Thursday, January 7, 2016

කුරුටු ගෑ ගී පවුර ගෙඩි පිටිං හොරකම් කරලා............



කුරුටු ගෑ ගී පවුර කියලා මේ වෙද්දි බුකියේ පවත්වා ගෙන යන ගිණුමක් පිළිබද ව අද සින්දු අැනෝට විස්තරයක් ලැබිලා ඒ ගැන අපිව දැනුවත් කළා. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා කලින් වතාවකත් අපේ මිතුරෙක් කියලා තිබුණාට ඒක ගැන අපිට කිසිම විස්තරයක් හොයාගන්න හැකි වුණේ නැහැ. ඒත් මේ වෙද්දි හොද සාක්ෂියක් ලැබිලා තියෙනවා. සත්සරණී කෝකිලා මධුමතී යන නමින් මේ බුකි ගිණුම අයිති පුද්ගලයා අපේ අනන්‍යතාවය හොරා ගැනීම ගැන පැහැදිලි ව ම අපිට කණගාටුවක් තිබේ.

මෙය ක් අතකින් අපේ අනන්‍යතාවයට ගැටළුවක් අැති කරන අතර ම අප අඩවියේ හෙඩරයේ අැති නම තම බුකි ගිණුම සදහා අමු අමුවේ භාවිතා කිරීම ද කණගාටුවට කරුණකි. අප අඩවිය වෙත පැමිණ මෙම සොරා ගැනීම සිදු කොට අැත්නම් ම ලැජ්ජා සහගත ක්‍රියාව අප හෙළාදකින බව ද ප්‍රකාශ කළ යුතුය. කෙසේ වෙතත් මෙය වසර ගණනක් අප විසින් ගොඩනගා ගත් අනන්‍යතාවය පිළිබද පැහැදිලි ගැටලුවක් මේ වන විටත් අප හමුවේ බිහිකර හමාරය.

මෙය සිදුවිය හැකි තවත් අාකාරයක් තිබේ. නම් කුරුටු ගෑ ගී පවුර යන නමින් ගූගල් සර්ච් කළ විට රූපයක් ලෙස අපගේ හෙඩරය ලැබීමයි. ය තැනින් ලබා ගත්ත ද මෙම රූපය හිමි වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය කුමක් ද යන්න ගැන සොයා බැලීමට අදාල පුද්ගලයාට පැහැදිලි යුතුකමක් අැති බව ද අප විශ්වාස කරන්නෙමු. කම නමින් බ්ලොග් කිහිපයක් පවා අාරම්භ වන තත්වයක් යටතේ මෙය අහඹු ලෙස සිදුවිය හැක්කක් බව අප ප්‍රතික්ෂේප නොකරන නමුත් මෙමගින් අපගේ අනන්‍යතාවයට සිදුවන හානිය වැනි තර්ක වලින් වසාලිය නොහැකි බව අපගේ අදහසයි. 

මෙම බුකි ගිණුම පිළිබද වැඩි විස්තර සොයා බැලීමට හෝ මේ පුද්ගලයා සම්බන්ධ කරගෙන මෙම ගැටළුව පිළිබද විමසා බැලීමට හැකියාවක් නැත්තේ බුකිය තුළ අපගේ ක්‍රියාකාරීත්වයක් නොමැති නිසාය. රූපයෙන් පැහැදිලි වන අාකාරයට මෙම ගිණුම හිමි අය පැරණි ගීත සම්බන්ධ කටයුතු කරන අයෙකු බව පැහැදිලි වෙයි. සින්දු අැනෝට වැනි ගීත සෙවීමේ දී මෙය හමුවන්නට අැතැයි සිතිය හැකිය. කෙසේ වුව ද කුරුටු ගෑ ගී පවුර නම් බ්ලොගයක් සිංහල බසින් ක්‍රියාත්මක වනු අැතැයි සත්සරණී කෝකිලා මධුමතී යන අය නොදැන සිටීමට හැකියාවක් අැති බවට ද අප නම්‍යශීලී ව විශ්වාස කරන්නෙමු. (සමහර විට මෙම බුකි ගිණුම අපගේ බ්ලොග් ලිවීමට පෙර අාරම්භ වූවක් ද විය හැකිය.) 

තත්වය කෙසේ වුව ද අපට තව දුරටත් පවතින ගැටළුව වන්නේ අප වසර ගණනක් තිස්සේ පවත්වා ගෙන යන බ්ලොග් අඩවියෙහි අනන්‍යතාවය අභියෝගයට ලක්වන අාකාරයේ ක්‍රියාකිරීත්වයක් බුකිය තුළ හෝ වෙනයම් ස්ථානයක සිදුවීමයි. මෙම සිදුවීම බ්ලොග් ලියන නොලියන, කියවන, ඔබ සැම ද අනුමත නොකරනු අැතැයි අප උදෙක් ම අපේක්ෂා කරන්නෙමු. බැවින් මෙම ගැටලුව විසදා ගැනීමට හැකි සහයෝගයක් ලබා දෙන මෙන් ඔබ සැමගෙන් කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.........


කතු කිරීම 01

දැනට පැහැදිලි අාකාරයට අපේ බ්ලොගයේ හෙඩරය පමණක් නොව හි අැති ''හිතේ මැවෙන අදහස් වල පද ගැලපෙන තැන'' යන්න පවා මෙම බුකි ගිණුමේ ඒ අාකාරයෙන් ම සදහන් වෙන බව සොයා ගැණුනා. තත්වය මෙසේ හෙයින් මෙය පැහැදිලි ව ම සොරා ගැනීමක් යැයි කීමට තරම් කරුණු තියෙනවා. මේ කරුණු අනුව මේ පුද්ගලයා අපේ බ්ලොගය වෙත පැමිණ අැති අයෙක් බවත් පැහැදිලි වෙනවා.

බ්ලොග්කරුවෙකුගේ අනන්‍යතාවය මේ අාකාරයට සොරා ගැනීමට ලක්කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් වන අතර ම අපට අැති ප්‍රධානම ගැටලුව වන්නේ අප විසින් මෙතෙක් ගොඩනගා ගත් අනන්‍යතාවය තවත් අයෙක් විසින් හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධියේ ම සොරා ගැනීමයි. හිතේ අැතිවන කණගාටුව සහ තරහව අමුතුවෙන් ඔබට ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවනු අැතැයි විශ්වාස කරන්නෙමු. මෙය අපගේ බ්ලොග්කරණය ගැන අප දැඩිව කළකිරීමට ලක්කරමින් තිබෙන බව ද මෙහිලා පැවසිය යුතුය. 


විශේෂ ස්තූතිය - සින්දු අැනෝට


කුරුට්ටෝ

.

128 comments:

  1. සැබවින්ම මෙම ගී පවුරේ රූපය දුටු සැනින් ගී පවුර සිහිගැන්වෙනවා.. මේ පිළිබඳව වහා දැනුවත් කළ යුතුයි. ඉන් පසුවත් එය එලෙසම නම් ක්‍රියාමාර්ගය ගත යුතුයි.
    අපි ගී පවුර සමගයි
    ජයවේ ගී පවුර!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ.......... ඒ වචන අපිට ලොකු හයියක්...

      ඉක්මනට ම අැය දැනුවත් කිරීම අවශ්‍යයි.... අපිට තාමත් අැත්තේ ඒක ම ඒක ගැටලුවක්.... මෙය නොදැනුවත් ව සිදුවන්නක් ද යන්නයි....

      Delete
  2. https://www.facebook.com/groups/1429165250728068/?fref=ts

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ කුරුට්ටෝ උඹලාගේ මුහුණු පොතේ ගෘප් එක කියලා ..අපේ බ්ලොග් කියවන හිතවතුන් ගොඩක් එතැන සාමාජිකයන් ..මම හිතන්නේ හැමෝටම පැටලිලා වාගෙයි ...
      තව දෙයක් "පත්තර මල්ලි " නමින් මුහුණු පොතේ ඉන්නෙත් අපේ වල් පත්තරයා නොවන බව කාරුණිකව දන්වන්නැයි පැවසුවා ...

      Delete
    2. සින්දුවෝ..........

      අපේ බ්ලොග් සහෘදයන් බොහොමයක් ඒතැන සිටිනවානං අනිවාර්‍යයෙන් ම ඔවුන් පටලවාගෙන අැති බවක් පෙනේ.... ඒසේ ම ගූගල් ගොස් සර්ච් කරත් අපේ බ්ලොගය ඒසැනින් පෙන්වනවා... මෙවැනි තත්වයක් තුළ මේ කෙනා කරනා දෙය ගැන නම් පැහැදිලි සැකයක් අපිට තියෙනවා......

      Delete
    3. මචෝ මම මේ පොස්ට් එක බුකියේ දැම්මා ...බලමු මොකද වෙන්නේ කියලා ..එතැන සාමාජිකයන් 9000 ට වඩා ඉන්නවා ..මම හිතන්නේ වැඩි කාලයක් නැතුව ඇති ඒක පටන්ගෙන ...අඩුම තරමින් "හිතේ මැවෙන අදහස් වල පද ගැලපෙන තැන " කියන එකත් තියනවා ..ඉතින් මචෝ අපේ අය රැවටෙන එක අහන්නත් දෙයක්ද ? මට ඒ අදාළ තැන මේ පොස්ට් එක දාන්න විහිහක් නැ ,මම එකේ සාමාජිකයෙක් නොවන නිසා ...

      Delete
    4. සින්දු මෙහෙම අපිට විස්තර කියනවාට ස්තූතියි...... තාම ඒ පැත්තට යන්න විදිහක් හොයාගන්න බැරි වුණා..... ඒකට උත්සහ කරන්නම්....... අපේ හෙඩරය විතරක් නෙමෙයි අනික් දේවලුත් මේ විදිහට භාවිතා වෙනවා නං මේක හොරකමක් කියලා පැහැදිලියි. අැත්තට ම සින්දුවෝ හිතට දැනෙන්නේ මාර දුකක්.... අැත්තට ම වේදනාවක් හිතෙනවා...

      අපි බුකියෙේ නැහැ කියලා අපි නිතර ම කියනවා... මේ කෙනා කවුරු වුණත් ලැජ්ජා නැති වැඩක් කරනවා කියලා දැන් තේරෙනවා.......

      Delete
    5. මේලක් දැම්මා ..බලපන්

      Delete
    6. බැලුවා................ මේ ගැන විස්තර ලැබුණොත් කියපං......

