Friday, February 6, 2015

...... උන් සහ අපි ......



දියුණු රටක මිනිහා......

අරූට ඒක කරන්න පුළුවන්නම්
මටත් ඒක කරන්න පුළුවන්...

කාටවත් ඒක කරන්න බැරිනම්
මමවත් කොහොම හරි කරන්න ඕන...



සිරි ලංකාවෙ මිනිහා......

අරූ ඒක කරනවනම්
ඌටම කරගන්න ඉඩ දියන්...

කාටවත් ඒක කරන්න බැරිනම්
මම කොහොමද බං කාටවත් බැරි වැඩක් කරන්නෙ...???




-අසංක ගයාන් අබේසිංහ-

49 comments:

  1. අපි ඔය ක්‍රමය වෙනස් කරන්න ඔනේ..මම වැඩ කරන්න ගියාම පෙට්ටිත් කරගහනවා නුල් කපනවා චෙක් කරනවා කන්ටෙනර් අතුගානවා.
    මුලදි මම දිහා කින්ඩියට බලපු එවුන් එතනමයි මම ගොඩක් දුර ඇවිත්..දැන් අනිත් අයත් ටික ටික ඒ ක්‍රමය පුරැදු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං වෙන්න ඕන...ආකල්පමය වෙනසක් කියලා මම නිතරම අදහස් කරන දේවලින් එක් ආකල්පයක් ඕක...මමත් ඔය විදිහමයි...තමන් නිරහංකාර වෙන්න ඕන...එකෙන් තමන්ගෙ දක්ෂතාවන් පහළ යයි, පහත් වෙයි කියලා හිතන එක නැවැත්තුවේ නැත්තම් කවදාවත් දියුණුවක් හිතන්න අමාරුයි...අනික මොකක්ද මේ මහන්තත්තේ...අපි කොයි තරම් ලොකුවට කෑ ගැහුවත් ඇතුළ හිස්...අද ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ මේ වගේ බොරු ප්‍රතිරූප විතරයි...ඌට වැඩිය වැඩ පුළුවන් නගර සභාවෙ පාර අතුගාන සේවක මහතෙකුටත්...අනික අපේ රටේ මේ ෂෝ දාන ගොඩක් එවුන් පිටරටක ගිහින් වළං හෝදන්නෙ, ෂෙඩ් වල පෙට්‍රල් ගහන්නෙ අපූරුවට...

      Delete
    2. මෙන්ඩා...+++++++++++++++++++++++++

      Delete
    3. මෙන්ඩා... Hats off... මචං...

      Delete
    4. එල මෙන්ඩා


      //පෙට්ටිත් කරගහනවා// හපොයි...

      Delete
    5. රෙස්පෙක්ට් මෙන්ඩා..

      Delete
    6. ඔය පේන්නෙ නියම ශ්‍රී ලාංකික පොරක්...විදානයා...අනේ යකෝ...සකෝ බළලෝ කියල තමයි ඉතින් කියන්න වෙන්නෙ...වැදගත් කතාවක් මැද්දට පැනලා සභාව කැත කරන්න මූ විතර ගජයෙක් මමනම් දැකලා නෑ...හාපෝ...

      Delete
    7. ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්න .මාතලන් ගෙ බ්ලොග් එකේ මෙහෙම තිබුනෙ.

      //AnonymousFebruary 4, 2015 at 10:09 PM
      ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
      අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
      මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
      අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

      Replies

      දේශක යාFebruary 4, 2015 at 10:29 PM
      හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

      Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
      ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

      ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
      පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

      Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
      ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


      බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
      කතා නාහ ඉන්න පිනක්
      නැති අසරන ගෑල්ලමයා මං.
      බබා හම්බ වෙද්දි හැදුනු
      මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
      මාමලා වගෙ මිනිස්සුන්ගෙ
      කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

      තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
      ඒ කියන්නෙ,
      මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
      හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
      මේක කමෙන්ට් කරාම,
      ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
      ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
      හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.

      Delete
  2. ලංකාවේ මිනිහා

    ඌ මොකක් හරි කරනවනං
    මාත් ඌට වැඩිය ඩිංගක් හරි
    වැඩියෙන් ඒකම කරනවා

    ReplyDelete
    Replies
    1. හරියට හරි දේශා...ඒත් වෙනසක් තියනවා...හැමදේම වැඩියෙන් එහෙම කරන්නෙත් නෑ...මොකක් හරි අනෙකාට ඒ වැඩෙන් රිදවන්න පුළුවන්නම් විතරයි...

