මං
හැදුවේ මකරෙක්....
මේ වැඩවසම් ක්‍රමය ගිනිතියන්න.
මේ විකාර ව්‍යුහයන් බිමට සමතලා කරන්න.
ඒත් අද ඒ මකරා හීලෑ වෙලා.
චූටි ගින්දරක් පිටකරනවා
වැඩවසම් පාලකයන්ට සුරුට්ටු පත්තු
කරන්න....................
මං හැදුවේ ව්‍යාග්‍රයෙක්...
දූෂිතයෝ නිය පහරින් හූරන්න.
වංචනිකයෝ රෞද්‍ර ව සපාකන්න.
එ්ත් අද ඒ ව්‍යාග්‍රයා හීලෑ වෙලා.
චූටි බංකුවක් උඩ නැගලා.
සර්කස් පෙන්නනවා ජනතාව සතුටු
කරන්න..................
මං හැදුවේ තල්මහෙක්...
පුංචියට ඉපදිලා ලොකු වෙන්න.
මහා සාගරයක් වුණත් ජයගන්න.
ඒත් අද ඒ තල්මහ මැරිලා.
ඇගේ මස් ටික දන්දෙනවා,
මුහුදේ ඉන්න අනික් මාලු ජීවත්
කරවන්න.................
මං හැදුවේ ශිෂ්ඨාචාරයක්....
කන්න, බොන්න, ජීවත් වෙන්න.
විප්ලව කරන්න, ඒ
වෙනුවෙන් මැරෙන්න.
ඒත් අද ඒ ශිෂ්ඨාචාරය වැළලිලා.
චූටි සද්දයක් දානවා.
පාර්ලිමේන්තුවේ විවාද චූන් කරන්න.................
.
මරු
ReplyDeleteයකෝ මං මේක පෝස්ට් කරේ 9.58 ට නේ............
Deleteකවිවල අදහස මරු
ReplyDeleteඇත්ත ඕකයි පූසෝ..............
Deleteමම හැදුවෙ තොරණක්
ReplyDeleteඅහිංසකයින් රවට්ටන්න
දැන් එළි නිමිල, බැටරිත් බැහැල
ධනපති ක්‍රමය සහ ධනපතිය පටලවල
බිලිගත්ත ජීවිතද, නැතිකරපු වස්තුවද
ගාස්තුව හරි ගියා, ඊගෝව සතපන්න
නූගතුන් රවටාල, තරුණ හිත් කලඹාලා
මව්පියන් අඬවාල, නායකයො මරවාල
මිනිස්සුන් එලවාල, නොමිනිසුන් රජකරපු
ක්‍රමය ඇතිකරපු මට
තවත් කවි ලියපල්ල, මල් පහන් පුදපල්ල
බොරුව තව ඉවර නෑ, තව මරල ඉවර නෑ
මචං ඉයන්.................
Deleteරෝස මලක් ගත්තා ම වුණත් එක එක්කෙනා ඒ කෙරෙහි දක්වන්නා වූ දැක්ම වෙනස් වෙනවා. සමහරු මල ලස්සනයි මාරයි කියනවා. තවත් සමහරු මේ මල ලොකු වුණාට ඒ තරම් සුවද නැහැ ඒ නිසා වැඩක් නැහැ කියනවා. තවත් සමහරු මේ මලේ නටුව දිහා බලලා කියනවා මේකේ කටු තියෙනවා. ඒ නිසා මේක මාරාන්තික වෙන්නත් පුළුවන් කියලා...... ඒ නිසා උඹේ දැක්ම උඹට ආවේණිකයි.... ඒක ගැන කිසිම තර්කයක් නැහැ........
// ඉයන්February 16, 2016 at 10:31 AM //
Deleteඑකෙන් ම!
ස ර ස තුමාට සහ ඉයන් තුමාට එකඟ වෙන්න පුලුවන් දේකුත් තියෙනවනේ අම්මපා!
