
ගියත් ඔබ දුරු කතරක
ඔබම පතා ඉමි මතුභව සසරක
සඳේ ඔබට මතකද අප සවසක
නෙතින් ලංව උන්නා එක දවසක ..............

මගේ සිත් අහසේ ලියැවුණ
සොදුරු සිහිනයක් අරගෙන
පිය මනිනු මැන සොඳුර මා‍වෙත
එදා ස්නේහය යළිත් අරගෙන .......................................


කාංචනා චන්ද්‍රසේකර

.

ස‍ද සහ මම ........................


සීත රෑ සඳ පායලා
කොඳ පොට්ටු ඇත පීදිලා
නෙතින් ගලනා කඳුළු බිඳුවක
දුක් කතාවක් ලියැවිලා .......................

කො‍හේදෝ දුර ඈත ඉඳ ඔබ
සිනාසෙනවා ආදරෙන් මට
කඳුළු රූරන් කම්මුලෙන් බැස
පිය මනිනවා ඔබ දකින්නට ..........

වේදනාවෙන් පිරුණු මා සිත
නිවනවා සොමි සඳ කිරණ දැක
ඒත් දෑසින් වට කදුළු කැට
උණුහුමෙන් පිරි වග දැනේ මට ............


තුෂාර විතාරණ

.

Saturday, August 24, 2013

දූරියන් ද ........... ඇපල් ද ....................

දූරියන්............ගඳයි.
කාලා බලන්න, පුදුම රසයි.
ඒ වගේ ම ගුණයි.
කාපු අය ආයේ හොය හොය කන්නේ............
කාටවත් දෙන්නේ නැහැ.
පෙරේතකමට බිම පෙරළගෙන කන්නේ.
හැබැයි ටිකක් ගණං.
හැමදාම නෑ.............. හැමතැනම නෑ

ඇපල්..................සුවදයි
කාලා බලන්න, ටිකක් සුවඳයි
ටිකක් විතර ගුණයි.
කාපු කෙනෙක් ආයෙම කවුරුහරි දුන්නොත් විතරයි කන්නේ.
තනියම කන්නේ නෑ.
ළග ඉන්න අයටත් අනිවාර්යෙන්ම දෙනවා.
ගොඩවල් ගානට විකුණන්නේ.
විලි ලැජ්ජා නැති අඩු ගානට.........
හැමදාම තියෙනවා..............හැමතැනම තියෙනවා

ඉතින් ඔබේ තේරීම
දූරියන් ද ? .......... ඇපල් ද ?

- අසංක -

.

සඳට කියූ කවිය .................. I


නිහඬ මැදියමේ
වෙලෙන මා සිතේ
සොඳුර නුඹ මගේ
සිහිනයක් ම වේ

ඇසුරු සැනෙකින් හමුවෙලා
රුසිරු පෙමකින් ලංවෙලා
වෙන් ව ආවත් තනිවෙලා
නුඹේ සිහිනය මගෙ වෙලා

සීත සුළඟක දැවටිලා
ලොවට රහසින් ලංවෙලා
සිහිනයේ නුඹ දැවටිලා
සරා සඳ මා නුඹෙ වෙලා

මගේ සිහිනයේ වෙලීළා
ඉඳිමු අපි හද බැඳීලා
හිරුගේ ලෝකෙදි වෙන්වෙලා
සඳුට ඉඩදී සැනසිලා

සොදුරු නෙත්යුග සිහිවෙලා
ඉන්නේ කෙලෙසද හිනැහිලා
සීත සුළඟක පැටලිලා
එන්න සඳවත මා සොයා ...............................


කාංචනා චන්ද්‍රසේකර

.

Friday, August 23, 2013

පඹහින්නෙන් කැළණියට ................


විදුලකර පින්බිමේ
මුණගැසුණු අතීතේ
යළිත් මා ගිලෙනවා
සබරගමු පින්බිමේ .............

පරවියන්ගල කන්ද
පෙනෙනවා සොඳුර මට
දැනෙනවා එදා දුන් සුසුවඳම
උදා හිරු කිරණ අතරින්
සරසවිය පසුකරන්
දෙපා ඔසවද්දි මා
වෙලෙනවා සිහිනයේ..................
සබරගමු පින්බිමෙන්
විදුලකර පින්බිමට
යළිත් මා ගිලෙනවා
සොඳුරු ඒ සිහිනයේ ........................