      Delete
    2. මෛතීට වැඩිය ඩිංගක් හොදට යහපාලනේ මට පුළුවං

      Delete
    3. ශ්‍රී ලාංකික අභිමානය...සී.ජේ විදානපතිරණ දිනවමු...කිව්වොත් ඉතිං කිසිම වැදගැම්මකට නැති කඩප්පුලි කතාවක්...ඕ යේස්...හැක්...හැක්...

      Delete
  3. අපි මේ ක්‍රමය වෙනස් කරන්න අපේ බ්ලොග් ක්‍රියාකාරකම් තුලින් යමක් කරන්න ඕන.මේ රටේ මිනිස්සු හිතන විදිය ඔවුන්ට බාහිරින් ආරෝපනය වුන එකක්.ඒ කියන්නෙ අපට ඒක වෙනස් කරන්න පුළුවන් කියල
    අහං ඉන්න පුරුදුවුන ජනතාවට එයින් නොනැවතී සංවාදයට සම්බන්ධවෙන්න අද අවස්ථාවක් ලැබිලා තියනවා.රස වින්දනයටම සීමා නොවී සමාජ ප්‍රගමනයට බ්ලොග් වලින් යමක් කරන්න ඕන.
    අප කළ යුත්තේ අපේ නිර්මාණ හරහා ධනාත්මක අදහස් ලබා දෙන්න.මේ නිර්මාණයෙනුත් වෙලා තියෙන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මමා...මේ නිසා පොදු සමාජය දැනගන්නවා බ්ලොග් කියල අවකාශෙක දියුණු අදහස් සන්නිවේදනය වෙන බව...අපි ආදර්ශෙන් පෙන්නුවොත් ටිකෙන් ටික අනිත් හැමෝම එක පෙළකට ගන්න පුළුවන්...

      Delete
  4. ම්... හැබැයි හැමෝම මෙහෙම නෑ..

    ReplyDelete
    Replies
    1. ඒත් බහුතරය මෙහෙමයි...අපි හැමෝම එකතුවෙලා ඒක වෙනස් කරමු තුශානි...

      Delete
  5. අම්මට සිරි ලංකාවේ මිනිහා..

    අරූ එක කරනවා නම්..
    මාත් ඒකම කරනවා...
    බැරිනම් පෙස්සම් ගහනවා..
    කොඩිවින කොරනවා...
    ගිනි තියනවා..
    බැරිම නම්.. ඔව් බැරිම නම්..
    බැරිම නම් කොන්ට්‍රැක් එකක් දෙනවා..


    ReplyDelete
    Replies
    1. ඒක හරි...ඔය කියපුව කරන්න ඉතින් ලංකාවෙ මිනිහෙක් හැර වෙන කොහෙන් හොයන්නද මාතලන්...හොඳ වැඩක් කරන්නනම් ඉතින්...ම්හු...ඒ වගේ වැඩක් කොපි කරලවත් කරන්න හරි හොරයි...මේ ක්‍රමේ අපි අපිම හදාගත්තෙ නැතොත් අපිට හැමදාම වෙන්නෙ ණයට කකා සංවර්ධනය වෙමින් පවතින රටක ආත්ම ගානක් ඉන්න...

      Delete
  6. අරුට එකෙන් කීයක් ලැබුනද?
    ඊට වඩා මට ගන්න
    ඊට වඩා කොලිටිය අඩුවෙන් කරන්නේ කොහොමද/

    ReplyDelete
    Replies
    1. අම්මප ඉවාන්...අපේ එවුන් මේ සංස්කෘතියෙන් ගැලවෙන්නම ඕන...මොන එහෙකට මෙහෙම වැඩ කරනවද...ඒ වුණාට උතුම් සාරධර්ම ගැනනම් කතාව අහසින්...