      Delete
  3. මේ පිලිබදව කම්පා වීමෙන් වැඩක් තියෙනවද?
    දැන් ඔබලා මෙහි යොදාගෙන තිබෙන ජායාරූපය ඔබලා විසින්ම ලබා ගන්නක් නොවන බව පෙනේ එයද කිසියම් හෝ ස්ථානයකින් ගන්නා ලද්දකි.
    ඔබ කවියෙන් කවියට දමන ජායාරූපද ඒ ආකාරයෙන් අදාල පුද්ගලයින්ගේ අනුමැතිය සහිතව යොදා නොගන්නා බව මම විශ්වාස කරමි
    උදාහරණ ලෙස ජනාධිපතිගේ මංගල ජායාරූපය, මර්වින්ගේ රුව ආදිය......

    කෙලෙස වුවද දැනුවත්ව හෝ නොදැනුවත්ව facebook ගිණුම සදහා යොදාගෙන තියෙන්නේ ඔබලා විසින් කාලයක් තිස්සේ ගොඩනංවන ලද නමක්ය. ඔබලා ගේ අරමුණ අනුව ඔබලා කටයුතු කරන්නේනම් එමගින් වෙනත් ස්ථානයක ඔබගේ නම යොදාගෙන තිබුනාට ගැටලුවක් ඇති නොවනු ඇත.

    මීට වසරකට කලින් සිරිසේනලා දෙදෙනෙකු කරලියට පැමිණියද නියම සිරිසේනව මිනිසුන් විසින් සොයාගන්නා ලදි
    එමෙන්ම දැනට ඔබලා සහ ඔවුන් කාර්යයන් දෙකක් කරන බැවින් ගැටලුවක් ඇති නොවනු ඇතැයි සිතමි.

    එකම නමින් පුද්ගලයින් කිහිප දෙනෙකුට සිටිය හැකිනම් එකම නමින් බොලොග් තිබුනාට කම් නැත.

    ඔබලා විසින් හරි දේ පාඨකයාට ලබා දේනම් ඔබලාට කැමති පාඨකයින් ඔබ සමගම රැදෙනු ඇත ඔබලාවම සොයාගෙන එනු ඇත.

    මා “කුරුටු ගෑ ගී පවුර“ නමින් සදහන් බිත්ති පුවත්පතක්ද දැක ඇත

    ReplyDelete
    Replies
    1. මෙම ජායාරූපයේ සිටින http://kurutugegeepawra.blogspot.com/2014/12/blog-post_7.html ගැහැණු ළමුන්ගේ රූපය ප්‍රසිද්ධ කිරීමේදි ඔබලා විසින් ඔවුන්ගේ අදහස ලබා ගත්තාද?????????

      ඒක කොයි තරම් හොද වැඩක්ද?????

      Delete
    2. කමෙන්ටු දැමීමට අපගේ බ්ලොගයට අාවාට මුලින් ම ඔබව උණුසුම් පිළිගැනීමක් කරන්න අපිට ඉඩ දෙන්න.

      මේ තරම් කණගාටුවට පත්ව අැති අවස්ථාවක ඔබ ලබා දී අැති උපදෙස් ගැන සතුටු වෙන්න ද කණගාටු වෙන්න ද කියලා නැවත නැතවත් කල්පනා කරමින් ඉන්නවා.

      අප විසින් පෝස්ටු සදහා භාවිතා කළ අැති රූප සහ අප විසින් කුරුටු ගෑ ගී පවුර නමින් නිර්මාණය කරන ලද හෙඩරය ඒ අාකාරයෙන් ම ඔසවාගෙන ගොස් තමන්ගේ බුකි ගිණුමට භාවිතා කිරීම සොරකමක් බව ඔබට නොවැටහීම ගැන ද කණගාටුවක් අැත.

      රූපය පැත්තකින් ම තිබ්බත් "හිතේ මැවෙන අදහස් වල පද ගැලපෙන තැන" යන අදහස් වචන වෙන වෙන ම සොරකම් කළ හැකි වුව ද ගොඩි පිටින් සොරකම් කිරීම ගැන ඔබට නොවැටහීම ගැනද අැත්තේ කණගාටුවකි.

      දැනට සොයාගත් කරුණු වලට අනුව බ්ලොග්කරුවන් රැසක් මෙම ගෘප් ඒකට සම්බන්ධ වී අැත. ඒ සම්බන්ධ වන්නේ බ්ලොග් ලියන කුගෑගීප කියලා හිතාගෙන කියන දේවත් ඔබට නොවැටහේද?????

      මා දන්නා තරමින් ඔබ බ්ලොගයක් ලියන්නේ නැත. ඒ නිසා අපි ගොඩනගාගත් අනන්‍යතාවය ගැනවත්, ඒක වෙනකෙකු සොරකම් කිරීම ගැනවත්, ඒයින් අපිට දැනෙන දේ ගැනවත් ඔබට නොවැටහීම ගැන නම් අපි කණගාටු නොවන්නෙමු.....

      කුරුටු ගෑ ගී පවුර නමින් බිත්ති පුවත්පත් ගැන සදහන් කරමින් ඔබ කියන දේ ගැන අැත්තේ කණගාටුවක් නොව ලැජ්ජාවකි.....

      මොනවා වුණත් කිව යුතු ඒක් දෙයක් තිබේ... මේ බුකියේ කරන ලද සොරකම දැනගත් විට දැනුණ කණාටුවට වඩා ඔබගේ අදහස් කියවූ විට කණගාටුවක් දැනුණ බව නොකියා බැරිය........

      කුරුට්ටෝ...........

      Delete
    3. //මෙම ජායාරූපයේ සිටින http://kurutugegeepawra.blogspot.com/2014/12/blog-post_7.html ගැහැණු ළමුන්ගේ රූපය ප්‍රසිද්ධ කිරීමේදි ඔබලා විසින් ඔවුන්ගේ අදහස ලබා ගත්තාද//

      අනේ ප්‍රදීප්.............. කෙනෙක් කරදරයට ලක්වුණා ම ඔබලා වැනි විකෘති මානසිකත්වයන් අැත්තවුන් හරියට සතුටු වෙනවා නේද???? 

      මෙතැන පල්ලෙහායින් උඩ පනින කෙනාත් බලන්නකෝ..... මේකත් හොදයි...... ඔබ දෙදෙනා අපිව තව තවත් දිරිමත් කරනවා.... මේ අදහස් වලට අපිව කවදාවත් වට්ටන්න බැහැ.....

      ඔබ පෙන්නූ රූපයේ අැති ගැහැණු ඔබලාට වඩා පිරිමි ලක්ෂණ අැත්තන් බවනම් විශ්වාසයි.......

      Delete
    4. මම කියන්නේ තමන් කටයුතු කරන ආකාරයටම තමයි අනිත් අයත් කටයුතු කරන්නේ කියල. ඔයාලත් වෙන තැන් වලින් දේවල් ගන්නව. ඒ මිනිස්සුත් ඔයාලගේ දේවල් හොරකම් කරල තියෙනව.

      ඔයලා තමන්ගේ අදහස් ලියන්න මේ බොලොග් එක පාවිච්චි කරනවනම් මිනිස්සු ඇවිල්ල ඹයාලගේ දේවල් රසවිදිවි. ඒ අනුව එකට කැමතිනම් මිනිස්සු ඔයාලව හොයාගෙන ඒවි. ඔයාල හිතට දුක ඇති අපි හදාගත්ත අපේ නම කියල.

      ගත්ත මිනිහ ඔයාලගේ බ්‍රැන්ඩ් නේම් එක අරගෙන ඒ මිනිහගේ වැඩක් කරගෙන යන්ව, හොරකමක් තමයි වෙන්නේ හැබැයි ඔයගොල්ලො ශුද්ධවන්තයො නෙමෙයි කියල මම කියුවේ. ඔයාලත් කොහෙන් හරි ගත්ත දෙයක් තමයි සමහර තැන්වල දාල තියෙන්නේ කියල මම කියන්නේ.

      තව තැනකට ඔයාල කියල රුවටිලා මිනිහෙක් යනව කියල තව කෙනෙක් ඔයාලගේ නමින් වෙන තැනක වෙන මොනව හරි කරනව කියල දුක් වුනා කියල වැඩක් නැහැ. ඒක තමයි අද හැටි.

      Delete
    5. තව දුරටත් ඔබ කියන දේ අපි කියන දේ තේරුම් ගැනීමෙන් තොරවයි කියන්නේ...... ඔබට තේරෙනවානං අනන්‍යතාවය කියන දෙය කොයිතරම් වැදගත් ද කියලා ඔබට මේක තේරේවි....

      අපි රූපයක් ගැනීම සහ අපේ හෙඩරය (කුරුටු ගෑ ගී පවුර කියලා අපිම හදපු) ඒකේ හැදින්වීමට අදාළ වචන ටිකත් සමග සොරකම් කිරීම කියන්නේ දෙකක්... ඔබ කියන විදිහට ජනාධිපතිතුමාගේ රූපයක් දැමීමට ඔහුගෙන් අවසර ඉල්ල ඉල්ල ඉන්න ගියොත් කිසිම රටක ජනාධිපති කෙනෙකුට කිසිම දෙයක් කිරීමට වෙලාවක් ලැබෙන ඒකක් නැහැ..... ඔබේ තර්ක මෙතනදී ගැලපෙන්නෑ.... අපි කියන්නේ අපිට සිදුවෙලා තියෙන ගැටලුව...ඔබ මේ තරම් සොරකමක් නිවැරදි කරලා ඔහුගේ පැත්තේ හිට ගැනීමට කලින් අපේ පැත්ත ගැනත් ටිකක් මානුෂීය ව බලන්න හිතුවානං හොද නැද්ද????

      Delete
    6. ප්‍රදීප් මංගල,
      ඡායාරූපයක් පෝස්ට් එකකට දැමීමයි හොරකමයි දෙකක්.
      තවත් කෙනෙකුගෙ නිර්මාණයක් තමන්ගේ නිර්මාණයක් උද්දීපනය කරන්න යොදාගැනීමේ වරදක් සයිබරයේදි මම නං දකින්නෙ නෑ. (උදාහරණයක් විදියට පින්තූර බ්ලොග් එකක පින්තූරයක් අපේ ලිපියකට යොදාගැනීම)
      නමුත් අනුන්ගේ නිර්මාණයක් තමුන්ගේ දෙයක් වගේ දාවව නං එතන අවුලක් තියනව.
      මේ දෙක දෙකක්.

      Delete
    7. මම නං දකිනව ගොඩක් උන් පෝස්ට් එකට පොටෝ එකක් දාද්දි උනත් ඒක ගත්ත තැන ලින්ක් එක ඊට යටින් දානව..එහෙම බැලුවොත් පොටෝ එක ගහපු එකත් වැරදි නෙවැ.. මොකෑ ඌ සිරිසේනගෙ පොටෝ ගත්තෙ සිරිසේනගෙන් අහලයැ..චැහ්

      ඒකයි මේකයි දෙකක් නේද බොස්..තමන් හිතලා මහන්සි වෙලා කරපු නිර්මාණයක් හෝ හෙඩර් එකක් කවියක් වගේ දෙයක් උපුටාගත්‍තට කමක් නෑ කියමු.ඒත් ගත්තෙ මෙතනින්වත් කියනවනං ඒකනෙ මනුස්සකම..

