Sunday, December 28, 2014

රෑ ඉරපාන ............................. මොන කුණුහරපයක් ද ඒ?????


මොන හරුප නමක් ද?
රෑට මොන ඉරක් ද?
අහපු පළවෙනි දවසේ මං කිව්වේ ඒක.
යාලුවෙක් අහමු කියපු පළවෙනි දවසේ
“මං කැමති නැහැ මචං කාලේ කන්න“

ඒත් දවසක් ගෙදර තිබුණ රේඩියෝව
අමුතු ම අමුතු කට හඩකින් මොනවදෝ මුමුණනවා
කිසිම කලබලයක් නැති කතාවක්
හරි ලස්සනට නවත්ත නවත්ත කියනවා
හිත ඇද ගන්න කටහඩකින් ඇහෙනවා
කවුද මේ විශ්වකර්මයා........................

දැන් කොහොමද නම හොයාගන්නේ
රිවයින් කරලා බලන්නද?
කාගෙන් කියලා අහන්නද?
නම හොයා ගන්නැතුව අඩිය උස්සන්න පුළුවන්ද?
බෑ..... ඒක තමයි ඉහත ප්‍රශ්ණ තුනට ම උත්තරය..

යන්න තිබුණ හදිස්සිය මුලදී හරි ලොකු වුණාට
ඒ සුන්දර කටකාරයා ඒ හදිස්සිය තමන්ගේ කරගත්තා
දැන් කාලය යනවා තේරෙන්නේ නැහැ
අනේ............ දැන් ඉවර වෙයිද?
ඉවර වෙයි වත්ද?????

වික්ටර් රත්නායක කියන මහා පුරුෂයා ගැන
පොඩි කොල්ලෙක් විදිහට
තමන් දැකපු හීන........
කාමරය පුරා රූප අලවන් හිටපු හැටි......
සින්දු හොයන්න රට පුරා ඇවිදපු හැටි........
හරි සුන්දරයි ඒ කතා....
ඒත් ඒ කතා වලට වඩා හරි අපූරුයි ඒ..........කියැවිල්ල

ඉවසන් හිටියා පැය දෙකක්....
ඉවසුවේ කාලය නොයන එක නෙමෙයි
කාලය යන එකයි ඉවසුවේ......
අන්තිමට යන්තම් කියාගෙන ගියා ඒ නම
බන්දුල නානායක්කාරවසම්
හත්තිලව්වයි............
ඒ අර එදා චාමරයා කිව්ව රෑ ඉරපාන නේද?
ඔව් ඇත්තට ම
රෑත් ඉර පායලා...........


තුෂාර විතාරණ


.
පසු සටහන - හැකි වෙලාවක් ඇතොත් මේ පැත්තට ගිහින් බලන්න.
https://www.youtube.com/watch?v=q1HRi8UIewo
දකුණු පැත්තෙන් පෙළගැස්වෙන ලැයිස්තුව තවත් තැන් වලට පාර පෙන්නාවි

.

31 comments:

  1. මං අමාරුවෙ වැටුනා. කවියක් කියලා හිතාගෙන තාලෙට කියවන්න ගිහිං.

    ReplyDelete
    Replies
    1. පොඩි නිසදැසක් මාධවී...........................

      Delete
  2. රෑ ඉරපාන ගැන මා ලියූ මේ සටහනත්, එයට එක්වූ රෑ ඉරපාන නිර්මාපකයාගේ අදහසුත් සමහරවිට ඔබ දකින්නටත් ඇති.

    ඉරපාන ලබන මස සිට නෙත් එෆ් එම් හරහා යලි පායන බවටයි දැනට දන්නෙ.

    අනෙක, රෑ ඉරපාන පිළිවෙලට අසන්නට මේ සබැඳිය ගන්න.

    ReplyDelete
    Replies
    1. ලින්ක් සඳහා අකුරු වලට වෙනත් වර්ණයක් දෙන්න, නැතිනම් ලින්ක් පෙනෙන්නේ නැත!

      http://upashantha.blogspot.com/2014/09/blog-post_45.html

      http://fmderana.lk/#!/69/irapana

      Delete
    2. ඉන්දික ............................