කාංචනා චන්ද්‍රසේකර

.

Wednesday, August 21, 2013

සන්සන්දනය .............................


සැලී ලෙළ දෙයි, සිතුම් සසලයි,
මන බඳියි, මා නෙත් පිනයි.
එදා කවියෙක් ලෙසට මා එය,
සමකරන්නෙමි පහන් සිලකට.

රෝස නාදළු දෙතොල්මා සිත,
කිති කවයි, ආලය වඩයි.
නිල් උපුල් වන් දෙනෙත් බැල්මට,
අකුල් හෙලුමකි ඇහේ පිල්ලම.
මෙදා කවියෙක් ලෙසට මා එය,
සමකරන්නෙමි හදේ රූපෙට.

සැලෙන බඳ සම කළේ සිලකට,
දෙනෙත් දිලි‍සෙන දෙතොලේ රූකම
සමකළෙමි මම හදේ රූපෙට
නමුත් පැනයකි එක් කරන්නට
පුරා සඳකිය, පහන් සිලකිය.......................................


තුෂාර විතාරණ

.

Saturday, August 10, 2013

බලාපොරොත්තුව , සැකය සහ භය


හීං පොද වැස්සක් වැටිලා
ලස්සනට මල් පීදිලා
පුංචි හීතල හුළං රැල්ලක් එක්ක මුහුවුණු
බටිති ගීතයක් අහං ඉන්නයි .......................... බලාපොරොත්තුව

හීං පොදයක්වත් නැතුව
මල් පෙති පරවෙලා
හුළගක්වත් නැතිව දාඩිය හැ‍ළෙන
බටිත්තොත් විඩාබර කරයිද කියලයි ................................සැකය
පොද වැස්ස මොර සූරලා
මල් පෙති පොඩි කරන්
මහා හුළගක් එක්ක හා වෙලා
බටිත්තොත් ගහගෙන යයිද කියලයි ...................................භය

මේ විදිහට,
හැම බලාපොරොත්තුවක් ම,
සැකය සහ භය අතර ස්ථානගත වෙනවා.


තුෂාර විතාරණ

.

Thursday, August 8, 2013

දුකට කියන කවි ................ lll



කොඳ මලක සුමුදු බව සමනලුන් දන්නවා
මකරන්ද පවස විඳ බඹරු මල් තලනවා
ප්‍රේමයක සොදුරු බව කවි හිතක් දන්නවා
මාත් මගේ කවි හිතත් නුඹ නිසා තැවෙනවා

සැඟවෙන්න ඉඩක් නැති මගේ හද මන්දිරය
පළාගෙන දෝරයන කදුළු හරි උණුහුම්ය
මා දමා නුඹ යන්නේ නොදන්නා විලසින්ය
අපි ම අපි හඩවාපු අතීතේ කතන්දරය

ඔහෙන් එන මදපවන් ආදරෙන් සිඹින්නම්
ඔහෙන් එන සුළඟ තුළ නුඹේ ස්වර සොයන්නම්
ඔහෙන් එන සමනලුන් දන්න තතු අහන්නම්
ඔහෙන් ඔබ එන තුරා මගබලා හිදින්නම් ..........................


තුෂාර විතාරණ

.

Monday, August 5, 2013

එදා මාවිල්ආරැ .................... අද රතුපස්වල






එදා මාවිල්ආරු සොරොව්ව,
දෙමළ ජනතාවට වගා කරන්න වතුර දෙන්න,
හමුදාව ම කැපවී කළා.
''මානුෂීය මෙහෙයුම''
ඉවර කළේ,
ප්‍රභාකරන් මරා දමා,
නන්දිකඩාල් කලපුවේදී .......................

අපි කිරිබත් කෑවේ,
නුවරපාර අයිනේ ..............................


අද රතුපස්වල,
බොන්න වතුර ටිකක් ඉල්ලපු අමු සිංහල ජනතාවට,
හමුදාව කළා.
''අමානුෂීය මෙහෙයුම''
ඉවර කළේ,
තරුණයින් තුන්දෙනෙක් බල්ලෝ වගේ මරලා දාලා,
නුවරපාර අයිනේ ........................... කානුවක

අපි කිරිබත්කාපු,
නුවරපාර අයිනේ  ...............................


තුෂාර විතාරණ

.
Related Posts Plugin for WordPress, Blogger...