Saturday, February 28, 2015

මං කවදාවත් ඔය වගේ වැඩ කරලා නෑ.................



අැත්ත මාමේ,

මං කවදාවත් විස්සාස කරන්නෑ 
මාමා මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා....... 
පව් අහිංසක මූණක් තියෙන තිස්ස මාමා
දවස් කීපයක් ම හිර කූඩුවේ දැම්මානේද...............?????

අනේ මන්දා මාමේ,

තාත්තා කියනවා කලිං චන්දෙදිත් 
මීට හපං බලු වැඩ වුණාලු..........
යුද්ධ කරපු හමුදාවේ ලොකුම මාමාව හිරේ දැම්මාලු
තිස්ස මාමා වගේ නෙමේලූ, අවුරුදු ගානකටලු
ඒ මාමාගේ බෑණා මාමාත් හිර කරන්න කීවලු
අම්මපා ඒ චන්දෙදි දිනුවේ කවුද මාමේ...............?????


අැත්ත මාමේ,

මං කවදාවත් විස්සාස කරන්නෑ
මාමා මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා....... 
පව් විමල් මාමාගේ නැන්දා බොරුවට අැල්ලුවාලු
ඒ දුව අැඩුවා දැක්කාම අපිටත් අැඩෙනවා නේද මාමේ...?????

අනේ මන්දා මාමේ,

අම්මා කියනවා කලින් අාණ්ඩුවේ මාමලා
මීට හපං බලු වැඩ කරාලු...........
ලසන්ත මාමාව මහදවල් මැරුවාලු
ප්‍රගීත් මාමාව අතුරුදහන් කෙරුවාලු
කුගන් මාමාත් අාගිය අතක් නැතිලු
මේ අයටත් දරුවෝ ඉන්ටැති නේද මාමේ
අම්මපා  ඔය කලිං අාණ්ඩුව කරේ කවුද මාමේ..........?????

අැත්ත මාමේ,

මං කවදාවත් විස්සාස කරන්නෑ මාමා 
මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා....... 
අාච්චි කියනවා අහගෙන මම
"හොද වෙලාවට මේකා
මේ අවුරුද්දේ ජනවාරි 9 වෙනිදා ඉපදුනේ කියලා"............


කසුප් අනුරාධ



.


Thursday, February 26, 2015

අඩක් අැස් දෙක පියා තාල තියු නාමල ......



හිත් අගින් නෙත් අගින් පිපිණු දා පෙම්මල
අපෙ වයසේ බොහො දෙනා පුරවාන හිත්මල
ගී සින්දු අැහුවනම් හඩ යයි පෙම්කළ
අඩක් අැස් දෙක පියා තාල තියු නාමල

පිපුණු මුව මලකි මා කුඩා කළ දසුනේ
කැසට් පියනක් අස්සේ රුව දමා තිබුණේ
සුදෝ සුදුවට මූණ හිනාවකි පිරුණේ
ඒත් අද කිමද මේ කෙටි කලකි ගෙවුණේ

පෙම් ගීත කොහෙ වෙතත් විරහ ගී උල්පත
පද ලියා ස්වර තියා ඔබම ගැයු ගී පොත
නෑසෙන්න කවුළු වැහු කරුමයක් විත් ගත
මේ තරම් පාරද්දි කෝම වාවනු හිත

ගීතයක් පද බැදන් ඔබ ''අදින'' හැටි අගෙයි
ජීවිතෙත් පෙම වගෙයි වේදනාවන් ගොඩයි
අාදරේ ලබන්නට බෝම ඉවසන්න වෙයි
ඔහොම අැදගෙන යමුද ජීවිතය තව දුරයි........................  


තුෂාර විතාරණ


සටහන - අපි පරක්කු නැතුව අැති කියලා හිතනවා. මේ වන විටත් ඔහු සැත්කමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා අැති. ඒත් අපිට හැකි විදිහට අපිත් දායකත්වයක් දක්වමු. 


B.P.N. Udugama
NSB Wattala
A/c No. 100850402613 


.

Wednesday, February 25, 2015

ඒ රුව ඇගෙදෝ......



