“නිල් කටරොලු දෑස් අගින්..............”සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය
ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න
ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න
රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන සමයේ මට හමු වූ සහෘදයා ඔහු විය. ඔහු සුභාවිත ගීතයට පෙම් කළේ ය. ඒ පිළිබද ගවේශනය කළේ ය. මා කවියට පෙම් කළේ ය. කුරුටු ගෑ ගී පවුර එහි එක් ඵලයක් විය. නමුත් ඔහු මට වඩා පින්සර විය. ගේය පද රචකයෙක් ලෙස දිර්ඝ ගමනකට ප්‍රවේශය ලබා අැත. හේ ප්‍රදීප් කුමාර දිසානායක නම් වේ. නිල් කටරොලු දෑස් අගින් .... ඔහුගේ දෙවන ගේය පද රචනාවයි. ගායනය සමන් ලෙනින්. නාද රටා අරුණ ගුණවර්ධනයන්. ඒ සහෘදයා ලොව පුරා විසිරී සිටින කුරුටු ගෑ ගී පවුරේ රසිකයන් විචාරකයන් අතරට හදුන්වා දෙන්නට තීරණය කළේ ය. ගීතය ශ්‍රවණය කර ඔබේ අදහස් කොමෙන්ටුවක තබා යනවා නම් යෙහෙකි.
සටහන
හසිත හර්ෂණ වීරසිංහ
මේ අසන්නට රසවිඳින්නට තරම් අප තවමත් පින්කර ඇතිබව හැගේ
ReplyDeleteස්තුතියි ඔබට අදහස් දැක්වීමට....
Deleteඉදලා හිටලා මොනවා හරි ලියහන් බං
ReplyDeleteහම් හම්... කට්ටිය බිසී වෙලානෙ ඒකයි ලියන්න බැරි වුණේ. ස්තුතියි මෙන්ඩා ඔබට....
Deleteලස්සන ගීතයක් .. ( තෝරාගත් ගායන ශිල්පියාත් ඉස්තරම්.... )
ReplyDeleteදීර්ඝ ගමනකට හෘදයාංගම සුභපැතුම් ...!
@හසිත - ඔබේ අවස්තාවත් ඉක්මනින්ම උදාවේවි. ඔබේ ලස්සන නිර්මාණත් මේ විදිහට අපිට අහන්න ලැබේවි, ඉක්මනටම. Good Luck ...!
හහ්....බලමුකෝ යාලුවේ ඉදිරියේදී පුලුවන් වෙයිද කියලාා. කවි කෘතියක් සහ කෙටිකතා කෘතියක් ගැන හිතේ කලලයක් තියේ. ඉක්මනින්ම මෝරාවිද කියන්න බෑ.වාසනාවත් තියෙන්ඩ ඒපැයෑෑෑෑ...ස්තුතියි දිරි ගැන්වීමට සදරූ...
Deleteමම බයවෙලා හිටියේ බැද්දගේගෙන් පස්සෙ මේ කළාවට හෙන ගහලා යයිද කියලා... මොකෝ හොටු පෙරන පොන්නයෝ ගොඩක් නේ ඉන්නේ.. ඒ අස්සේ මේ වගේ උන් කාන්තාරයට දිය බිඳක්... අම්බරුවෝ මම හැමදාම අහනවා..
ReplyDeleteඒක නම් අැත්ත. දැන් තියෙන රැල්ල හොටු පෙරාගෙන අඩන රැල්ලක්. විරහව වුනත් විදගන්න විදියක් තියේ......මටත් තියෙන්නෙ ඒ ගැන පිළිකුලක්...
Deleteසිරාවටම
Deleteඅහමින්...
ReplyDeleteසමන් ලෙනින් සුන්දර විදියට චා වෙච්චි ෂෝ එකක් මං දැක්කා ඔයාබටේ තියෙනවා.. පොඩි පණ්ඩිත කමක් තියෙනවා පොරට... අපුරු බඩුවක් ඒ උනාට..
ඒ අස්සේ ගිහින් තවත් සිංදු ගොඩාරික් ඇහුවා.. බන්ඩිය පිරුනා..
Deleteඇත්තෙන්ම ඉස්සර ඉඳන්ම ආස කරන ගායකයෙක්...ඒ ජන ගී හඬට බොහෝ ප්‍රියයි....ගායනය,තනු නිර්මාණය,ගේය පද නිර්මාණය කියන ත්‍රිවිධාංගයේ එකතුව මේ ගීතෙට හුගක් පෑහෙනවා කියන වග දැනෙනවා....අපිත් එක්ක මේ වගේ ගීත බෙදා හදා ගන්නවට ස්තූතියි කුරුටුzzz..ජයෙන් ජය! 😉
ReplyDeleteස්තුතියි ඔබට....
Deleteඔහුගේ කොහොමත් හොද හඩක් තියෙනවා......
ReplyDeleteස්තුතියි.....
Deleteසමන් ලෙනින්ට මම කොහොමත් උනන්දුවෙන් සවන් දෙනවා. "සත්පතිනි" ටෙලි නාට්‍යයෙත් වෙනස් ගීතයක් කරා. මේ ගීතය නැවතත් අහන්න ඕන.
ReplyDeleteගීතය ලස්සනයි.
ReplyDeleteස්තුතියි ඔබටත් ප්‍රසන්න........
Delete+++++++++++++++++++++++
ReplyDeleteස්තුතියි +++++++++++++++++++++++
Deleteමන් සෑහෙන්න කාලයක ඉදන් අහන්න ආස කරපු හඬක්,මේ ආසාව නිසාම නර්තන නිර්මාණ කරද්දිත් හුගක්ම තෝරගන්නෙ මොහුගෙම ගීත.මේ ගීතය මන් ඇහුවෙ කුරුටු නිසා.බොහොම ස්තූති කුරුටු...
ReplyDeleteමන් සෑහෙන්න කාලයක ඉදන් අහන්න ආස කරපු හඬක්,මේ ආසාව නිසාම නර්තන නිර්මාණ කරද්දිත් හුගක්ම තෝරගන්නෙ මොහුගෙම ගීත.මේ ගීතය මන් ඇහුවෙ කුරුටු නිසා.බොහොම ස්තූති කුරුටු...
ReplyDeleteබොහොම ස්තුතියි ගිම්මි....
Delete