කොකාගේ ගිය වාරේ
දැන් තිත්තයා බාරේ
දෙපැත්තට වැනෙන රාළේ
රෙද්ද පල්ලෙන් අන්න බේරේ..............
ගලේ පහරපු බලළා
වහන්නට වෙර දරලා
මේ කුණු කතා අහලා
වහලා මොකටද හිතයි බලළා.............
කට තිබුණු පළියට
භාවිතයට ගත් විට
නහින මාලුවන් විලසට
උඩපනී මරි මෝඩ තාලෙට.............
විලිලැජ්ජාව ඇවිදින්
හිරිකිතය හා මුහුවෙමින්
අප්පිරියාව දනවමින්
ඔක්කාරයට එයි හරි තදින්.............
කරනට දෙයක් නැත්තං
අර තීන්දුත් බඩ බැදං
පරණ තනතුර කුදලං
මුහුදේ පැනලා මැරිලා පළයං..............
කසුප් අනුරාධ.
පසු සටහන - හිටපු සරත්තුමා හිටපු මහින්දතුමාගේ හොර රැස්වීමක මයික් ටයිසන් බවට පත්වී අද දින කියන ලද කතාව අසා හද පිරි සතුටින් ලියන ලද්දක් බව සැලකුව මනාය.
.
එල කවි පන්තිය....
ReplyDeleteස්තූතියි ඉන්දරේ...............
Deleteඅම්මෝහ්....පට්ට කුරැට්ටෝ
ReplyDeleteස්තූතියි ශානුවෝ................
Deleteමේ තමා ඇත්ත. මුං කියන දේවල් අහං හිටියාම අපිට ලැජ්ජයි බං...
ගෙදර යනගමන් තුමා
ReplyDeleteගෙදර යන ගමන් ඉන්නේ හිටපු ලොක්කා...... එයා තමා ජනාධිපතිවරණය පැරදිලා මහමැතිවරණය පැරදිලා මේ පාර ප්‍රාදේශීයසභා පරදින්න ඉන්නේ..... මේ අවලංගු කාසි ඇවිත් නාඩගං නටනවා දැක්කා ම අප්පිරියයි ට්‍රාන්ස්.............
Deleteඅනුරාදටනම් අර තුෂාරයට තියෙන අව්ල නෑ.
ReplyDeleteඔව්ව ඔහොමයි මචෝ. පට්ට කවිය.
ජයවේවා අනුරාද!
තුෂාරයාට කොහොමත් අවුල්නේ..... අපි ඉතින් ජෙනුයින් කොල්ලොනේ... හැක්
Deleteමේ මනුස්යා ගැන නම් අනේ මන්දා මොනවා කියන්නද කියලා. මහින්ද පරද්දන්න ඒ දවස් වල මොනවා මොනවා නම් කිවුවද. ඒකට දැන්.
ReplyDeleteමේ හැටිද නැත්තං වයසට ගියාම හැදෙන දෙයක් ද මන්දා..... කොහොම හරි අපිට දැන් තියෙන ප්‍රශ්ණය ඒ කාලෙත් මේ අවුල තිබ්බද කියලයි... මොකද තීන්දු දෙන තැනකනේ හිටියේ ඒවා දුන්නෙත් අවුලෙන් ම ද දන්නෑ...... හැක්
Deleteදෙපැත්තට වැනෙමින්
ReplyDeleteසිටින රට වැසි කැලක් සමගින්
සිටින මේ මහතුන්
සිතයි මෙය වේ
හොඳම ක්‍රමයත්..
ඒක හරි කවිදු..............
Deleteමේ කස්ටිය හිතාගෙන ඉන්නේ පැනීමේ තරමට පැවැත්ම හොදයි කියලා... අම්මපා ගෙබ්බෙක්වත් පනින්නෑ මෙච්චර...
Good bye sir! Your time is over now.