අතැඟිලි අතරින් ගිලිහී වියැකී
යන්නට ගිය කාලයේ මීදුමේ
වලාව අතරින් සිනහව රන්දා
මගේ දෙනෙත් වෙත කඳුලද ළංකල

මතකය ඇගෙදෝ...
රාවය ඇගෙදෝ...


කර්කශ ජීවිත ගමනේ නියැළී
ඉසිඹුවකින් ලද හුස්මක රඳවා
උණුහුම සිහිකර
සැනසුම ළංකර
සැණින් දුරස් වූ නැවත ළං නොවූ

ඒ රුව ඇගෙදෝ...
ඒ හඬ ඇගෙදෝ...


තිඹිරිගෙයි සිට තුරුණු විය මග
විසල් පහසක මාව සඟවා
මහමෙරක් ආදරේ පුරලා
මගේ අත් පොඩි පටලවා ආ

සොඳුරු රුව දැන් මැකීලා...
ඇගේ අත්වැල ගිලිහිලා...


සුසානය අභියසය අද මා
පෙරුම් පුරනෙමි එන්න මොහොතින්
පැන නටා ඔබ වෙතට සැණෙකින්
පුංචි පුතු මා තවම ඔබගේ
උණුහුමේ ඇකයේ දැවටෙනා

රත්තරන් අම්මේ...
ඔබ මගේ අම්මේ...



අසංක ගයාන් අබේසිංහ

Sunday, February 22, 2015

හනිමූන් කිචිය......!!!


 
( අළුත විවාපත් යුවළක් සිය මධුසමය සඳහා පිටත්ව යති. හෝටල් කාමරය තුළදී සියළු දෛනික කාර්යය වලට පසුව දෙදෙනාම ඇඳට ගොඩවී විවේක ගන්නාහ. සුන්දර රාත්‍රිය ඇරඹෙයි. මනමාලයා මනමාලිය වෙත හෙමින් කිට්ටු වෙයි. එහෙත් මනමාලයා එතෙක් නොදන්නා කරුණක් ඇත. එනම් මනමාලියට අධික ලෙස හංකිති ඇති බවය )


මනමාලයා : එන්නකො සුහදේ තවමත් කෝල නොවීලා
මනමාලිය : මොනව කියනවද මන්දා මෙයා ඇවිල්ලා
 
මනමාලයා : ඉඹින්න ආසයි ඔයාගෙ මූණ සුරතල 
මනමාලිය : ඉන්නකො පොඩ්ඩක් ඔයාට ඇයිද කලබල
 
මනමාලයා : එන්න ළඟට එන්න ළඟට මගේ ප්‍රේමියේ 
මනමාලිය : මේ මළ කෝලං ඕවට හිත නැතේ මයේ

 

( මනමාලයා බලෙන්ම මනමාලියව ළඟට ඇදගෙන සුරතල් කිරීමට පටන් ගනී. ඔහු එහෙන් මෙහෙන් ඇගේ සිරුර අතගාමින් බදාගනී. අනතුරුව... )
 
මනමාලිය : හිකි...හිකි...හිකි...හීහීහීක්ක්ක්...හිකි...හිකි...හිකි...

 

( අසාර්ථක උත්සාහයකින් පසු මනමාලයා පසුබසියි. ටිකකින් ඔහු නැවත සටනට අවතීර්ණ වෙයි )
 
මනමාලිය : අනේ එපා...හිකි...හිකි...හිකි...අපෙ අම්මෝ...හීහීක්ක්...හිකි...හිකි...

 

( මධුසමය විනෝද සමය වෙයි. මනමාලයා කළකිරෙයි. කිසිදු වැඩක් කරගැනීම බැරි වූ ඔහු තරහෙන් අනෙක් පස හැරී නිදාගනී. මනමාලියද කිසිවක් නොකියා නිදාගනී )

පසුවදා උදේ...


මනමාලිය (දුකෙන්) : අනේ ඔයා තරහද මා සමග වස්තුවේ


මනමාලයා (තරහින්) : ඉන්න දෙනවදැයි මා හට මගේ පාඩුවේ


( කිසිවක් කර මනමාලයා යාළු කර ගැනීමට නොහැකි වූ තැන මනමාලිය අපූරු උපක්‍රමයක් යොදයි. ඇය ගීතයක් ගැයීමෙන් මනමාලයා සතුටු කිරීමට සිතා ඔහුගේ කනට කර ළයාන්විතව ගීත ඛණ්ඩයක් අලංකාරව මුමුණයි... )


මනමාලිය : " මට මුළු ලොවම ඔබයි....හ්ම්...හ්ම්...හ්ම් "
 

( මනමාලයාට එය ශ්‍රවණය වීමත් සමග වෙසමුණියා ආවේශ වෙයි )



උඹට මුළු ලොවම ඔබනකං ඉන්න පුළුවන්... මම ටිකක් ඇල්ලුවාම තමා කුචු...!!!


