Friday, July 3, 2015

ලෙඩ තුනකි - රිපෝර්ට් ගොඩකි.............. තාමත් රිදෙන එකනම් මර දුකකි...........



පපුවට ටිකක් විතර පහළින්
හරිම කැක්කුමයි ඩොක්ට
රෑ හැදුනේ..... කෑම කෑවාම වැඩිවුණා
පිටින් අැල්ලුවාට රිදෙන්නෑ
ඉන්න හිටින්න බැහැ 
මොනවා හරි ඉක්මනට කරන්න ඩොක්ට

හ්ම්.............. ගැස්ට්‍රයිටීස්
මේ ටික ගන්න.
500යි.

ඊයෙත් බෙහෙත් ගත්තා
ඩොක්ට කිව්වේ ගැස්ට්‍රික් කියලා
ඒත් අඩුවක් නැහැ
හරිම කැක්කුමයි ඩොක්ට
ඉන්න හිටින්න බැහැ 
මොනවා හරි ඉක්මනට කරන්න ඩොක්ට

හ්ම්................... ගැස්ට්‍රයිටීස් නෙමෙයි
ගල් වගේ......
මූත්‍රා ඒකක් චෙක් කරගන්න
මේ ටික ගන්න.
500යි.

මිස් ඩොක්ට අාවාද?
තාම නැහැ. වෙලාවක් ගත්තද?
ඔව් ඊයේ කතා කරා
ඒහෙනම් 1000ක් දෙන්න
අතනින් වාඩි වෙන්න.

මිස්ටර් තුෂාර අැතුළට න්න.....
පපුවට ටිකක් විතර පහළින්
හරිම කැක්කුමයි ඩොක්ට
හැදිලා දවස් තුනයි
පිටින් අැල්ලුවාට රිදෙන්නෑ
ඉන්න හිටින්න බැහැ 
මොනවා හරි ඉක්මනට කරන්න ඩොක්ට

ඊසීජී ඒකක් ගන්න.
මූත්‍රා ඒකකුත් බලන්න
ඊයේ බලපු ඒක තියෙනවා
ඒක හරියන්නෑ අලුත් කක් බලන්න
මෙතනින් ම ගන්න පුළුවන්
ඉක්මනට අරන් ඒන්න

හ්ම්.................. විසබීජයක් ගිහින් වගේ
මේ ටික ගන්න
ටෙස්ට් වලටත් ඒක්ක 2000ක් දෙන්න.

දවස් තුනකි
දොස්තරලා තුනකි
ලෙඩ තුනකි
රිපෝට් ගොඩකි
තාමත් රිදෙන කනම් මර දුකකි........................


තුෂාර විතාරණ


.

35 comments:

  1. දවස් තුනකි
    දොස්තරලා තුනකි
    ලෙඩ තුනකි
    රිපෝට් ගොඩකි
    තාමත් රිදෙන එකනම් මර දුකකි....

    ඒක නම් සිරා ම තමා.....
    පට්ට මචං...

    ReplyDelete
    Replies
    1. රූපේ.................

      මේ තමයි මගේ පහුගිය දවස් තුන හතර...... ඔය හැබෑවට ම මට වුණ දේ තමා.... දවස් හතරක් හැම තැනම දිව්වා.... හැම දේම කරා.... වියදම් කරා..... ඒත් ප්‍රතිඵලය ඔච්චරයි..... තාම රිදෙනවා.....

      Delete
    2. උඹට මුකුත් නරක ලෙඩක් එහෙමවත්ද දන්නෑ....??
      නරකද සමාජ රෝග සායනේ පැත්තේ ගියොත්??

      Delete
    3. රූපේ උඹ ක්ලිනික් යන දවස කියහංකෝ........... මාත් ඒන්නම්......

      Delete
  2. විහිලු නෙමේ බං..හොද ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා............. රජයේ රෝහලේ දොස්තරට පෙන්නුවා.... ප්‍රයිවට් දොස්තරට පෙන්නුවා.... බැරිම තැන චැනල් කරලා කායික රෝග විශේෂඥ වෙෙද්‍යට පෙන්නුවා...... අායේ කාටද බං......

      Delete
  3. ගැස්ට්‍රයිටිස් නං භාෂ්කර ලවණ ටිකක් උණුවතුරෙ දියකරල බීපං... එක එකාට සල්ලි නොදී.

