Wednesday, December 31, 2014

සුභ පතනවා නව වසරේ ගොඩ යන්ට ................



වසරක් ගෙවී වසරක් න උදනැක්කේ
දවසින් දවස ගෙවිලා යන අරුමැක්කේ
වසරක් ලැබූ සතුට ගතත් අර මක්කේ
මරණෙට තවත් ළං වෙනවා වෙයි ටක්කේ

ගෙවුණු වසර ගත වුණ හැටි බලලා හිටං

අපෙන් වුණ වැරදි තේරුං අරං හිටං
ලබන වසර සුභ වෙන්නට කියලං හිටං
නොකරමු වැරදි න වසරේ මුලම හිටං

බ්ලොග් ලියනා, කියවන, බලනා උන්ට

නොලියන, නොකියවන, නමුත් න උන්ට
කමෙන්ට් කළත්, නොකළත් බැහැ ගැලවෙන්ට
සුභ පතනවා නව වසරේ ගොඩ යන්ට............................... 


කුගැගීපවුරේ සහෘදයන් 11 දෙනා



.

Sunday, December 28, 2014

රෑ ඉරපාන ............................. මොන කුණුහරපයක් ද ඒ?????


මොන හරුප නමක් ද?
රෑට මොන ඉරක් ද?
අහපු පළවෙනි දවසේ මං කිව්වේ ඒක.
යාලුවෙක් අහමු කියපු පළවෙනි දවසේ
“මං කැමති නැහැ මචං කාලේ කන්න“

ඒත් දවසක් ගෙදර තිබුණ රේඩියෝව
අමුතු ම අමුතු කට හඩකින් මොනවදෝ මුමුණනවා
කිසිම කලබලයක් නැති කතාවක්
හරි ලස්සනට නවත්ත නවත්ත කියනවා
හිත ඇද ගන්න කටහඩකින් ඇහෙනවා
කවුද මේ විශ්වකර්මයා........................

දැන් කොහොමද නම හොයාගන්නේ
රිවයින් කරලා බලන්නද?
කාගෙන් කියලා අහන්නද?
නම හොයා ගන්නැතුව අඩිය උස්සන්න පුළුවන්ද?
බෑ..... ඒක තමයි ඉහත ප්‍රශ්ණ තුනට ම උත්තරය..

යන්න තිබුණ හදිස්සිය මුලදී හරි ලොකු වුණාට
ඒ සුන්දර කටකාරයා ඒ හදිස්සිය තමන්ගේ කරගත්තා
දැන් කාලය යනවා තේරෙන්නේ නැහැ
අනේ............ දැන් ඉවර වෙයිද?
ඉවර වෙයි වත්ද?????

වික්ටර් රත්නායක කියන මහා පුරුෂයා ගැන
පොඩි කොල්ලෙක් විදිහට
තමන් දැකපු හීන........
කාමරය පුරා රූප අලවන් හිටපු හැටි......
සින්දු හොයන්න රට පුරා ඇවිදපු හැටි........
හරි සුන්දරයි ඒ කතා....
ඒත් ඒ කතා වලට වඩා හරි අපූරුයි ඒ..........කියැවිල්ල

ඉවසන් හිටියා පැය දෙකක්....
ඉවසුවේ කාලය නොයන එක නෙමෙයි
කාලය යන එකයි ඉවසුවේ......
අන්තිමට යන්තම් කියාගෙන ගියා ඒ නම
බන්දුල නානායක්කාරවසම්
හත්තිලව්වයි............
ඒ අර එදා චාමරයා කිව්ව රෑ ඉරපාන නේද?
ඔව් ඇත්තට ම
රෑත් ඉර පායලා...........


තුෂාර විතාරණ


.
පසු සටහන - හැකි වෙලාවක් ඇතොත් මේ පැත්තට ගිහින් බලන්න.
https://www.youtube.com/watch?v=q1HRi8UIewo
දකුණු පැත්තෙන් පෙළගැස්වෙන ලැයිස්තුව තවත් තැන් වලට පාර පෙන්නාවි

.

Friday, December 26, 2014

වෙඩින් ෆොටෝ එක..............................



දවසක් දා
ශුභ මොහොතින්
රිංගුවා
රිංගුවාමයි
අැතුළට.............

අාසයි දැන් මට
ළියට න්නට
ගං දෑලක අැවිදින්නට
යහළු යෙහෙළියෝ ක්කලා
ෆිල්ම් ඒකක් නරඹන්නට.............

කොහොම හිතන්න ද?
ඒ ගැන
ළියට න්නට 
අවසර නැති කොට.............................


ඩබ්. ටී. වීරසිංහ


.

Tuesday, December 23, 2014

අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ...........



කමත් කාලෙක සිරිලක නැමැති දීපෙක
දුසිරිත් භංග කරනට අලුත් පාරක
සිරිමත් පවර වැජඹෙන අනගි පාලක
කවුරුත් පතා උන්නා අලුත් නායක ...............

ක පතා අනා කට ම කෑ පෙර දවසේ
දෙපිළට බෙදී අැත දෙදෙනා අද දවසේ
දියයට යනෙන ගිනිසිළුත් පෙනෙන්නේ
ඒ ගහෙන් මේ ගහට හිටි කියා පනින්නේ
ජනතාව කම්මුලේ අත තියා හිදින්නේ
කාලෙකින් නෙවැ අපිත් නාඩගම් බලන්නේ...............