-අසංක ගයාන් අබේසිංහ-

Saturday, February 21, 2015

සිහිනයකි ඔබ......



දෛවයේ එක් නිමේශයකදි
හමුවුණේ අප මෙලෙස ඇයිදෝ
අපි අපේමැයි හැඟුණු මොහොතෙම
අසුරු සැනෙකින් වෙන් වුණේදෝ

දිවිමගේ එක් ලැගුම් හලකට
ගොඩනැගුනු මා වීද මගියෙක්
සා පිපාසෙට දිය පොදක්වත්
හිමි නොවේ මට හිමි නොවේ ඉන්

අඳුරු අහසේ රිදී රේඛා
මතුවනා බව දැනන් උන්නද
ඒ රිදී ඉරි දවන විට හද
ඉවසලා මා හිඳිනු කෙලෙසද

හඬන හදවත රුහිරු ගිනියම්
මතුවනා විට කඳුළු විලසින්
ඒ කඳුලු කැට ගොඩනගන්නේ
ලෝකයයි අප මැවූ සිතුවම්

හිමිද අහිමිද හදට හද අප
විසඳනා තුරු හිඳිමි දෛවය
සිහිනයයි ඔබ සිහිනයයි ඔබ
අවදියෙන් මා බලා හිඳිනා...

අසංක ගයාන් අබේසිංහ

Thursday, February 19, 2015

උඹ කොහෙද......???



සත්තු වත්තෙ හොඳට හිටපු ඔරං ඔටං
දිනක් බලද්දී කූඩුවෙ මැරිල හිටං
මොකද කොරන්නේ මේකට කෙළා හුටං
හිතයි එහේ නව පාලක එතැන් පටං

දුර්ලභ වේ මේ ජාතියෙ සත්තු ලොවේ
කුමක් කරම් මෙතැනට මා අළුත්ම වේ
සත්තු වත්ත බලන පිරිස වැඩි වැඩි වේ
ඔරං ඔටං නැති පාඩුව විශාල වේ

ගණ දෙවි නුවණ පහළ වුණේ ඔහුට සැණින්
හනික ගොහින් කෙරුවේ එය සැමට කලින්
වහා දැම්මෙ දැන්වීමක් පුවත් පතින්
රඟපෑමට කෙනෙක් අවැසි සතා ලෙසින්

ඔරං ඔටං චරිතය රඟපෑම ගරු
පෝලිමෙ එයි ජොබ් එක වෙයි ඉතා සරු
ගතවෙයි මේ ලෙස එකිනෙක ගණන් වරු
එකෙක් තෝර ගත්තයි රඟපෑම හුරු

වානර ඇඳුමක් ඇඟලා මේ කොල්ලා
ඔරං ඔටං ලෙස හොඳහැටි වැඩ අල්ලා
හොයන්න බෑ මූ මිනිහෙක්දැයි කියලා
ඒ තරමට මුගෙ වැඩ කිඩ බලපල්ලා

අළුත් ඔරං ඔටංගෙ වැඩ බලන්නට
වැල නොකැඩී සෙනග පිරෙයි වලාවට
වඳුරු කොලුව දැන් දැන් වී කලාවට
ගහයි පිනුම් සෙනග පිරෙන වෙලාවට

එක දවසක් වුණේ වැඩකි මහ නරක
ගැහු කරණම පිම්ම වැරදි වෙලාවක
ගොහින් උඩින් එහා තිබුණු කූඩුවක
සිංහය ළඟට වැටුණේ මහ භයානක

සිංහය දැන් නැගිටියි තොල් ලෙවකාලා
ඔරං ඔටං දෙසට හැරෙයි ගොරවාලා
නරඹන්නන් සිත් හොඳහැටි කැලඹීලා
කුමක් වේද අනේ අපොයි හිතපල්ලා