කුරුටු සම්පූර්ණයෙන්ම එකඟයි. 'මෝඩය කියල මරන්න යෑ?' කියල කියමනකුත් තියෙනවනේ. ඔය දෙවෙනි වාක්‍යය දැම්මෙ අවුස්සනන් විතරයි හැක්
Deleteඅනිවා ඉයන්.............. විහිලු, විරුද්ධමත මේ හැම දෙයක් ම හැමෝට ම අවශ්‍යයි. ඒවායේ කිසිම අවුලක් නැහැ..... තැන්කූ........... තැන්කූ.........
DeleteThis comment has been removed by the author.
Deleteඉයන්ගේ UNPය
Deleteමිනිස්සුන්ව රවට්ටල නැහැ
මිනිස්සුන්ට ඔක්කොම දිලා
දෑත් හරි පිරිසිදුයි
කිසිම කෙනෙක් මරලා නැහැ
සත පහක් හොරකම් කරල නැහැ
උපරිමයෙන්ම රට හදල
රටේ තියෙන සම්පත් උපරිමයෙන්ම ආරක්ෂා කරල
මල් තියල වදින්න ඕන
රනිල්ට සහ කලින් හිටපු නායකයින්ට....
(කසුප්ගේ කවි පන්තිය ලස්සනයි, අදහසත් හොදට තියෙනව....)
ප්‍රදීප් මංගලFebruary 16, 2016 at 5:26 PM
Delete++++ :D :D
ඇත්තටම එහෙමද? නැත්නම්,බොරුවට කලබල නොවී, රටේ අනාගතය ගොඩනගන්න පුළුවන් ආකාරයේ සැලසුමක්ද?
ReplyDeleteනෑ.......... ඉන්දරේ.........
Deleteමේ වෙන්නේ ඩීල් එකක්. මේක දේශපාලන පවුල් කෑමක්.... වැරදියි නං වැරදියි කියලා කියන්න අපිට පුළුවන් විය යුතුයි. මේකේ අවුල තියෙන්නේ ජනතාව පැත්තට........
එය එසේ නම්, මිනිසුන් රටේ පවතින ක්‍රමය වෙනස් කිරීමට විකල්පයක් සොයාගත යුතුයි.නමුත් එය වඩාත් සංවිධානාත්මක,ඉවසිලිවන්ත ක්‍රීයාදාමයක් විය යුතුයි.
Deleteමෙහෙමයි ඉන්දරේ..............
Deleteජවිපෙ කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවක් හදන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. අනික තමා ජවිපෙ නැතුව ආණ්ඩු හදන්නත් පෙරලන්නත් පුළුවන් කියලත් තේරුණා... ඒත් ජවිපෙ හදන වෙලාවේ මේක නිකන්ම නිකං චූන් දිදී ඉන්න පක්ෂයක් විතරක් නෙමෙයි. ඒක ඊට එහා ගිය මහා ව්‍යාපාරයක්.... ඒක දැන් වෙනස් වෙලා. ඒ වෙනස්වීම බලපාන්නේ ජනතාවට. ජනතාව පැත්තෙන් කතා කරන්න තිබුණ මහා බලවේගයක් තමා දැන් දණගහලා තියෙන්නේ... දණගහලා ඉන්නෙත් ධනවාදයට බර ආණ්ඩුවක් ඉදිරියේ... මේක භයානක තත්වයක්....
මං හැදුවේ පාලකයෙක්...
ReplyDeleteරටේ හොරකම් ටික...
දූශන ටික මැඩලන්න..
ඒත් ඌ හිලෑ වෙලා..
රට අගාදයට යවන්න..
උඹේ පැත්තෙන් ඒකත් හරි.....
Deleteනියමයි කසුප් මේ විදියට තමයි ලියන්න ඕන..
ReplyDeleteතැන්කූ මචං............ මේවා දැක්කා ම නොලියා ම බැහැ...
Deleteනියම කවි ටික කුරුටු...
ReplyDeleteස්තූතියි ගිම්මි...........
Deleteමාත් මොකක්හරි හදන්නෝනෙ මේ ගොං හැතිකරේ උඩුකුරින්ඥං වෙන්න.
ReplyDeleteනියමයි අනුරාද. ලස්සන කවි පෙලක්.
තැන්කූ කසුනා.............
Deleteඅර ෆොටෝ එකේ උඹ කොල්ලා වගේ ඉන්නවා නේද?????? යකෝ දැන් වයස කීයද????