      Delete
    8. ප්‍රදීප් මංගල මෙන්න මේවාට උත්තර දෙන්න ඒනවානං හොදයි...

      //එහෙම බැලුවොත් පොටෝ එක ගහපු එකත් වැරදි නෙවැ.. මොකෑ ඌ සිරිසේනගෙ පොටෝ ගත්තෙ සිරිසේනගෙන් අහලයැ..//

      අනික පත්තරේ රාජ් කවුරුහරි ගහක රූපයක් ගද්දි උෟ ඒ ගහෙන් අවසර ගන්නවායෑ....... උත්සවයක හරි රැස්වීමක ඉන්න මන්ත්‍රී කෙනෙක්, වෙනත් පුද්ගලයෙක් ඉද්දි ගන්න ඡායාරූපයකට ඔහුගෙන් අවසර ඉල්ල ඉල්ල පස්සෙන් යනවායෑ......

      ප්‍රදීප් මංගල මේවාට උත්තර දෙනවාද නැත්තං මෙච්චර දවස් බ්ලොගය බල බල කමෙන්ටු නොදා කුප්ප කමට හිටියා වගේ අායෙම හැංගිලා ඉන්නවාද?????????

      Delete
    9. ඔයල ඔගොල්ලන්ගේ වැරද්ද නිවරදියි, අනෙක් අය කරපු දේ වැරදියි කියනවාය

      ඔයාල අවුරුදු 3, 4ක් මහන්සිවි හදාගත් නම වෙනත් කෙනෙකු වෙනත් කාර්යක් සදහා යොදා ගැනීම වැරදි ලෙස දකිනවාය

      එහෙත් අර ගෑණු ළමයි තමන්ගේ උත්සවයකදි(ඒ ජායාරූපය ගෙන තිබෙන්නේ කුමන ස්ථානයකින්ද යන්න මම නොදනිමි)ගන්නා ලද ජායාරෑපයක් ඔවුන්ගෙන් සොරාගෙන නුඔලා භාවිතා කිරීම නිවරදියැයි කියයි. ඒ ඔවුන් වසර 25ක් 30ක් තිස්සේ තමන්ගේ ජිවිතයේ උපයාගත් දෙයක් ඔබලා ඔවුන්ගේ රූප යොදා උපහාසයට ලක් කරනවිට එම ළමයින්ට ඔබලාට මෙන් හැගිමක් ඇති නොවන්නේයැයි ඔබලා කියන්නේ කොහොමද?

      Delete
    10. අනෙකනම් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජායාරූප ඔබලා පාවිච්චි කරන ආකාරයටම ඔබගේ ප්‍රසිද්ධ හෙඩරය වෙනත් කෙනෙකු වෙනත් කටයුත්තක් සදහා භාවිතාකර ඇත.

      Delete
    11. රාජ් - මෙතන වෙලා තියෙන්නේ facebook කේ profile Picture 1ට මේ බොලොග් එකේ හෙඩරය යොදා ගැනීම, මොවුන්ගේ වෙනත් නිර්මාණයන් ඒ profile 1කේ තමන්ගේ වගේ යොදාගෙන නැහැ මම දන්න තරමට
      ඔවුන් කරන්නේ සින්දු හොයාගෙන දාන එක
      එකේ වැරද්දක් තියෙනව, මම කියන්නේ වැරදි නැහැ කියල නෙමෙයි හැබැයි මේ බොලොග් එක ලියන කට්ටියත් වෙන අරමුණකට ගහපු පොටෝ අන්තර්ජාලයෙන් අරගෙන තමන්ගේ වැඩවලට පාවිච්චි කරල තියෙනව එකත් වැරදි කියල මම කියන්නේ

      ඇයි කුරුටු ගෑ ගී පවුර ලියන කට්ටියට තමන්ගේ හිතවතියකගේ, සහෝදරියකගේ ජායාරූපයක් මේ සදහා යොදාගන්න බැරි ඒ වෙනුවට තමන් නොදන්න කෙනෙකුගේ ජායාරූපක් පල කරන්නේ, ඒ මිනිස්සුන්ව කවුරුවත් අදුරන්නේ නැහැ කියල හිතලද?????? ඒ මිනිස්සු මේ බොලොග් එක බලන එකක් නැහැ කියලද?????

      Delete
    12. අනේ සමාවෙන්න ප්‍රදීප් මංගල මේ වෙලාවේ ඔබේ මරි මෝඩ තර්කත් ඒක්ක පැටලෙනවාට වඩා අපිට අැති වුණ ගැටලුවක් තියෙනවා... මේ වගේ වෙලාවට මෙහෙම කතා නොකියා ඉන්න තරම්වත් ඔලුවක් තියෙන කෙනෙක් වෙන්න උත්සහ කරන්න.....

      අපේ හෙඩරට උස්සලා අපේ වචන උස්සලා අනුන්ගේ ගීත දාන බ්ලොගයක් (සාකච්ඡාව තුළ අාරංචි වුණ විදිහට) වෙනුවෙන් මේ තරම් පෙනී සිටීම ගැන පමණක් අපිට ගැටලුවක් අැත......

      කමක් නැහැ ඔබේ අදහස් සහ තර්ක දැක්කා ම ඒකත් සාමාන්‍යයි කියලා හිතෙනවා....

      Delete
    13. ඔබගේ හෙඩරය හොරකම් කිරීම තරමටම ඔබ විසින්ද වරදක් කර ඇති බවයි මම කියන්නේ.

      ඔබට අද ඇතිවි තිබෙන තත්වයම පෙර දිනයක ඔබ පලකල ජායාරූපයේ සිටින අයටද ඇතිවන්නට ඇතැයි ඔබට සිතෙනවානම් ඒ පිලිබදව අඩුමතරමේ ඔබගේ කනගාටුවවත් ප්‍රකාශ කරන්න.........

      Delete
    14. ප්‍රදීප් මංගල......

      මොකක් නමුත් ඔබට අපිටත් වඩා කණාගාටුවට කාරණයක් යෙදී ඇති බව මෙම කමෙන්ටු වලින් පෙනී යනවා...... ඒ ගැනත් අපි අවධානයෙන් සිටින්නම්...........

      Delete
    15. මම දිගටම ප්‍රකාශ කර සිටියේ ඔබගේ හෙඩරය සොරකම් කිරිම වැරදි වැඩක් බවය. මම කිසිදු අවස්ථාවක බුකියේ profile 1 වෙනුවෙන් පෙනි සිටියේ නැත.

      මම ඔබට එහි දෙවන කරුණක් ලෙස කියුවේ ඔබලාද අන්තර්ජාලයෙන් ජායාරූප ලබාගෙන ඉදිරිපත් කිරිමේදි ඒවා ලබාගන්නේ කුමන ස්ථානයකින්ද යන්න පිලිබදව කිසිදු සටහනක් නොතබන බවයි.

      ඒ අනුව ඔබලා අනුන් නිර්මාණය කරන ජායාරූප එම ජායාරූප ලබාගත් ආකාරය පිලිබදව සදහන් නොකර පළකරනවා මෙන්ම, ඔබලා නිර්මාණය කරන ලද ජායාරූපය (හෙඩරය) වෙනත් කෙනෙකු එම ජායාරූප ලබාගත් ආකාරය පිලිබදව සදහන් නොකර පලකිරිම එකම ආකාරයේ වන ක්‍රියාවන් බවයි.

      තවද, ඔබගේ නිර්මාණය සොරකම් කිරීමේදි ඔබට දුකක්, කණගාටුවක් ඇතිවෙන ආකාරයටම අනිත් පුද්ගලයාටද එනම් ඔබ ප්‍රසිද්ධ කල ජායාරූපවලට අදාල පුද්ගලයින්ටද දුකක්, කණගාටුවක් ඇතිවෙන බවයි.

      මාගේ පළමු සටහනේ මා අවසාන වශයෙන් මා “කුරුටු ගෑ ගී පවුර“ යනුවෙන් බිත්ති පුවත්පතක් දැක ඇතැයි යනුවෙන් සටහන් කලේ ඔබලා විසින් ස්වයංව මෙම නම නිර්මාණය කලාවුවද (සමහරවිට වෙනත් තැනකින් ලබා ගත්තා විය හැකිය - එය වරදක් නොවේ) මීට පෙර මම එම නම දැක ඇතැයි සටහන් කිරීමටය.

      ඔබලා මම මොඩ තර්ක කරනවායැයි පැවසුයේ මෙවැනි කරුණු වලටය.

      අවසාන වශයෙන් මට ඉල්ලීමට ඇත්තේ ඔබලා බොලොග් එකක් පටන් ගත්තේ කුමන අරමුණින්ද එ් අරමුණින් කටයුතු කරගෙන යන ලෙසය. එවිට ඔබලාට ඔබගේ හෙඩරය සොරකම් කිරීම පිලිබදව ගැටලුවක් ඇති නොවෙනු ඇතැයි මම සිතමි.

      මට ඔබලා සමග පුද්ගලික ගැටලුවක් නොමැති අතර වෙනත් කිසිදු පෞද්ගලික කණගාටුවක්ද මට නැත.

      Delete
  4. කුරුටු සැට් එක වහාම කොලඹ ඇවිත් ගොන්ජා එක්ක FCID වෙත පැමිනිලි කල යුතු බව ස ර ස තුමා ගේ විස්වාසයයි!

    ReplyDelete
    Replies
    1. බොරදියේ මාලු බාන්න ඒපා බං.............. උඹලා වැන්නවුන් සමග බ්ලොග් ලිවීමට සිදුවීම ගැන අැත්තේ කණගාටුවකටත් වඩා ලැජ්ජාවක්......

      Delete
    2. umbala kelaganda epa( sa rasaya vihiluvak karanda athi.)

      Delete
    3. විහිළු කරන වෙලාවල් තියෙනවා බං

      Delete
    4. වැඩේ කියන්නෙ සාරසටත් මීට ටික කලකට ඉස්සර මේ වගේ තත්වයකට මුහුණදෙන්න වුනා. එහෙමට තියෙද්දි මෙතන ඇවිල්ල සුරුට්ටු පත්තු කිරීමෙන් පෙන්නන්නෙ උගේ තියන බයි ගතිය. අවුරුද්දකට කලින් වැදුන පාරෙන් අවුල්වුන මොලේ තාම හරිගිහිල්ල නෑ

      Delete
    5. Thanks Lalith.... U are an intelligent person...


