Tuesday, December 23, 2014

අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ...........



කමත් කාලෙක සිරිලක නැමැති දීපෙක
දුසිරිත් භංග කරනට අලුත් පාරක
සිරිමත් පවර වැජඹෙන අනගි පාලක
කවුරුත් පතා උන්නා අලුත් නායක ...............

ක පතා අනා කට ම කෑ පෙර දවසේ
දෙපිළට බෙදී අැත දෙදෙනා අද දවසේ
දියයට යනෙන ගිනිසිළුත් පෙනෙන්නේ
ඒ ගහෙන් මේ ගහට හිටි කියා පනින්නේ
ජනතාව කම්මුලේ අත තියා හිදින්නේ
කාලෙකින් නෙවැ අපිත් නාඩගම් බලන්නේ...............

සිත කලකිරී පැන පැන අා ගෙඹි රාලේ
අතදී වැළදගෙන සිපගන්නා තාලේ
මට සිහිකළේ සෙල්ලම් කළ හැටි බාලේ
මෙව්වට ඡන්ද දෙනවද දෙන්නම් වාලේ ..................

උදේ ඉදන් රෑ වෙනතුරු වාද බයිලා අහන්නේ
කොයි කවුරුත් වැල යන අතටයි මැස්ස ගහන්නේ
රට නගන්න උර දෙන්නට කවුරුත් පෙළ ගැහෙන්නේ
අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ...........


ඉසුරිකා චූලරත්න


.

31 comments:

  1. //අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ...// ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් මනා.....................

      මේ පුංචි බිමට තමයි මේ හැම දේම කරන්නේ...............

      Delete
  2. Excellent !!

    // අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ ... //

    අංශුවක් තරම් මොළයක් ඇති උන්ය, බහුතරයක් එහි ඉන්නේ
    ඒ අංශුවක් තරම් මොළයෙනුත් නැහැ නොවැ වැඩ ගන්නේ
    සහසක් හීන දැක දැක, බොළඳව හිතටමයි ඉඩ දෙන්නේ
    අනේ .. අපි අපිමයි නොවෑ මින් හැමදාමත් ‍රැවටෙන්නේ

    හදවතින් ගතයුතු තීරණ මෙන්ම, බුද්ධියට ඉඩ දී ගතයුතු තීරණද ඇත. මේ අවස්ථා දෙක පටලවා ගතහොත්, ඒ තීරණ වැරදි තීරණ වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවා සදරු............................

      මේ තීරණයේදී භාර දෙන්න යන්නේ රටේ අනාගතය කියලා මතක තියාගන්න ඔ්නේ........... ‍අනේ පව්නේ කියලා දෙන්න පුළුවං දෙයක් නෙමෙයි........... තව අවුරුදු 6 කට හෝ 8 කට දෙන්න යන්නේ අපේ රට................

      Delete
  3. මිනිස්සු ගත්ත තීරණෙත් වෙනස් වෙන මළ විකාර මේ දවස්වල නම් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාතා..................................

      අපි මේ රටේ ජනතාව විදිහට මේ නටන නාඩගමට විරුද්ධව ක්‍රියාකරන්න උවමනයි.. දැන් ඡන්දය ඔන්න මෙන්න කියලා ඒකපාරක් පැනපු ඒක ඉවර වෙලා දෙපාරක් පනින තැනට අැවිත්... ඒකපාරක් පැන්න කෙනෙක් අාපහු හිටපු තැනට ම පැන්නාම මාර වටිනාකමක් හැදිලා.... නිකංම නිකං පළාත් අැමතිලා මහඅැමතිලා වෙනවා..................

      අපි කාෙච්චර නොදැක්කා වගේ හිටියත් මාතා මේ තීරණයට තීන්දුව දුන්න මිනිහත් මෙතනදී වැරදියි.... මේක අැත්තට ම ලංකාවේ දේශපාලන සදාචාරය බල්ලාට දාපු අවස්ථාවක්.... දැන් අපි ඒකේ විපාක විදිනවා...

      Delete
  4. යුතුකම ඉටුකලා...