සිත කලකිරී පැන පැන අා ගෙඹි රාලේ
අතදී වැළදගෙන සිපගන්නා තාලේ
මට සිහිකළේ සෙල්ලම් කළ හැටි බාලේ
මෙව්වට ඡන්ද දෙනවද දෙන්නම් වාලේ ..................

උදේ ඉදන් රෑ වෙනතුරු වාද බයිලා අහන්නේ
කොයි කවුරුත් වැල යන අතටයි මැස්ස ගහන්නේ
රට නගන්න උර දෙන්නට කවුරුත් පෙළ ගැහෙන්නේ
අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ...........


ඉසුරිකා චූලරත්න


.

Monday, December 22, 2014

එපා සොඳුරිය......



තුරුළෙ හුන් කල සිහිකරන්නට
එපා සොඳුරිය එපා සොඳුරිය
පෙඟෙයි දෑසද තෙමා වත්මන
බොඳ කරයි සුන්දරම හීනය...

ගීතයක පද වැල් දවටලා
ආදරේ රන් හුයෙන් බැඳලා
ගැයූ ගීතය තනුව ගලපා
කොහේදෝ අද සොඳුරියේ...

පෝරු මස්තක වූ අතීතේ
දෙඇස් යා වී ආදරේ
දෙදෙන දෑඟිලි පටලලා
ගඟුලෙ කැළඹුනි ආදරේ...

ඔබද මා වූ මාද ඔබ වූ
අතීතය දැන් මතක පමණකි
මිහිදන්ව යා යුතුය එය දැන්
දෙපස යමු අපි සොඳුරියේ...


අසංක ගයාන් අබේසිංහ

Friday, December 19, 2014

කොට්ට......



කාලයක් නිදාගතිමි...
එකම කොට්ටයක
වැරදි ඉරියව්වක


ඇමැට්ටි වී බෙල්ල...
මාරුකළෙමි කොට්ටය
ඊට චුට්ටක් වෙනස් එකකට


සනසාගතිමි හිත...
මාරු කළෙමි ඉරියව්ව...
සිටියෙමි තවත් කාලයක්...
ඒ හිටි ඉරියව්වේම...


ආයෙත් ඇමැට්ටි වීය බෙල්ල

එහෙත්...තේරුණේ...

වයසට ගොසින්...
ලොඹු හපන කලය
මෙතුවක් කල් මාරු කර ඇත්තේ...
කවර මාරු කළ එකම කොට්ට බව

වරද කොතැනද...

කොට්ට තෝරාගත්...
ඉරියව් වැරදූ...

මා තුළම මිස...


අසංක ගයාන් අබේසිංහ

Wednesday, December 17, 2014

දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා..................