      // බොරදියේ මාලු බාන්න ඒපා බං.............. උඹලා වැන්නවුන් සමග බ්ලොග් ලිවීමට සිදුවීම ගැන අැත්තේ කණගාටුවකටත් වඩා ලැජ්ජාවක්...... //

      කොන්ද කෙලින් තියන් කරන දෙයක් කරපන්.. කියන දෙයක් කියපන්... කුරුටු සැට් එක රැවුල ගිනිතියා ගත්තාට ඔයිට වැඩි සන්සුන් ව ඔය දෙයට මුහුන දෙන්න උත්සාහ කරපන්!

      හැමෝටම තමන් ගේ ප්‍රස්නේ තමයි ලොකුම එක... අර හුටන් තුමා බ්‍රා කතාව කියලා අසරන වෙලා ඉන්නකොට කුරුට්ටු සැට් එක අනේ පවු කියලා කොමෙන්ට් එහෙම නොදා ඉන්න ඇති නේද?

      කුරුට්ටන්ට ලැජ්ජා වෙන්න ඕනෙ ස ර ස තුමා ඔහේලගේ ඔය කියනා හොරකම කොලෝතින්...

      කුරුට්ටන්ට ලැජ්ජා හිතුනා කියලා ස ර ස තුමා මරි මෝඩ කොමෙන්ට් නොකර හිටී කියලා නම් හිතන්න එපා කුරුට්ටෝ....

      // වැඩේ කියන්නෙ සාරසටත් මීට ටික කලකට ඉස්සර මේ වගේ තත්වයකට මුහුණදෙන්න වුනා. එහෙමට තියෙද්දි මෙතන ඇවිල්ල සුරුට්ටු පත්තු කිරීමෙන් පෙන්නන්නෙ උගේ තියන බයි ගතිය. අවුරුද්දකට කලින් වැදුන පාරෙන් අවුල්වුන මොලේ තාම හරිගිහිල්ල නෑ //

      අම්බානක ටොයි, හෙනට වෙන්ඩ පොශ් රාජ් තුමා ගෙන් උපන් බයියෙකු වන ස ර ස තුමා සමාදිය බාජනය කර සිටී...

      සොලි හොඳේ?

      Delete
    6. සාරස මචං.. උඹලා දේශපාලනේ කතා කරන එක හරි.ඒත් මෙතන බයි ටොයි මගුලක් නෑනෙ...

      උඹට ඉබි කට්ටක් තිබුනට හැම එකාටම ඒක නෑ නෙවැ.මහන්සියෙන් ගොඩනගාගත්ත දේකට කෙනෙක් වැරදි වැටහීමක් ඇතිවෙනවට වෙච්චි මුං නහින්නෙ..ඒ අස්සෙ උඹ මුං සිරාගෙ පැත්තට කතා කරපු එකකට මෙතන ඇරියස් කවර් කරනවනං ඒක කුජීතයි මස්සිනා !!!!

      Delete
    7. කලින් කියපු දේට වඩා උඹට කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ මගේ හිතේ........

      බොරදියේ මාලු බාන්න ඒපා බං.............. උඹලා වැන්නවුන් සමග බ්ලොග් ලිවීමට සිදුවීම ගැන අැත්තේ කණගාටුවකටත් වඩා ලැජ්ජාවක්.අැත්තම කිව්වොත් විලිලැජ්ජාවක් බං......

      //අර හුටන් තුමා බ්‍රා කතාව කියලා අසරන වෙලා ඉන්නකොට කුරුට්ටු සැට් එක අනේ පවු කියලා කොමෙන්ට් එහෙම නොදා ඉන්න ඇති නේද?// මේ මොනවද බං.... දේශපාලනය පැත්තකින් තියපං.... උඹවත් අපිවත් ඔය කිසිම මිනිහෙක් ඒක්ක පාර්ලිමේන්තු ගියෙත් නැහැ... උන්ගෙන් අපිට හම්බෙන රෙද්දකුත් නැහැ. අපි කියපු හැම දෙයක් ම කියලා තියෙන්නේ ප්‍රතිපත්තියක් මත මිසක් සතපහකවත් ලාභයකට නෙමෙයි. ඒත් බ්ලොග්ලියැවිල්ල නිසා හෝ අපි දරන මතය නිසා අපේ මනුස්සකම දශමයකින්වත් අපි නැතිකරගෙන නැහැ. මනුස්සකම මොකක් ද කියලා දන්නැත්තං මේ වගේ වෙලාවට කමෙන්ට් නොකර බලුකම හංගං හිටපං......

      Delete
    8. //අර හුටන් තුමා බ්‍රා කතාව කියලා අසරන වෙලා ඉන්නකොට කුරුට්ටු සැට් එක අනේ පවු කියලා කොමෙන්ට් එහෙම නොදා ඉන්න ඇති නේද?//

      ඉතිං හරිනේ බං.. මුං සිරාගෙ පැත්තට චන්දෙදි කතා කරා ඩයල් එක පිස්සු කෙලිද්දි ඒක විවේචනය කරා..මොකද්දෑ බං ඒකෙ අවුල ??? හැක් .

      Delete
    9. අනේ සරසා උඹ ගැන අැත්තට ම ලැජ්ජයි බං.... මේ දැන් ගිහින් උඹ අපේ පරණ පෝස්ටුවකට හිනාවෙලා අැවිල්ලා තියෙනවා දැක්කා...

      http://kurutugegeepawra.blogspot.com/2014/12/blog-post_7.html

      මේ පෝස්ටුව ගැන ප්‍රදීප් මංගල කියපු කතාවක් පස්සේ ගිහින් 2014 දෙසැම්බර් දාලා තිබුණ කමෙන්ටුවකට උඹ හෝයියා කියලා අැවිත් තියෙනවා.... අනේ බං උඹ ගැන අැත්තට ම හිරිකිතයි බං....... මේ තමා උඹේ හැබෑ තත්වය.......

      Delete
    10. //
      ඉතිං හරිනේ බං.. මුං සිරාගෙ පැත්තට චන්දෙදි කතා කරා ඩයල් එක පිස්සු කෙලිද්දි ඒක විවේචනය කරා..මොකද්දෑ බං ඒකෙ අවුල ??? හැක් .//

      පත්තරේ උඹ කියන දේ දෙකවසරේ ඒකෙකුට වුණත් තේරෙනවා මචං..... ඒත් සරසා කියන්නේ ඒක තේරුම් ගන්න බැරි ලිංමැඩියෙක්.... දැන් හොදට ම පැහැදිලියි සරසාගේ තරම..... මේ විදිහ මිනිස්සුත් බ්ලොග් ලියන අපි අතර ඉන්නවා කියන දේ අපි දැනගන්න වටිනවා.......

      Delete
    11. දේශපාලනය.අරවා මේවා පැත්තකින් තියලා මේ කේස් එක දිහා බැලුවම පෙන්නේ තමන් අමාරුවෙන් ගොඩනගාගත්ත අනන්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක්.බ්ලොග් අවකාශයේ තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගාගන්න එකත් අනෙකුත් බ්ලොග් සහෘදයන් අතරට එකතු වෙන එකත් පහසු කාර්යක් නෙවෙයි.මේ බිලොග් අවකාශයේ මොන තරම් නම් අපි නොදන්න බ්ලොග් තියනවද.ඒ අතරේ හැමෝම දන්න අනන්‍යතාවයක් ගොඩනගාගත් බ්ලොග් තියෙන්නේ කිහිපයයි.කුරුටුලගේ බ්ලොග් එකත් එහෙමයි.තමන්ගේ දක්ෂතාවයෙන් වගේම අනෙකුත් බ්ලොග් රචකයන් එක්ක සුහදත්වයක් ගොඩ නගාගනිමින් මේ ආව ගමන උඹලා නෙලාගත්ත ඵලයක්.ඒ ඵලය නිකම්ම හිටපු කෙනෙක් හොරාගන්න හදනකොට වේදනාවක් ඇති වෙන එක සාධාරණයි.කොහොම උනත් මේ කේස් එකේදි අපි උඹලා එක්ක ඉන්නවා.

      Delete
    12. බොහොම ස්තූතියි මනෝ.............

      උඹලා හැමාේම මේ දක්වන සහෝගයට ස්තූතියි.. මේ වචන තමා අපිට තියෙන සහය... දේශපාලනයක් පටලාගෙන අපි ගහමරා ගන්නේ නැහැ.... තම තමන්ගේ අදහස් කියන්න හැමෝට ම අයිතියක් තියෙනවා.... ඒක විවේචනය කරන්න හෝ සහය දක්වන්නත් අනික් හැමෝට ම හැකියි.... ඒත් මේක ඒහෙම තත්වයක් නෙමෙයි.... මේ වගේ අවස්ථාවන් කැත විදිහට භාවිතා කරන්නේ ලැජ්ජා නැති දේශපාලනය කරන පාදඩ කාලකණ්ණි විතරයි.... උන් බ්ලොග් වලත් හොල්මන් කරනවා ද කියලා හිතෙනවා මේ කතා දැක්කා ම .....

      මොනවා වුණත් මනෝ උඹලා හැමෝගෙම සහයට තුති......

      Delete
    13. වොවු..වොවු... කුරුට්ටන්ගේ මනුස්සකම අර කොලඹ ගෑනු ටිකක් ඩන්ස් එකක් දානවට ඊරිස්යාවේ දුකට ලියුපු කවි පෙලෙන් ම පේනවා...

      සමහරවිට ඒ ගැනුන් ගෙන් කීපදෙනෙක් සෙට් වෙලා කුරුට්ටන්ට ඇරියද දන්නෙ නැහැ...
      //



      http://kurutugegeepawra.blogspot.com/2014/12/blog-post_7.html

      Delete
    14. උඹ තවත් බුරන්න බුරන්න උඹ බල්ලෙක් කියලා ඔප්පු වෙනවා. ඒච්චරයි........ ඊට වැඩි දෙයක් වෙන්නෑ බං.....

      //ඒ ගැනුන් ගෙන් කීපදෙනෙක් සෙට් වෙලා කුරුට්ටන්ට ඇරියද දන්නෙ නැහැ...// මේ වාක්‍යම බලහංකෝ කොයිතරම් මෝඩද කියලා..... උම්බෑ නොකියා හිටපං බං....

      Delete
    15. සින්දු ඇනෝ තුමා දුන් FB ලිපිනට ගියෙමි. කුරුටු සැට් එක ඔය කියනා පේජ් එකට ගියා නම් තේරෙයි...

      ඒ පිටුවේ ඇඩ්මින් ලා තුන් දෙනෙකි.

