Saturday, February 21, 2015

සිහිනයකි ඔබ......



දෛවයේ එක් නිමේශයකදි
හමුවුණේ අප මෙලෙස ඇයිදෝ
අපි අපේමැයි හැඟුණු මොහොතෙම
අසුරු සැනෙකින් වෙන් වුණේදෝ

දිවිමගේ එක් ලැගුම් හලකට
ගොඩනැගුනු මා වීද මගියෙක්
සා පිපාසෙට දිය පොදක්වත්
හිමි නොවේ මට හිමි නොවේ ඉන්

අඳුරු අහසේ රිදී රේඛා
මතුවනා බව දැනන් උන්නද
ඒ රිදී ඉරි දවන විට හද
ඉවසලා මා හිඳිනු කෙලෙසද

හඬන හදවත රුහිරු ගිනියම්
මතුවනා විට කඳුළු විලසින්
ඒ කඳුලු කැට ගොඩනගන්නේ
ලෝකයයි අප මැවූ සිතුවම්

හිමිද අහිමිද හදට හද අප
විසඳනා තුරු හිඳිමි දෛවය
සිහිනයයි ඔබ සිහිනයයි ඔබ
අවදියෙන් මා බලා හිඳිනා...

අසංක ගයාන් අබේසිංහ

26 comments:

  1. එකියක් වෙනුවෙන් නාඬන් දෙයියෝ
    මැරෙන්නෙපා ඒ වෙනුවෙන් ගොයියෝ
    ගෙම්බෙක් වෙන්නයි එන්නේ අයියෝ
    වෙන එකියක් ගැන බලපන් ගයියෝ

    ReplyDelete
    Replies
    1. ගෙම්බෙක් වෙන්නට හිත නැත ලැජ්ජා
      ඒත් ආදරේ අමුතුයි විජ්ජා
      ඉතින් උඹේ හොඳ උපදෙස් පොජ්ජා
      ස්තූතියකින් පිළිගමි සජ්ජා

      Delete
    2. නුඹේ නෙත්
      තරු යැයි උවම් කොට
      මා එදා ලියු කවි පදම අද මගෙන් විමසාවී
      දෙනෙත් තරුනම්
      ඇයිද ගිනිගෙන දවන්නෙ....

      නුඹේ වත මලකැයි උවම්කර
      මා එදා ලියු කවි පදම
      අද මගෙන් විමසාවී
      මලක්නම් වත
      ඇයිද කටු ලෙස ඇනෙනනේ..

      නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
      මා එදා ලියු කවි පද ම අද
      මගෙන් විමසාවී
      මෙලෙක්නම් සිත
      ඇයිද හිස වැද රිදෙන්නේ....

      ගී පද - යසනාත් ධම්මික බණ්ඩාර
      ගායනය: ලක්ෂ්මන් විජේසෙකර.
      සංගීතය: රෝහණ වීරසිංහ.

      Delete
    3. සින්දු...උඹේ හැකියාවට අපේ උපහාරය...වෙන කියන්න දෙයක් නෑ මචං...බොහොම ස්තුතියි මේ ගී වලින් මේකට තේරුමක් දීලා අලංකාර කරන එකට...

      Delete
  2. අවදියෙන් දුටු සිහින එකිනෙක
    දවා අලුවන නපුරු දවසක
    එකින් එක ගෙන තැනූ මාළිග
    විසිකරමු අප තබා මතකය...

    කවි ලිය ලිය දුක නැතිකරන්න බෑ.ගහමු බෝතලයක් ඒකිව දෙපිටින් යන්න.

    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. අම්මප තමයි...බෝතලේ නම් හොඳයි කියල හිතෙනව කෙල්ලන්ට වැඩිය වෙලාවකට...මේක මම බොහොම කාලෙකට කලින් ලිව්ව එකක් කටුසු...මේව ඉතින් පබිලිස් කොරන්නත් එපායැ...ඔන්න ඔහෙ දැම්ම...

      Delete
    2. එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නේ...
      දැන් ෆුල් ආතල් එකේ මම ඉදින්නේ..
      වැරදුන යම් තැනක දැන් මට හැගෙන්නේ..
      කෙල්ලට දන්දීලා රිම් එකෙන් ඉන්නේ...//

      චොක්ලට් කෑල්ල මගේ..
      සූකිරි බට්ටියා මගේ..
      ඔයා නොලැබුනොත් අනේ..
      පනිනවා ලෝකාන්තේ..
      ඉස්සර කිව්වට අනේ
      ආයෙත් නෑ කියන්නෙ..//

      පංතිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න..
      කරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න..
      තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න...
      දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම...//

      චොකලට් කෑල්ල...

      වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ...
      ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ...
      වියදම දැන් නෑ ඩබල් වෙන්නේ...
      බූට් එකත් අමුතු ආතල් එකක්නේ...//

      චොකලට් කෑල්ල...

      ගායනය, පද රචනය සහ සංගීතය : SJS

      Delete
    3. සින්දුට උපහාරය ඉහත කමෙන්ට් එකක දමා ඇත...

      Delete
  3. බූට් එකක් කෑවේ නැත්තන් ඒ ජීවීතේ කොම්ප්ලීට් නෑ කිසි ලෙසකින් වත්..

    සති දෙකයි.. ඊට පස්සේ දැල දාපන් වෙන මාළු කෑල්ලකට. මූදේ මාළු කෑලී ඕන තරම් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ...හරියටම ඇඟට පත්තියන් වෙන්නනම් බූට් එක අනිවාර්යයි...ශ්‍රී ලාංකික අභිමානය අනුව හැම දෙයක්ම මතක තියෙන්නෙත් සති දෙකයි...උඹ කියන එක හරි...වෙන මාළුවෙකුට දැල දාන්න ඕන...ඒත් ඉතින් උඹ කියනව වගේ අහුවෙන්නෙ මාළු කෑලිනෙ...සම්පූර්ණ එකෙක් අල්ලගන්න ගිහින් තමයි මේ සේරොම පුරස්න...

      Delete
    2. නෙළුම් මලේ.....
      එක පෙත්තද තියෙන්නේ
      තියෙන්නේ...
      ගිළිහෙද්දෙන් එක පෙත්තක්
      තවත් එහි තිබේ රොත්තක්
      ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
      හඬන්නේ...

      මහ සයුරේ...
      එක රැල්ලද නැඟෙන්නේ
      නැඟෙන්නේ...
      බිඳෙනා විට රැළි හඬ දී
      තව සිය දහසක් උපදී
      නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
      නොවන්නේ...

      සඳ එළියේ
      එක කුමුද ද පිපෙන්නේ...
      පිපෙන්නෙ
      සැළෙන විටදි එක කැකුළක්
      පිපෙයි කැකුළු විද සුවඳක්
      ඒ නියදම කිකලක දෝ...
      බිඳෙන්නේ

      සිත හැම විට
      එක දෙයම ද සිතන්නේ...
      සිතන්නෙ
      මතුකොට නව කල එළියක්
      උපදයි සිතුවිළි වලියක්
      කොයි කවුරුද ඒ අරුමේ...
      සිතන්නේ


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
      ගායනය: රෝහණ වීරසිංහ, වික්‍ටර් රත්නායක ඇතුළු පිරිස

      Delete
    3. කුරුට්ටෝ මාතා කියන ඒවා කොරන්ට යන්න එපෝ........... කැලි කැලි හොයන්න එපා මලත් බොක්කෙන්ම ලවු කොරහන්....


      සබරේ ඇනෝ

      Delete
  4. ඒ කීව කතාවනම් ඇත්ත... බූට් එකක් කන්නම ඕන...
    සතුට වගේම
    දුකත් සදාකාලික නෑනෙ...
    දුක් වෙනව කියල දැන දැනත් අපි කරන එක වැඩක් තමයි ලව් කිරිල්ල...

    ReplyDelete
    Replies
    1. තේරුම් නොගෙන කළ යුතු එක වැඩක් තමයි ආදරය...උඹ කියන කතාව හරි...බොහොම ස්තුතියි ෂර්මියා...

      Delete
  5. අපි අපේමැයි හැඟුණු මොහොතෙම
    අසුරු සැනෙකින් වෙන් වුණේදෝ....

    අපිට අපි අවැසි මොහොතෙම අහිමි වුණු මගේ පැරණි වෙන්වීම මතක් වුණා.
    සිත් ගන්නා නිර්මාණයක්
    ජය!

    ReplyDelete
    Replies
    1. අපි එක එකා ලෝකෙ කොහේ හිටියත් ආදරේ ගැන අත්දැකීම් හැම එකාගෙම අතිශයින්ම සමානයි වර්ණයෝ...බොහොම ස්තුතියි උඹට අත්දැකීම් බෙදාගත්තට...