      බොහොම ස්තූතියි මග පෙන්වීමට.... අැත්තට ම රෑ ඉර පාන බොහොමයක් අසා තියෙනවා....... ඔබ පෙන්වූ පාර තවත් වැදගත්.... සියල්ල පිළිවෙලට අැසිය හැකියි......... ඔබේ සටහනත් ඉක්මනින් ම කියනවා....................

      Delete
  3. රෑ ඉරපාන මාව ආයෙත් සිංහල ගීත අහන්න කැන්දන් ගියා.. ළොකු කමකටෙ නෙමෙයි නැත්නම් මම අහන්නෙම ගෝල්ඩ් එෆ් එම්...

    ReplyDelete
    Replies
    1. මාතා................................. අැත්ත කතාව. මං ඔය විචාරයන් අහ අහ ඉන්න ඒච්චර කැමැත්තක් තිබුනේ නැහැ.. ඒත් බන්දුල ගේ කතාව වෙනම ඒකක්.. ඔහු ජීවිතකාලෙම කරලා තියෙන්නේ (බැංකු රස්සාවට අමතරව) ගීත පස්සේ දුවපු ඒක.. ඉතින් ඒ් මනුස්සයාට හැම ගීතයක් ගැනම අත්දැකීමක් තියෙනවා.. ඔහු කියන්නේ ඒක විතරයි... ඒක විචාරයක් නෙමෙයි.... අත්දැකීම් හරහා ගීතයට ප්‍රවේශවීමක් විතරයි... හරිම අගෙයි....... මං වැඩිපුරම අාස ඒ්කයි......

      මනෝෂ්ගේ ගීත විචාර (විචාර නෙමෙයි සංවේදනා කියලා මනෝෂ් කියන්නේ) වලටත් මං අාස ඒකයි... ඒකත් ගීතය විචාරය කරනවා නෙමෙයි... මේ ක්‍රමයට ම අදාල දෙයක්....

      මනෝෂුත් අාවාම තවත් කතාව පැහැදිලි කරාවි...............

      Delete
    2. කුරුටු,

      උඹෙ ලිපිය ගැන, මම කලින් නොදැක්ක මාතගෙ ඒ අපූරු කවිය ගැන බන්දුලට කිව්ව. මේ ලිපිය දැකපු ඔහු, වැඩ අස්සෙ මට කෙටි පිළිතුරක් එවා තියේනව. ඔහුගෙ අවසරය නැතුවම, මම ඒක මෙතන බෙදා ගන්නව.

      //ඇත්තටම පුංචි කාලේ ඉඳල යමක් කරද්දී මම හිතන දෙයක් තමා මේක මම හිතුවට අනික් අයට කොහොම හිතේද කියන එක ...මේ වගේ සංකීර්ණ ලෝකෙක අප හිතන විදිය 100% හරියන්නෙ නැති උනාට මේ වගේ ප්‍රතිචාර දෙන අරුම පුදුම රසිකත්වයකින් හා සැබෑ ගී පිපාසාවකින් (ඒ වචනේ හරිම නෑ ; වෙන එකක් එන්නේ නෑ ) පෙලෙන සුලවතුන් සිටිනවායැයි ඇසීමත් මංගල කාරණයක් .

      බලන්න , මා බැංකුවක වැඩ කරමින් මෙවන් ගී විවරණයක් කිරීම පිලිබඳ ඇගයීමම හිතට දෙන්නේ මිහිරක්
      සැබවින්ම කියනවානම් (මා නිතර කියන දෙයක් ) හැම කලා අංගයකටම වඩා රෑ ඉරපාන මා කලේ ආත්මයෙන්මයි
      "මගේ දරුවො දෙන්න හදන්නවත් මා මෙච්චර කැප උනේ නෑ "
      ඇතැම් විට සමහර කොටසකට අඩුවක් පසුව දැක්කම හෝ ඊට සම්බන්ධ අලුත් දෙයක් අහු උනාම මා යලි කොළඹ එනවා දෙවිනුවර ඉඳලා ; නැතිනම් ගාල්ලේ ඉඳලා ආපහු record කරනවා , titus thitawatta , joe ,wijeratne ranatunga වැනි අය නැතිවෙනකොට prog එක කරලා , මම ගමේ ඇවිදින් , එත් මා කැමති උනේ නෑ ඒ සති අන්තය ඔවුන් ගේ වියෝගය ගැන නිහඬව ඉන්න ; මට ඕනෙනම් ඊළඟ වැඩසටහනේ කියන්න තිබ්බා මම prog එක record කරලා තිබ්බේ , දැන් අපි කතා කරමු කියලා

