Monday, December 15, 2014

සෙල්ලං............


















මුත්තා මැද
ගෝලයෝ වට
පටංගත්තා සෙල්ලං
කං කං මූරු
සිං සිං නූරු  
මං කියන දෙයක් අහනව ද?
ඔව් කිව්වොත් ගොඩ
නෑ කිව්වොත් මඩ
ඔව් කිව්වොත් 
දුවලා දුවලා ලිහිල්ල
කියා පල්ලා
මං කියනදේග
පැය විසි හතරෙන්
යහපාලනයක්ග
දින සීයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය
සියලූ දෙනාට
නිවාස
රැකියා
වතූර 
නෑ කිවිවොත්
මාරු වෙනව සෙල්ලම
කොපර කොපර  පිපිංඤා
පස්ස බැලූවොත් දෙසංඤා
දෙසනව දෙසන එක
එලව එලවා
හත්මුතූ පරංපරාවටම......



ඩබ්.ටී වීරසිංහ

29 comments:

  1. //දෙසනව දෙසන එක - එලව එලවා - හත්මුතූ පරංපරාවටම......//
    සුපර් එකෙත් හොඳ එක.

    ReplyDelete
    Replies
    1. ඔය දේ නේන්නම් මාධවී මේ වෙන්නේ................

      Delete
  2. ඊටත් අන්තයි අප්පා මේ ගෙවෙනයුගය.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මනෝෂ්.............. අපිත් මේ සෙල්ලමේ කොටස්කාරයෝ වෙලා........

      Delete
  3. හැමදාම, හැමෝම කරණ සෙල්ලම...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා........................

      මේ සෙල්ලම අපි හැමදාම බලාගෙන ඉන්නවා... දිනුවොත් ගොඩ නැත්තම් මඩ.............

      Delete
  4. මෙවැනි ජන ක්‍රීඩා ලෝකය පුරාම දකින්නට ලැබෙනවා. මේ කං කං බූරු (අපි පුංචි කාලේදී කිව්වේ බූරු කියලා) සෙල්ලමත් ලෝකයේ විවිධ ජාතීන් අතරේ දකින්නට ලැබෙනවා. ඒ ක්‍රීඩාවෙන් කියා දෙන්නෙත් 'මොලය පාවිච්චි කරලා වැඩ කරපල්ලා' කියන පාඩමයි.

    අපි බලමුකෝ ජනවාරි 8 වෙනිදට මේ රටේ මිනිස්සු කං කං බූරු සෙල්ලම කොහොම කරයිද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක.....................

      මේක මිනිස්සුන්ගේ මොළය විමසා බැලීමක් ම තමයි.... තවත් විදිහකට කිව්වොත් රටේ ඉන්නේ මොන වගේ මිනිස්සු ජාතියක් ද කියලා බලන්නත් ඒක මේක හොදයි.... මොකද කතාවක් තියෙනවානේ රටේ හැටියට තමයි පාලකයා කියලා...............

      Delete
  5. ලොකුමාමේ............

    නියම කතාවක්......... හරි අගේට ගලපලා.............. නියම නිර්මාණයක්.......... දිගට ම ලියමු.....

    තුෂාර..................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි............ ස්තූතියි

      Delete
  6. මේ පාරවත් මේ සෙල්ලමෙන් දින්නෙ නැත්තම් අබ සරණයි තමා......අමුතුම විදිහකට හිතන්න දෙයක් ඉතුරු කරල ලියල තියනව.ජය වේවා......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුට්ටා...................

      අගය කිරීම වටිනවා........ මේ සෙල්ලම හැමදාම අපි දකිනවා... මේ පාරත් ඒකම වෙයිද කියලයි සැක.... කොහොම වුණත් කසුට්ටා අපි සමස්ථයක් විදිහට මේ දේ දකින්න උවමනයි... මේක වෙනස් කරන්නේ කොහොමද කියලා හිතන්න අවශ්‍යයි..... ඒ කියන්නේ පුද්ගලයින් නෙමෙයි....

      Delete
  7. මට තවම උන බැහැලා නැති හින්ද මුකුත් කියාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අැත්තට ම ඔබට ඉක්මන් සුව පතනවා.................. අායෙම කලින් වගේ ලියන්නට කතා කරන්නට ඉක්මනට ඒන්න කියලා ඉල්ලා සිටිනවා....

      Delete
  8. Replies
    1. ස්තූතියි මෙන්ඩා...........................

      Delete
  9. මං නැතෝ බුදු හම්මෝ

    හපොයි
    මට නං බැරෝ........................
    හිහි.........

    අපුරුයි ඈ....................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...................... ගොඩ යනවාද????? නැද්ද???

      Delete
  10. වික්ටර් මහත්තයගේ සිංදුවක් මතක් උනා..
    පෙළපත නම වෙන වෙලා ආයෙත් මෙලොවට එනවා
    එහෙම මිසක් කිසිම දිනෙක අපි (උන්) මැරෙන්නෙ නෑ.. :(

    ReplyDelete
    Replies
    1. අන්න කමි............. කතාව..................

      පැත්ත මාරු වෙලා අායෙත් ඒ අයම රජ වෙනවා......... අපි හැමදාමත් ඒතනමයි.......

      Delete
  11. නයිට් රයිඩර් බල්බ් සිස්ටම්

    ReplyDelete
    Replies
    1. හරියට හරි...................... දේශකයා ඉතින් ඔය නයිට් රයිඩර්ලා ඒහෙම දන්නවානේ.

      Delete
  12. දැන් මේවා දන්නා ළමයි ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔය ජන ක්‍රීඩා නම් අපේ ළමයිගේ අතින් ගිලිහිලා.......... අාය ඒ යුගය ඒන්නෑ.......... කම්පියුටර් ගේම් ගහන දරුවන්ගෙන් ඔය තත්වය බලාපොරොත්තු වෙන්න බැහැ.............. මොනවා කරන්නද???? ඒක ඒක අතකින් ළමයින්ගේ කරුමේ... වත්තක් නැතුව මොන ජනක්‍රීඩාද?????? ගෙදරවත් ඉඩ තියෙනවායෑ

      Delete
  13. අම්මෝ දේශපාලනය...අකමැතිම දෙයක් ඕකනම්....(පද ටික ලස්සනයි හොඳේ)
    හදිස්සියේ ලියපු වගක පේන්න තියෙනවා සමහර තැන් වල ඩොට් ඒක වෙනුවට "ග" යන්න තියෙනවා..
    විජේසේකර කී බෝඩ් එකෙන් ලියලා තියෙන්නේ..නේද?
    වැරද්දක් කිවුවා නෙවෙයි පොඩ්ඩක් බලන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ඔව් උමා................... ටයිපිං වල අවුලක් වුණා............. නිවැරදි කරන්නෙමු..............

      ස්තූතියි අදහස් දැක්වීමට

      Delete
  14. අපූරු සෙල්ලම.....මං කීවෙ පද ටික...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...