    ReplyDelete
    Replies
    1. මාධවී.............. මොනවද බොල ඔය භාෂ්කර ලවණ කියන්නේ ...???

      Delete
    2. සිංහල බේත් කඩේකිං අහපං... සත්තයි අත්දුටුවයි.

      Delete
    3. මාධවී දන්නවා වගේ කිව්ව නිසා මං හිතුවේ දන්නවා අැති කියලා.......

      Delete
    4. භාශ්කර ලවණ වලට තැඹිලි වතුර දාපුවාම තමයි සුපිරි

      Delete
    5. අම්මපා..................

      මචං ගස්ලබු වැටෙන්නේ මොන ගොඩටද???????

      Delete
    6. කෝ..................

      Delete
  4. දොස්තරලා නපුරුදු මේතරම්

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ කිචි.................

      Delete
  5. කයිය නම් ඇත්තම ඇත්ත කුරුට්ටෝ....... ඇ බං ඇත්තටම මක්කයි අර මාධවී කිව්ව භාෂ්කර ලවණ. මටත් ගැස්ට්‍රයිටිස් නෙව....

    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. දැන් හොයන්න ඔ්නේ සබරේ ඉන්න ගැස්ට්‍රික් තියෙන කෙනා කවුද කියලා....... බඩුම තමා දැන් හොයනවා ෂුවර්............

      Delete
  6. ///දවස් තුනකි
    දොස්තරලා තුනකි
    ලෙඩ තුනකි
    රිපෝට් ගොඩකි
    තාමත් රිදෙන එකනම් මර දුකකි........................///

    මේ කොටස පට්ටය.
    උඹට දැනෙන්නේ නැද්ද උඹට තියෙන්නේ ගෑස්ට්‍රයිටිස් ද නැද්ද කියලා.
    ගෑස් නම් සිංහල බෙහෙතක් කාරිය කරපන්,
    ගොඩක් කෑම වර්ග වලින් වැඩේ ගොඩ දාන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පුතේ.......................

      කවදාවත් මේ විදිහට හැදිලා නැහැ බං.... ටිකක් වැඩේ අමාරු ගතියයි.... ගැස්ට්‍රික් වලට ගත්ත බෙහෙත් වලට අඩුවක් නැහැ... ඒන්න ඒන්නම වැඩි වුණා..... දැන් අන්තිමට ගත්තු බෙහෙත් බොනවා.... තාම අමාරුව අඩුවක් නැහැ...... අනේ මන්දා......

      Delete
  7. සරුවාංග වෙදෙට්ට වත් පෙන්නපං එච්චරනෙ ඉතුරු වෙලා ඉන්නෙ
    අපේ දොස්තල්ල ඇවිල්ල දොස්තල්ලට වැඩිය කොන්දොස්තල්ල

    ReplyDelete
    Replies
    1. පෙන්නුවා මහේෂ්......................

      අායේ පෙන්නන්න කෙනෙක් නැහැ...... හැබැයි අවුල තමා.

      //තාමත් රිදෙන එකනම් මර දුකකි........................//

      Delete
  8. නොකා නොබී ජීවිතය හොයද්දී තියන රඟේ පේනව නේද සහෝ...එකනේ මමනම් ඕන රෙද්දක් කරන්න කලින් කෑම හොයන්නේ...ණය වෙලා හරි කාල ඇති...හැක්...හැක්...

    ඒක නෙවෙයි...අර ඩයජින් සිරප් එක ඕකට නියම බෙහෙත...ෆාමසියකින් ඉල්ලපං...

    අසංක

    ReplyDelete
    Replies
    1. නැහැ බොල අසංක අයියේ...........

      ගැස්ට්‍රයිටීස් කේස් ඒකක් නෙමෙයි....... අපිටත් කෑම කිව්වොත් ඉතින් අංක ඒක තමා........ නැත්තං අන්තිමට බලද්දි කාලත් නැහැ... බීලත් නැහැ..... මැරිලා ගිහිල්ලා විතරයි..... දොස්තරලා දෙන බෙහෙත් බිබී ඉන්නවා...... බලමුකෝ දවස් දෙකතුනකින් නේද??????

      Delete
  9. අනේ මන්දා. චැනල් කරලා බෙහෙත් ගන්න ගියාම, ඔය කියන පරීක්‍ෂණ කරලා ඉවරවෙනකොට, පණ ගිහින් ඉවරයි. ඉස්සෙල්ලා වේදනාව නවත්තලා හිටපන්කෝ. මොන විකාරද. ටැස් කිරිල්ලෙන් ගන්න ආදායම නැහැනේ වේදනාව නැවත්තුවොත්.