      ඒත් ඉන්දික

      මට ඕනේ උනා ඒ සංවේදනාව අමුවෙන් දෙන්න
      විට්නි හුස්ටන් මැරුණු වෙලාවෙත් මා ඒ කැපවීම කළා
      දැන් බලපුවාම ඒ හැම ක්ෂුද්‍ර දෙයක් ම විසාල ප්‍රයෝජනවත් සේවයක් කර ඇති බැව් පෙනෙනවා
      ලෝකයේ කොහේ හිටියත් අපි අපි හමුවෙනවා
      එක වාගේ හිතන උන් මුණ ගැහෙනවා
      එක වාගේ නොහිතුවත් මේ වගෙත් හිතන්න පුළුවන් නේද කියල adjust (සමාවෙන්න පර බස යෙදුවාට , වෙලාවකට ඉන් ධ්වනිත වන දේ දෙන්න බෑ සිය බසින් ) වෙන උන් දැක්කම තවත් ඒ සෑහීමකට පත්වීම සපලවත් වෙනවා

      පෙබරවාරියේ අලුත් පැතුම් අරන් එන්නම්
      සැප්තැම්බරයේ සිට කරන්නයි ඇරයුම ලැබුනේ
      තාම අලස සුවය හොයනවා හිත
      ඊට හේතුව රාජකාරී වැඩ වලට අමතරව යාළුවන් කියන මේ අවලාදය
      " උඹට අනුන්ගෙ කුඥ්න (type වෙන්නේ නෑ හරි කූඥය ; මේකත් වැරදියි ) පන්නන්න ඕනේ තරම් වෙලාව තියෙනවා
      තමුන්ගේ වැඩකට , එක්කෝ කීයක් හරි එන වැඩකට තමා වෙලාව නැත්තේ , උඹව හදන්න අපට බෑ
      උඹ අපතයො කොච්චරක් වෙනුවෙන් තෙල් පුච්චල තියෙනවද ...."එනු කොහි සිට "(මගේ චරිතාපදානය ) ප්‍රේම් fast ad එකේ proof බලන්නඑවල දැන් කොච්චර කලක් වෙනවද ? පරිවර්තන පොත ලියල කොච්චර කල්ද ? අලුත් cd s , සිනාතොටක් show එක ..."

      මට කියන්න තියෙන්නේ මෙච්චරයි
      මේ තරම් වටිනා යාළුවො ඉන්න එක ගැන හිතලා මට නොලැබුණා කියලා යාළුවො හිතන සියල්ල ලබපු මිනිහෙක් වගේ විඳිනවා මම
      විඳවන්නේ නෑ ...දැන් රෑ ඉරපානේ තව set එකක් ... ඉතින් ජීවිතේ සුන්දරද කෙතරම් .....?

      පෙබරවාරි කියන්නේ නවම් මාසේ
      ඒ කියන්නේ නැවුම් මාසේ
      අපි නවම් මාසේ නැවුම් විධියකට හමු වෙමු .......!//

      Bandula Nanayakkarawasam

      Delete
  4. රෑ ඉරපාන - Sun Light at Night
    ***********************************

    කිරිලියන් සිනා සෙන
    කුරුළු පඬියන් පිරුණ
    රේඩියෝ මළදාන
    වදයක්ය දෙසවනට
    එපාවී බෝ කල්ය....

    කෙතරම් සුන්දරද
    පෙර සිටී කිරිලියන්
    රස බෙදන කුරුල්ලන්
    නොමැත අද සියල්ලන්
    පියඹලා දෙව් ලොවට
    සිරවෙලා කැදළිවල ....

