විහාර මහ දේවි
සුනාමියට බිය නොවී
රට බේරා දුන්
වීර මහා දේවියේ
වඩිනු මැනවි තුසිතයෙන්
දේශපාලන සුනාමියෙන්
සිරිලක් මෑණිගෙ දරුවෝ
දුකට පත් වෙලා
උන්ගේ දුක් ගිනි නිවන්න
මෙත් සිත් පා ඉන් චුත වී
වඩිනු මැනවි තුසිතයෙන්
විහාර මහ දේවියේ..........
ඩබ්.ටී වීරසිංහ
මං හිතන්නෑ විහාර මහා දේවිට එච්චර හයියක් ඇතියි කියල. හැක්..
ReplyDeleteහයිය හිතේ තිබ්බම ඇති අයියා..
Deleteවැඩ වරද්දගත්තද මන්ද පොටෝව බලලා... අදහස් කළේ පාලන තන්ත්‍රය මිසක් පුද්ගලයන් නොවේ යාලුවනේ.... දැන් බලමු පොටෝව..
Deleteඔහොම කියනකොට බයහිතෙනවා. ඒ කාලේ චන්ද්‍රිකා ආපු අලුත ඒ ඇත්තිට කිවුවෙත් විහාරමහා දේවිය කියලා, ගොට්ටෝ ටික.මේක බලලා ඒ ඇත්තීට කරපු ආරාධනාවක් කියලා ආපහු ආවොත් ..... මොකෙන් දන් වළදන්නද කියලා හිතාගන්න බැරිවෙයි
ReplyDeleteසමාවෙන්න කටුසු පොටෝව නිසයි අවුල් වුනේ.. විද්දෙ හාවට වැදුනෙ පදුරටලු කියන්නේ මේ වෙලාවට වෙන්නැති නේ ද? අෑට ඒහෙම කියූ බව නිච්චි නැති වුණානේ මායි පොට වරද්දගත්තේ අැය ඉන්නා පෙටෝවක් දාලා...
Deleteයටින් අමුණලා තියෙන මහා දෙන්නගේ ෆොටෝ දෙක දැක්කම නම් මහා කුජීත හැඟීමක් එන්නේ..
ReplyDeleteහැක් හැක් දැන් දාමු නැවත පොටෝව බලලා කොමෙන්ටුවක්...මධ්‍යස්තව
Deleteඒකත් පුදුම සුනාමියක් තමයි
ReplyDeleteදේශපාලන සුනාමිය..මාරයි නේ බං? ස්තුතියි අදහස් දැක්වීමට
Deleteවිහාර මහ දේවි කිව්වේ චන්ද්‍රිකාට නෙමෙයි නේද ?
ReplyDeleteනෑ නෑ.. ඒයාට කිව්වා නෙවේ...
Deleteවිහාර මහා දේවි නෙමේ ගැමුණු ආවත් වැඩක් නැහැ.උනුත් මේ යන ක්‍රමයටම හැඩ ගැහිලා ජනතාවට කොකා පෙන්වාවි.
ReplyDeleteඒක අැත්ත.... ස්තුතියි ඔබට මනෝ.
Deleteඇයි වීරසිංහ මහත්තයෝ විහාරමහා දේවී....විහාරමහා දේවීට දණ්ඩ නමස්කාරය කරපු පවිත්‍රාදේවී වඩම්මමු.
ReplyDeleteයකෝ පිස්සු කෙලින්න එපා. විහාර මහාදේවී අවොත් මුහුදට පැනලා සියදිවි හානිකරගනී මේ රටේ වෙන දේවල් දැකලා.
ReplyDeleteහ්ම්........
Deleteඩබ්.ටී වීරසිංහ????
ReplyDeleteමේ කුරුට්ටා දන්නේ නැහැනේ ...
කවිය ලස්සනයි
කුරුටු අංකල්.. ලිස්ට් එකේ උඩම ඉන්නේ :)
Deleteරයිටෝ ...සමාවෙන්න
Deleteදියසේන කුමාරය ඉවරයිද දැන් එතකොට
ReplyDeleteබඩ වෙනුවෙන් රට කරන උදවිය ඉන්නතාක් ගොඩ ඒමක් නෑ
ReplyDelete