කවිය නම් මරු. පක්ෂය නම් වැඩක් නෑ. රටට කළ සෙවයට වඩා විනාශය ළොකුයි.
ReplyDeleteපරිසරය අනුව වෙනස් වෙන්න බැරි ජීවීන්ට පැවැත්මක් නොමැත.
මාතා..............
Deleteමේක ලියන්න අද දවසේ විශේෂත්වයකුත් තියෙනවා. අද තමයි විජය මැරුණ දවස.. මරපු මිනිහෙක් තාම නැහැ. ඒත් මේ නිසදැස ලියුවේ ඒ මරණයේ ආවස්ථික පිරිවැය ඔහේ හෝදාපාලුවෙනවා දැකලයි..........
හංසයෙක්ගෙ පිටේ නැගල සුදු ඇදන් ආවසෙිල් ඇත්තෙක් කියලයි කට්ටිය හිතං හිටියෙ
ReplyDeleteඒත් ඒක සුදු රෙද්දක ඔතල එවපු ගොම්බෙට්ටක් විතරය්
හෑ .. හංසයෙක් O.o
Deleteමොනවා....................????
Deleteකවිය නම් මරු කුරුට්ටෝ ...
ReplyDeleteස්තූතියි හංසි.............
Deleteකුරුටු කුරුටු ගාලා තියෙන අපූරුව...බොසා නම් පට්ට like ඈ
ReplyDeleteකුරුටු කුරුටු ගාලා තියෙන අපූරුව...බොසා නම් පට්ට like ඈ
ReplyDeleteලයික් නම් එච්චරයි.................
Deleteනියමයි කුරුටු...
ReplyDeleteඔයිට වඩා හොඳයි හාල් මැස්සෙක් හැදුවා නම්.. නැද්ද මං අහන්නෙ..?
හාල්මැස්සෙක් හැදුවානං මේ තත්වය දැකලා අවුල් හිතන එකක් නැහැනේද??????
Deleteමං හැදුවේ පඹයෙක්..
ReplyDeleteකුඹුරට එන කුරුල්ලන්ට පොඩි ආතල් එකක් දෙන්න..
ඒත් දැන් ඌ යකෙක් වෙලා..
කුරුල්ලන්ටත් වෙඩි තියනවා..
ජ ය වේ වා !!!
මං හැදුවේ සමපෝෂ ගුලියක්.....
Deleteටිකිරා අයියගේ කඩේ තියලා විකුණන්න.
ඒත් දැන් ඒ සමපෝ්ෂ ගුලිය ඇණයක් වෙලා.
මගේ චරිතය ඝාතනය කරනවා
මං පව් නැද්ද ඕයි..........
අනේ මං පව් ඕයි....
මම හැදුවේ තාප්පයක් ..........
Deleteරිවස් කරන කාර් වලට හප්පන්න
ආ............ උඹ ඉන්නවා නේද???????
Deleteඑයා හදපු එව්වයේ දැන් කෑලිත් නෑ. ටිකක් හරි හරියට තිබ්බ නම් මෙහෙම වෙන්නෙත් නෑ.
ReplyDeleteඒක ඇත්ත අගහරුවෝ........... ඒ පදනමත් දැන් කෑලි නැහැ....
Deleteකොහොම උනත් හැමදම අන්තිමට දිනන්නේ සට කපට දේශපාලඥයම තමයි. මේ ක්‍රමය තමයි වෙනස් වෙන්න ඕන. ඒත් ඒක වෙනස් කරන්න ඉදිරිපත් වන උදවියත් අන්තිමට ඒ රැල්ලටම අහුවෙනවා.
ReplyDeleteමෙන්න මේක තමයි මනෝ ගැටලුව...... කට්ටිය හිතනවා මේක වෙනස් කරන්න මේ රැල්ල අස්සෙම ගිහිල්ලා පුළුවන් කියලා.. ඒත් ඇත්ත කතාව ඒක තමා ලොකුම රැවටීම...
