Wednesday, December 31, 2014

සුභ පතනවා නව වසරේ ගොඩ යන්ට ................



වසරක් ගෙවී වසරක් න උදනැක්කේ
දවසින් දවස ගෙවිලා යන අරුමැක්කේ
වසරක් ලැබූ සතුට ගතත් අර මක්කේ
මරණෙට තවත් ළං වෙනවා වෙයි ටක්කේ

ගෙවුණු වසර ගත වුණ හැටි බලලා හිටං

අපෙන් වුණ වැරදි තේරුං අරං හිටං
ලබන වසර සුභ වෙන්නට කියලං හිටං
නොකරමු වැරදි න වසරේ මුලම හිටං

බ්ලොග් ලියනා, කියවන, බලනා උන්ට

නොලියන, නොකියවන, නමුත් න උන්ට
කමෙන්ට් කළත්, නොකළත් බැහැ ගැලවෙන්ට
සුභ පතනවා නව වසරේ ගොඩ යන්ට............................... 


කුගැගීපවුරේ සහෘදයන් 11 දෙනා



.

44 comments:

  1. Replies
    1. ඉන්දරේ.......................

      සාදරයෙන් පිළිගන්නා අතර ම 2015 සුභම සුභ නව වසරක් වේවා කියලා තුං හිතිංම සුභ පතනවා............

      Delete
  2. මුළු පවුරටම සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ජය වේවා............. අශාන්..............

      2015 ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා............

      Delete
  3. කෙල්ලො නැති එවුන් කෙල්ලන් හොයන් හිටන්
    කොල්ලෝ නැති එවුන් මිනිහෙක් හොයන් බැදන්
    දැනටම බැඳපු එවුන් පවුලත් සමග තුටින්
    ජීවත් වියන් අවුරුද්දම සිනහ වෙමින්........

    උඹල 11 දෙනාටත්,පවුල් වල සියළු ඇත්තන්ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ නැති ඒවුන් කෙල්ලන් හොයං හිටං
      කෙල්ලෝ අැති ඒවුන් ඒවා බැදන් හිටං
      දැනට ම බැදපු උන් පවුලත් සමග තුටිං
      ජීවත් වෙයව් අවුරුද්ද ම සිනහා වෙමිං

      කසුට්ටා...................... කයිය ටිකක් වෙනස් කරා.. අගේද,?????

      කසුට්ටාටත් කසුට්ටීටත් සුභම සුභ කසුටු වසරක් වේවා...............

      Delete
    2. මම ඕක දැම්මේ උඹල 11දෙනා ගැන හිතලා.උඹලගේ සෙට් එකේ ගෑණු පිරිමි දෙගොල්ලොම ඉන්න නිසා.අවුලක් නෑ.මේකත් එළ....
      ලබන අවුරුද්දේ කටුස්සියෙක් සෙට්කර ගත්තු ගමන් මේ "විශ්" එක ඒකිට දෙන්නම්.දැනට මේක මම විතරක් තියා ගන්නම්.ජය වේවා....

      Delete
    3. අප්පට සිරි......................

      තාම කසුට්ටියක් නැතුවා.... ඒහෙනම් ඉතින් මේක තමයි අවුරුද්ද කොල්ලෝ... අාය ඉතින් රවුම් ගානකට යනකල් ඉන්න බෑ නෙව.. ඒහෙනම් කසුට්ටියන් පිරි සුභම සුභ නව වසරක් වේවා...

      Delete
  4. පවුරේ හැමෝටමත් සුභ නව වසරක් වේවා !!
    බ්‍රෑන්ඩ් එක හිටන් ගල් ..
    ජයවේවා හිටන් ....කුණු දේශපාලනයෙන් තොර නව වසරක් වේවා හිටන්.

    ReplyDelete
    Replies
    1. සින්දුවෝ..................

      සින්දුවලින් පිරුණූ වසරක්ෙව්වා...... ජය වේවා...............

      Delete
  5. සුභ නව වසරක් වේවා පවුරේ හැමෝටමත්...

    ReplyDelete
    Replies
    1. තුශානි..........