    සතිය අග හිරුගෙ දින
    සඳු නැගී හෝරාවකින්
    ගත මෙන්ම සිත් නිවා
    නැගෙති රෑ ඉරපාන
    පුදුමයකි, අරුමයකි
    නැහැ එහෙත් සත්‍යයකි

    නෙතු කුමට දකින්නට
    රූ රටා දෙසවනින්
    පෙලගසයි
    නිවී සැනසූ හඬින්
    රස සපිරි මතකයන්
    ගලා යයි හෝරා දෙකක්
    මොහොතකින්
    සෑහේවී මේ පිනම
    පතයි නම් ඔබ නිවන....

    -o0o-

    ReplyDelete
    Replies
    1. මාතා............................

      මේ කවියෙනම් සියල්ලම අන්තර්ගතයි............. මං ලියුවාටත් වඩා අගේට ලියලා තියෙන්නේ........ පස්ට යෑ.........................

      //රූ රටා දෙසවනින්
      පෙලගසයි
      නිවී සැනසූ හඬින්//

      මාර නිවී හැනහිල්ලකින් කියන කතාවක්.... අපිට කොච්චර හදිස්සියක් තිබුණත් මේ මනුස්සයාට ගානක්වත් නැති හැටි.. හරිම නිස්කලංක වැඩසටහනක්.... ඒ වචන වල අපූරුව.... සමහර වචන අහන්නෙත් ඒතකොට..... ඒවා හරිම ලෙංගතුයි...............

      Delete
  5. මේවා මගේ නම් ලේ නහර දිගේ දුවන ගීත. ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. මේ ගීත ලියපු, සංගීතය සපයපු, ගායනය කරපු, හැබෑ මිනිස්සු, ඒ පිනෙන්ම, සසර ගමන කෙටි කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. අනිවා විචාරකයෝ...................

      ඒ ගීත අපේ හිත් කොයිතරම් නම් නිවනවාද??? අපිට කොයි තරම්නම් හයියක් වෙනවාද??? අපිට කොයිතරම්නම් පාර පෙන්නවාද??? ඒම මදෑ

      Delete
  6. ඒත් දවසක් ගෙදර තිබුණ රේඩියෝව
    අමුතු ම අමුතු කට හඩකින් මොනවදෝ මුමුණනවා
    කිසිම කලබලයක් නැති කතාවක්
    හරි ලස්සනට නවත්ත නවත්ත කියනවා
    හිත ඇද ගන්න කටහඩකින් ඇහෙනවා
    කවුද මේ විශ්වකර්මයා........................
    මටත් එහෙම හිතුනා මුලින්ම අහම්බෙන් වගේ ඕක අහනකොට

    ReplyDelete
    Replies
    1. ඔව් අයේෂා.........................

      වෙනස් ම වෙනස් කතාවක්.. ගැඹුරුමත් නැති සියුම්මත් නැති අමුතු කටහඩක්..... බැංකුකාරයෙක් රසාස්වාදය කරනවා........... මේකත් මාර දෙයක්..... ජොබ් ඒක බැංකුව.. ජීවිතය ගීතත් ඒක්ක....... මාරයි..............

      Delete
  7. මම පත්තර වල දැන්වීම් දැක්කට රෑ ඉරපාන ඉස්සල්ලම ඇහුවෙ ඉන්දිකගෙ ලිපිය බැළුවට පස්සේ.ඒක ඇත්තටම උඩුගන් බලා යාමක්.ඒත් දැන් වෙලා තියෙන්නේ රේඩියෝව ඇහෙන්නෙ වාහනේ යන වෙලාවට විතරක් නිසා ඔය වෙලාවට ඕක අහන්න වෙන්නේ නැති එකයි.
    ඔය වගේම නොවුනත් සිරසෙනුත් කොළඹට විතරක් රේඩියෝ චැනල් එකක් කලා.මට නම මතක නෑ.ඒකත් දැන් නවත්තල.රෑ ඉරපානටත් එහෙම නොවේවා කියල ඉත් සිතින් ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඔව් කසුට්ටා....................