Deleteමම විජේවීරගේ දේශපාලනය සමඟ සම්පාත නැතත් කවිය නියමයි කියන්න එය බාධාවක් නෙමෙයි. ගොඩක් වෙලාවට පේන්න ඉන්න සත්තු ඒ අයව හදපු අය මුලින්ම හදන්න හිතපු සත්තු නෙමෙයි. හොඳම උදාහරණය ගෞතම බුදුන් නිසා හැදුණු සමහර සත්තු.
ReplyDeleteඇත්ත ඉකනෝ............
Deleteඅපිත් කිසිම ආකාරයක සම්බන්ධයකින් ලියපු දෙයක් නෙමෙයි... ඒත් රටේ පුරවැසියන් විදිහට බැලුවා ම මේ විවිධ පැතිමානයන් තිබීම ජනතාවට තමා වැදගත්. නමුත් ඒවා අඩපණ කිරීම ජනතාව පැත්තට අවාසි සහගත ලෙන බලපාන දෙයක්.....
රොබින් හුඩ්
ReplyDeleteරජුගේ මෝඩයා වුන හැටි
මතක් උනා
අපිටත් කියහංකෝ...........
Deleteඅනෙක් උන් උගුලක් කියලා කියද්දීත් ඌ උගුලේ වැටෙනවා.
Deleteමොනවා..............
Deleteයකෝ. කළ කොණ්ඩෙ තියෙන රොබින් හුඩ් ගෙ සීරීස් එක මතක නැද්ද? ඒකෙ තියෙන්නෙ රජු ගේ මෝඩයා කියල කොටහක්...
Deleteහරි හරි බං දැනුයි තේරුණේ.. ඒ සීරියස් එකම මගේ ළග තියෙනවා...... දැන් තමයි ටියුබ් ලයිට් පත්තුවුණේ... හැක්
Deleteඇයි ඩ්‍රැකියෝ චීන වීරයෝ ගැන කතාව.ජාතික එකේ පෙන්නුවා 'දියකඩඉම'කියලා. එතනත් මේ වගේම ට්‍රික් එකක්..
Deleteඋතුම් බුදු රුවනේ - ලොව්තුරු දහම් සරණේ
ReplyDeleteසමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ
ආ...........................
සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන
සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන
ආ...........................
ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කරදර ව්‍යසන
සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට
සිත සංසුන් කරවගන්ට
සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන
දොන්ත ගුගුඳ ගති ගුඳගත් - අණබෙර පතුරුවා හරින
අණබෙර පතුරුවා හරින
කොයි දේසෙක හිටපු රජෙක් දෝ
මොන කාලෙක හිටපු රජෙක් දෝ
ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට
මෙහෙම රජුන් කොයි දේසෙත් ඉන්නවා අදට
ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට
රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළු කාරයෝ
පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද
රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද
රජා හිනාගන්නන එක ලේසි වැඩක්ද
අන්දරේව ඕන උනේ ඒ නිසාවද
එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට
අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට
රජවරුන්ට ප්‍රශ්න වැඩී
එන්ට එන්ට ඔළුව බරයි
ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්
අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට
අන්දරේලා....................
(නාට්‍යය - අන්දරේලා)
පට්ට සින්දුවෝ.............. පට්ට..... හැමදාම වගේ උඹ සුපිරි ගැලපීමක් කරා...
Deleteකයියක් විදිහට පට්ටයි...
ReplyDeleteනමුත්,
මම දකින විදිහට එයා රටපිටවල් වලදී දැකපු අනවශ්‍ය සහ නොගැළපෙන දේවල් අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය රටකට ගේන්න හදපු එකයි ලොකුම ගැටළුව...
උඹේ නිර්වචනයට අපේ ගැටලුවක් නැහැ..... කයියට දුන්න අප් එකට තෑන්ක්ස්......
Deleteමමත් ලොක්කා එක්ක.සිංහළ සමාජය ගැන හරිහැටි තේරුම් නොගෙන ඒ සමාජෙට නොගැලපෙන තියරියක් බලෙන් කා වැද්දීම තමයි හෙනේට හිටියේ.එයා විතරක් නෙමෙයි, ඔය කාල් මක්ස්ව ඉස්සරකරගන ආපු හැමෝටම වැරදුනේ එතනින්.
