Saturday, July 11, 2015

හිතේ නැගෙනා හැඟුම එපා හංගං ඉන්න .........



අාදරය දැනේනම් දැනෙන දේ පවසන්න
කියන දේ වටිනවා නොවේනම් හංගන්න
ලෝකයම නැවතිලා ඔබ අැයව හමුවන්න
හිතේ නැගෙනා හැඟුම පා හංගං ඉන්න

අාදයර හරි රහයි වේදනා නොදේනම්
වේදනා බොහෝමයි අාදරය නොවේනම්
ජීවිතය සුන්දරයි විදින්නට හැකියිනම්
විවාවි ජීවිතය අාදරය නොවේනම්

හිතේ හංගං ඉන්න අාදරය පවසන්න
නේ දේ ඕන මිස පා යැයි නොකියන්න
මේ පුංචි ජීවිතය හිනාවෙන් ගතවෙන්න
පා ඔරවං ඉන්න හැකි තරම් හිනැහෙන්න .........


තුෂාර විතාරණ

.

16 comments:

  1. ලස්සන ඔවදනක් ආදරේ හිතේ හංගන් ඉන්න කොල්ලෙකුට/කෙල්ලෙකුට
    ජයවේවා තුෂාර!

    ReplyDelete
    Replies
    1. අැත්ත වර්ණ..................

      මේක දෙපැත්තකින් ම හිතන්න පුළුවනි.... හිතේ හංගන් ඉන්න අාදයර නොකියා දුක් විදිනවා හෝ පස්සේ දුක්විදින ඒක ගැනත් ගන්න පුළුවන්....

      අනික් පැත්තට අාදරය හිතේ තියාගෙන අාදරේ නැහැ වගේ පෙන්නන අයට ගන්නත් පුළුවන්..... ඒ දොගොල්ලන්ට ම කියන්න තියෙන්නේ අාදරෙයි නම් අාදරෙයි කියන්න කියලා තමා...............

      ස්තූතියි අදහසට

      Delete
  2. Replies
    1. අැත්ත මේක තමා ඉන්ද්‍රජීත්.... පොඩි ජීවිතයක් අපිට තියෙන්නේ.... ඒත් අපි මේ පොඩි ජීවිතයේ කරන සහ නොකරන දේවල් නිසා කොච්චර විදවනවාද????? අපි හැමෝම මැරෙනවා..... මැරෙන්න කලින් මේ ජීවිතය විදින්න ඔ්නේ.... නැත්තම් අන්තිමට අපරාදේ කියලා හිතෙනවා..... ඒ හින්දා අාදරය කියන හැගීම හංගන් ඉන්න ඒපා කියලයි කියන්න තියෙන්නේ.................

      Delete
  3. තුෂාර

    හිතේ හංගන් ඉන්න අාදරයක් තියනවා කියලා හිතනවනම් ඒ්ක ඒළියට ගන්න තරම් ඔහු හෝ අැය සූක්ෂම වෙන්න ඔ්නි.සමහර අය අාදරය පෙන්නලා පස්සෙ පසුතැවෙනවා.දිගින් දිගයම විශ්වාසය පලුදුවීම් වගේම බොරුව රැවටීම වගේ දේවල් අාදරයට ඒකතු වුණාම ඉබේටම අාදරය හැංගෙනවා.ඒ්වගෙ අවස්ථා අැති නොවී වග බලා ගත්තොතින් ම් ප්‍රශ්න මග හැර ගන්න පුලුවන් බව මගේ අදහස.......

    කාංචනා

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත කාංචනා..................

      හැබැයි ඉතින් වැරැද්දක් හදාගත්ත මනුස්සයෙක් වැරදි කරන්නෑ කියන ඒක පිළිගන්නත් අනික් පාර්ශවය නිහතමානී වෙන්න ඔ්නේ...... අනික් කෙනා හැරුණත් වැරදියි කියලා හිර කරලා තියාගන්න අාදරයක් හරිද කියලත් ප්‍රශ්ණයක් තියෙනවානේ....... හා නැද්ද?????

      Delete
  4. හැබැයි තුෂාර වැරදි නැහැ කියලා පෙන්නනවාට වඩා ඒ්ක දැනෙන්න ජීවත් වීම නේද හොද.පද ටික ලස්සනයි.ඒ්ත් ඉතින් කියන්න තියන ද් කියන්න වෙනවානෙ...වැරදි කරද්දි මේ දේවල් කල්පනා වුණොත් ගැටලු අඩු වෙයි.............හිනා වෙලා ඉන්න කවුරුත් කැමතියිනෙ..................

    කාංචනා

    ReplyDelete
    Replies
    1. හ්ම්......................... කියනකල් හිටියේ...............

      Delete
  5. ඒයි...වරෙල්ලා... උඹලට ඇහුනදෝ? මෙන්න මණඩලේ කචල්! නෝනයි මහත්තයයි ගහගන්නෝ.

    ReplyDelete
    Replies
    1. අඩෝ................... මේවා ගෙදර ගිනි....... තොපි නොදැක්කා වගේ හිටපියව්.... නැත්තං ඉතින් කොහේවත් තියෙන වලං උඹලාගේ ඔලු වලටත් ඒයි හරිද????????

      Delete
  6. පට්ට :). හොඳ උපදේශ ටිකක්. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා...............

      Delete
  7. කවියත් කියෙව්වා...කාංචනා-තුෂාර අඹුසැමි දෙපළගේ කමෙන්ට්ස් ටිකත් කියෙව්වා...ඔන්න දැන් මගේ වාරය...

    මුලින්ම කවි පෙළ නම් අනර්ඝයි...දැනෙන දෙයක් හිතේ හිරකරගෙන ඉන්න එකේ අමාරුව ගැන නම් පැහැදිලි කරන්න අමාරුයි...මේ කවි පෙළින් ඒ දුක සහ සතුට අපූරුවට පැහැදිලි කරලා තියන බවයි මගේ අදහස...

    ආදරය කියන්නේ පරිත්‍යාගයක් සහ කැපකිරීමක්...වචනයෙන් මෙහෙම කිව්වට ප්‍රායෝගිකව කරන එක බොහොම අමාරුයි සමහර සිද්ධි වලදී...මටත් ඒ අත්දැකීම එහෙමමයි...ඒත් මමනම් හැමවෙලාවෙම හිතන්නේ අවසානයේ මේ ඉන්නේ මගේම සහකාරිය නේද කියලා...එයත් මනුස්සයෙක්නේ...මුලින් මොනව හිතුනත් අන්තිමේ සමාව දීලා ආයෙත් ඉස්සරටත් වඩා ආදරෙන් එකතු වෙනවා...

    අසංක

    ReplyDelete
    Replies
    1. මහවරුසාවට පසුව නැගෙන හද වෙනදාටත් වැඩියෙන් ඒළියයි
      නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ ඒළියට වැඩියෙන් ඒළියයි......

      සුපර් අසංක අයියා.....

      Delete
  8. තුෂාර මට මේ කවි පෙල වටිනවා..මමත් ඊයේ සදු එක්ක පොඩි වලියක් දාගෙන ඉන්නෙ. අද ෂේප් එකක් දා ගන්න ඔනේ.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩා....................

      පොඩි පොඩි වලි නැත්තං කොලිටියකුත් නෑ තමයි.... ඒත් හැමදාම හිනා වෙලා ඉන්න ඒකයි වටින්නේ...... ඔය හිතේ තියාගෙන නොකියා ඉන්න දේවල් කියාගන්න පුළුවන් වුණා නම් ඔය ගැටලු නැහැනේ ..... මෙන්ඩිටත් කවිය පෙන්නන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...