      Delete
  7. රැකියාව - අරෑ මගේ වැඩේ දවසක් කලානම් ඒක උෟටම දිගටම බුක්තියට සවිකරපල්ලා.
    ව්‍යාපාර - මොකෙක් හරි අලුත් වැඩක් කලොත් මාත් පාරෙන් අනික් පැත්තෙ ඉඳං ඒකම කරනවා අරෑට වඩා පොඩ්ඩක් අඩු මිලට.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මාධවී...මාත් ඕක හොඳට අත්දැකලා තියනවා...කුහකකම මුල් කරගත්තම තමා මේ වගේ තත්ත්වෙකට පත්වෙන්නේ...

      Delete
  8. සිරි ලංකාවෙ මිනිහා......

    අරූ ඒක කරනවනම්
    කොහොම හරි කෙළිමු ඌට

    ReplyDelete
    Replies
    1. කෙළලා විතරක් නිකම් ඉන්නෑ...පම්පෝරිත් ගහනවා...කොයි ආත්මෙකට ගෙනියන්නද මිනිස්සු තේරුමක් නැතිව වැඩ කරන්නේ කියල හිතෙනවා...

      Delete
  9. අල්ලපු ගෙදරට ආවෙ කවුද?
    ඒ ගෙදර ගෑණි අරුත් එක්ක සෙට් වෙලාද?
    අරෙහෙ රෑට මොනාද දන්නෑ උයන්නෙ?
    අල්ලපු ගෙදර සිරියගෙ දුව මං දැක්ක හන්දියෙ ඉන්නවා කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා
    අනේ පවු එහා ගෙදර පුත අර උඩැක්කියකට අහුවෙලා
    අරුන් ලොකු ටීවී එකක් ගෙනත්, අපිත් ගේන්න ඕනි ඊට වඩා ලොකු එකක්,
    එහේනම් ෆ්‍රිජ් එක දොර දෙකක්,
    උන්ට ඔව්ව කරන්න කොහේ තියෙන සල්ලිද මන්ද.
    ඌට පුලුවන් හැමදාම පන්තියේ පළවෙනිය වෙන්න උඹට බෑ
    අරකිගෙ කරාබු දෙක විතරක් විසිදාහක්.තව බ්ලා..බ්ලා..බ්ලා..

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියන ගමන් උන් ලතවෙන්නේම අනේ මට දියුණුවක් නෑනෙ කියලයි...උන්ට තේරෙන්නෙ නෑ අනුන්ගෙ දේ හොයන්නෙ නැතිව අවංකව, කුහක නැතිව තමන්ගෙ දෙයක් බලාගත්තනම් මේ වෙද්දි හොඳ තැනකට ඇවිත් බව...

      Delete
  10. ලංකාවේ මිනිහා....
    ඌ විතරක් කොහොමද එහෙම කරන්නෙ..
    හිටපියකො මාත් කරනවා....
    හැබැයි මට බැරිනම්...
    බලමුකො ඌ කොරන හැටි....

    ReplyDelete
    Replies
    1. අරූ කෙලවගනීවා කියල ප්‍රර්ථනා කරන ගමන්...

      Delete
    2. @ ෂර්මි,

      හරියට හරි බං...

      @ සාජ්ජා,

      උඹ ඊටත් වඩා හරි...

      Delete
    3. දැං එතකොට ඔක්කෝම හරිද?? මේකද ප්‍රජාචන්ත්‍රවාදය...

      Delete
    4. මේකෙ මොකක්ද බං ප්‍රජාතන්ත්‍රවාදයක්...මටනම් තේරෙන්නෙ නෑ ඒක මෙතනට ගැලපෙන්නෙ කොහොමද කියල...නිකම් අහසයි වැටකොළුයි වගේ...හැක්...

      Delete
  11. මාත් කවි ලියන්න පටන්ගන්න ඕන...


    අඩෝ අසංක. උඹ හරි තුෂාරය මාව අමතපං..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඹට පුරුදු කොරන්ට මම එනවා හෙට...ඒ කියන්නේ 7 වැනිදා ගමේ...අලුත්නුවර...තුෂාරයත් සමහර විට එයි...ෆේස් ටු ෆේස් බලමුද...???...කඩිනම් පාඨමාලාව...

      Delete
  12. දැන්නම් අල්ලස් කොමිසම හරි නිසාආ......
    කියමු සිලි ලාංකි කයො කියා....
    ටික කලක ට....