      රෑ ඉරපාන වගේ වැඩසටහන් හැමදාම අපි අතර තියෙන්න උවමනායි.......... ඒ තරම් ඒ අත්දැකීම් සහ දැනුම වටිනවා..... ඒ හින්දා ම ඒ ගීත වලටත් හිතන්නැති තරමේ අගයක් ඒකතු වෙනවා........... නියම වැඩසටහනක්.... අපිත් ඔබේ පැතුමම පතනවා..........

      Delete
  8. ඇත්තටම හරිම ලස්සන සිත් ගන්නා වැඩසටහනක්. නිවි සැනසිල්ලේ අහන්න ඕනේ. ගොඩක් ස්තූතියි මතක් කරාට

    ReplyDelete
    Replies
    1. ඔව් පුංචි.................... හිත නිවෙන අහගෙන ඉන්න අමාරු නැති වැඩසටහනක්.............

      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා පුංචි..........

      Delete
  9. Replies
    1. මෙන්ඩා....................

      ඔබ වගේ සංගීතකාරයෙකුට ඉතාමත් වටිනා වැඩසටහනක් වේවි කියලා විශ්වාසයි.... හරිම වැදගත් ... විවිධ වර්ගයේ ගීත ගැන කතා කරනවා.... හැබැයි විචාරයක් ඒහෙම නෙමෙයි.. ඒපා වෙන්නැතුව අහන්නට හැකි සුන්දර වැඩසටහනක්..............

      Delete
  10. සටහන කියවන්න ගත්තෙ උදේම.. කොමෙන්ට් එකක් දාන්න උනේ දැන්. මේ වෙනකම් කලේ ඉන්දිකගේ සටහන කියවපු එකයි, මේකෙ කොමෙන්ට් කියවපු එකයි ඉඩ ලැබෙන ලැබෙන විදියට රෑ ඉරපාන අහපු එකයි.. මේ වැඩසටහන කලින් අහන්න නොලැබිච්ච එකත් මට රේඩියෝ එපා කරවන්න හේතු වෙන්නැති.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියා.......................

      අැත්තට ම අහන්න අහන්න අාස හිතෙන වැඩසටහනක්... ඒක අත්දැකීම් වල තරම තමා... ඒ තරම් බන්දුල කියන්නේ සිංහල ගීතයේ ඒක අාකාරයක කණුවක්...... අැත්තට ම කමියා මේ වගේ වැඩසටහන් අපිව සිංහල ගීත ගැන ටිකක් හොයන්න සහ රසවිදින්න උනන්දු කරවනවා. ඒ විතරක් නෙමෙයි ඔබ කියනවා වගේ දැන් කාලේ යන විකාර ගීත සහ ඒවා ඉදිරිපත් කරන විකාර ගෑණු සහ පිරිමි විසින් අපිට සින්දු අහන ඒක ඒපා කරවලා ඉවරයි............... ඒත් මේ වගේ වැඩසටහන් දැක්කා ම ඒක ටිකක් වෙනස් කරන්න ඔ්නය කියලා හිතෙනවා...

      ස්තූතියි කමියා...............

      Delete
  11. ස්තූතියි .....ගොඩක්ම ස්තූතියි .. කලින් රෑ ඉරපාන ගැන තැනින් තැන දැකල තිබ්බත් එච්චර ගණන් ගත්තේ නෑ ..මේ නිසදැසින් පස්සෙ මට අහන්නම හිතුන ඒකයි දෙපාරක්ම ස්තූතියි කිව්වෙ...හිත කාලයක් තිස්සේ මේවගේ වැඩසටහනක් බලාගෙන හිටිය වගේ, ඇහුන ගමන්ම හිත ගියා ... දැන්නම් රෑ ඉරපාන දිගටම අහන්න හිතෙනව ..ආයෙත් ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. අැත්ත හංසි......................

      ඒ තරම්ම වටිනා වැඩසටහනක්............. හැමදේට ම වඩා සතුටුයි හංසි වගේ කෙනෙක්ට මේ ලියපු වචන ටිකෙන් යමක් ගන්න පුළුවන් වුණ ඒකට..... අැත්තට ම සතුටුයි හංසි ඒ ගැන...... ස්තූතියි ඒක අපිට කිවුවාට.................. ලොකු දෙයක් ඒක

      Delete
  12. රෑ ඉර පාන - ගී මිණි පාන
    ඔබේ කෙත් යාන
    සැබෑ වෙයි හීන
    රෑ ඉර පාන ........

