Monday, December 22, 2014

එපා සොඳුරිය......



තුරුළෙ හුන් කල සිහිකරන්නට
එපා සොඳුරිය එපා සොඳුරිය
පෙඟෙයි දෑසද තෙමා වත්මන
බොඳ කරයි සුන්දරම හීනය...

ගීතයක පද වැල් දවටලා
ආදරේ රන් හුයෙන් බැඳලා
ගැයූ ගීතය තනුව ගලපා
කොහේදෝ අද සොඳුරියේ...

පෝරු මස්තක වූ අතීතේ
දෙඇස් යා වී ආදරේ
දෙදෙන දෑඟිලි පටලලා
ගඟුලෙ කැළඹුනි ආදරේ...

ඔබද මා වූ මාද ඔබ වූ
අතීතය දැන් මතක පමණකි
මිහිදන්ව යා යුතුය එය දැන්
දෙපස යමු අපි සොඳුරියේ...


අසංක ගයාන් අබේසිංහ

18 comments:

  1. Replies
    1. හී...මාත් එකට උත්තර දුන්නා...

      Delete
  2. මෙහෙම වෙන එක (කසාද බැන්දට වෙන්වෙලා යන එක ) හොඳයි නොගැලපෙනවනම් එකට ඉඳගෙන දෙන්නම දුක් විඳිනවට වඩා මගේ අදහසනම්.. කොහොම උනත් විරහව පට්ට වේදනාවක්.. මේකෙ ලේඩීස් වර්ශන් එක(ක්) දැන් පොඩ්ඩකට කලින් අහන්න ලැබුනා අහම්බෙන් වගේ..

    යමුණා ගංතෙර තඹරු ලතා හෙවනේ..
    යොහොඹු කුසුම් යහනේ..
    රාධා බලා හිඳී.. ක්‍රිෂ්නා..///

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත කමියා...විඳවනවට වඩා හොඳයි තමයි වෙන්වෙන එක...ඒක හරිම වේදනාවක් නම් තමයි...මේ හැඟීම් හරිම අමාරුයි වෙන්කරලා සලකන්න...ඒ තරම් සියුම්...ඇත්තටම මාත් ආසම ලස්සන ගීතයක් තමයි ඔබ මේ ඉදිරිපත් කරලා තියෙන්නේ...බොහොම ස්තුතියි කමි...

      Delete
  3. ඩිවෝස් වෙන එක තමයි හොඳම දේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මාතලන්...හිත් වලට බොරු කර කර ඉන්න එක දෙන්නගෙම අනාගතයන්ට බාධාවක්...

      Delete
  4. එකිනෙකා නුරුස්සන්නේනම් වෙන්වීමමැයි යහපත්. එහෙත් දරුවන් ඇත්නම්, එය එසේ නොවේ. බාප්පා/කුඩම්මා නමැති නිසගයෙන් කලු චරිත අපේ රටවල ඇතත් ඇතැම් රටවල ඔවුහු පියාට/මවට වඩා දරුවන්ට සමීප වෙති. එය එසේනම් වෙන්වීම යහපති.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මාධවී...වෙන්වීම යහපති...ඒත් ඒ තත්තවයට පත්වීම අයහපති...

      Delete
  5. Replies
    1. ඔහ් මොකද...ගිහාන්...

      Delete
  6. හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

    තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
    ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
    එදා මතකය සිතේ අහුරා..
    කාටවත් නොපෙනී අඳුරේ
    ඉකිබිඳිමි රහසේ

    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

    සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ...
    ඈත මීදුම් අතර සඟවා...
    යන්න ප්‍රිය ලඳුනේ
    හද සුසුම් පවනේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

    "ආසයි මං පියාඹන්න" චිත්‍ර පටයෙන්, අමිල පෙරේරා..

    ReplyDelete
    Replies
    1. මනෝෂ්...........................

      අමිලගේ කටහඩ හරිම ගැඹුරුයි......... ප්‍රේම ගීත වලට විජය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබූ කැමැත්ත අායෙම මතුවුණා වගේ... මට මතක විදිහට ජාතික රූපවාහිනියෙන් කරපු රියැලිටි ඒකකිනුත් පළවෙනියා වුණ කෙට්ටු තරුණයෙක් හිටියා ඔහුත් හරිම ගැඹුරු කටහඩක් තිබුණා.......... හරිම අඩු කටහඩක්............... මිනිස්සු තාම විජයට අාදරෙයි මනෝෂ්..................