බුදු පදවිය හැරුණු කොට මේ ලොව එතරම්ම උත්තරීතර පදවියක් වේ නම් ඒ මව් පදවිය යයි කීම තර්ක විරහිතය. මන්ද මව් පදවිය එතරම්ම උත්තරීතර වන නිසාවෙනි. ඒ අනෙකක් නිසා නොව බුදු පියාණන් වහන්සේගේ කරුණා මහිමයට සමාන කරුණා මහිමයක් මවක් සතුවන නිසාය. ගෝලීයකරණ සමාජ ප‍්‍රවාහය හමුවේ දරුවන් වදා මහමග දමා යන යුගයක් අපට උරුම වී තිබෙන්නේ සමාජ සාරධර්ම දිනෙන් දින මිනිසුන් තුළින් වියැකී යමින් පවතින යුගයක් උදාවී තිබෙන හෙයිනි. මේ හේතුවෙන් මෙවන් උතුම් මව් පදවියට නිගා දෙමින් මව් පදවිය හෑල්ලූවට ලක්කරන ගැහැණුන්ට මව යන උතුම් වදන පවා අනුචිතයයි කිවහොත් එය නිවරදිය. මව් පදවියට මෙසේ නිගා දෙමින් මහමග දරුවන් තනිකර දමා යන කුහක අම්මලාට මව් පදවියේ උත්තරීතර භාවය කියාදීමට පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පන්හිද ඔසවන්නේ මවක සතු කරුණා මහිමය, දරු සෙනෙහස සමාජයට කියා දීමට මෙනි. අප හිමි තම සිත් කොනේ නිරුත්සාහකව ගලා එන්නා වූ මව් සෙනෙහසේ කරුණා මහිමය ගීතයකට පණ පොවන්නට සමත් වන්නේ සමස්ත ගීතය පුරාවටම චිත්ත රූප මවාපාමින්ය. සිද්ධාර්ථ හිමියන්ගේ තෙලිතුඩින් එළිබට ගීතයට අසහාය ශබ්ද මාධූර්යයක් එක් කරමින් සහෘද වින්දන මානයට ගෙන එන්නේ ප‍්‍රවීණ ගායන ශිල්පිණී දීපිකා ප‍්‍රියදර්ශනී මහත්මියයි.
අප හිමියන් ස්වකීය ප‍්‍රස්තුතය ගීතයට නගන්නට ආකෘතිය සොයා ගන්නේද අව්‍යාජ සරල සුගම ආකෘතික රටාවක් වන ජන කවියේ ආකෘතිය යයි කීම සාවද්‍ය නොවන්නේ ජන කවියේ ආභාසය ගීතය පුරාම ආත්මයක් වී තිබෙන බවක් පෙනෙන හෙයිනි. අප හිමියන් මවක සතු කරුණා ගුණ කදම්බය සහෘද වින්දන මානයට රැගෙන එන්නට උචිතතම ආකෘතිය සොයාගෙන තිබේ යයි කීම නිවරදිය. සරල සුගම ගැමි කටවහරට හුරු වාග් මාලාවක් උපයුක්ත කර ගනිමින් ගැමියකුගේ සිතට තම මව කෙරෙහි දැනෙන හැගෙන ආකල්පයන් සිතුවිලි, සෙනෙහස මවා පාමින් පද පෙළ ගොණු කරන්නේ සෑම වදනක් තුළින්ම මවකගේ කරුණා මහිමය, දරු සෙනෙහසේ මහිමය ප‍්‍රතීයමාන වන අයුරිනි. දරු සෙනෙහසට උතුරා හැලෙන මවකගේ කරුණා ගුණ කදම්බය ගී පද වැල් 12 කට කැටිකරන්නට යාම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අසීරු කටයුත්තකි. නමුත් සිද්ධාර්ථ හිමියන්  උචිත පද උචිත තැන්හි පිහිටුවමින්  ගීතයට හානියක් සිදු නොවන අයුරින් පද සංකල්පනාව නිමවන්නට දරන තැත සාර්ථක උත්සාහයකි. ඒ අනෙකක් නිසා නොව ගීතයේ සෑම පදයක් තුළින්ම මවකගේ කරුණා මහිමය මතුකරන්නට සමත් වී තිබෙන හෙයිනි. මවගේ චිත්ත අභ්‍යන්තරයේ දෝර ගලන දරු සෙනෙහස, කරුණා මහිමයෙන් බිදක් හෝ ගීතයකට කැටි කරමින් ගීතයේ රසභාව පීනනය කරන්නට අප හිමි දරණ උත්සාහය සාර්ථක වන්නේ නිර්ව්‍යාජ බසක් හිමි ජන කවි රීතියේ ස්වකීය පද සංකල්පනාව ගොණු කරන නිසාය. නූතන ආර්ථික වර්ධනයේ සහ තරකාරී ලෝකය හමුවේ ගැමි සමාජ වටපිටාවක් හිමි දරුවන්ට තරම් නාගරික දිවි පෙවෙතක් හිමි දරුවන්ට මාපිය සෙනෙහස කරුණා මහිමය නොලැබේ යයි කීම යුක්ති යුක්තය. මන්ද බොහෝ  දෙමාපියන් වෙහෙසෙන්නේ තම දරුවන් ගෙදරින් බැහැර කර හෝ නේවාසිකාගාර තුළ රවමින් සුපිරි පාසල් වෙත තම දරුවන් ගාල් කිරීමටය. කුඩා කළ සිට මාපිය සෙනෙහසක් නොලබමින් මෙසේ හැදෙන වැඩෙන දරුවන්ට හිමි වන්නේ බුද්ධිය පමණක් යයි කෙනෙකු තර්ක කරන්නේ නම් එය සාවද්‍ය නොවේ. මන්ද සමාජ සාරධර්ම ඔවුන්ට කියාදෙන්නට තම මව් සෙනෙහස කුඩා කලදීම අහිමි නිසාය. සමහර දරුවන් දෙමාපියන් දකින්නේද සතියකට වරක් හෝ දෙවරක් පමණක් වන්නට පුළුවනි. මෙවන් දරුවන් මාපිය සෙනෙහේ කාගෙන් ලබන්නද? මෙය සමාජය දෙවරක් සිතිය යුතු පැනයකි. එහෙත් අප හිමි තම ගීතයට ප‍්‍රස්තුත සපයා ගන්නේ කප්පරක් දුක් උහුලමින් කරුණාවේ ප‍්‍රතිමූර්තියක් බඳු දරු දුකට දිවා රූ නොනිදා වෙහෙසෙන ගම් ගොඩේ අම්මාකෙනෙකි.

ඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙළා ගිනි දළු ගෙන ලිප මොළවන අම්මා
වෙල් දෙණිවල ඇවිද ගොසින් වෙරළු ගෙනත් අම්මා
ඉණි වැට ළබලා හිි අප එනතුරු අම්මා................