    ReplyDelete
    Replies
    1. තව ටිකක් බලල උඹ ගැන ඉන්ටර්පෝල් එකට කියන්න හිටියේ.

      Delete
    2. විදානේ නැගිටලා..........................

      බැරිම තැන මම ඊයේ ගිහිං විදානයාට ඒලාම් ඒකක් තියලා අාවා....... යන්තම් ඒක වැඩ කරලා විදානයා නැගිටලා...............

      Delete
    3. විදානේ හැව හැව

      Delete
    4. ඔව් නිමෝ..............

      පහුගිය දවස් ටිකේ ම විදානයා කෙහේ හරි රිංගපු තැනක හිරවෙලා අන්ත අසරණ වෙලා හිටියේ... දැන් යන්තම් නිවාඩුවක් හම්බෙලා....... ඒකනේ ඔය අකුරු දෙක් කමෙන්ටු කොටලා දුවන්නේ........

      Delete
  5. පුංචි රටේ වැඩ ලොකුයිනේ....

    ReplyDelete
    Replies
    1. පුංචි ලිදේ වතුර රහයි........................

      Delete
  6. Replies
    1. පට්ට පට පට.......................

      Delete
  7. රට ලොකු කරන ප්ලෑන ඊයේ ආවා.

    ReplyDelete
    Replies
    1. දැන් ජාත්‍යන්තරයට යනවා අපි.......................... හැක්

      Delete
  8. පෙරදිග ලෝකයේ බබලපු මුතු ඇටයක්
    ඕජස් ගලනවා කුණුවී අද වණයක්
    'තමන්ට ගොඩ යන්න' මෙහෙමත් කර දරයක්
    දඟලන දනෝ දැක අරහං විය පොලිටික්

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
      ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
      දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
      දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...

      උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
      මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
      තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
      ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...

      උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
      මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
      අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
      මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

      පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය:- ස්ටැන්ලි පීරිස්
      ගායනය : නන්දා මාලිනී

      Delete
    2. @ කමි.........................

      ලස්සන පද ටිකක් ඒකතු කරලා නොවැ............ අපේ කමි කොහොමත් හොද කවියා කියලා අපි දන්නවා.......... ස්තූතියි

      Delete
    3. @ මනෝෂ්......................

      ස්තූතියි ගැලපෙනම සින්දුවක් ඒකතු කරාට.............. සින්දුවා ලග වගේ ම මනෝෂ් ගාවත් හොද සින්දු ඒකතුවක් තියෙනවා නොවැ............ මේ සින්දුව ගැන ලියපු කතාවකුත් අපිට බලන්න බැරියෑ................

      Delete
  9. අපුරුයි කුරුට්ටනේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු පුතේ.................. මේ වචන අපිට ලොකු හයියක්.........

      Delete
  10. Replies
    1. හිමාල්.................

      තෑන්ක්ස්.................

      Delete
  11. පුංචි රටේ රජ වෙයිද කට පුංචා?

    ReplyDelete
    Replies
    1. කව්ද අනේ ඒ කටපුංචා.................... ඒක කටක්වත් පොඩි නැහැ නොවැ............

      Delete
  12. // කාලෙකින් නෙවැ අපිත් නාඩගම් බලන්නේ...............
    ආයේ මේ වගේ විහිලු කතා බලන්න වෙන්නේ තව අවුරුදු කීයකින්ද මේ ටිකේ විතරයි බලන එකක්. ඡන්දෙන් පස්සේ විහිලු කතා නෙමේ සටන් ජවනිකානේ ...මේව වෙන කොහෙවත් නෑ . මේ පුංචි රටේම විතරමයි :D

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි............... දැන්ම බලාගන්න තරමක් තමයි ඉතින්........................

      Delete
  13. ඔව් ඉතින් දේසපාලුවෝ හිතන් ඉන්නේ ජහමනයා මෝඩයෝ කියලා නෙව......!!!!
    නියම කුරුට්ටක්......!!!! ජය....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමෝ............................

      මෝඩද නැත්ද කියලා 8 රෑට බලාගනිමු නේද???????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...