උපන් බිම හැර දමා පුත කොහේ යනවාද
බඩු මුට්ටු රෙදි පෙරෙදි කුමට ගෙන යනවාද
කෙලි දෙලෙන් දුව පැන්න ගෙදර හැර යනවාද
ජීවිතේ හොයාගෙන ජීවිතෙන් යනවාද
නුඹලාට ඇත අයිතිවාසිකම් රාශියක්
විසදන්න උසාවිත් විනිසුරුවනුත් රැසක්
විද්වතුන් එක් වෙලා කරයි සංවාදයක්
ඒත් අඩු නොවෙයි පුත ඔය අව්වකින් බිදක්
ජීවිතේ හරි බරයි දරාගන්නට වේවි
පුංචි අත් පා රිදෙයි නවතින්න බැරි වේවි
දෙක හතර නොතේරෙන සහෝදරකම පේවි
භය මැදින් දුක මැදින් සෙනෙහසක් පෙන්නාවි
නුඹට වැටහෙන දිනෙක නුඹෙ මවට නොබැනපං
නුඹේ ලොව උදුරගත් රුදුරු කම් තෝරපං
නොමිනිසුන් බිහිකරන ලෝකයට ගරහපං
සහෝදරකම් අතින් ඔසවාන ඇවිදපං..............................
තුෂාර විතාරණ
පසු සටහන - සහෝදරකම් නොතේරෙන ලෝකයක ඉපැදුනු පවට උන්හිටි තැන් හැරදමා මේ මොහොතේත් ජීවිතය සොයා ඇවිදින මිනිසුන් වෙනුවෙන් උපහාරයක් වේවා.......
.
හැමෝම මිනිස්සු, එත් ගොඩක් අයට එහෙම හිතෙන්නේ නෑ
ReplyDeleteහැමෝට ම මෙහෙම වෙන්නැති හින්දා මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ ඉවාන්...
Deleteඅපූරු නිර්මාණක්...
ReplyDeleteස්තූතියි ඉන්දරේ........
Deleteහොදම කොමෙන්ටුවට දෙන දවසක අපිටත් බුල්ටෝ එකක් හරි දීපන්
ReplyDeleteමගේ පොඩ්ඩව මතක් උනා
ReplyDeleteඅපිත් පොඩි මෙන්ඩව මතක් කරා කියහං
Deleteසොදුරු නිර්මාණයක් කුරුටු.
ReplyDeleteස්තූතියි සිංහ මචං..............
Deleteසංවේදී අදහසක්.
ReplyDeleteඅපි කොතැනදී උනත් සංවේදී වෙනවා. නිතිය එක්ක ගැටෙනවා මනුස්සකම
මෙහෙමයි උපේක්ෂා.................
Deleteඅපි මේ මිනිස්සුන්ගේ ජීවිත දැකලා දුක් වෙනවා... කවි ලියනවා.. කතා කරනවා... තවත් අය ජාත්‍යන්තර සංවිධාන හදාගෙන නීති හදාගෙන ආරක්ෂාව දෙන්න යනවා... ඒත් අපි ම යුද්ධ කරලා මේ මිනිස්සුන්ගේ උන්හිටි තැන් නැති කරනවා...... කවුද හරි කවුද වැරදි.......
මේ සරණාගත පොඩි උන් ගෙන් බහුතරයේ අනාගත බලාපොරොත්තුව හමුදාවට යෑම.. හේතුව තමා උන් දැක්ක පොරවල් හමුදාව.. ඒත් ඒ හින්දාම තමා උන්ට පාරට බහින්න වුනේ කියලා උන්ට තේරෙන්නැ.. උන්ට තියා මේ ලෝකේ මොකෙක්ටවත් තේරෙන්නෑ.....
එතකොට මේක චක්‍රයක් කියල වැටහෙනවා නේද? ඒ කියන්නේ යුද්දෙන් අනාථ වෙන මිනිස්සුම ආයෙමත් යුද්දයකට සහභාගිවෙන කොටසක් වෙනවා ඳ? ඒ කියන්නේ එහෙම අනතා උන දරුවන් ලොකු වෙලා යුද්දෙට බැඳිලා එහෙම රටක එක පැත්තක ඉඳන් අනික් පැත්තට වෙඩි තියනවා නේද?