      එක කාන්තාවක් කියන්නේ ඇය කලම්බු ඉන්ටර්නැශනල් ස්කූල් එකේ බවය. අනෙක් තැනැත්තිය ඩාන්ස් ටීචර් කෙනෙකි. ශිශ්යාවක් ද සිටී.

      එම ප්‍රොෆයිල් තුනම බොරු ඒවා බව ස ර ස තුමා ගේ හැඟීමයි.

      එහෙත් එම තුන් කට්ටුව කුරුටු සැට් එකට දෙන්නේ පෙර ඇරියස් කවර් කර ගැනීමකි.

      පන්ති වෛරය නිසා සහ ලින්ගික කුහකත්වය නිසා (කොහොමද ස ර ස තුමා ගේ හර බර වචන සැට් එක කුරුට්ටෝ??) කුරුට්ටන් විසින් සැබෑ නිදහස අගේ කරනා ඩාන්සින් ගර්ල්ස් ලා ටිකකට අපහාස කරමින් ලියනා ලද දුකට කියනා පැල්කවිය නිසා උරන වූ කාන්තාවෝ පැරඩි පේජ් එකක් හී තනා උඹලාගේම පින්තූර සහ අරවා මේවා උස්සලා උබලාටම සබන් කොලේ තියා බ*ගමනියෙන් ඇරීම නරඹන්නට ලැබීම ඇත්තටම දුකය.

      PS:
      ස ර ස තුමා බල්ලෙක් බව සැබෑය.. එහෙත් ඔහු නිකන් ගමේ කුක්කෙක් නොවේ...

      බ්‍රැන්ඩි කෙග් එකක් කරේ එල්ලන් යන සේන්ට් බර්නාර්ඩ් තුමෙකි.

      බව් වව් වව්...

      Who let the dogs out woof, woof, woof, woof
      Who let the dogs out woof, woof, woof, woof

      Woof, woof, woof, woof


      When the party was nice, the party was bumpin'
      And everybody havin' a ball
      Untill the fellas ": start the name callin':
      And the girls respond to the call
      I heard a poor man shout out

      Who let the dogs out woof, woof, woof, woof
      Who let the dogs out woof, woof, woof, woof

      Delete
    16. කුරුටු ගෑ ගී පවුර
      //උඹ තවත් බුරන්න බුරන්න උඹ බල්ලෙක් කියලා ඔප්පු වෙනවා. ඒච්චරයි//
      උඹලට මේ වෙලාවෙ තියන හිතේ අමාරුව මොක උනත් බල්ලන්ට අපහාස කිරීම හෙලා දකිනව. බල්ලා කියන්නෙ මෙහෙම අපහාස ලැබියයුතු සතෙක් නොවේ.

      Delete
    17. අැත්ත රාජ්............. බල්ලෝ මුංට වඩා ගොඩාක් හොදයි.... හැබැයි රාජ් මේකෙන් අපිට ලොකු අවබෝධයක් දෙනවා මුං කවුද කියලා... අැත්තට ම අපි හිතුවේ මතවාදය ගැන කතා කරද්දි අපි දෙපැත්තක ඉන්නවා කියලා විතරයි... ඒත් දැන් තේරෙනවා හැම දේකදිම අපි ඉන්නේ දෙපැත්තක කියලා... මනුස්සකම අතිනුත්..

      Delete
    18. //ඒත් දැන් තේරෙනවා හැම දේකදිම අපි ඉන්නේ දෙපැත්තක කියලා... මනුස්සකම අතිනුත්.//

      ස ර ස තුමා ගාව මනුස්සකම් නම් නැහැ.... එතුමාට දුක හිතෙන්නේ නැහැ.... ලෝබ ද්වේශ මෝහ ආදී මරි මෝඩකම් නම් තියෙනවා...

      GPS ගහලා බලපන් කුරුට්ටෝ.... භූගෝලීය වසයෙනුත් ඔහෙලා ඉන්නේ ස ර ස තුමාට විරුද්ද පැත්තේ...

      Delete
    19. නොදැනම එළියට පනින තමන්ගේ පතිවත අනිත් අයට පෙනෙන බව සිහිතබා ගත යුතුය..

      Delete
    20. // නොදැනම එළියට පනින තමන්ගේ පතිවත අනිත් අයට පෙනෙන බව සිහිතබා ගත යුතුය. //

      එසේය මහ රජ එසේය...
      ස ර ස තුමා ට නම් පතිවතක් නැත....
      එතුමා වනාහී අන්ත අවස්තාවාදී චපලයෙකි...

      Delete
    21. සාරස මේක කිව්වේ පොදුවේ හැමෝටමයි.. ඇත්තටම මෙතනදි මම ඔබව අමතක කරා..

      Delete
    22. //භූගෝලීය වසයෙනුත් ඔහෙලා ඉන්නේ ස ර ස තුමාට විරුද්ද පැත්තේ...//

      අනේ සරසා උඹෙයි අපෙයි භූගෝලය...............

      Delete

    23. //අනේ සරසා උඹෙයි අපෙයි භූගෝලය...............//

      ලාන්කික කාන්තාවෝ සැට් එකක් ඉන්ගිරිසි සින්දුවකට ඩාන්ස් කරනවා දැකලා ලින්ගික කුහකත්වයේ අන්තෙට ගිහින් දුකට කියන පැල්කවි ගායනා කල කුරුට්ටනි....
      උඹලා ජීවත්වන භූගෝලය ස ර ස තුමා ජ්ව්වේත්වන භූගෝලයෙන් බොහෝ දුර හද්ද ඩොටේ ය....

      කමක් නැහැ කුරුට්ටනි... එහේ ඉන්න හැමෝගෙම මනුස්සකම ඉතිරිලා නේ තියෙන්නේ...

      Delete
    24. දේශක යාJanuary 9, 2016 at 11:18 AM
      // සාරස මේක කිව්වේ පොදුවේ හැමෝටමයි.. ඇත්තටම මෙතනදි මම ඔබව අමතක කරා.. //

      අමතක කරන්නෙපා... මාව අමතක කරන්නෙපා... :D

      Delete
    25. //ලාන්කික කාන්තාවෝ සැට් එකක් ඉන්ගිරිසි සින්දුවකට ඩාන්ස් කරනවා දැකලා // රූපයේ ඉන්න කාන්තාවේ ලාන්කික (ලාංකික) කීමට හෝ නටන්නේ ඉන්ග්‍රීසි සින්දුවකට හෝ කීමට කාටවත් බැහැනේ බං...... කවුද දන්නේ මාලදිවයිනේ කාන්තාවෝ ටිකක් ප්‍රංශ සින්දුවකට නටනවාද කියලා......... ?????

      අනේ උඹේ භූගෝලය..................

      Delete
  5. හිතලම කොපි කරා නම් කැතයි, FB මෙලෝ රහක් නෑ .

    ReplyDelete
    Replies
    1. හිතලාම කරා කියන්න කරුණු ගොඩක් දැන් තියෙනවා...... අැත්තට ම කණගාටුයි ලලිත් සහෝ

      Delete
  6. අඩෝව්. කවුද ඩෝ කුරුට්ටො එක්ක ගේමට එන්නෙ. සබරෙ සෙට් එක ලෑස්ති වෙයව් සටනට.

    (මේ වෙලාවෙ පොඩි වැඩක්. තව පොඩ්ඩකින් මේ ගැන බලන්නං)

    ReplyDelete
    Replies
    1. ප්‍රසා අයියා..............

      අැත්තට ම කැත වැඩක් සිද්ධ වෙලා..... අපේ නමට කැළලක්..... මේක කරපු කෙනා හොයාගන්න සහයෝගයක් දෙන්න

      Delete
  7. කුරුටු ගෑ ගී පවුර,
    මෙවගැන සැලෙන්න නරකයි!
    ඇත්තටම කොච්චර කැතද තව කෙනෙකුගේ අනන්‍යතාවය සොරකම් කිරීමට සිදුවීම, අයි අපට බැරි තමන්ගේ යමක් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
    Replies
    1. අපිට තියෙන ගැටලුවත් ඒකයි. බුකිය තුළ අපේ අනන්‍යතාවය තවකෙක් ලැජ්ජා නැතුව පාවිච්චි කරනවා කියලා හිතුණාම අැත්තට ම අවුල්......

      Delete
  8. අනුංගෙ දේවල් කොපි කරන එක අපේ වගේ බොහොමයක් රටවලට ආවේනික රෝගයක්.

    ReplyDelete
    Replies
    1. තමන් ට දෙයක් කරගන්න බැරිකම නේද මේ............??????

      Delete
  9. මට නම් ඔය තරම් කලබල වෙන්න හේතුවක් පේන්නේ නෑ.. උඹල සහ සිංදු ඇනෝ කියන ඒවා සත්‍ය උනත්, එතන පරමාර්තය සම්පූර්ණයෙන්ම වෙනස්... කොපි කරලා තියෙන දේ ගැන සතුටු වෙයල්ලා... උඹලා ලියන්නේ උඹලගෙ කයි පද.. එතන තියෙන්නේ අනුන්ගේ සින්දු.. ඉතින් හෙඩිමත් අනුන්ගේ, පින්තූරෙත් අනුන්ගේ..

    කලබල වෙන්න ඕන වෙන්නේ... ගෙඩි පිටින් උඹලගෙ නිර්මාණත් එතන දැම්මා නම්..

    ඕවාඅ මොනවද බං අපේ එකියක්ගේ කවි එයාගේ වගේ ලියලා ළඟදි එක්කෙනෙක් සම්මානෙකුත් ගත්තේ...

    මේක අම්මට සිරි ලංකාව බොලව්....

    ReplyDelete
    Replies
    1. උඹ හරි මාතා.............

      ඒත් අපේ අනන්‍යතාවය බුකියේ ලැජ්ජා නැතුව මාකට් කරලා.... අපේ හෙඩර් ඒක... අපේ හැදින්වීම..... ඒ විතරක් යෑ අපේ අනන්‍යතාවය මාකට් කරලා බ්ලොග් සෙට් ඒකේ කට්ටියත් ඒකට සෙට් වෙලා.... ඔවුන් හිතන්නේ මේ අපි කියලා.....

      කරන දේ දෙකක් තමයි.. ඒත් අපේ අනන්‍යතාවයට හානි වෙන දෙයක් පැහැදිලිව ම වෙලා තියෙනවා... ඒ ගැන අවුල් බං........ මාර අවුල්........