    රෑ ඉර පාන ගැන කියන්න ඕනෑ හැම දෙයක්ම අපේ "සැහැල්ලුවෙ" කියලා තියනවා මචෝ .එදා අපේ මාතලන් දාපු කොමෙන්ට් එකේ අපි හැමෝම ඉන්නවා . ඒක නිසා එක මම මෙතැනට ගෙනැත් දානවා ....(තරහා අවසර )
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    "Maathalan - Priyantha HewageSeptember 23, 2014 at 9:05 PM
    මචං ඉන්දික මම් ගහලා ඉන්නේ.. මම හිතන්නේ ගහන වෙලාවේ කිය සීන් තමයි නිවැරදිම.. මාතලන් කියන්නේ චාටර් පොරක්.. ඒත් ඒ චාටර් පොර රෑ ඉර පානට මාර විදියට ලව් කරා.. ඒක හැම තැනම කියන්න ඕනත් නෑ. බන්දුල නානාට මම බොක්කෙන්ම ලව්.. බන්දුල අපිව මිනිස්සු ටච් නොකරපු තැනකට ගෙනිච්චා.. මම සන්නාටත් මාඅ ආදරෙයි.. ඒත් සන්නට බන්දුල එක්ක හැරෙන්නත් බෑ.. ඒ ගැන ඕන තැනක විවාදෙකට මාතලන් රෙඩි.. බන්දුල උඹ ආයෙ වරෙන්.. අපි නිගඬයි.. ඒත් අපි උඹට ආදරෙයි.. උඹ අපිට ගොඩක් දේ කියලා දුන්නා.. උඹ අපිව ඇන්දුවා.. ඔව් උඹ අපිව සින්දු කියන්න මොනවද කියලා, කියලා දුන්නා.. උඹ ඔච්චර කතා කරන්න ඕන නෑ.. මම උඹට ඇත්තම කියන්නම්.. මම ඔක්කෝම ඇහුවා.... ඒත් මගේ බොක්කටම වැදුන තැනකින් මම නවතින්නම්..

    මගේ විශ්ලේෂනය ඒ තරම් සහාසිකද මන්දා.. කාට හරි මතක නම් කියපන්.. එච්චරයි.. එපමණයි.."

    ReplyDelete
    Replies
    1. සින්දුවා...........................

      ලොකු අඩුවක් මැකුවා වගේ. පසුබිම් ගීතය දැම්මාට ස්තූතියි....................

      මාතා කියලා තියෙන කතාව දැම්මාට ස්තූතියි... බොක්කෙන් ම කියලා තියෙනවා........... මාතා කියලා තියෙන ඒක අපිටත් බලාගන්න මෙතන දිගහැරියාට ස්තූතියි මචං..................

      Delete
  13. මම ඉන්නෙ ලබන මාසෙ වෙනකං ආයෙ අහන්ට බලාගෙන
    ඕ යේස්
    ඒ තරං පට්ටයි

    ReplyDelete
    Replies
    1. අනිවා මහේෂ්.......................


      උඩ පැන පැන අහමු..

      Delete
  14. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15114-2014-12-30-14-05-20

    ReplyDelete
    Replies
    1. අජා........................ (අලුත් ම නාමය)

      මේ පැත්තට බොක්කෙන් ම පිළිගන්නා අතර කමෙන්ටුවක් ද කොටා ගියාට ස්තූතියි.....

      මචං ලින්ක් ඒකට යද්දි පොඩි අවුලක් පෙන්නනවා.. අැයි දන්නෑ????

      Delete
  15. මේ බ්ලොගයට මිට කලින් කීප වතාවක් ආව. අපේ නෙලුම් යාය සහෘද සමුහය කියල එකක් තියෙනෙව. ඒකට තමා මේවා දාන්නේ. ලින්ක් එක ලංකාවේ වැඩ කරන්නේ නැහැ කියලා තව කවුදත් කිව්වා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...