උක්ත ගී පද සංකල්පනාව ඇසෙන සැණින් අපට ගැමි ගෙදරක කප්පරක් දුක් ගින්දර සිත් කොනේ රුවාගෙන එහෙත් සතුටින් තම දරුවන්ට සෙනෙහස පානා අම්මා කෙනෙකුගේ රූ සෝභාව අප සිත් කොනේ චිත්ත රූප මවන්නේ නිරුත්සාහකවමය. ඇගේ සිත් කොනේ පොරබදන දුක් ගින්දර කිසිම විටක දරුවන්ට, දැනෙන්නට දෙන්නේ නැත. ඒ අසීමිත දරු සෙනෙහසට දුක් ගින්දර පරාජය වන හෙයිනි. ඳුළු හෙළා නෑඹිලියටයන පද කිහිපය ඇසෙන සැනින් අපට ඇගේ සිතේ නළියන දුක් වේදනා කොපමණක්දැයි සිතේ. එහෙත් ඒ දුක් වේදනා තනිවම දරාගන්නට ඇය සමත්ය. හිස පහතට හරවාගෙන සහල් ගරන ඇගේ සිත් කොනේ දෝරගලන දුක් කන්දරාවට නෙත් කෙවෙනි අගට උණන උණු කදුළු දෙකොපුල් නිම්නය දිගේ ගලා විත් නෑඹිලියට වැටෙන්නේ ඇයටත් නොදැනීය. මෙයින්ම ඇගේ සිතට දැනෙන දරු දුක කොතරම්දැයි සිතිය හැකිය. ඉතා අමාරුවෙන් උපයාගත් සහල් මිට තම පවුලේ කුසගිනි නිවන්නට තරම් වේදැයි සිතමින් ඇය සිතින් දුක් වේ යයි අපට තර්ක කිරීමට පුළුවනි. පවුලක බර පියෙකුට වඩා දැනෙන්නේ මවකටය. මන්ද ඇය පවුලේ සියල් දුක් උහුලන නිසාය. දරුවන්ගේ කුසගිනි පියෙකුටත් වඩා දැනෙන්නේ මවටයයි කිවහොත් එය සාවද්‍ය නොවේ. සහල් ගරන නෑඹිලියට කඳුළු බිඳු වැටෙන බව අප හිමි දැක්වීමෙන්ම ඇගේ අග හිකම් කොපමණදැයි මොහොතක් සිතා බැලිමට පුළුවනි. එහෙත් කිසිම දිනක උත්තරීතර මාතෘත්වයක් හිමි මවක් තම දරු කුරුළු බිළිදුන් කුසගින්නේනම් නොතබයි. ඒ අපරිමිත දරු ස්නේහයේ යථාර්ථයයි. තම කුසට අහරක් නැතත් දරුවන්ගේ කුස පුරවා බත් වළ අඩියේ ඉතිරිවන කළුපාට දංකුඩයෙන් කුසගිනි නිවාගෙන ඒ දුක දරුවන්ට නොපෙන්වන මව්වරුන් මෙතෙකැයි කියා කිව නොහැක. නගරයේ සුපිරි මන්දිර තුළ අධි සුඛෝපභෝගි දිවි ගෙවන මව්වරුන් මෙවන් දුක නොදනිතත් ගම් දනව්වල අන්ත අසරණ එදා වේල කෙසේ හෝ සරිකරගෙන ජීවිතය ජීවත් කරවන මව්වරුන් කොතෙකුත් අපට හමුවේ. අප හිමි ඇගේ චිත්ත අභ්‍යන්තරයේ දැවෙන දුක් වේදනාවේ තරම කියන්නට අපූරු පද ගැලපුමක් එක් කරයි. සුසුම් හෙළා ගිනි දළුගෙන ළිප මොළවන අම්මා.......ඇය ගේ සුසුම් පොදෙන් ළිප ගිනිදළු ගෙන තාලයට නැටවෙමින් ඇවිලෙයි. නමුත් අප හිමි මේ රත් පැහැ ගිනි දළුවලින් සංකේතවත් කරන්නේ ඇගේ සිතේ දැවෙන අගහිකම් පිළිබ දුක්ඛ වේදනාව යයි කිවහොත් එය සාවද්‍ය නොවේ.
එමෙන්ම ඇය කෙතරම් දරුන්ට සෙනෙහස ඇති අම්මා කෙනෙක්ද යන්න කීමට කදිම පද සංකල්පනාවක් වන්නේ වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනත් අම්මා.......ඇය සැබෑම ගැමි මවකි. තම පවුලේ කුසගිනි නිවන්නට දෙයක් සොයා ගම් දනව්වේ පිය නගන ඇයගේ නෙතට හසුවන පළතුරක් පවා  තම දරුවන්ට ගෙනෙන්නේ එය රස විදින දරුවන්ගේ සතුටු සිනා දකිමින් ඇය ද සතුටුවන්නටයි. ඒ අනෙකක් නිසා නොව ඇය සතු අසීමිත දරු සෙනෙහස නිසාය. තම තුරුලෙන් මිදී දරුවන් නිවසින් බැහැර ගියේනම් පමාවන මොහොතක් පාසා ඇගේ නෙත් රැි තිබෙන්නේ ඉණි වැටේ කඩුල්ල ළය. ඇය දරුවන් දැන් ඒ දෝයි සිතමින් මග බලයි. ඉණි වැට නගරයේ නම් කවදා දකින්නද? ඉණි වැට ගැන සහන් කිරීමෙන්ම මොවුන් ගෙවන ගැමි දිවි පෙවෙත ගැන හෙළිවේ. මෙසේ ගමේ සිටිමින් කෙතරම් දුක්ඛ දෝමනස්සයන් වැළඳුවද ඇය කිසිදා අනාගත ලාභ අපේක්ෂාවක් පෙරළා දරුවන්ගෙන් නොපතයි. නිතර දෙවේලේ පතන්නේ අන් කිසිවක් නොව තම දරුවන්ගේ දියුණුව පමණි. ඇගේ එකම බලාපොරොත්තුවද තම දරුවන්ගේ දියුණුව දැකිමයි. ඇය නිතැතින්ම පතන්නේද දරුවන්ගේ දියුණුව යි.

මව්කිරි බදෙන් බිදෙතොලට පොවාලා
පෙව්කිරි බිදෙන් බි ලෝකය නිවාලා................

