ලෙඩා - වයිට් මාමේ මේ අහන්න. මං ආවා බෙහෙත් ගන්න.
රෑ තිස්සේ නින්දක් නෑ. මේ ලෙඩාට බෙහෙත් දෙන්න.
දොස්තර - අනේ බේබි මක් වුණාද. ලොකු බේබිත් ලෙඩ වුණාද.
පැණි වරකෙට හෙණ ගහනා අබුද්දස්ස කාලෙ නොවෙද.
ලෙ - පැණිවරකා දැන් මොකට ද. කළ කං එනවා පස්සෙම.
බය වෙනවා මං හීනෙන්, නිදි නෑ එළි වෙන තුරාම.
දො - නිදි නැතිකම මාර ලෙඩකි. බය වෙනවං දෙගුණෙකි.
දහඩිය හෙම දානවනං තුන් ගුණයකි සිව් ගුණයකි.
ලෙ - දහඩිය එයි හතර කොනින්. ගැස්සෙයි විසිවෙයි උඩයයි.
නිදාගන්නේ ඇදේ නමුත් නැගිටින විට දොරමුල්ලෙයි.
දො - තත්වය හරි බරපතලයි. ලෙඩේ ඇහුවෙ පළමුවරට.
මේ තරමට උඩ යන්නට මොනවද ඔබ දුටුවෙ රෑට.
ලෙ - හැඩි දැඩි මහ පිරිමියෙකි ය. කොට ෂෝටක් තියේ ඇගේ.
බෝලයකුත් අතේ අරන් ගෙල මිරිකයි රෑට මගේ.
දො - මං දන්නා බෙහෙත් අතර ඕකට නං බෙහෙත් නැතේ.
ඕවායින් බේරෙන්නට සැගවුණොතින් හොදයි සිතේ.
ලෙ - උඩවිසිවී බිම වැටුණම මම රිංගමි ඇද අස්සට
රෑ පුරා ම බය වුණා ම වෙව්ලනවා එළි වෙනකොට
අපි හිටියේ හරි උඩ නෙවැ මුරුංගා අත්තක වුණාට
දිට්ඨධම්ම වේදනාව දැන් දැනෙනවා හරි තදේට.............
කසුප් අනුරාධ
රූපය -