Deleteමම උදෙක්ම අදහස් කලේ අපි මේවායේ මානුෂික මුහුණුවර කතාකරද්දී, නීතියෙන් එය එක්කෝ වළක්වනවා. අනික් අතට නීතියේ කෙසේ වෙතත් පොලවට බැහැල හිතුවොත් හෙම එක පාර්ශවයක් පිඩාවට පත්වෙනවා. හිතන්න කෙනෙක් හෝ පිරිසක් යුධ අනාතයෙක්/අනාථයින් විදියට වෙනත් රටකට යනවා. ඒ රටෙන් උනත් එයාලා බාරගන්න පුළුවන් 'සීමාවක්' පනවන්න වෙනවා නේද? එතැනදී දරුවන් කියා බුරුලක් දෙන්නත් පුලුවන්ද? ඒකයි මම කිව්වේ නීතියත් එක්ක ගැටෙනවා කියල.
ඇත්ත උපේක්ෂා............
Deleteයුද්ධය කියන්නේ තනිකර ම ආකල්පමය වැරැද්දක්. එහෙමයි කියලා අපි ඒකේ අඩුපාඩු දැකලාවත් ආයෙමත් ලෝකයේ ආකල්පමය ගොඩනැගීමක් කළ යුතුයි කියලා කතා කරනවා විතරයි. අපි නීතිත් හදනවා... අපි ම සමුළු පවත්වනවා.. ඒත් ලෝකය පුරා යුද්ධ ඒ විදිහට ම සිද්ධ වෙනවා. මෙහෙම දේකුත් තියෙනවානේ. අපි හදන්නේ අනිකා පරදාගෙන ජයගන්න ලෝකයක්. අපි අනිකා සමග එකතු වෙලා ජයගන්න දරුවන්ට උගන්නන්නේ නැහැ. අපි ම අනාගත පරපුර වෛරයෙන් දිනන විදිහට හුරු කරනවා. ඉතින් මේ යුද්ධ කවදා නවතීවිද කියලා හිතන්න අමාරුයි තමයි...
හුයන්න ටයන්න (තිතක්)
ReplyDeleteමුලින් ම හුයන්න කිව්වා ම බය හිතුනා බං...
Deleteලස්සනයි.
ReplyDeleteස්තූතියි
Deleteළෝකය පවතින තුරා සරණාගත ප්‍රශ්ණයත් තියේවී බං...
ReplyDeleteඅපේ රටෙත් උපන් බිමේම කී ලක්ෂයක් සරණාගතයෝ උනාද...?
ඇත්ත මාතා................
Deleteමේ දේවල් කිසිවක් ලෝකයෙන් තුරන් කරන්න බැහැ..... ඒක තමා ඇත්ත... ඒත් මේවා මේ තරම් දරුණු නොවී, මේ තරම් කුරිරු නොවී, මේ තරම් දරුවන් සහ ගැහැණුන් මහපාරට ඇදලා නොදා මේවායේ තීව්‍රතාවය අඩු කරන්න හැකියි නං ඒක ලොකු දෙයක්....
n
Deleteඔබ කවුරුන්ද කියන්න විස්තර දන්නේ නැහැ. ඒත් ඔබ කියන විදිහට දැන් තියෙන සින්ඩි ප්‍රාථමික තත්වයේ තියෙන්නට පුලුවනි. අපිත් පහසුව සදහා හදාගෙන පසුව බ්ලොග් සහෘද පිරිසට හදුන්වා දුන්නු සින්ඩියක් තියෙනවා. සාමාන්‍යෙයන් අනික් සින්ඩි වලටත් වඩා හරි ප්‍රාථමික එකක්.