ඇය ගතින් සිතින් කප්පරක් දුක් වේදනා ඉහිලූවද දරු සෙනෙහසට ඇයට ඒවා තරම් නොවේ. රඹුකන සිද්ධාර්ථ හිමියන් උක්ත පද ද්විත්වයෙන් අප අපගේ ළාබාල කාලයට රැගෙන යාමට සමත් වේ. මෙලොව මව්කිරි බික් දෙතොල නොගෑ කෙනෙක් නැත. එසේ වේනම් ඔහු හෝ ඇය  ඕපපාතිකයෙකි. මෙලොව උපන් කෙනෙක් වේනම් උපන් වේලේම මෙලොව පළමුව රස බලන්නේ මව් කිරිය. තම කුසින් දරුවකු වැදීමට අනන්ත දුක්ඛ වේදනා ඉහිලූවද ඇයට තම දරු කුරුළු බිළිඳා දුටු ගමන් ඒ සියලූ දුක් වේදනා මොහොතින් අමතක වේ. තම දරුවාගේ සිගිති දෙතොල් අතරින් මතුවන කිරිකැටි සුමුදු සිනා දකින ඇය ප‍්‍රීතියේ පත්ලටම කිා බසී. දරුවාගේ සිනා දකින ඇගේ සිරුරේ ගලන රුධිරය කිරි බවට හැරෙන්නේ මේ දරු සෙනෙහස නිසාය. තම සිරුරේ රතුපාට රුධිරය කිරට හරවා දරුවාට පොවන ඇය කිසිම විටක තම සිරුරේ සුන්දරත්වය ගැන හෝ  නොසිතයි. සිරුරේ නහර වැල් මතුවෙමින් සිරුර වැහැරුනද ඇය මොහොතක් හෝ ඒ ගැන නොසිතන්නේ දරුවාට ඇති සෙනෙහස නිසාය. කිරි උරා බොන බිළිාගේ සුරතල් සිනා බලමින් ඇය සතුටු වේ. මේ සැබෑ මවකගේ ලක්ෂණයයි. අප හිමි මවගේ දෙතනෙන් කිරි උරා බොන සිගිති දරුවකුගේ සුරතල් සිනා දකින මවකගේ සිතේ ඇතිවන සතුටු සිනා සහෘද වින්දන මානයේ චිත්ත රූප මවමින් ගීතයට පණ පෙවීමට සමත් වේ. මේ මනා පරිකල්පනයක් හිමි දක්ෂ නිර්මාණකරුවකුගේ දක්ෂතාවයයි. පොවාලා, නිවාලා යන පද තුළ තිබෙන්නා වූ රිද්මය තුළින් කිරි උරා බොමින්  දරුවා නැළවෙන අයුරේ රිද්මයක් මතු කෙරෙන බවක් ගම්‍යමාන වේ. දරු සෙනෙහසින් ඉල්පෙන සැබෑ මවක් තුළ තම දරුවන්ගෙන් කිසිදු ලාභ අපේක්ෂාවක් නැත. ඇය තුළ පිරී පවතින්නේ අපේක්ෂාවක් නොව උපේක්ෂා ගුණයයි. ඇය දරුවන් දෙස බලමින් දරුවන්ගේ දියුණුව පමණක්ම හදවතින් පතන්නේ එනිසාය.

සක්විති වෙයන් යයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා හඬාලා........

මේ ලෝ තලයේ සිටින සෑම උත්තරීතර මවක්ම නිතැතින්ම පතන්නේ දරුවන්ගේ දියුණුවම පමණි. ඇය හදවත පතුලින්ම නිරතුරු පතන්නේ සිහින දකින්නේ තම කුසින් වැදූ දරුවන් සක්විති පදවිය ලබනු දැකීමටයි. එනම් දරුවන්ගේ දියුණුවයි. දරුවන්ට දුකක් වේදනාවක් ඇතිවන විට දරුවන්ට වඩා හදවත රිදුම් දෙන්නේ අම්මා වරුන්ටයයි කිවහොත් එය තර්ක විරහිතය. දරුවකු නොමග යනවිට ඇය හදවතින් දහස් වරක් හඩා වැළපෙන්නේ දුක් වන්නේ එනිසාය. මන්ද තම දරුවන් කෙරෙන් ඇය දකින සිහින බොවනු දැකීමට ඇය අකමැති බැවිනි. මවක් කුඩාකළ සිටම තම දරුවන් නළවන්නේද උකුලේ නැළවෙන බිළිා මෙලොව සිටින නිර්භීතම දරුවා කරමිනි. ඒ අනෙකක් නිසා නොව කුඩා කළ සිටම තම දරුවන් රජුන් කරවන බලාපොරොත්තුව සිතේ සිහිනයක් සේ තිබෙන නිසාය.

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා..

ලෙසින් දරුවා  නළවන්නේද තම ඇකයේ සිටින දරුවා නිර්භීත තැනැත්තෙකු බව සිතට කාවද්දමිනි. ගලින් ගලට පනින සද්දන්ත ඇතුන් පවා තම බිලිදාට බයේ දුවන බව කියමින් උකුලේ නැළවෙන දරුවා රජෙක් කරන්නට කුඩාකළ සිටම ඇය සිහින දකී. මේ ගීත තුළ ධනාත්මක චින්තනයක් පවතින බව මේ ගැන විමසිල්ලෙන් බලන අයකුට පෙනේ. එහෙත් වත්මනේ මහත් ඛේදවාචකය වී තිබෙන්නේ මෙවන් නැළවිලි වත්මන් මව්වරුන් නොදැනීමයි. අද දරුවන් නින්දට යන්නේ බාල බොළද රේඩියෝ නාලිකා ඔස්සේ අතොරක් නැතිව ගලායන  ගිරවුන් මෙන් වාචාල  දොඩවන රැප් සංගීත හඩින් යයි කිවහොත් එය නිවරදිය. තම සිරුරේ සුන්දරත්වය නැතිවේ යයි බියෙන් මව්කිරිද නොදෙන මව්වරුන් ද වත්මනේ අඩුවක් නැත. දරුවාට කුඩා කළ සිට පොවන්නේ දෙතනේ මව්කිරි නොව එළදෙනුන්ගේ කිරිය. නැළවෙන්නේ රැප් සංගීතයෙනි.

