නුඹේ නිසසල ගත දකින සඳ දෑස කඳුලින් පිරෙනවා
අවි අමෝරං යුධ කළත් හිත තෙත ගතිය තව තියෙනවා
හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවා
කොහොම අතහැර යන්නදෝ නුඹ මගේ පුතු සිහිකරනවා
සිගිති අත්පා මොලකැටිය පුත හිනැහිලා දුව පනිද්දී
සුන්දරයි තව අකුරු පටලං මුදු වදන් නුඹ කියද්දී
තෙමෙන නෙත්යුග වසා ගමි ඒ දසුන් මා නෙත අැදෙද්දී
අාදරේ දුක දැනෙන පපුතුර නුඹ නමින් ඉකිගහද්දී
උපන් නුඹ හට අාගමක් හා ජාතියක් බෙදලා තියේ
එහෙව් අාගම් ජාති අවිගෙන බෙදී වෙන්වුණ ලෝකයේ
උනුන් වෙත අවි අමෝරාගෙන දෙවියන්ගේ තුරුළට ගියේ
මෙහෙව් අාගම් ජාති ගැන නුඹ දැනගෙනද මේ මියගියේ
අහිංසකකම නොතේරෙන අවි උණ්ඩ දෑතට ගනු එපා
කිසිදු වරදක් නොමැති උන් වෙත ඉලක්කය හරියනු එපා
යකඩ වාහන උණ්ඩ හසුරන නොමිනිසුන් බිහිවනු එපා
බෙදී වෙන්වී මරාගන්නා ලෝකයක ඉපදෙනු එපා .....................
තුෂාර විතාරණ
.