      Delete
    2. විජයට වැනි ජනතා ආදරයක්, අසීමිත බැඳීමක් ඇතිකරගන්න කලාකරුවෙක්ට හරිම අපහසු දුර්ලබ දෙයක්. අපි පවා ඔහුට කොච්චර ආදරෙයිද.

      ගී පවුරේ ඔය කියන්නෙ තුෂාර ධනංජය ගැන. ශ්‍රී ලන්කන් ලයිෆ් එකෙන් ආවේ. ගම එප්පාවල, මට මතක හැටියට. හරිම අහිංසක ගැමි කොල්ලෙක්. අපි ගොඩක් ආදරෙයි.

      Delete
    3. වෙන්න අැති මනෝෂ්..........................

      කළු (කොල්ලා තරහා වෙයිද දන්නෑ) කෙට්ටු කෙනෙක්......... හරිම ගැඹුරු හඩක් තියෙන්නේ.....

      කොහොමත් මනෝෂ් පිරිමි කටහඩක් නම් ඒක තුළ ඔය කියන බර තියෙන්න උවමනායි.. ඒකයි මිනිස්සු විජයට අාදරය කරන්නේ.. හඩ විතරක් නෙමෙයි නලුවෙක් විදිහට ගත්තාම උස පැහැය මුහුනේ හැගීම්.... මේ හැම දේම විජයට අඩුවක් නැතුව පිහිටලා තිබුණා... ඒකනේ අපේ අය බය වුනේ විජය ජනාධිපති වෙයි කියලා... ඒ මනුස්සයාට ලොකු දැක්මක් තිබුණා... යුද්ධය අස්සේ උතුරට ගිහිං සාකච්ඡා කරන්න හැකි වුණ ඒකම කෙනා ඔහුයි...... දෙමළ ජනතාවත් විජයට අාදරය කරා... ඒ නිසා ප්‍රභාකරන්ටත් කරන්න දෙයක් නැති වුණා.. මේකයි අැත්ත මනෝෂ්..................

      Delete
    4. රටට ආදරේ කරපු, රට ආදරේ කරපු, තමන්ගෙ පාලනයට තර්ජනයක් වෙයි කියල හිතපු හැමෝම අයින්කරපු කාලකණ්නි පාලකයෝ, කාලකන්නි යුගය, විජය වගේ දාහක් දෙනා අපිට අහිමිකලා.

      Delete
    5. ඔව් මනෝෂ්.........................

      මේ දේශපාලනයේ වැරැද්දක් තියෙනවා... හරියට ම කිව්වොත් ඒක වැරැද්දක් නෙමෙයි වැරදි ගොඩක් තියෙනවා........ වැරැද්ද තමයි ඒක පැත්තකින් වටිනා චරිත ගොඩක් මැරෙනවා... අනික් පැත්තෙන් මහා අත්දැකීම් තියෙන නායකයෝ බහුතරයක් විපක්ෂයට වෙලා වාඩිවෙලා අාණ්ඩුවට බැන බැන ඉන්නවා... සමහරු ඉන්නවා හැමදාම විපක්ෂයේ ඉන්න අය... ඒ දැනුම අත්දැකීම් කවදාවත් අපිට භාවිතා කරන්න බැහැ.. රටට කිසිම වැඩක් නැහැ... මේක ලොකු අවුලක් මනෝෂ්........... මේ දැනුම භාවිතා වෙන ක්‍රමයක් නැහැ....................

      Delete
  7. දෙන්නගෙම තියෙන ප්‍රශ්න ගැන කතා කරල තේරුම් අරගෙන දෙපැත්තට වෙන් නොවෙන තැනට වැඩ කරන එක තමා හොඳ නේද ;). නැත්තං ඉතින් අන්තිමේට ඕවගෙන් දුක් විඳින්නෙ අහිංසක දරුවොනෙ (දරුවො ඉන්නවනම්).

    ReplyDelete
    Replies
    1. මනා හරියට ම හරි................. ජීවිත දෙකක් ඒකතු වුනේ මොකක් ම හරි සම්බන්ධයක් නිසානේ...ඒත් පස්සේ ප්‍රශ්ණ අැති වෙනවා නම් අපි ඒවා විසදාගන්න බලන්න ඔ්නේ.... ඒත් ඒ දෙන්නට ඒ දේ කරගෙන යන්නම බැරිනම් නම් ඉතින් ජීවිත වල අනාගතය ගැන හිතලා තීරණ ගන්න වෙනවා තමයි.... ඒත් ඒතනදී ඒන මූලිකම ප්‍රශ්ණය තමයි දරුවන්................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...