දරුවන් අනේ රජවනතුරු මග බැලූවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණි මං තැනුවා...............

උතුරා දෝර ගලන දරු සෙනෙහසින් හරිහමං අහරක් කුසට නොගෙන කුසෙන් අඩක් සතපා මවක් දරුවන් ලොකුමහත් වනතුරු අනේකවාරයක් සිතින් සිහින මවන්නෙත්, සිතින් පතන්නෙත් දරුවන්ගේ දියුණුව පමණි. දරුවන්ට දියුණුව පතමින් දරුවන්ට සමාජයේ ඉහලට යාමට ඉණිමගක් වන්නේ ඇයයි. එහෙත් එසේ මවගේ වාරුවෙන් ඉහලට යන දරුවන්ට අතට යහමින් මිල මුදල් ලැබෙන විට මව්පියන් අමතක වේ. මෙය සමාජයේ මහත් ඛේදවාචකයකි. මෙය ගෝලීයකරණයේ වරදද? එසේ නොමැතිනම් බුද්ධිය පමණක් වඩවන සාරධර්ම නොවැඩෙන නූතන අධ්‍යාපන රටාවේ වරදද? අප නිර්මාණකරුවාණන් සමාජයේ ගැඹුරු ප‍්‍රශ්නයක් තිබෙන තැනකට නෙත් යොමයි.

දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා...

බොහෝ දරුවන්ට අතට මිල මුදල් ලැබී සමාජ තලයේ ඉහලට යනවිට තම මහළු දෙමාපියන් තමනට බරක්, කැළලක් යයි සිතනවා වන්නට පුළුවනි. දරුවන් සුවිසල් මන්දිර තුළ සුර සැප විිමින් යෙහෙන් වැජඹෙයි. දෑතේ කරගැට එනතුර අනත්ත දුක් විදිමින් කුසට සරිලන තරම් හරිහමං අහරක් නොගෙන කුසින් අඩක් පුරවාගෙන තම ගතේ නහර වැල් මතු වී සිරුර කෘෂ වන තුරු සිරුරේ රුධිරය කිරට හරවමින් දරුවන් ලොකුමහත් කිරීමට කප්පරක් දුක් ඉහිලූ මව්පියන් මහළු මඩමේ සුසුම් හෙළති. එහෙත් මවක් කිසිම විටක තම දරුවන්ට වෛරයක් සාපයක් නොකරයි. සිත් කොනකින්වත් තරහක් නැත. තමන් මහළු මඩම් තුළ අනන්ත දුක්, සංකා වළමින් දුක් වේදනා වින්දද තව තවත් පතන්නේ දරුවන්ගේ දියුණුවම පමණි. මේ උතුම් මවකගේ මව් සෙනෙහසේ මහිමයයි. කිසිදා තමන් බැලීමටවත් නොආවද කිසිම දිනක දරුවන්ට සාප නොකරයි. අප හිමි ගීතය අවසන නැවත වරක් මව්පියන් අමතක කරන දරුවන්ට මවගේ කරුණා මහිමය මතක් කර දෙන්නේ  බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවායන ගී පද පේළියෙනි. මහළු තමන් බැලීමටවත් නොපැමිණියද දරුවන්ට ශාප නොකර දරුවන්ට බුදු බව පවා පැතීමට වුවද ඇය කාරුණික ගුණයෙන් යුත්තය. මේ ඇය සතු සිවි බඹ විහරණයන් නිසා නොවේද? මවක් කිසිදා තමා පෙව් කිරි කඳුළට, කැවූ බත් කටට පෙරලා දරුවන්ගෙන් ප‍්‍රත්‍යූපකාර බලාපොරොත්තු නොවේ. ඇයට උපේක්ෂාවක් මිස අපේක්ෂාවක්  නොවේ යයි කීවේ මෙනිසාය. දරුවන් වදා මහමග තනිකර දමා යන මව්වරුනට දරු සෙනෙහසේ මහිමය කියා දීමට අප ගීත රචක සිද්ධාර්ථ හිමියන් මහත් වෑයමක් ගන්නා සෙයක් පෙනේ. ගීතය පුරා සෑම පදයක් පාසාම උතුරා යන මව් සෙනෙහසේ කරුණා මහිමය ගීතය තුළින් කුළුගැන්වීමට අප හිමි සමත් වේ යයි කීම නිවරදිය.
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ තෙලිතුඩින් එළිබට මෙම පද සංකල්පනාවන් ගැමි ආරක් ගත් සිව්පද ආකෘතය තුළ ගොණු කරන්නේ ඊටම උචිත සරල අව්‍යාජ වාග් මාලාවක් පරිභාවිත කරමින්ය. උතුම් මව් සෙනෙහසේ අගය ගීතය පුරාම මොනවට සූචනය කරන්නේ උතුරා යන මව් සෙනෙහසේ කරුණා මහිමය සෑම පදයක් තුළටම කැටි කරමින් බව ගම්‍යමාන වේ. කවියට පුනරුක්තිය දෝෂයක් වුවද අප හිමි ගීතයට පුනරුක්තිය ආභරණයක් කරගනිමින් ගීතයේ රසය වැඩිකරවන බවක් විශද වෙයි. අම්මා”, ”අම්මාලෙස මුල් පද පේලි හතරේම අගට යෙදුවද එය එළිසමය වෙමින් මවකගේ උතුම් කරුණා මහිමය, දරු සෙනෙහස සෑම පදයක් තුළින්ම ප‍්‍රතීයමාන කිරීමට සිද්ධාර්ථ හිමියන් සමත් වී තිබෙන බව කීම සාවද්‍ය නොවේ. ගීතයේ පද පේළි 12 පුරා එළිසමය නිරුත්සාහකව රකිමින් එය ගීතයට ආභරණයක් කරගනිමින් ගීතය අලංකාර කරන අතරම එමගින් ගීතයේ රසය වඩවයි. මෙකී එළිසමය මගින් උතුරා යන මව් සෙනෙහස විද්‍යමාන වන බවක්ද පෙනේ. සමස්ත ගීතයෙන්ම කරුණා රසය මතුකරන සෙයක් පෙනේ. මේ අනුව ගැහැණියකට මෙලොව ලැබිය හැකි බුද්ධත්වයට පමණක් දෙවනි වන උත්තරීතර මව් පදවිය කුළුගැන්වීමට රචනා වූ ගීත අතර රමණීය ගීතයක් ලෙසින් මෙය අගය කිරීම තර්ක විරහිතය.