ReplyDeleteඅපි ඔබට යෝජනාවක් කරන්න කැමතියි. බ්ලොග් ලෝකය කියන්නේ යම් ආකාරයක ඉතිහාසයක් ඇති මේක තුළ නිර්මාණය වූ අනන්‍යතාවයක් ඇති බුද්ධිමය සංවාදයකට හොද තෝතැන්නක්. ඒ වගේ ම විවිධාකාරයේ අංශ ගැන බ්ලොග් තියෙනවා. ඉතින් මේක එක විදිහක ස්වයංපෝෂිත වේදිකාවක්.... ඒ තැනට ඔබ එන ක්‍රමය තව ටිකක් වෙනස් වුණොත් හොදයි කියලා අපි හිතනවා. හැකිනං ඉස්සල්ලා බ්ලොගයක් ලියන්න.... එතකොට මේ ගැන ටිකක් තේරුම් ගන්න හැකි වේවි.... එවිට ඔබේ වැඩේ සාර්ථක වෙනවා වගේ ම බ්ලොග්ලෝකයටත් ඒකෙන් වැඩක් වේවි....
(බ්ලොග් වලට ඔබේ සම්බන්ධයක් තියෙනවානං ඒක සදහන් කරන්න..... මේ සියල්ල ලියුවේ පිටත සිට කළ වැඩක් විදිහට හැගුණ නිසයි....)
එක පැත්තකින් යුද්ධය.අනිත් පැත්තෙන් සාමය.මේ දෙකම මුදල් ආකර.ඒ නිසා මේ අවාසනාවන්ත ජීවිත තුරන්වෙන්නේ නෑ කවදාවත්.ඉවර කරන්න වුවමනාවකුත් නෑ.බුදුහාමුදුරුවෝ "නිවන" කියන දේ දේශනාකලේ මේවා නොදැක ජීවත්වෙන්න මිසක් ආත්ම විමුක්තියට නෙමෙයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි.
ReplyDeleteමතක්වුනේ නිකලස් කේජ් රඟපාන lord of war චිත්‍රපටය.
උඹේ අදහස් දැක්වීමට එකගයි... මිනිස්සු කරන්නේ යුද්ධ කරමින් සහ සාමය විකුණමින් හම්බකිරීමක් තමයි.
Deleteසරණාගතයන් දකින්න නොලැබෙන ලෝකයක්??????
ReplyDeleteතව සියවසකින්වත් එයිද මන්දා.
එන්නේ නං නැහැ තමයි විචාමාමේ.....
Deleteඒත් මේක අඩු වෙනවානං හොදයි නේද??????
ජීවිතේ හොයාගෙන ජීවිතෙන් යනවාද.....
ReplyDeleteසහෝදරකම් අතින් ඔසවාන ඇවිදපං...
බොහොම සුන්දර ගෙත්තමක් !
ස්තූතියි මෙතූ.............
Deleteමමත් මේක ගොඩක් බ්ලොග් වල දැක්ක එත් මට මේ කොමෙන්ටුවේ අමතු ගතියක් දනුන්නා (හිතට සමීප නැහැ) ඒ නිසයි මමත් ඒ වගේ කොමෙන්ටුවක් කෙටුවේ
ReplyDeleteමෙහෙමයි මචං................
ReplyDeleteබ්ලොග්කරුවෙක් නොවෙන කෙනෙකුට හෝ බ්ලොග්කරුවන්ගේ සහයක් නොලබන කෙනෙකුට සින්ඩියක් පවත්වා ගැනීමට සිත්වීම ටිකක් සිතාබැලිය යුතු කරුණක්. විශේෂයෙන් ම එවැනි සින්ඩියකින් සැබෑ අවශ්‍යතාවයන් ඉටු වෙනවාද කියලා සැකයක් තියෙනවා... හැමෝට ම තම පුද්ගලික න්‍යායපත්‍රයන් තියෙන්නට පුළුවනි. නමුත් ඒවායෙන් වුණත් අනික් අයට ප්‍රයෝජනයක් තිබිය යුතුයි...... නැත්තං වැඩක් නැහැ...
හිතට දැනෙන සංවේදී නිර්මාණයක් කුරුටු...
ReplyDeleteකොයිතරම් දුකක් විදිනවා ඇත්ද මේ මිනිස්සු................
Deleteසංවේදී නිර්මාණයක්.
ReplyDeleteලංකාවෙත් යුද්දෙ තිබිච්ච කාලෙ කොච්චර සිංහල දෙමළ පොඩි උං ඔය විදියට අනාත උනාද.
ඔව් ප්‍රසා අයියා............