      Delete
  10. එහෙම ගෘප් එකක් තියනවා කියලා මමනම් දැනුයි දන්නේ.බුකියේ කෙරෙන පල් ගොබ්බ වැඩ හින්දා මම බුකියට යන්නෙම නැති තරම්.මේකේ හෙඩරය එහෙම් පිටින්ම උස්සලා ඒකට දාලා කියලා බැලු බැල්මටම තෙරේනවා.ඇත්තෙන්ම දැක්ක ගමන් රැවටෙනවා ඒ ගෘප් එක මේ බ්ලොග් එකේ එකක් කියලා.ඒ නිසා පැහැදිලියි මේක හිතාමතාම කරපු දෙයක් කියලා.මම දැන් ඒ ගෘප් එකට ඇඩ් වුනා.එහෙම ඇඩ් උනේ මේ ගැන එකේ කොමන්ටුවක් දාන්න ඕන නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ............ හැකිනම් පළමු පාර මේ ගැන නොකියා මේ කවුද කියලා බලන්න උත්සහ කරන්න... කවුරු වුණත් කරන්නේ වැරැද්දක්.... ඔහුට හෝ අැයට බැන වැදීමට අපිට අවශ්‍ය නැහැ.... කොහොම වුණත් හැකි ඉක්මනින් ම මෙය නැවැත්වීමට පමණයි අපිට අවශ්‍ය...

      Delete
  11. රෙදි නැතුව මහපාරේ යනගමන් කියනවා, මගේ මූණ පොඩ්ඩක් ඔයාගේ මූණ වගේ, මගේ නමත් ඔයාගේ නම වගේ, ඉතින් ඔයාට මොකද්ද තියන ප්‍රශ්නේ.

    එකම ප්‍රශ්නේ මම හොඳ අම්ම තාත්ත දෙන්නෙකුට දාව උපන් එකෙක්. තමුන් වගේ @$%$# එකෙක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරකතුමෝ ගැලපෙන ම උදාහරණයකින් වැඩේ පැහැදිලි කරාට.... මේ ගැටලුවක් වෙලා ඉන්න වෙලාවේ චූන් වෙන කිහිපයක් දෙනා අපි අතර ඉන්නවා.... මේක හොදට ම ප්‍රමාණවත් උත්තරයක් කියලා හිතනවා....

      ජය

      Delete
  12. Who is this Pradip mangala???

    ReplyDelete
  13. වැඩේ වැරදියි. නමුත් බ්ලොග් රෝලෙන් එන නිසා මට නං පැටලීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රෝලෙන් ඒන නිසා අවුලක් නැහැ තමයි රාජ්... ඒත් මේක අපි දිගින් දිගට ම කියනවා වගේ අපේ අනන්‍යතාවයට සහ ප්‍රතිරූපයට ගැටලුවක්.... බ්ලොග් ලියන කියවන බුකියෙත් සැරි සරන පිරිස මේක වැරදි විදිහට දකින්නට හැකියි... ඒ විතරක් නෙමෙයි බුකියේ ඉදලා බ්ලොග් කියවන්න ඒන අයට අපි හොරු වෙනවා......

      Delete
  14. අඩ්ඩඩ්ඩා...... හිටහං ගොහිං බලන්ට...
    උඹලා අවුල් ගන්න එපා බංස් ලා..ඇච්චොන්ට කොපි කරන්න තරම් තත්තෙක බොලා ඉන්න එකම මදිද? කතාවක් කියන්නම්..
    ගස්ලබ්බගෙ පියතුමා ලියන කියන වැඩ වලට මනාපයි.පොඩි කාලෙ එයැයි ලියපු කෙටි කතාවක් එයැයිගෙ ගුරුවරයෙක් වන ප්‍රසිද්ධ ලේඛකයෙකුට දීල තියෙනවා හොඳ නරක බලල දෙන්න කියලා.ටික කාලෙකින් අදාල කතාව පොතක පලවෙනවා අර ලේඛකයගෙ නමින් සහ සම්මානයකුත් ලබාගන්නවා.. සැලෙන්න එපා මචංස් ලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අැත්ත ගස්........ මේක තාම අනුන්ගෙන් ජීවත් වෙන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ගෙන් පිරිලා... හැකිනං අදාළ තැන හොයලා අපේ ගැටලුව ලිහා ගන්න උදව්වක් කරන්න.....

      ජය

      Delete
  15. වැඩේ කැතයි එකෙන්ම.. එත් ලජ්ජා නැති එවුන්ට කල නොහැකි කැත වැඩක් නැත.
    බ්ලොගර්ගෙන් බලය අරගෙන අපි ලියල සමාජගතකරන අපේ මහන්සිය වෙනුවෙන් බුද්ධිමය දේපල අයිතියක් තියනවද නැද්ද කියල විමසලා තහවුරු කරගන්න එකනම් කාලීන අවශ්‍යතාවයක් වෙයි. මේක හොඳ මුලාරම්භයක් කරගන්න පුළුවනි බ්ලොග් කරුවන්ගේ නිර්මාණ වලට නීතිමය පදනමක් ආරක්ෂාවක් දමාගන්න කතිකාවතකට. මම යෝජනා කරනවා මොකක් හරි විධිමත් වැඩපිළිවලක් ආරම්භ කරොත් හොඳයි කියල බ්ලොග් නිර්මාණ හොරකමට එරෙහිව.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් තියනවනම් අපිට අපේ නිර්මාණය යටින් ලියන්න පුළුවන් අහවල් රටේ අහවල් නීති පොතේ අහවල් වගන්තිය යටතේ අයිතිය වෙනස්කොට පලකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියල..

      Delete
    2. ඔබ කියන දේ ඉතා වැදගත්... මේක පළවෙනි සිදුවීම නෙමෙයි.. ඒ වගේ ම අවසාන සිදුවීමත් නෙමෙයි.... (සිරසට ගහපු වෙලාවේ මේකම කිව්වා මතකයි ලසන්ත වික්‍රමතුංග. කියලා දවස් දෙකකින් ඔහුව ඝාතනය කරා.)

      අපිට හැකිනං මේ සංවාදය ඉදිරියට ගැනීමට ඒක අපේ නිර්මාණයන් වෙනුවෙන් පවතින අයිතිය සහතික කර ගැනීමට ඉතාම වැදගත් වේවි.... ඒක මේ වන විටත් ටික ටික හරි හොරකම් කරන අයට හොද පාලනයක් වේවි......

      අපි විශේෂයෙන් ම ඔබට ස්තූතිවන්ත වෙන හේතුවක් තියෙනවා. ඒ තමයි මේ වගේ වෙලාවක ඔබ විසින් සාකච්ඡාවට ගෙනා මාතෘකාව ඉතා වැදගත් නිසයි.

      සමහරු මෙතනදී අපි වැරදියි කියලා කියනවා. තවත් පිරිසක් කියනවා මේක වැරදි වුණත් අපිට කරන්න දෙයක් නැහැනේ කියලා.තවත් පිරිසක් මේක සාමාන්‍යයෙන් වෙන දෙයක් කියලා හිත හදන්න උත්සහ කරනවා. තවත් පිරිසක් විවිධ අදහස් කියනවා.... ඒත් මේක බ්ලොග්කරුවන්ගේ පොදු ගැටලුවක් විදිහට දැකලා අපිට මේ සිදුවීම මුල්කරගනිමින් සියලු බ්ලොග්කරුවන්ට මෙම සිදුවීම වීමට අැති ඉඩකඩ අහුරා දැමීම ගැන සිතීම ඉතාම විශේෂ තත්වයක් වගේ ම සිදුවිය යුත්තේ ඒකයි.....

      Delete
  16. හොඳ හින්දනෙ බං කොපි කරන්නේ. මෙලෝ රහක් නැත්තං තමන්ගෙ පෞද්ගලික ජනප්‍රියතාවයට යොදාගන්නවද ලොවෙත්? හැමෝම රත්තරං පළඳින්නෙ ඒවා වටින නිසානෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං අදහස් වලට...... උඹ හරි මධාවියෝ.... ඒත් මේක හිතට දැනුණ කණාගටුවත් ඒක්ක ලියැවුණ දෙයක් මචං....

      Delete
  17. බුකියි ඉතා සීමාසහිත පිරිසක් සමඟ රැඳෙන නිසා සින්දු කියනකල් මෙහෙම කොපියෙක් ඉඳල කියල හාංකවිසියක්වත් දැනං උන්නෙ නෑ. මචෝ, සුදු යකඩ මාලෙ කොච්චර වතුරෙ දාල රත්තරං පාට කලත්, ඒක සුදු යකඩෙමයි. අවුල් වෙන්නෙපා, දුක හිතන්නත් එපා. ඕක කරපු නාම්බ හරි නෑම්බි හරි ඒකෙ මොන ඉලව්ව පෝස්ට් කලත් අමුම අමු කම්මැලියෙක්.නැත්නම් බං අඩුම තරමෙ තමංගෙ කියල බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් අඩුම පවර් පොයින්ට්වලින් හරි හදාගන්න බැරි හෙන ගහලයෑ.

    කොහොම උනත් මේ සිද්දියෙන් උඹලගෙ එලිය තවත් වැඩිවුනා කියලයි මටනම් හිතෙන්නෙ. අවුල් යන්නෙපා මචෝ...

    ReplyDelete
    Replies
    1. උඹ කියන දේ හරි මනෝෂ්..............

      අපි බුකියට සම්බන්ධ නොවුණේ ම මේ ලක්ෂණ නිසා තමයි.... ඒත් අපි කවදාවත් හිතුවේ නැහැ මේ විදිහට විලිලැජ්ජා නැති දෙයක් අපිට කරයි කියලා...... මේවා අමු අමුවේ කරන හොරකම් මනෝෂ්..............

      Delete
  18. නම් දෙක එකම උනත් එතන අන්තර්ගතය මෙතනට වැඩිය වෙනස් වීම ගැන ඔක්කොටම කලින් උඹලා සතුටු වෙයල්ලා. මොකද නම් වෙනස් කරලා නිර්මාණ පිටින්ම උස්සලා දාන පොරවල් ඉන්න නිසා.

    උඹලට මුහුණු පොතේ පිටුවක් නැති වීමේ වාසිය වෙන කෙනෙක් ගත්තා වෙන්න පුළුවන්. මටනම් හිතෙන්නේ එහෙමයි. මොකද මම උනත් ඕක දැක්කනම් එක පාර හිතන්නේ උඹලගේ පිටුවක් කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත දිනේෂ්...............

      අපිට බුකියේ පිටුවක් නැති ඒක වාසියට ගත්තා විය හැකියි... දැනට සොයාගත් කරුණු අනුව මේ බුකි ගිණුම හදා අැත්තේ අපිට බොහෝ කාලයට පසුවයි... මේ මෑතකයි.... ඒ කියන්නේ මේක පැහැදිලි සොරකමක්.....