විවරණය- සුරංග එස්. විජේසූරිය.

Monday, December 15, 2014

සෙල්ලං............


















මුත්තා මැද
ගෝලයෝ වට
පටංගත්තා සෙල්ලං
කං කං මූරු
සිං සිං නූරු  
මං කියන දෙයක් අහනව ද?
ඔව් කිව්වොත් ගොඩ
නෑ කිව්වොත් මඩ
ඔව් කිව්වොත් 
දුවලා දුවලා ලිහිල්ල
කියා පල්ලා
මං කියනදේග
පැය විසි හතරෙන්
යහපාලනයක්ග
දින සීයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය
සියලූ දෙනාට
නිවාස
රැකියා
වතූර 
නෑ කිවිවොත්
මාරු වෙනව සෙල්ලම
කොපර කොපර  පිපිංඤා
පස්ස බැලූවොත් දෙසංඤා
දෙසනව දෙසන එක
එලව එලවා
හත්මුතූ පරංපරාවටම......



ඩබ්.ටී වීරසිංහ

Saturday, December 13, 2014

ස්වයං විවේචනය.................................



නොඇසුනී මට බුදුන්ගෙ හඬ
දහම විය එනමුදු මගේ ලොව
කර ඇතිය මා බොහෝ සේ පව
දිවුරුවත් ලෙස නොකරනා එය

අන්ධ වී රාගෙන් කුරිරු ලෙස
නොපෙනෙ අද  මාගේ දෑස් දෙක
නොදකිමි පින නිසා මෝහය
දක්කතී මගෙ පා නිරය වෙත

රුචිකමක් නැත මල් පුදන්නට
මහ හඩින් බුදුගුණ වැයීමට
මන්ද යත් මා සුදුසු නැති බව
දනී මා සිත අපිරිසිදුබව

ගෙවූවත් දිවි සමග රජ සැප
ලැබූවත් සුර බොජුන් නොඅඩුව
හිගන්නෙක් විය නොලැබ මොක්සුව
අතරමං විය නොදැන සසර කොන

ගිනිදළු ද අසූචිද පෙනෙයි මහ දුක් ගෙනෙන
නොතෙරුනෙ ඇයි පාපයෙ මහා(අ)පල
මරණ මංචකයෙ සිහි නැගුනු එකුසලය
කුසලයක්දැයි සැකය ඇත මට

නිවන නම් වූ මහා සම්පත
සදහා දේපළ උවමනා නැත
කුසල් පමණක් කිරීමට ඇති
මහ අමාරුව කිමද ලෝදන



වික්මල් සුභසිංහ


.

Wednesday, December 10, 2014

කාක්කෝ.........


කෑමට එක්සත්
තනියම නොකා
කෑ ග ගා
වර්ගයා රැස්කරන්
පොරවැටෙමින් බුදිති
කාකයෝ
මෙඩිකල් සෙන්ටර්
පොලි ක්ලිනික්
ලැබෝරටරි
පාමසි
එක්සත්ව
      බුදින්නේ කවුරුන්ද?      
    
.
.
.

ඩබ්.ටී වීරසිංහ



Tuesday, December 9, 2014

නුඹද බැඳේ වරදින්......


 
ලබමින් නිගරු සැලකුම් ලෝකෙන් නිබඳ
පිළිකුල් කරන මගෙ ජීවන රඟ මඬල
සැතපුනෙ නුඹයි සැමකල් මා සිරුර මත
කිමද මහතුනේ දැන් මට අපහාස...

වරදක් කළා වුව ඔබ මා දකින ලෙසින්
මා අබියස නුඹද බැඳෙයි ඒ වරදින්
එලෙස වුවත් ලෝ දහමට පෙනෙන ලෙසින්
කිමද මහතුනේ පමණක් මා වරදින්...

ලොවට උතුම් ළඳකි මමද මවක ලෙස
රකිනු පිණිස දරු හිමි වුණි මහ පාර
හදට මගේ එබිලා නුඹ බැලුවේද
එලෙස කලා නම් කොතරම් අගනේද...

දුකම මගේ සැපම වීය නුඹලාට
සුළු මොහොතක සතුට මවමි ගිනිගොඩක
ගලන කඳුළු ලොවට හොරෙන් හැමදාම
තරම් වේද පව් සෝදා හැරලන්න...

පසු සටහන: මෙම පද පෙළ ගැලපීමට හේතු වූයේ ලොව පැරණිම වෘත්තියෙහි යෙදෙන අසරණ කාන්තාවන් පිළිබඳ උපන් අනුකම්පාවයි. අරමුණු මුදුන්පත් කරගැනීම උදෙසා නිර්ලජ්ජී ලෙස තම ආත්මයන් පාවා දෙන්නවුන් සඳහා නොව නොසිතූ විරූ ලෙස මෙම මාවතට ඇද වැටුණු අහිංසක කාන්තාවන් වෙනුවෙන් මෙම සටහන තබමි.