      Delete
    2. වර්ණ මොකෝ උනේ ................ විරහව තමා ලස්සනම වර්ණ

      Delete
  6. හිමිද අහිමිද හදට හද අප
    විසඳනා තුරු හිඳිමි දෛවය
    සිහිනයයි ඔබ සිහිනයයි ඔබ
    අවදියෙන් මා බලා හිඳිනා...

    හිමිවෙන්න හිමිකම තිබුණත්
    හිමිවෙන්නෙ නෑ ඒ ලෙසින්

    ඕක තමා හැටි....
    දුක තමයි....
    ජිවිතයේ බොහොදෙනෙකු නොදකින ,දැක්කත් නොතේරෙන එක් ඇත්තක්.
    ලස්සන පැදි පෙළක් ...නියමයි...
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ තේරුම් ගන්න බැරි එකම හැඟීම ආදරේ කියලයි මට හිතෙන්නේ ගිහාන්...ඒක තේරුම් ගත්තොත් එහි රසයකුත් නෑ...හරි පුදුම දෙයක්...

      Delete
    2. ප්‍රේමය ලොව හැම තැනම ඇතී
      හැමදෙනටම හමුවෙලා ඇතී
      එනමුදු ප්‍රේමය කිමැයි කියා
      හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

      සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
      ප්‍රේමය මුල් පස යට සැගවී
      නං පල මල් දළු පුබුදනමුත් ගස
      මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
      ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

      විල්තෙර දියයට දියඹුන් නගනා
      ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
      සියපත විල මත පිබිදෙන මුත් යස
      උල්පත හැමදාමත් නිසලයි
      ප්‍රේමය හැමදාමත් නිසලයි

      ගායනය - චන්දන ලියනාරච්චි

      Delete
  7. සෙනෙහස හඳුනමි
    ඔබ ගැන නොදනිමි
    ඇසුරු කළ ද දිගු කලක පටන්
    ඒ ගැන තැවි තැවි
    මම දොස් නොකියමි
    ඔබ යායුතු මඟ යන්න හොඳින්...
    රත් වූ කතරෙන්
    ගඟුලැල්ලක් වෙත
    පියඹා යන්නට වරම් නැතේ
    කාලය ලොව ගැන මට දුන් පාඩම්
    කිසිවක් අමතක වෙලා නැතේ...
    සමනලයෙකු සේ
    පියාසලා ගොස්
    දේදුන්නක සැඟවෙම් ද කෙසේ
    මොහොතින් වියැකෙන
    විසිතුරු සිහිනෙක
    ජීවිතය ම නවතින්නෙ කෙසේ...

    ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
    තනුව සහ සංගීතය : ශාන්තිලාල් සිල්වා
    ගායනය : පෙනිලෝපා ලැබ්‍රෝයි

    ReplyDelete
  8. කාලෙකට පස්සේ කවියකුත් ලියන්න මතක්වෙලා තියෙන්නේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඇයි බොල...මීට කලින් කවී කීයක් ලිව්වද...උඹ බැන බැන හිටිය මිසක් ඒව එකක්වත් බැලුවද...

      Delete
    2. ඇරඹුම ම කඳුළක් වෙලා
      මා බලා ඉද්දී ඒ දිහා
      ආ දුරත් දුර වැඩි නිසා
      අවසානයට පෙර ඈ ගියා

      ඳුක්බරම කවියක් ලියා
      එහි පඳ පෙළක් අඩුවෙන් තියා..//
      අරුත පසිඳින්නට කියා
      අවසානයට පෙර ඈ ගියා

      ශෝකාන්තය එන තුරා
      එහි රැඳෙන්නට සිත් නැති නියා..//
      අනන්තය ළඟ මා දමා
      අවසානයට පෙර ඈ ගියා

      ඇරඹුමම කඳුළක් වෙලා..

      ගායනය - කසුන් කල්හාර

      Delete
  9. කුරුටු කවිය ලස්සනයි

    මාව මතකයිද කුරුට්ටෝ සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. මතකයි...මතකයි...ඇයි යකෝ උඹ ඇනෝ එන්නේ...වරෙන්කෝ හොඳ කොල්ලා වගේ එළියට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...