    ReplyDelete
    Replies
    1. යකඩෝ...කෙන්ජි අයියා...උඹ අපිව අමතක කොරලා මාස ගාණක් කිසිම ගානක් නැතිව හිටියෙ කොහොමැයි...උඹ නැතුව අපිලා හරිම විස්සෝපෙන් උන්නෙ ඕං...මේ කැකුලියෝ නිතරම උඹලව අහනවා...බේරෙන්ට බැරුවා...හැක්...හැක්...

      Delete
  13. ආකල්ප වෙනසකට කාලය ඇවිත්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත,රට ප්‍රපාතයක නම් තියෙන්නේ,අපිත් ඒ වරදේ කොටස් කරුවෝ.සමහරවිට අපි හිනා වෙනවා,හැබැයි ඒ හිනාවෙන්නේ අපි අපිටමයි.

      Delete
    2. හිමල් සහ මනෝජ් හරි...අපි කොයිතරම් කිව්වත් අපේ වැරදි ගොඩක් තියාගෙන තමයි හැමදේටම කෑ ගහන්නේ...අපි හරිනම් ලංකාව මේ වගේ වෙන්නෙත් නෑ...

      Delete
  14. රුපියල් ලක්ෂයක් තෑගි ලංකාවෙන් හොයලා දෙන්න
    අවුරුදු ගානක්ම හොයනවා ..
    බොහොම කලක් තියෙන දිවිය ..
    හම්බ උනොත් ගෙනත් දෙන්න
    නොකා නොබී මාත් හොයනවා ..

    ලඳක් නොවෙයි හැඩරුව ඇති දෙයක් නොවෙයි බොහොම වටින
    ඒ උනාට අපිට වටිනවා
    කරුණාකර හොයා දෙන්න තෑගි මුදල අරන් යන්න
    රුපියල් ලක්ෂයක් තියනවා ..

    මලක් නෙවෙයි වලක නෙවෙයි
    ඔබත් නෙවෙයි මමත් නෙවෙයි
    උඩ පැන පැන තවම හොයනවා
    ඔයක් නෙවෙයි ගඟක් නෙවෙයි
    යකෙක නෙවෙයි සතෙක් නෙවෙයි
    තිබුන දෙයක් තවම සොයනවා ..
    රටක් වටින දෙයක් මේක ඉස්සර අපේ රටේ තිබුන
    නිධානයක් වගේ හොයනවා
    රනින් පිරුන නිධානයක් නෙවෙයි ඒක අතගෑවෙන
    ජිවත් වෙන අපිට වටිනවා ..

    සල්ලි වලට ගන්නට බැරි දෙයක් මේක හොයලා දෙන්න
    ලක්ෂ මුදල මෙන්න ගෙනාවා
    තියන තැනක්වත් කියන්න එහෙන් ගිහින් බලාගන්න
    මමත් තවම මේක හොයනවා ..
    අටුවල නැ පුටුවල නැ
    ගමේ නගරේ කොහෙවත් නැ
    හැම මුල්ලේම තවම හොයනවා
    සාධාරණකම තියනා තැනක් ලෝකේ පෙන්නා දෙන්න
    ලක්ෂයකින් තෑග්ග දෙනවා ...

    රුපියල් ලක්ෂයක් .....

    ගායනය -ෆ්‍රෙඩ් සිල්වා
    පද රචනය - හඩ්සන් සමරසිංහ

    ReplyDelete
    Replies
    1. නියමම සිංදුව සින්දුවෝ...

      Delete
  15. අන්න එහෙම තමයි බං ලංකාවේ එවුන්..

    ReplyDelete
    Replies
    1. එහෙම කියල ඇඟ බේරගෙන හරියන්නෙ නෑ බං...

      Delete
  16. සිරාම කතාව. හදවතින්ම ශ්‍රිලාංකිකයි :D

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකික අභිමානය...හැක්...

      Delete
  17. මම කොහොමද හිතන්නේ ම්ම්ම්ම්.....
    නියම ආප්තෝපදේශයක්...

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද හිතන්නේ...කියපං බලන්න...

      Delete
  18. ලoකාවෙ මිනිහා තමා හරි... ආ නැද්ද මන් අහන්නේ..? :D :D

    ReplyDelete
    Replies
    1. අපිට වෙලා තියෙන්නේම ඕක තමයි සුසී...නැද්ද...හැම වෙලේම අපි හරි...හැක්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...