අසංක ගයාන් අබේසිංහ

Sunday, December 7, 2014

ඉංග්‍රීසි වෙන්න හදන අමුම අමු සිංහල ගෑණු............



තොල් රතට රතේ පාට ගා

කම්මුල් රෝස පෑ තැවරූ
අනේක දෑ ඉලූ මූණු අැති ගෑණු
දන්නා සිංහලෙන් සිතමින්
හිතේ බාගයක් හිර කරගනිමින්
නොදන්නා ඉංග්‍රීසියෙන් 
මොන මොනවාද කියති.....................

තිහ හතලිහ පැන්නාට පසු

ගැටිස්සියන් වෙන්නට තතනන ගෑණු
දණිස්සෙන් අඩියක් උඩට අැන්ද
විනිවිද පේනා සේද සළුපටින් 
විලිවසා ගන්නට දුක් විදිමින්
අරෙහෙට මෙහෙට අැඹරෙති......................

බත් හැන්දකට හුරු වූ බඩගින්න
හීනියට ලියා කූරු වල ගැසූ
අනේක විධ මස් මාංශයන්
අමාරුවෙන් අෑත් මෑත් කරගෙන
කෘන්තක දත් වලින් හපමින්
පුරවා ගන්නට වෙරදරති....................

ඒක වීදුරුවකින් නැතිවූ තිබහාව

රතු පෑ...... දුඹුරු පෑ....... බීම
පුරව පුරවා හිස් කරමින්
නැවත නැවතත් තොලගාමින්
නැති තිබහාවක් නිවන්නට තතනති...................

හැම වචනයක් ම අල් සයන්නෙන් ඉවර කරමින්

හිතේ දාහක් දේ ඉතුරු කරගනිමින්
ළිවෙනකල් පාටි දාන ගෑණු
ඉංග්‍රීසි සින්දු වලට දෙපැත්තට පැද්දෙමින්
මාර වින්දනයක් ලබන බැව් පෙන්වති...................

ඒත් අන්තිමට 
ජෝතිපාලගේ අමුම අමු සිංහල සින්දුවකට 
බෝල්රූම් සල්සා අමතක කර
අැගේ හිරියනතුරු නටති...................


තුෂාර විතාරණ

Friday, December 5, 2014

යථාර්ථය ..................................



ඡන්දය අත ළගය
කෑම බීම අැති පදමට
අැමතිතුමාගේ ගෙදර
වෙනසක් නෑ කිසිම
ඔබ මොබ යති
හෙට යති මෙහෙට යති
තමන්ගේ නිවෙස මෙනි
සිපගනිති වැළදගනිති
මහත් අාදරයෙන්
ඡන්දය දිනූ දා සුරපුරයකි
අරක්කු විස්කි බ්‍රැන්ඩි
අැති පදමට බීමට
ඡන්දයට පසු දින
චීන ප්‍රාකාරයට පමණක් දෙවැනි
කළුපාට ගේට්ටුව
මුර කරති 
මුර සෙබලුන්
යා නොහැක අැතුළට
කළුපාට වීදුරු වසාගත්
මිල කළ නොහැකි මොන්ටෙරෝවේ 
ගමන් කරති
ගිනි බටයන් අමෝරාගත් 
යුධ සෙබලුන් පිරුණු
ජීප් රථ දෙකකට මැදිව
අැමතිතුමාගේ නිල රථය
.
.
.

සුරංග ස් විජේසූරිය


Wednesday, December 3, 2014

අයදිමි සමා නැවතත් කළ මැනව කමා..............



සයුරක තනිවී සිටින නිමෙෂෙක
ඔරුවක් වුව කලතයි හඳ සතුටින
එලෙස අතරමං වූ ආලෙන් මට
වදනක් වුව ඔබගෙන් මට අගනෙය

කෙරුවත් ආලය වෙයි එය වරදක්
වෙයි වරදක් ආලය නොකෙරූවත්
එම වරදට දඩුවම කිම වූවත්
ඇත්දැයි සැකයකි ඇපදෙන පිළිවෙත්

අතරින් මාගේ දෑසේ දෙපියන්
රුචිනැත දැකුමට කදුලැලි නලියන්
විරසක වී මගෙ හද මා සමගින් 
දඩුවම් දෙයි වරදට දුන් කදුලැල්

අරුමෙකි මගෙ ලොව මට විරහව දුන්
නරුමෙක් විය ලොව හට මා හිතදුන්
කරුමෙකි මා කල තුළ පෙරබව‍යන්
මරුකතරක සිරවී ඇත අද මන්

ආලෙ කලෙමි මා මා හද ඇපේ තියා
හට බොල් ණයක් නැති කොට කිසි සිතේ ප්‍රියා
විදි නැත මහට ගෙවුමට ගත් ණ‍ය නැවතා
අයදිමි සමා නැවතත් කළ මැනව කමා

බලා සිටිමි මා සදු දෙස දෙනෙත් පියා
කිසිවක් නුදුටුවෙමි ගඟනේ රැයක් පුරා
මහට වැටහුනේ සදදෙවු බවකි අමා            
නමුදු සත්‍යලෙසකින් විය මහද මුලා



වික්මල් සුභසිංහ


.
Related Posts Plugin for WordPress, Blogger...