ReplyDeleteඅනිවා කමියා.............. කාලේ ඉවර වෙලා ගොඩක් කල්.... දැන් කල්පැනලා.....
Deleteසමාජෙට හොඳම දේවල් කරන්න අවස්ථාව, දැනීම, ප්‍රඥාව ලැබිල ඒව යොදාගෙන සමාජයට නරකම දේවල් කරපු කෙනෙක් ගැන උදාහරණයක් මෙයාගෙන් එහාට හොයා ගන්න බැහැ. ඒ අතින් මහින්දත් පරාදයි මෙයාට. මහින්දට අවස්ථාව ලැබුණට දැනීම සහ ප්‍රඥාව තිබුණෙ නැහැ.
ReplyDeleteපක්ඥාවද මොකක් ද කියන තිබුණානං ඉතින් මෙහෙම වෙයියෑ නේද????????
Deleteදියවන්නාවේ බඩු ගහපු පොර නේ..
ReplyDeleteමේ යකා ගිහීන් හිටගන්නේ කොතනද එතනෙ විනාශයි. අධිකරණය විනාශයි. සරත් ෆොන්සේකට සෙට් උනා, උන්දෑ විනාශයි. ඊළඟට මහින්දට සෙට් උනා උන්දැත් විනාසයි.. ආයිත් අළුත් පක්ෂෙට සෙට් වෙල. ඒකත් විනාශයි.
අපේ ගම්වලත් සමහර පොරවල් ඉන්නවා ගෙවල් වලට වද්ද ගන්නේ නැති. හේතුව ගෙදරට ගොඩ උනොත් ඒ ගෙදර විනාශයි.
මෙහෙමයි මාතා අපිට කලින් ම මේ වගේ උපන්හපන්කම් තියෙන ඈයෝ අදුරගන්න පුළුවන් වුණානං ප්‍රභාකරන්ට සෙට් කරන්නයි තිබුණේ.. ෂුවර් මාස ගානින් මිනිහා එල්ලිලා මැරෙනවා..... ආය දෙකක් නැහැ...... ගෙදර එහෙම තත්වය කොහොමද දන්නෑ......
Deleteඅනුන්ගේ ගෑණු උස්සගෙන ආපු උන්ට කොහෙද බං ගෙවල්...
Deleteඅම්මපා.............. හිටියොත් තමා පුදුමේ..........
Deleteඅනේ මුන්නැහෙට ගිය කලක්. ඒ කාලේ කොහොමද? අද කොහොමද? පව් අප්පා. බලන්න තිබුනා තානාපතිකමක් එහෙම දුන්නානම් සිරා මගේ දෙයියා කියලා මරාට බනින හැටි.
ReplyDeleteහැබැයි මේ වගේ උදවිය තානාපති කොහොම වෙතත් තානායම්පති තනතුරකටවත් ගැලපෙන්නේ නැහැ.
මේ විදිහට දේශපාලනයත් එක්කම ජාතකේ හෝදාගත්තු අය අතරින් මොහු හරිම විශේෂ චරිතයක් නේද විචාමාමේ....... දැන් මිනිහාගෙන් ඇහුවානං ඒ කාලේ දුන්නු තීන්දු වැරදියි නේද කියලා.. ඒකටත් ඔව් කියයි ද මන්දා...... හැක්
DeleteThis comment has been removed by the author.
ReplyDelete//කරනට දෙයක් නැත්තං
ReplyDeleteඅර තීන්දුත් බඩ බැදං
පරණ තනතුර කුදලං
මුහුදේ පැනලා මැරිලා පළයං//
පට්ට කුරුටු...ජයවේව..!!!
අම්මපා වෙන මොනවා කියන්නද මේවාට.....
Deleteමොනව කරන්නද ඉතිං.
ReplyDeleteබලාන ඉදපන්.
Deleteකට ඇරගෙන
Delete:D
Delete:O
Deleteමුන්ගේ මෝඩකම් අපේ වාසියට නෙව..
