Tuesday, July 7, 2015

කුරුටු පුවක් පුවක් කියා - සින්දුවකුත් රසට ගයා - හොදට ඉදුණු පුවක් හොයා - මේ දෙන්නා එගොඩ ගියා......



2014 වෙනතුරු

බොහොම ඉහත කොරවක්කා 
පුවක් මිලට ගෙන වික්කා
වැඩි කල් යන්නට මත්තෙන්
ලොකුම දියුණුවක් දැක්කා

2014 අග භාගය

ගමේ ගොඩේ අැවිදින්නයි
පුවක් මිලට අරගන්නයි
ඒ පළාතේ නම ගත්තේ
කොරවක් අඹු සැමි දෙන්නයි

කුරුටු පුවක් පුවක් කියා
සින්දුවකුත් රසට ගයා
හොදට ඉදුණු පුවක් සොයා
ඒ දෙන්නා ගොඩ ගියා

මේ කොරවක් මුදලාලී
පොඩි දරුවොත් දනිති ගමේ
ඔහුගෙ යාළු ඔරුකරුවෙකි
අදුනන කොට්ටෝරු නමින්

2015 ජනවාරි

පුවක් ගෝනි ගොඩ ගොඩේ
කඩ තියෙන්නේ මොගොඩ ගොඩේ
ඔරුවෙන් අරගෙන ඒමයි
දැන් කළ යුතු හොදම වැඩේ

මෙහෙම හිතා කොරවක්කා
කොට්ටෝරුව බැහැ දැක්කා
ඔරුවෙ පුවක් ගෝනි දමා
දෙන්න ම හි නැග ගත්තා

2015 අගෝස්තු වලින් පසු

ගගේ වතුර වැඩි වුණේය
ඔරුව බරට පරළුණේය
මේ දෙන්නා දෙවි පිහිටෙන්
දිවි රැකගෙන ඉගිළුණේය

කොරවක්කා වන වැදුණා
හිතේ අමාරුව හැදුණා
කුරුටු පුවක් පුවක් හඩින්
කවුරුත් ඔහු අැත හදුනා


කසුප් අනුරාධ


පසු සටහන - සැබෑ නිර්මාණය අැල්බට් ප්‍ර්‍රනාන්දු නිර්මාණකරුවාගේ වන අතර ම නිර්මාණයට කිසිදු අාකාරයක හානියක් කිරීමට මෙයින් අදහස් නොකරන බව ද ප්‍රකාශ කරමි....


.

28 comments:

  1. නියමයි! ඒ කාලෙම මේවා සිද්ද වෙනවා කියලා දැනගෙන කතා/පිරුළු ලියපු එකනොවැ පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මාධවියෝ................

      මේවා ඒ කාලෙම අපේ නිර්මාණකාරයෝ දැකලා තියෙනවා.... දැන් ඉතින් වතුර වැඩි වේගෙන තමා ඒන්නේ....

      Delete
  2. හී කුරුටු පුවක් පුවාක් පුවාක්......

    ලස්සනයි කුරුට්ටෝ

    ReplyDelete
    Replies
    1. අඩේ සබරේ අැනෝ.....................

      මෙන්න ඒළියට අැවිල්ලා.... දැන් නමක් ඒහෙම හදාගෙන.......... ඉස්සරහට තව තව දේවල් සිද්ධ වෙයි නේද????? සතුටුයි සබරේ අැනෝ...... අා නෑනේ මිත්‍ර වර්ණ

      Delete
    2. මිතුරු වර්ණගේ ඉල්ලීම මත මෙලෙස එන්නට සිදු විය.... කොහෙද ඉතින් මට හැංගිලා ඉද්දි කයි කතන්දර ලෝකයයිනේ

      Delete
    3. කාෙහොම හරි තමන්ට ම කියලා නමක් හදාගත්තු ඒක හොදයි..... බලමු දැන් ඉතින් කයි කතන්දර අඩු වෙයිද වැඩි වෙයිද කියලා...

      Delete
  3. හි..හි... නියමයි..

    ReplyDelete
  4. එල ද බ්‍රා
    පොඩි මෙන්ඩත් දන්නවා මේ කතන්දරේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩා......... දැන් පොත් වල මේ කවි නැහැ... .. අපේ කාලේ තිබුණ දේවල් දැන් දකින්නවත් නැහැ..... දරුවන්ට මේවා කියලා දෙන ඒකත් වටිනවා... හැබැයි මේ උඩ තියෙන අදහස නම් දරුවන්ට කියලා වැඩක් නැහැ..... මං කිව්වේ හැබෑ නිර්මාණය ගැන....

      Delete
    2. ඌට කතන්දර කියලා දෙනකොට අහන ප්‍රශ්න වලට එල්ලෙන්න හිතෙනවා ඒත් සුන්දරයි...
      ඇයි බං පොඩි එවුන්ට කතන්දර කියලා දෙන්න තාත්තලටම සෙට් වෙන්නෙ?

      Delete
    3. මොකද ඉතින් ඔ්වට තාත්තලත් වගකියන්න ඒපැයි............ උඹට දැන් නොදන්නවා වගේ ඉන්න බැහැ........

      Delete
  5. සුපිරි...

    ඒත් ඉතින් අනුන්ගේ එකකට උඹේ වගේ නම දාලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බොල යටින් අර කතාව ලියුවේ.........

      දැන් මාතා වෙන්නේ ඔ්ක තමා..... ඒ කාලේ අපේ කට්ටිය ඔ්වා ලියුවේ අනාගතය දැකලා...... කොරවක්කයි... කොට්ටෝරුවයි පව් නේද????

      Delete
  6. ද බුහැක් බුහැක් හිහි

    ReplyDelete
    Replies
    1. බුහහ්හා................... හහ්හා................. හා..............

      Delete
  7. අඩේ...3වසර සිංහළ පොතේ මේක තිබුනේ.....
    උන් කුරුටු පුවාක්...කියන කොට පුවක් ගත්ත එවුන් මට ඇරපාන් කීයනවළු.....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කසුට්ටා තුන වසර පාස් නේද?????

      Delete
    2. නෑ..නෑ..3 වසර පාස් නෑ මු ඒ පංතියේ අවුරැදු 3ක් හිටියා.

      Delete
    3. ඒක තමයි මච්චර මතකයක්....... මං ඒත් බැලුවා ඒ පොත් කොහොමද කසුට්ටා ගාව තාම තියෙන්නේ කියලා........

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කොරවක්කයි කොට්ටෝරුවයි දෙන්න ඔරුව ලකුණෙන් ඡන්දේ ඉල්ලුවේ නැත්තේ.

      Delete
    2. ඔව් විචාරකයෝ.....................

      ඔය හංසයෝ නැතුව ඔරුවෙන්ම ඉල්ලුවානම් ඉවරයි නේද?????? කොහොමත් දැන් වතුර වැඩි වෙන්නනේ යන්නේ............ හංසයෝ පියෑඹුවාට ඔරු ගිලෙනවා විචාරකතුමෝ.......... නේද?????

      Delete
    3. විචා මෙන්න උඔගේ කමෙන්ටුව ආතර් මකලා

      Delete
  9. අඩේ ඕක අපේ ස්කොල පොත් වලත් තිබ්බා තුන,හතර පන්ති වලද කොහේද ?

    ReplyDelete
  10. සැබෑ නිර්මාණයට කිසිදු හානියක් නෑ. අනේ මංද බං. මේ කොරවක්කල කිට්ටෝරුවො මොනා කරගනීද කියලා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...