Deleteමාක්ස්වාදය ගෙඩි පිටින් එහෙටවත් ගැලපෙන්නෑ දැන්........ ප්‍රායෝගික විය යුතුයි.... නැත්තං ඕනෙම දෙයක් ප්‍රතික්ෂේප වෙනවා......
Deleteකවි ටික එළ කිරි.
ReplyDeleteමම කියන්නේ විජේවීර කලේ දේශපාලනයක්.අපි එක පිළිගත්තා,නොපිළිගත්තා එක වෙනම කාරණාවක්.
ජවිපෙ සද්දේ අඩුයිද ?නැතිනම් ජවිපෙ දාන සද්දේට වඩා වෙන සද්ද අවට දේශපාලන සමාජ වටපිටාවේ තියෙනවාද?
නෑ ජවිපෙ කරන්නේ නොකළ යුත්තක්............
Deleteකවි ලියන්ඩ පාඩමක් ලියමුද? සොර පිහිටවල ලියන්ඩ තේරෙන්නෑ.
ReplyDeleteඒවා ගැන නොහිතා ඉස්සල්ලා ම ලියන්න...... කවි ලියනවාට වඩා හොදයි මුලින් ම නිසදැස් ලිවීම....... අවශ්‍ය අදහස නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීම පමණයි.....
Deletekavitika "supiri" Kasuph malloo....
ReplyDeleteතැන්කූ අයියෝ.................
Deleteකාලෙකින් මේ පැත්තේ ආවෙ. පදපෙළ නියමයි. ඒත් වැරදීම වුණේ මුල පටන්ම නෙමෙයිද ?
ReplyDeleteකාලෙකින් හරි ආවාට තුති................ මුල මැද අග සියල්ල තුළම වැරදි තියෙනවා....
Deleteඅපිට කවදත් උනේ ඕකම තමයි නේද? ලොකු හීන තියාගෙන හදපු හුඟක් දේවල් අන්තිමේ බලාපොරොත්තු ඉටු කලේ නැහැනේ.
ReplyDeleteඇත්ත දිනේෂ්............... හැමදාම හැම අලුත් දෙයක් ම හැදුව අරමුණ පස්සේ ඉටුවෙන්නේ නැහැ....... වෙනස් වීම ලෝක ධර්මතාවයක් තමා... ඒත් මෙහෙම වෙනස්වීමක්....
Deleteසිරා ඈ ඒක :D
ReplyDeleteහොදා ලයියෝ.........................
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකවි ටික නියමයි.
ReplyDeleteවර්තමාන තත්වයට මකරා පත් කල දේශපාලන වට පිටාව ( එක එක පුදගලයන්ගේ පුද්ගලික අවශ්‍යතා සහ තව තව සුළු පක්ෂවල දේසපාලන ගමන් මග මෙනම් මහා පක්ෂ ඇතුලේ ගැටුම් ) අමතක කර මම මකරා කියන එක තේරුම් නොගත් පිරිසක් ....
හ්ම්................. ලොකු කතාවක් නෙවැ....
Deleteකයිය රසවින්දා උපරිමෙන් කියන්ට වචන ලෑ අති විෂිට්ටයි ඈ (තිතක්))
ReplyDeleteමේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා (ඉරක්)(තිතක්)
Deleteනියමයි. ආයේ කියන්න දෙයක් නෑ.
ReplyDeleteස්තූතියි සුදීක සහෝ..............
Deleteඑකඟයි... මිනිස්සු ජවිපෙ වටා රොක් උනු අරමුණු පාවාදීමක්,මිනිස්සු පට්ට මෝඩයෝ විදිහට හිතීමක් රජ වෙලා වගේ..
ReplyDeleteජයවේවා..!!
මේ ගැන ජවිපෙ ඉක්මනින් ම සිතන්න වෙනවා. පහුගිය ඡන්දෙදි වුණ දේත් දන්නෑ වගේ හිටියට ඔවුන්ට දැන් මේ සත්‍යයට මුහුණ දෙන්න වෙනවා.
Deleteහරිම ලස්සනයි
ReplyDeleteස්තූතියි
Deleteපැහැදිලියි ගැබුරුයි...ජය
ReplyDelete