      ‍අපිට තියෙන ගැටලුවත් ඒකයි දිනේෂ්..... මේක දැක්ක ගමන් බ්ලොග් බලන කියවන අය හිතන්නේ අපි කියලා.... ඒ අනුව මේකට ගියොත් ඔවුන් හිතන්නේ අපි කිසි ගැලපීමක් නැති වැඩ කරනවාය කියලා.... අනික ඔහු හෝ අැය කරන්නා වූ දෙය අපේ ප්‍රතිරූපයට කොහොමත් ගැටලුවක්....

      අනික් පැත්තට මේ විහිලුව දැකලා බ්ලොග් වලට ඒන කෙනෙක් අපි ගැන මොනවද හිතන්නේ...... මේවා තමා අපිට තියෙන මූලික ම ගැටලු....

      Delete
  19. කුරුටු මචංලා .. කවියෙන් කවිය අමුනලා බ්ලොග් එකක් හදලා ඒක තැනකට ආවාම ඒකෙ අනන්‍යතාව හොරකම් කලොත් ඒකෙ අමාරුව තියෙන්නෙ තුවාලෙ තියන එකාටනේ බං..මොන මහප්පරානෙ කීවත් ඕකනෙවැ ඇත්ත කතන්දරේ... උඹල ඕක වැඩිය ඒ උනාට හිතන්ඩ එපා.වතුර ගත්තට ළිඳ උස්සං යන්න බෑනෙ..තොපි ලියපියව් රෙෂ්පට් එකට…

    හෙඩර් එක ගෙඩි පිටිං කොපි කරාට කාරි නෑ අපි ඕන්නං මේල් එඩ්‍රස් එකත්යි ලින්ක් එකයි දාල හදමු ඒකම..උස්සපියව්කො ඒකත් :D

    ReplyDelete
    Replies
    1. උඹ හරි පත්තරේ..................

      මේ සිද්ධියෙන් අපි මුලින් ම කළකිරුණා වුණාට දැන් දැන් හිටියාටත් වැඩිය ශක්තිමත් වෙනවා..... විශේෂයෙන් ම මේ වගේ වෙලාවක අපිට හිනාවෙන්න ඉන්න උන් දැක්කා ම හිතට දැනෙන්නේ මාර ශක්තියක්...... මේ තරම් හැංගිලා බලං ඉදලා අපිට කෙලවන්න කට්ටිය ඉන්නවා නේද කියලා හිතෙනවා.... ඒකත් ලොකු දෙයක් නේ බං.....

      Delete
  20. මේ වෙලාවේ කුරුටු ගෑ ගී පවුර වටේ ඉන්න මිතුරු පවුර දැක්කම සතුටුයි. මම කියන්නත් මාතලන් කියපු එකමයි. කලබල වෙන්න එපා. පොඩි ට්‍රයි එකක් දෙමු මේ FB පේජ් එක කරන අයව දැනුවත් කරලා ඒකෙ නම වෙනස් කරගන්න පුලුවන්ද කියල . කුරුටු පවුලේ නිර්මාණවලට බාදාවක් කරගන්න එපා . කොහොමත් බ්ලොග් එකක් කරද්දී ඒ නමින්ම FB පිටුවක්ද අරින එක නුවණට හුරුයි , 'කුරුටු ගෑ ගී පවුර බ්ලොග් පවුල' කියල පටං ගමු. දෙමු පබ්ලිසිටිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක සිත සහෝ................

      මේ ශක්තිය අපිට ලොකු හයියක්..... ඔබ කියපු දේ තමයි අපිට අැති ඒකම විසදුම... අපිත් උත්සහ ගන්නේ මේ කෙනා හදුනාගෙන සාකච්ඡාවෙන් වැඩේ විසදා ගන්න හැකි ද කියලා බලන්නයි... ඒත් ඒන්න ඒන්නම ඔහු හෝ අැය කරන වැඩේ පැහැදිලි හොරකමක් කියන ඒකයි වැටහෙන්නේ......

      බුකියට යන ඒක ගැනනම් ටිකක් හිතන්න වෙනවා.. මොනවා වුණත් මේ සහයා්ගයට තුති තිලක...........

      Delete
  21. nirmaanayak misa kawadaawath oyalage hakiyaawa horakam karanna baha kurutto kaatawarh, thamunge kiyala deyak godanagaa ganna nohaki aya thamai oyawage baala dewal karanne.

    watenne nathiwa è,langata kalayuthu dheta sakthimathwa face karanna apith ennawa oyala ekka.
    obata jaya.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙනරත්.................

      මේ අදහස් දැක්කා ම අැත්තටම හිතට දැනෙන්නේ හයියක්..... අපිට දැනෙන්නේ අැත්තට ම අපි ශක්තිමත් වුණා කියලා... ස්තූතියි මේ දිරිගැන්වීම් වලට......

      කොහොම හරි මේ ගැටලුව ඉක්මනට ම විසදා ගන්න බලමු...

      Delete
  22. මම හිතුවේ කුරුටු ගෑ ගී පවුරේ බුකියේ ලිපිනය කියල. කලින් දැකල තියනවා මං හිතන්නේ. මෙතන කරන්න නම් දෙයක් නැහැ. FB එකට කම්ප්ලේන් එකක් දාල බලන්න.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා හරි................

      මේක දැකපු ගමන් ඔ්නෙම කෙනෙක් රැවටෙනවා.... නීත්‍යානුකූලව කළ හැකි දෙයක් බලනවා.... ස්තූතියි

      Delete
  23. කලබල වෙන්න එපා කුරුටු. මුලින්ම fb එකේ එක්කෙනව සම්බන්ද කරගෙන ටිකක් මේ ගැන කතා කරලා බලමු. ඊට පස්සෙ කරන්න තියෙන දෙයක් කරමු.

    ReplyDelete
  24. කලබල වෙන්න එපා කුරුටු. මුලින්ම fb එකේ එක්කෙනව සම්බන්ද කරගෙන ටිකක් මේ ගැන කතා කරලා බලමු. ඊට පස්සෙ කරන්න තියෙන දෙයක් කරමු.

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත........

      නමුත් මේ ගැන සාකච්ඡාවක් හැදෙද්දිවත් මේක ගත්තු අය ඒ ගැන සාකච්ඡා කරන්න ඒයිද බලමුකෝ.... අපිටත් ඒයාලට බලපෑම් කිරීමට අවශ්‍යතාවයක් නැහැ..ඒත් මේ වැඩේ පැහැදිලිව ම වැරදියි......

      Delete
  25. මේ තරං කලබල වෙන එකේතේරුමක් නං නෑ කියල මයි හිතෙන්නෙ
    එකක් ඔයාල කවි ලියන්නෙ අනික එයාල සිංදු පළ කරන්නෙ.
    නමක් රෙජිස්ටර්ඩ් ට්‍රේඩ් මාර්ක් එකක් නොවෙන කං ඒකට අයිතියක් කියන්න බෑනෙ ඒ හිංද ගන්න ඇති.. අනිත් එක ඒ බුකිය බුකිය වුණත් කරන්නෙ වෙන දෙයක් ඔයාලැයි ඒව එහෙම්ම උස්සල නෑනෙ නම විතරයි.. බ්ලොග් වල ඉන්න අයව දැනුවත් කලා නං මේ කුරුටු සහෘදයන්නෙ වැඩක් නෙවී වෙන කෙනෙක් කියල මට දැනෙන විදියට ඒ ප්‍රමානවත් කියල හිතෙනව..

    ටික දොහකට කලිං මගෙ බුකි ගිනුමෙ ඉන්න එකෙක් මගෙ බ්ලොග් එකන් මගෙම කවි සහ ඒ පිංතූර හිටං උස්සල දාල තියෙද්දි මාත් ටිකක් අවුල් වුණා.. පස්සෙ තේරුං ගත්ත කෙනෙක් දෙයක් හොරකං කරන්නෙ ඒ දේ හොදයි කියල හිතෙන හිංද කියල.. දැං ඉතිං සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියල උපේක්ෂාවෙන් බලං ඉන්නව.. මේක සයිබරය නෙව වෙන දේවල් වැඩී.. අපිට පුලුවං තරං අපේ අනන්‍ය තාව හදාගන්න එක තමයි කරන්න ඕන මොකද අපි ෆේමස් වෙන ත.රමට තමයි අික් උං ෆේක් කියල තේරෙන්නෙ..

    මං කියපු දේවල් එක්ක එච්චර අවුලක් නොවෙයි කියල හිතෙනව
    ඒත් මේක තමා මේ සයිබරේ තියෙන යථාව..

    හිත රිදුන නං කණගාටුයි

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ උඹේ මතයේ...

      Delete
    2. මහේෂ් ඔබ හරි............

      ඒත් මුලින් ම මෙහෙම දෙයක් දැක්කා ම හිතට මාර අවුලක් දැනෙන්නේ.... එත් මේ පිරිස කවුරු වුණත් ඔවුන් සමග අවුලක් හදා ගැනීමට අපට අවශ්‍ය නැහැ... සාකච්ඡා ආරම්භ කර විසදා ගැනීමට බලනවා....

      Delete
  26. කුරුටූස්ල දැන් උඹලත් මේ හෙඩරය දාල FB පේජ් එකක් හදපල්ල. ඔහොම හිගන්නො තමයි බං වැඩියෙන්ම ඉන්නෙ. මතකනෙ එලකිරි කියල එකක අමු අමුවෙන් විචාරකගෙ පෝස්ට් දාල ටිංකිරි වැඩක් කලේ.
    අපි ඕකට ගිහින් රිපෝට් කරමු.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනං හරි තමයි කම්මලේ.

      එ්ත් බුකියට යාම ගැන තාම අපි ස්ථාවරයක නැහැ.... අපිට තියෙන ගැටලුව තමා මේක. අපි බුකියට යෑමට සූදානම් නැති වුණාට අපේ නමින් ම එහෙ ගිණුමක් තියෙනවා... ඒක කෙනෙක් අපිත් එක්ක පටලා ගැනීමට ඉඩ කඩ වැඩියි.....

      Delete
  27. වැඩිය අල්ලන් ඉන්න එපා බං.හොද නිසා ඉස්සුවනම් උන්ම හොඳනිසා කරේ තියන් ඉඳියි.කුරුළු පැටවු ලොකු උනාට පස්සේ මහ එවුන් උන්ව කූඩුවෙන් එලවනවළු.ඒ විදිහට හිතපන්.අලුපාට මිනිස්සු මැද්දේ කලුපාට වැඩක්.ගඟෙන් වතුර ගත්තට ගඟ හින්දවන්න කාටවත් බෑ.උඹලා ගලාගන පලයන්.මිනිස්සු ඉන්නවා ඒ ගඟ දිහා බලාගන.