පැමිණෙයි සිංහයා දැන් වී ළං ළංව
ඔරං ඔටං හිරවී බිත්තියෙ අගුව
ඇස් පියවා කෑ ගැහුවා මරු සිහිව
'බුදු අම්මෝ' මා බේරා ගනු මැනව

මොකක් බොලේ මේ විකාරෙ බලනු හොඳයි
නරඹන්නන් දැන් විස්මය වී ඇළලෙයි
ඔරං ඔටං වෙත සිංහය හෙමින් ඇදෙයි
ළංව වඳුරු කන වෙත ඌ මෙසේ කියයි


මචං උඹ කොහෙද... සබරෙද... බය වෙන්න එපා... මම ජ'පුරෙ......!!!


-අසංක ගයාන් අබේසිංහ-

Tuesday, February 17, 2015

විදානේ, ඉවාන්, මෙන්ඩා......



විදානේ, ඉවාන්, සහ මෙන්ඩා යනු එකම ආයතනයක සේවය කරන දීප්තිමත් පුද්ගලයින් තිදෙනෙකි. දිනක් මොවුන් තිදෙනාම දීර්ඝ නිවාඩුවකට පසු බොහෝ පරක්කු වී සේවයට වාර්තා කරති.

ඉන්පසු......

ආයතන ප්‍රධානියා : මොකෝ මොකෝ පරක්කු වී අපේ විදානේ
විදානේ : ගොනෙක් හැප්පිලා බස් එක ලේට් වුණානේ

නිදහසට කරුණු පිළිගැනේ. විදානේ ඇතුළට යයි. ස්වල්ප වේලාවකට පසු ඉවාන් පැමිණේ...



ආ.ප්‍ර : ඉවාන් ගොයිය පරක්කු වී ඒ මොකද ගොඩක්
ඉවාන් : අනේ සර් අපෙ බස් එකෙ හැප්පුනා ගොනෙක්

ප්‍රධානියාට සැකයක් උපදියි. ඒත් ඉවාන්ගේ මූණේ හැටි දැක්කාම යන්නට දෙයි. ඊටත් පසු මෙන්ඩා වාර්තා කරයි...ආයතන ප්‍රධානියාට කලින් ඔහු ඉස්සර වෙයි...



මෙන්ඩා : අපෙ බස් එ............

ආයතන ප්‍රධානියා වහාම මෙන්ඩාව නවතයි...ඔහුම පිළිතුර දෙයි...

ආ.ප්‍ර : උඹලා හිතුවද මෙන්ඩෝ මම කවුරු කියා
          උඹේ බස් එකෙත් හැපුණද ගොනෙක් මග තියා

මෙන්ඩා : පිස්සු කතා කරනවදැයි අපේ බොස් තුමා
                බස් එකනං ආව හොඳින් එළද බ්‍රා කියා

                ඉඩක් තිබුණෙ නෑ ඒකට එන්න මග තියා
                පාර මැදම ගොං දෙන්නෙක් මැරීල හිටියා


සැ.යු : මෙහි එන විදානේ, ඉවාන්, සහ මෙන්ඩා යනුවෙන් හැඳින්වෙන පුද්ගලයින් සහ අපේ බ්ලොග් අවකාශයේ ඒ නම් සඳහන් සගයින් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරමි.

-අසංක ගයාන් අබේසිංහ-

Friday, February 13, 2015

ලොකු මැණිකේ......



ලොකු මැණිකේ උඹලා හිටි ගෙපැළ තුළ
උණුහුම දැනේ මා හට තවමත් හොඳට
කිම මා අතැර ගියෙ තනියම මේ ගමන
මාත් රැගෙන ඇයි නොගියේ මගේ සඳ

උඹෙ අඩි සද්දෙ ගෙදර පුරා ඇසේයා
සැඳෑ අඳුරෙ උඹෙ සේයා මැවේයා
ගෙදර පහන නිවුණු විලස දැනේයා
තනි හීතලේ මම හිඳිනේ කෙසේයා

දරු මුණුපුරන් නෑදෑ පිරිවරද සිටී
උන් උන්ගේ වැඩ මා හට පලක් නැතී
පපු කැනැත්තෙ උඹ හැමදා ලැගුම් ගතී
දැන් මා හට මේ හදවත අයිති නැතී

බෙහෙත් සුවඳ පිරුණයි මුළු නිවස එදා
සිරියාවයි උඹෙ කටහඬ ඇසුණු නියා
ගිනි නොමලන කුස්සි පොඩියෙ තනිව මෙමා
පපු ගින්නෙන් දැවෙමි තැවෙමි නිහඬ වෙලා

මහළු මගේ ඇස් දැවුණේ මේකටද
සැතපෙන දෙණ නිසල උඹේ දකින්නද
සංසාරේ කාහට දුක කියන්නද
එන්නද මාත් උඹෙ පස්සෙන් ඒ ලොවට...