Deleteමේක මනුස්සයින් විසින් මනුස්සයින්ට කරගන්නා වූ පීඩාවක්...... මේක තේරුම් ගන්න මේ මිනිස්සුන්ට බැරි හැටියක්.......
පපුව හෝස් ගාල ඇවිලෙනව...:(
ReplyDeleteඒ කියන්නේ කවිය දැනිලා.... අනික තමා අපි දනවන්න හදපු දේ වෙලා.... ස්තූතියි රවියෝ
Deleteඒක හදවතටම දැනුනා..."සහෝදරත්වය"....ඒ වචනයේ බර මේක කියෙව්වම දැනුනා...සුපිරියි කුරුටු...
ReplyDeleteස්තූතියි බොසා........... කවියක් ලියපු එකේ සතුට මේක තමා... උඹලාගේ අව්‍යාජ වචන.....
Deleteලෝකයක් නසන්නට
ReplyDeleteරුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවෙහි
විජය කොඩි නගන්නේ කවුරුන්ද
එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිළකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට
වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට
ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
අගෙයි සින්දුවෝ...............
Deleteඇත්තම ඇත්ත මේකයි.... හැබැයි අපි පිස්සෝ වගේ යුද්ධ කරනවා... අපි අපි ම මරා ගන්නවා.. අපේ ම දරුවන්ගේ අනාගතය අදුරු කරනවා..අපේ ම ලෝකය විනාශ කරගන්නවා.....
මේ දරුවන්ගේ මුහුණු දකිනකොට ඇති වෙන්නේ මහා දුකක්.
ReplyDeleteනොදන්නා දෙයක් වෙනුවෙන් ජීවිතය අහිමිවුණ දරුවන්......
Deleteයුද්ධ තිබුනත්,නැතත් මේ විදියට මිනිස්සු වඩා හොඳ ජිවිත හොයන් සංක්‍රමනය වෙන කොට මේ වගේ සරණාගත ගැටළු එනවා.මේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ දේශපාලන මුහුණුවරකට වඩා මානුෂිය මුහුණුවරකින්.
ReplyDeleteමේ දරුවන්ට හොඳ අනාගතක් වෙනුවෙන් සංක්‍රමණය වෙන්න කියලා දෙමව්පියෝ ගන්නේ අවධානමක් සහිත තීරණයක්.තමන් උපන් බිමේ නිදහසේ ජිවත් වෙන්න පුළුවන් කමක් තිබ්බා නම් ඇතැම් විට මේ වගේ ගැටළු ලෝකයේ නැති වෙන්නත් තිබ්බා.
එහෙම තමන්ගේ උපන් බිමේ නිදහසේ ( සාපේක්ෂව) ඉන්න පුළුවන්කම තියෙද්දිත් ලාංකිකයෝ මෙතරම් වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙන්නේ ඇයි කියලයි මම කල්පනා කලේ
Deleteමනෝජ්............. අපි ලෝකය පුරා ම ගත්තා ම යුද්ධ තමා මේ තරම් මිනිස්සු පිරිසක් එකවර ලෝකයට දරාගත නොහැකි විදිහට උන්හිටි තැන්වලින් පලවා හරින්නේ. ලංකාවේ වුණත් සිද්ධ වුණ බොහොමයක් මෙවැනි සිදුවීම් වලට පාදක වුනේ යුද්ධය.
Deleteඅනික් පැත්තට ඔබලා කියන විදිහට ආර්ථිකමය වාසි තකා සංක්‍රමණිකයින් බිහිවෙනවා තමා. බෝට්ටු වලින් ඕස්ටේ්‍රලියාවට යෑම, ඉතාලි පැනීම වගේ දේවල් ඊට උදාහරණ තමා. මොනවා වුණත් මෙතැනදී බොහෝ දුරට සිද්ධ වෙන්නේ තරුණ පිරිස් සහ පිරිමින් සංක්‍රමණය වීමක්. මේකත් රට තුළ පවතින ආර්ථික දුෂ්කරතාවයන් නිසා සිදු වන්නක්. ලංකාව හරි ගමනක් පටන් ගත්තු දාට මේ විදිහ සිදුවීම් බොහෝ දුරට අඩු වේවි....