    ReplyDelete
    Replies
    1. උඹලාගේ මේ වචන කියන්න බැරි තරම් හයියක්... කවුරු මොනවා කිව්වත් බ්ලොග් සෙට් එක කියන්නේ මාර සහෝදරකමක් බං....

      Delete
  28. කරපු වැඩේ නම් හොද නෑ.එක එක බයියලා කොපි කරලා කොහොම ආවත් ඔහුන්ට හරි හමන් පැවැත්මක් නෑ තව ටික දවසක් බලමු. ඉවත් කලේ නැත්නම්..

    ReplyDelete
  29. කරපු වැඩේ නම් හොද නෑ.එක එක බයියලා කොපි කරලා කොහොම ආවත් ඔහුන්ට හරි හමන් පැවැත්මක් නෑ තව ටික දවසක් බලමු. ඉවත් කලේ නැත්නම්..

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ උඹලා කලබල වෙනවානේ...... කවුද කියලා කවුද දන්නේ...... තව විස්තර සොයා බලමුකෝ...

      Delete
  30. මමත් ගිහිං බැලුවා.කරපු වැඩේනං එහෙම පිටින්ම වැරදියි සහ හෙලා දකිනවා.ඒත් කුරුට්ටනේ මේ ටිකත් හිතපල්ලා.ඒක FB මේක බ්ලොග්.අනික ඒකෙ සිංදු ගෙනත් දාන්නෙ.උඹලා උඹලගෙම කවි ලියන්නෙ.අන්තර්ගතය පැහැදිලිවම එකකට එකක් වෙනස් නේද?හිතට අමාරුයි තමා ඒ උනාට බං එච්චරම දෙලෙහෙන්න එපා දැන් කොපි කරල තියෙන්නෙ කවුද කියල ඔක්කොමල්ල දන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හැලපේ අයියා.......

      මේ පෝස්ටුව හරහා අපි බලාපොරොත්තු වුණ එක දෙයක් තමයි ඉක්මනට ම අපේ කට්ටියට මේ ගැන විස්තරය යවන එක.... ඒ අපි නෙමෙයි කියන දේ...... අනික තමා මේ ප්‍රශ්ණය විසදා ගැනීම... එක සාකච්ඡා කළ යුතුයි... අපි හිතනවා ඔවුන් ධනවාදීව මේක ගැන කතා කරාවි කියලා.....

      Delete
  31. පේටන්ට් අරන්ද තියෙන්නේ.. කුරුටු ගෑ ගී පවුරේ නිර්මාණත් යනවාද??? උඹල මේක කරන්න කලින් කුරුටු ගෑ ගී පවුරු රාසියක් මං දැකල තිබුනා..

    ReplyDelete
    Replies
    1. මචං දේශා,
      උඹේ වයස කියපන්කො

      Delete
    2. උඹ වැරදි නැහැ.... එ්ත් හිතට දැනුණ දුක ගැනයි උඹලාට කිව්වේ.....

      Delete
    3. තදින්ම දේවල් අල්ලගන්න එපා. අපි හැමදේම දාලා යන මිනිසුසු නේ බං..

      Delete
  32. කුරුටු මල්ලිලා (නංගිලාත් ඉන්නවද?)

    අමාරුවෙන් තැනකට ආවාම, ඒක හොරකම් කලොත් හිත රිදෙන එක බොහොම සාධාරණයි. සැලෙන්න එපා බන්. උඹලගේ වැඩ කොලිටි නිසා ඒවා උස්සනවා එච්චරයි. නිකමට හිතපන් ඔය හැම බ්ලොගාලගෙම duplicate ඒවා නැහැනේ. විසෙන් විස නැසුවම ඉවරයි. හදපන් official කුරුටු FB page එකක්. FB page එක ගැන FB එකෙයි බ්ලොග් වලයි පබ්ලිසිටි එක දාපන්. එකෙක්ව දාපන් ඒකෙ full-time ඇඩ්මින් විදියට. එතකොට බ්ලොග් බලන FB ඉන්න උන් ගානට සෙට් වෙයි.

    ඔය plagiarism කේස් ඔහොම තමා. උඹලගේ උනත් නම, ෆොටෝ කෑලිවලට එහෙම copyrights නැහැනේ (ඇත්තටම උඹල මේවා රෙජිස්ටර් කරලද තියෙන්නේ?).

    දහ දෙනෙක්ට මොනවද අප්පා කරන්න බැරි.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මොනවා හරි කරමු........ දැනට බුකියට යන අදහසක් නැහැ... එ්ත් ඉක්මනින් ම කතා කරලා මේක විසදා ගත යුතුයි.... අපිට තියෙන්නේ අපේ ප්‍රතිරූපය ගැන ගැටලුවක් බං

      Delete
  33. මචංලා උඹලාගේ අන්‍යතාව තියෙන්නේ බ්ලොග් එකේ.ඉතින් මේ බුකියේ පේජ් එකක් ගැන ඕනෑවට වඩා වද වෙන්න ඕනේ නැති බවයි මගේ හැඟීම.කොහොම උනත් උඹලාගේ අන්‍යතාව උඹලාගේ තව කෙනෙකුට එක හොරා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්...............

      මේ වචන අපිට හයියක්...

      Delete
  34. ඔව් කුරුටු... ඒ ෆොටෝ එක දැක්ක ගමන් අපිට මතක් වෙන්නෙ ඔයාලව... දුකයි එහෙම දෙයක් වුන එක ගැන...

    ReplyDelete
    Replies
    1. ඔව්............ කොහොම හරි මේක හොදින් විසදාගමු.........

      Delete
  35. හුටා.. වැඩේ කියන්නේ මේක ඉස්සෙල්ලම දැක්කේ බුකියේ. සිංදුවා ටැග් කරලා තිබ්බනේ මවත්. ඊයේ ඕක දැක්ක ගමන් මම ක්ලික් කරේ ඒ ලින්ක් එක ඊට පස්සේ දැම්ම රික්වෙස්ට් එකක්.. මන් හිතුවෙත් උඹලයි පේජ් එක කියල. දන්නේ කතාව දන්නේ.. නෙද්දකින් අර හු** විස්තරයක් දාන්නේ නැතුවනේ නිකම්ම ලින්ක් එක දාල තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. අඩෝ මහකළු සිංහලයා ...උඹ හොදට කියවලා බලාපිය ..උඹේ සාමාජිකත්වය පිළිගෙන ඇත ..මම තවම පෙන්ඩින් ලොක්කා ..අවුලක් නැ ..එතැන තියෙන්නේත් හොඳ සින්දු කලෙක්ෂන් ටිකක් ..කතා බහ කරලා හෙඩර් එක වෙනස් කරගමු ...මමත් හිතුවේ කුරුට්ටෝ කියලා තමයි ..

      Delete
    2. ඒයි උඹ මේක දැක්කද? මන් හිතුවේ දකින එකක් නෑ කියල.. හැක හැක හැක..

      Delete
    3. කමියා...............

      මචං මේලක් දමා ඇත ටිකක් බලහං............

      Delete
  36. Fb පේජ් එකක් දන්වත් පටන් ගන්න. ඔබ මේ blog එක මිනිස්සු අතරට අරගෙන ගියා වගෙ ඒ පේජ් එකත් promote කරන්න. අඩලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ උඹ කියන කතාව ඇත්ත.....

      දැනටමත් අපිට බොහෝ දෙනෙක් ඔය යෝජනාව දාලා තියෙනවා... එ්ත් බුකිය ගැන අපිට පවතින යම් යම් ගැටලු කිහිපයක් තියෙනවා... අපි අතරත් දැන් ඒ සාකච්ඡාව යනවා.... තාම එකගතාවයක් නැහැ... ඉදිරියට බලමු.....

      Delete
  37. මචෝ උදේ මේක කියෙව්වේ..
    අමාරුවෙන් හදාගත්ත නමක් හොරකං කරනකොට දුකයි කේන්තියි. වැඩිදුර හිතන්න එපා මචෝ. කථාබහ කරලා විසඳගන්න බලමු. බැරිවෙනකක් නෑ.
    මේ වගේ සීන් ගොඩක් අයට සිද්ද වෙනවා.
    වැඩිය හිතන් නැතිව දිගටම කවි ලියමු..

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් උඹට හවස කියවන්න සිහියක් තිබ්බ එකක් යෑ......... ඇති දැන්වත් දැක්කා.....

      උඹ හරි විදානේ අපේ ස්ථාවරයත් එ්කයි.... හොදින් සහ සාකච්ඡාවෙන් විසදා ගනිමු......

      ජයවේවා

      Delete
  38. බ්ලොග්කරුවෙකුගේ අනන්‍යතාවය මේ අාකාරයට සොරා ගැනීමට ලක්කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක්. හැම තැනම බුද්ධිමය දේපොළ සොරාගන්නා හොරු. නොසැලී ඉදිරියට යමු.

    ReplyDelete
    Replies
    1. ඔව් නොකී..............

      මේ සිද්ධියත් එක්ක අපිට ලොකු හයියක් තමා ලැබුණේ..... අපි මේ සිද්ධිය නිසා තේරුම් ගත්තා අපෙන් ගන්න තරම් දෙයක් තියෙනවා කියලා... අනික තමා අපේ සහයට හිටපු සහෘදයින්.... ඇත්තට ම මාර සහෝදරකමක්.... හිතපු නැති තරම් හයියක්... එ් නිසා අපි කිසිම අවුලකින් තොරව හොදින් ම මේ හැමදේකට ම මුහුණ දෙන්න ලෑස්තියි....... ජයවේවා....

      Delete
    2. නොකී කතා ලොක්කා මොකෝ ඔහේ ඔහේගේ සයිට් එකේ දාන කොමෙන්ට් කපන්නේ. ඔයා නිකන් පොන්සි වැඩ කරන්නේ මොකෝ

      Delete
  39. ඔය වගේ හොරකම් සෑහෙන්න වෙනවා සයිබර් අවකාශයේ. මමත් මේ ගැන ලිපියක් ලිව්වා ටික කාලෙකට කලින්. මම හිතන්නේ 2013 ද කොහෙද. බලන්න බ්ලොග් ඒකෙ ඇති. මමත් එකයි ඔය වැදගත් කරුණු හැම එකක්ම එලියට දාන්නේ නැත්තේ. කාලකන්නි කියල තමා ඉතිං මුන්ට කියන්න තියන්නේ..

    ReplyDelete
    Replies
    1. අැත්ත අගහරුවෝ................... මේ වගේ දේවල් බ්ලොග් ලියැවිල්ලට බලපෑම් කරනවා........

      Delete
  40. හොරකම් කලොත් ඒ දේ වැරදියි.

    ReplyDelete
    Replies
    1. හංසි ඔබ හරි................ මේක හොදින් විසදා ගන්න ට්‍රයි කරනවා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...