      සුභ නව වසරක් වේවා... බ්ලොගය දිනේවා........... කවි කතා ලියැවේවා.....

      Delete
  6. ඔබ 11 ඇතුළු පවුලේ සැමටත් ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. කමියා.................

      ස්තුතියි........... ස්තූතියි...............

      කමියාටත් පවුලේ සැමටත්, බ්ලොගයටත් සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  7. මේ ගී පවුරේ කුරු‍ටු ගාන සහෘද සියළු දෙනාටත් ගී රස විඳින සියළු දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා ...!

    ReplyDelete
    Replies
    1. මෙන් කවියෙනුත්, ( වෙනසක් එපෑයෑ ... )

      පතනා නෙක පැතුමන් ඉ‍ටු වී - සිත් තු‍ටු වේවා
      එසිත් තුල රස සිතුවිලි මතු වී - රස කවි බිහිවේවා
      රස විඳිනා උන් වැඩි වී - තව තව පැතිරේවා
      ලැබූ නව වසර සුභම සුභ වී - කිරි ඉතිරේවා

      Delete
    2. ස්තූතියි සදරු..............

      හිටපු ගමන් අපිව අමතක කරලා බ්ලොග් පැත්තේ ඒන්නැතුව ඉන්නැති, නිතර ම ලිපි ලියැවෙන සහ බ්ලොගය අප්ඩේට් වෙන............ සුභම සුභ කිරිපැණි උතුරණ නව වසරක් වේවා............

      Delete
    3. බ්ලොග් එකට නාපු කාරණාව " මධුමාධවී " බ්ලොග් එකේ සඳහන් උනා නේ, ඔබලාත් ඒක දැකලා ඉල්ලීමකුත් කරලා තිබුනා... හිතා මතා අමතක කරලා නැහැ අප්පා .. මේ වගේ සොඳුරු ලෝකයක් එහෙමත් අමතක කරන්න පුළුවන්ද ? හැකි සෑම අවස්ථාවකම ඔබලාට සහයෝගය දෙනවා, දැනෙන්න , විඳින්න දෙයක් දීලා බ්ලොග් ලියන බහුතරයක් දෙනා කරන්නෙත් සමාජ මෙහෙවරක් ...

      Delete
    4. ඔව් සදරු................

      දැක්කා ගැටලුව නම්... අපිටත් අමාරු කාල තිබුණා... ඉදිරියටත් තියේවි.. නමුත් සදරුවෝ බොහොමයක් දෙනාට අපිට තියෙන වර්ගයේ සහයක් නැහැ කියලා අපි දන්නවා.. මොකද අපි 11 දෙනෙක් ම ඉන්නවානේ.. ඒත් අපිට අමාරු කාල තියෙනවා.... ඉතින් සදරුලා ගැන අපිට හොදට ම තේරෙනවා...

      ඒත් අව්‍ශ්‍ය වෙන්නේ ඔය අදහස විතරයි සදරු... .බ්ලොග් ගැන ලොකු බැදීමක් තියෙන අපිට ඒක අමතක කරන්න බැහැ තමයි..................

      Delete
  8. එසේම වේවා... එසේම වේවා....!!!

    මෙත් මල් පිබිදේවා
    සිත් තුල
    මෙත් මල් පිබිදේවා...!!!!

    ReplyDelete
    Replies
    1. අඩේ මාතේ...මෙතන මෙත්මල් ( මෙත්මල් සුභසිංහ ) විතරක් නෙවෙයි අපිත් ඉන්නවෝ...හීඊඊඊ...අපි තරහයි හොඳේ...

      -අසංක-

      Delete
  9. කුරුට්ටන් ටත් සිරි සුභ නව වසරක් වේවා
    මේ ලීව වගේම ඉදිරියටත් පොස්ට් කන්දක් ලියන්නට ශක්තිය ධෛර්ය ලැබේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...............

      මේ වචන ලොකු හයියක් අපිට.... හැමදාම හැම බ්ලොග් සහෘදයාම අපිත් ඒක්ක ඉන්නවාටයි අපිත් කැමති.... ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.........