-අසංක ගයාන් අබේසිංහ-

Wednesday, February 11, 2015

පැටිස් ඩීසල් වලින් බදිනට බැහැලු මුදලාලියා කියයි .....



බැහැලා පෙට්රල් බැහැලා ඩීසල්
දැන් යාවි මිල අඩු වෙලා
නගින කොට තෙල් නගින බඩු මිල
බහින කොට නැහැ අඩු වෙලා

ගියෙමි කඩයට හාල් තෙල් පොල්
සතේකින් වෙනසක් නැතේ
දවල් කෑමත් පැටිස් ෂෝටිස්
තිබුණ ගානට වැජඹෙතේ

රෝද තුනකට ගොඩවුයෙමි මං
වෙනදා වාගෙම අසූවයි
ගොඩවූ බසයෙන් අඩුව ගත්තේ
රුපියලක් වැනි සොච්චමයි

මෙතෙක් කල් තෙල් නැග්ග විට නැග
ප්‍රවාහණ වියදම හොයයි
පැටිස් ඩීසල් වලින් බදිනට
බැහැලු මුදලාලියා කියයි

ගියෙමි කඩගානේ ඒහෙත් නැත 
අඩුවෙලා බඩු මිල ගණන්
මිල බැහැපු කඩ කලු අැත්තේ
වතුර වලකින් වටකරන් ..............................


තුෂාර විතාරණ


.

Friday, February 6, 2015

...... උන් සහ අපි ......



දියුණු රටක මිනිහා......

අරූට ඒක කරන්න පුළුවන්නම්
මටත් ඒක කරන්න පුළුවන්...

කාටවත් ඒක කරන්න බැරිනම්
මමවත් කොහොම හරි කරන්න ඕන...



සිරි ලංකාවෙ මිනිහා......

අරූ ඒක කරනවනම්
ඌටම කරගන්න ඉඩ දියන්...

කාටවත් ඒක කරන්න බැරිනම්
මම කොහොමද බං කාටවත් බැරි වැඩක් කරන්නෙ...???




-අසංක ගයාන් අබේසිංහ-

Tuesday, February 3, 2015

100


 
 
දිනෙන් දින ගෙවී යයි
රි නාඩගං යළිත් කරළියේ රඟ දෙයි

 

සියළු දේ ( බොහෝ දේ ) වෙනස් අච්චුවක පරණ විදිහටම සිදුවෙයි
න මඟ වැරදිදැයි සිතෙයි
න මාවත වහා වෙනස් නොකළොත් කෙළවෙයි





-අසංක ගයාන් අබේසිංහ-

නොගැලවෙන ගැල පසුපසින් එනවා ...............



අනේක වු දුක් දරා හිත් අග
මහ මෙරක් බර රදා නෙත් අග
නොගැලවෙන ගැල පසුපසින් නවා
නොනිම් ගමනක ඔහේ අපි යනවා....................

සතුට සොම්නස හොයා වල් වැද
මුදල් වාහන ගෙවල් පොදි බැද
සදාකල් සැප නොදැක අපි යනවා
අැලී බැදෙනා දුක හොයා යනවා...................

ප්‍රේමයට යට වී හසුන් සිප
කාමයට හිත් දී විදින සැප
තව තවත් අපි දුකෙහි ගිල්වනවා
සදාකාලික සුවය හංගනවා.......................

නේක වර්ණින් දිලෙන ලෝකය
මතින් නැහැවී විදින කාලය
නොනවතින ගමනකට පණ දෙනවා
හිමි දෙසූ මග අතැර අපි යනවා.....................


කුගැගීප



.
Related Posts Plugin for WordPress, Blogger...