ReplyDeleteසරත්තුමා උබලා වගේ එවුන් ඉන්නකම් ලස්සන නිර්මාණ බලන්න පුලුවන්..
ලස්සනයි මචන්.)
ස්තූතියි සිංහ මචං..............
Deleteමායි, මයේ හිතේ කුරුටු ගාන බ්ලොග් එක සිංඩියට දාගන්න..
Deleteමයේ හිතේ සිංඩියේ කොමෙන්ට් එකක් දැම්මලු...
2014 kiyapu dewal amathaka welaa.
DeleteLajjawa kiyana eka gaawilaawath nathi minihek.
samahara politicianslata wadaa anthai.
(kavi tika lassanai kasuph.)
අහල තියෙනව නේද අර කවියක් තියෙන්නෙ නපුරු දුදනන්ගෙ සියොළඟහිම විෂය කියල.ඕකා මුදෙ පැන්නොත් මුදත් විනාසයි.
ReplyDeleteඒකත් ඇත්ත........ මුහුද ගොඩගලයි නේද??????? මුහුදේ ඉන්න බැහැ කියලා.....
Deleteමම නම් මෙච්චරයි කියන්නේ.. අපෝ ඕකා...
ReplyDeleteකියලා වැඩක් නෑ අගහරුවෝ......... මේ මොළ තියෙන්නේ ඕකට ද ??????
Deleteමට තේරෙන් නෑ බංස්..
ReplyDeleteඋඹ බබානේ..........
Deleteඅයියෝ සල්ලි.. ඇයි බන් මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ.. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ බන්..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteදැන් මේක අලුත් වර්ෂන් එක ඇවිල්ලා.....
Deleteලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි....... ඇයි බං ජනාධිපති වෙන්න කියන කතා දැක්කා ම ලැජ්ජා හිතෙන්නේ අපිට බං....
ලංකාවේ දේශපාලනය කතාකරන්න අපුල මට්ටමකට අරන් ඇවිල්ලා ආපහු මේ කට්ටිය සෙට්වෙලා.සිරාවට මම මේ දවස්වල නිවුස් බලන්නෙත් නෑ.මේක දැන ගත්තෙත් මූනු පොතෙන්.විශ්‍රාම යනවා, ජනතාව ප්‍රතික්ශේප කරනවා කියන එකේ තේරුම මුන් දන්නේ නැද්ද බං? දැන් එතකොට මූ බණ කියන්නේ නැද්ද ?
ReplyDeleteවීරසිංහ මහත්මයාගේ අසනීප තත්වය කොහොමද දැන්?
මූණු පොත අතහැරීම දැන් කීප තැනකින් ම ආරංචි වුණ සිද්ධියක්.
Deleteවීරසිංහ මහතා (ලොකු මාමා) තවමත් රෝහල්ගතවයි ඉන්නේ. මේවන විට කකුලේ ඇගිල්ලක් ඉවත් කරලා තව දුරටත් ශල්‍යකර්මයන් කරලා තියෙන්නේ. ඊයෙත් නැවතත් ශල්‍යකර්මයක් කරලා. නමුත් තිබුණාට වඩා තත්වය හොද මට්ටමක තියෙනවා. එතැන තියෙන ගැටලුව තමා වීරසිංහ මහතාගේ පුතා තමා අපේ හසිත හර්ෂණ වීරසිංහ. ඔහු මේ වන විටත් තම අවසන් වසර විභාගයට පෙනී සිටිනවා. දැනට විෂයන් දෙකක් ඉවර වෙලා. පහුගිය මාසෙම ඔහු තාත්තා ගාව රෝහලේ හිටියේ. ඇත්තට ම දුකයි මේ සිදුවීම් ගැන.....
මෙහෙම අයත් නඩු අහපු රටක්නේ මේක.
ReplyDelete