      Delete
  10. කුරුටු ගාන සැමට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මාධවීටත්....................

      Delete
  11. කුරුටු ගෑ ගී පවුරේ හැමෝටම ලැබුවාවූ නව වසර ජයෙන් ජයම ලැබෙන වාසනාවන්ත එකක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා.....................

      පින්තාරුව තව තවත් දියුණු වේවා... ජයෙන් ජයම වේවා

      Delete
  12. කුරුටු පවුලේ සියළුදෙනාටම සුබම සුබ නව වසරක් වේවා.
    බලාපොරොත්තුවෙන දේ හිතනවාටත් වඩා හොඳින් ඉටුවී හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. ම.ම.................

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා......

      Delete
  13. සුබ අලුත් අවුරුද්දක් පවුරේ හැමෝටම.... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුසී....................

      සුභම සුභ නව වසරක් වේවා...

      Delete
  14. කුරුටු ගෑ ගිවුරේ කුරුටුගාන සියල්ලන්ටම තව තවත් අලුත් නිර්මාණ එළිදක්වන්නට ද වාසනාව ශක්තිය ලැබෙන සුබ නව වසරක්වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහත්මයා.........

      කුරුටු ගෑ ගී පවුරේ හැමෝම වෙනුවෙන් අපිත් ඔබතුමාට සුභ නව වසරක් වේවා කියලා සුභ පතනවා...........

      Delete
  15. කුගැගීපවුරේ සහෘදයන් 11 දෙනාටත් සුභ නව වසරක් වේවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒලද බ්‍රා............................

      සුභම සුභ නව වසරක් වේවා............

      Delete
  16. කුරුට්ටෝ හැමෝටම හිනා පිරුණු හිනා බෝවෙන සුබම සුබ නව වසරක් වේවා .. තව තව ලස්සන කවිසිතුවිලි පහළවේවා ..හි හි .. මෙන්න නව වසරේ 'ගොඩ යන්න' සුබ පතල ..එකට නම් ගොඩක් ස්තූතියි..ඉක්මනට හංසයෙක් හොයාගන්න ඕන ... :D :D

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි හංසි//

      සුභම සුභ නව වසරක් වේවා....... ඒක නෙමෙයි ඒ කියන්නේ තාම හංසයෙක් නැතුවා...... හොයාගන්න ඒපැයි හිටං.... ඒ කියන්නේ හංසයාට නේද මනාපය.......... හා............ හා...............

      Delete
    2. දැන්ම මනාපය කාටද කියල කියන්නේ නෑ ... :D

      Delete
  17. උම්ම්මා....!!!!!

    ජ ය වේ වා !!! !!!

    ReplyDelete
    Replies
    1. අා..................... විදානේ..........

      සුභ අලුත් අවුරුද්දක් ම වේවා. බොක්කෙන් ම සුභ පැතුම් මචං.......... මොනවා වුණත් බ්ලොග් පැත්තට ඒන්න තරම් වෙලාවක් හොයාගත්ත ඒක ලොකු දෙයක් මචං.... වෙලාව අඩු කාලයක් තියෙනවා තමයි... ඒත් මේ විදිහට හරි ටච් ඒකේ ඉන්න ඒක ලොකු දෙයක් මචං....... (සීරියස් කිව්වා ම අවුල් වගේද????)

      Delete
  18. කුරුට්ටො ටිකටත් සුබ නව වසරක් වේවා
    ජය

    ReplyDelete
    Replies
    1. සහෝදරයා................

      සුබ වසරේ අපිත් ඒක්ක සතුට බෙදා ගන්න අාවාට ස්තූතියි..... සහෝදරයාටත් සුබම සුබ නව වසරක් වේවා.........

      Delete
  19. කුරුටු ගෑ ගී පවුරේ සහෝදර සහෝදරියන් සියල්ලටමත් සුබම සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්...........

      මනෝෂ්ටත් සුබම සුබ නව වසරක් වේවා... පහුගිය ටිකේ කාර්යබහුල වුනාද????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...