Monday, July 13, 2015

හොරු කුඩ්ඩො වේ නං - නොමිනේෂනුත් දේ නං ...................



හොරු කුඩ්ඩො වේ නං
නොමිනේෂනුත් දේ නං
තොපිට උන් එපා නං
උන්ට ඡන්දය නොදී ඉඳහං...... 

පාර්ලිමේන්තුත් යා නං
සුදු රෙදිත් අඳී නං
තොපිට හිරිකිතනං
අැදන් ඉන්නා රෙදි ගලෝදාහං .........

අැමතිකං කරයි නං
වාහන වලත් යයිනං
තොපිට කරදර නං
පාර අතහැර කානුවල යාහං ........

පරපුරම ඒ නං

මල්ලිලා වැඩ නං
තොපිට බය හිතේ නං
ගේ තුළට ගොස් දොරං වහගං ........

රේඩියෝ බදු අරං‍
ටීවි වල ඉදියි නං
තොපිට ලැජ්ජහයි නං
ගෙදර බඩු ටික පොලේ ගාහං .......

රට උන්ට යා නං
උන්ම රජ කරයිනං
තොපිට ඉනු බෑ නං
මෙරට අතහැර එරට යාහං ........

තව ඡන්ද වේ නං
හොරු කුඩ්ඩෝ ඒ නං
නොමිනේෂනුත් දේ නං
ටිකට් අරං විත් ඡන්දෙ දාහං ........

කසුප් අනුරාධ



.

28 comments:

  1. මුලදි දැක්කෙ පිරිතක් වගේ... ‘ඒවං මේ සුතං...‘ තාලෙට.

    වෙනසකුත් නැත්තං
    උන්ම එනවානං
    තව මොන කතා බං
    ඡන්දෙ නොදමා ගෙදර හිටපං......

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි...................

      අපි දැම්මේ නැත්තං
      උන්ම ඡන්දෙ දානං
      මොකට දුක් අපි ගං
      ටීවි දාගෙන ඡන්දෙ බලහං.................

      Delete
  2. නැතුව..උදේම ගිහින් චන්දේ දානවා..නැත්නම් අපි කොහමෙයි කුඩ්ඩෝ හොරැ ටික පත්කර ගන්නෙ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..................... අන්න ඒහෙමයි සුපිරි රටවල් වල ජනතාව

      Delete
  3. පත් කරන හැම එකා
    උන් වගේ වේ නම්
    ඡන්දෙ මොකටද
    උදේම වැඩට පලයන්

    නේද කුරුට්ටෝ......

    ReplyDelete
    Replies
    1. මිත්‍ර වර්ණත් ඒ නං
      බ්ලොගකුත් ලියයි නං
      ඒවා හරි රහයි නං
      තවත් මොකට ද අැනෝ කෝලං.............

      Delete
    2. හිටින්ටකො එහෙනම් ඇනෝ අයින් කොරන්ට.....

      Delete
    3. අැනෝ අයින් කරලා බ්ලොගයකුත් පටන් ගනිමු නේද?????

      Delete
    4. ඇයි වර්ණ කුලකයට ලියනවනේ, ඒ ඇතිනේ

      Delete
    5. මොනවා.................?????

      Delete
  4. ඉන්නෙ දෙපිලයිනං
    දෙපිලම එකයි නං
    චන්දෙ දානවනං
    ජවිපෙටම දාහං

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කවියක් ලියන්න හිතෙනවා මේකට බෑත් හිතෙනවා......

      Delete
  5. හොඳම එවුන් නැත. නරක අඩුම එකාට දෙමි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හොදම ක්‍රමය....... තව මෙහෙමත් දෙයක් තියෙනවා විචාරකයෝ... අපිට අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව තුළ ටිකක් බලවත් තුන්වැනි බලවේගයක්... සමහර විට අලියා තුළින් ගියත් චම්පිකලා කොහොමත් ස්වාධීන වෙනවානේ... අනික් පැත්තට ජවිපෙට ටිකක් ලොකු බලයක් ලැබුණොත් ඒ තුන්වැනි බලවේගය හැදේවි..... ප්‍රධාන පක්ෂ දෙකට අමතර ව ඒහා ගිය චින්තනයකින් බලන්න වෙනවා.....

      Delete
  6. උඹලා තවම
    ඡන්දේ දාලා
    විමුක්තිය හොයනවානම්
    ඡන්ද කොලේ රෝල් කරලා
    ***** ගහගනින්

    ReplyDelete
    Replies
    1. අන්න මනා කතාව... ඉවාන් ඔය ගහගන්න දේවල් ගැන නියමෙට දන්න කොල්ලෙක්නේ...... කමෝන්...........

      Delete
  7. ගාගන්න හිතෙනං
    දම් පාට ගාගං
    එහෙම බැරි වග හිතේනං
    සුළැඟිල්ල කපා දාහං

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ ............. අතම කපා ගත්තත් කමක් නැහැ...

      Delete
  8. එහෙමයි කියලා බැහැනේ බං
    මේක අපේ රට බං
    අඩු නරක තෝරං
    උන්ට ජන්දේ දීලා දහාන්

    ReplyDelete
    Replies
    1. වෙන කාට දෙන්නද ඉතින්................... උන්ට ම තමා දෙන්න තියෙන්නේ

      Delete
  9. දුන්නොත්
    අවුල් නම්
    නොදිත් බෑ නම්
    කුරුටු ගාලා
    කපලා
    වරෙන් බන්!!

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි ... නැත්තං අපේ ඡන්දය උන් උන්ගේ වගේ උන්ට ම දාගන්නවානේ

      Delete
  10. දෙපැත්තම එකයි මටනං
    කවුරුවත් හොඳ නෑ බොලං
    කවද වෙනසක් වෙයිද බං
    ඒ නිසා දෙන්නෑ ඡන්දෙ මම නං

    ReplyDelete
    Replies
    1. උඹ නොදුන්නට කට්ටියට උඹේ ඡන්දයට ගානට වගකියාගනියි බං....

      Delete
  11. Replies
    1. ලියනවා............ ලියනවා........... ඒත් ටිකක් වැඩ වැඩි නිසා පරක්කුයි..... ටිකක් ඉවසහං...... ඉක්මනට ම ලියනවා

      Delete

Related Posts Plugin for WordPress, Blogger...