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි විචාරකතුමෝ..............

      හැම දෙයක්ම ව්‍යාපාරයක් වෙලා.... කොහොම හරි හම්බකරගන්න බලනවා මිසක් ලෙඩාගේ ලෙඩේ ගැන කවුරුවත් බලන්නැහැ...... ලෙඩක් අායාම දකින්නේ කස්ටමර් කෙනෙක් අාවා කියලා විතරයි.... උෟව මරාගෙන හරි හම්බ කරනවා...... මේක බිස්නස් ඒකක්.....

      Delete
  10. ඔව් බං,ඔය සමහර දොස්තරලා ඉන්නවා උන්ට බෙහෙතක් කරන්න ඕනේ ඔක්කොටම කලින් හරියට ලෙඩ අදුරගන්න.

    ReplyDelete
    Replies
    1. යකෝ... මේක උන්ගේ රස්සාවනේ....... ලෙඩේ අපි දන්නවානම් දොස්තරලා රෙද්දට යෑ.... ගිහින් ෆාමසියකින් බෙහෙත් අරන් බොනවානේ...... ඒකම අමාරුව... ඒකම මූත්‍රා ටික.... හැබැයි ලෙඩ තුනක්.... රිපෝර්ට් ගොඩක්.... ඒකකට ඒකක් සමාන නැහැ... අනේ මන්දා බං.......

      Delete
  11. ඔහොම වෙනකොට හිතෙනවා දොස්තරලා ලෙඩ ගැන පුරුදු වෙන්නෙ අපෙන්ද කියලා. අවුරුදු 5ක් විතර ට්‍රේනින්ග් ඉඳලා තව අවුරුදු ගානක් බෙහෙත් දීලත් තාම ලෙඩ අඳුනා ගන්න ට්‍රේනින්ග් වෙන්නෙ අපෙන්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඒ බොරුව බං...අද හැමදේම බිස්නස් එකක්...ලෙඩ වවගෙන කෑම තමා මෙතන තියෙන්නේ...

      Delete
  12. ඔය සමහර අය දොස්තර වරු නෙවෙයි... දොස්තර හොරු!

    ReplyDelete
    Replies
    1. පේන හැටියට නම් හොරු වැඩිවේගෙන යනව වගේ රොහාන්...

      Delete
  13. මට පස්සෙ මතක් වුණේ තුෂාරයෝ...උඹ මේ කියන කතාව හරියටම හරි...මේක මගේ යාළුවෙකුට වුණු සිද්ධියක්...ඌ මාත් උගේ උදව්වට එක්ක ගිය හින්දම මේකෙ ඇත්ත නැත්ත දන්නවා මම...

    ඌට එකපාරක් හැදුනා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ආසාදනයක්...ඉතිං ඒකට බෙහෙත් ගන්න ලොකු තැනකට ගියාම එහෙ ඩොකා මූව බය කළා සමාජ රෝගයක් වගේ කියලා...ඊට පස්සෙ කිව්වා ස්කෑන් එකක් කරන්න කියලා...ඊටත් පස්සෙ වකුගඩු චෙක් කෙරෙව්වා...අන්තිමේ තවත් ප්‍රසිද්ධ රෝහලක සමාජ රෝග ඒකකයට යැව්වා...එතනින් චෙක් කෙරෙව්වා...අන්තිමේ මහා වියදමක් දරලා හොයාතත්තෙ මොකක්ද දන්නවද...මේක මේ නිකං දිලීර ආසාදනයක් කියලා ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්...

    ඉතිං නිකං හිතපං...ඌ මාර විදිහට බය වුණා නිකම්ම ඉඳලා සමාජ රෝගයක් හැදුනා කියලා...ඌ ඒකට මානසිකව වැටුනම මමයි ඌත් එක්ක ඒ කාල සීමාවෙම හිටියෙ...හරියට නොදැන දොස්තරලා මේ කරන අපරාද වැඩ හිතාගන්න බෑ...

    අසංක

    ReplyDelete
    Replies
    1. ඔව් අසංක අයියා................... ඒක්කෝ දොස්තරලාට හිතෙන හැම දෙයක් ම නොකියා ඉන්නයි....... කියන දේවල් ගැනවත් ඔවුන් වගකීමක් ගත යුතුයි..... හා නැද්ද????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...