Wednesday, December 3, 2014

අයදිමි සමා නැවතත් කළ මැනව කමා..............



සයුරක තනිවී සිටින නිමෙෂෙක
ඔරුවක් වුව කලතයි හඳ සතුටින
එලෙස අතරමං වූ ආලෙන් මට
වදනක් වුව ඔබගෙන් මට අගනෙය

කෙරුවත් ආලය වෙයි එය වරදක්
වෙයි වරදක් ආලය නොකෙරූවත්
එම වරදට දඩුවම කිම වූවත්
ඇත්දැයි සැකයකි ඇපදෙන පිළිවෙත්

අතරින් මාගේ දෑසේ දෙපියන්
රුචිනැත දැකුමට කදුලැලි නලියන්
විරසක වී මගෙ හද මා සමගින් 
දඩුවම් දෙයි වරදට දුන් කදුලැල්

අරුමෙකි මගෙ ලොව මට විරහව දුන්
නරුමෙක් විය ලොව හට මා හිතදුන්
කරුමෙකි මා කල තුළ පෙරබව‍යන්
මරුකතරක සිරවී ඇත අද මන්

ආලෙ කලෙමි මා මා හද ඇපේ තියා
හට බොල් ණයක් නැති කොට කිසි සිතේ ප්‍රියා
විදි නැත මහට ගෙවුමට ගත් ණ‍ය නැවතා
අයදිමි සමා නැවතත් කළ මැනව කමා

බලා සිටිමි මා සදු දෙස දෙනෙත් පියා
කිසිවක් නුදුටුවෙමි ගඟනේ රැයක් පුරා
මහට වැටහුනේ සදදෙවු බවකි අමා            
නමුදු සත්‍යලෙසකින් විය මහද මුලා



වික්මල් සුභසිංහ


.

23 comments:

  1. හ්ම්... ඇති අප්පොච්චියේ මතක් උනා. මං හිතුවෙ වික්මලුත් අපේ තුෂාර වගේම මීදුමේ මැකී ගිහින් කියලා..

    ඇත්තටම ඇප දෙන්නවත්, ගන්නවත් බැරි හැටියක් නේද..

    නිර්මාණයනම් විශිෂ්ඨයි වික්මල්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්............... පුළුවන් හැම වෙලාවක ම ලියනවා... තුෂාර අයියාත් මං හිතන්නේ ලියැවිල්ල නවත්තලා නැහැ..

      Delete
  2. මරු... වරදට දඬුවම නම් අනිවාර්‍ය උනත් හුඟක් දෙනෙක්ට ඇප නම් ලැබෙන්නෙම නෑ...

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේෂ්................. ස්තූතියි කමෙන්ටුවට සහ දිරිමත් කිරීමට.................

      Delete
  3. //බලා සිටිමි මා සදු දෙස දෙනෙත් පියා
    කිසිවක් නුදුටුවෙමි මා ගඟනේ රැයක් පුරා
    මහට වැටහුනේ සදදෙවු බවකි අමා
    නමුදු සත්‍යලෙසකින් විය මහද මුලා//
    දෙවන පදයේ “මා“ යන්න නිසා රිද්මයේ අවුලක් දකිමි. හැකිනම් එය ඉවත් කර බලන්න.
    ඉතිරිය සහ උපමා උපමේය අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාධවී............................

      විශේෂයෙන් ම පුංචි අඩුපාඩුවක් හරි අපිට පෙන්නලා දීලා සහය දැක්වූවාට ස්තූතියි.. .... ඔය හයිය තමයි අපිට තියෙන්නේ .................

      Delete
  4. //කෙරුවත් ආලය වෙයි එය වරදක්
    වෙයි වරදක් ආලය නොකෙරූවත්// හි හි හී.. ඔය කෙහෙල්මල් ප්‍රේමෙ ඔහොම්මයි.. ගනං ගන්න එපා මිත්‍රයා.. නිර්මාණේ අගෙයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමි......................

      මේ පැත්තට අැවිත් අපිව දිරිමත් කරනවාට බොහොමත් ම ස්තූතියි....................

      Delete
  5. ඔය ඉදල .තියෙන්නේ සයුරක නෙමෙයි ගොඩ මුදක.. ඒකනේ ඔරුවෙන් (??) ගිහින් කලතන්න හන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. හහ්............ හහ්............ හ.......

      දේශකයාටත් හිතෙන දේවල්.................. හරි හරි ඔච්චරම අවුල් නම් ඒකට නැවක් කියලා දාන්නම්කෝ...................

      Delete
  6. ආදරේ නං කරන්න එපා,,, පේනවනේ.....!!
    හදවතට දැනෙන පද ගැලපුමක්.....!!!! ජය..!

    ReplyDelete
    Replies
    1. ඔබේ හදවතට දැනුනානම් මාගේ උත්සහය සාර්තකයි.බොහොම සතුටුයි නිමො.ස්තුතියි

      Delete
  7. හෆ්ෆා... ආලෙ කලත් වැරදිලු ..නොකරත් වැරදිලු O.o .. හරිම ප්‍රශ්නයක් තමයි මේක ...

    ReplyDelete
    Replies
    1. ඔබම පොඩ්ඩක් හිතල බලන්නකො හංසි ඒක වැරදිද කියලා.අද මේලොකේ කීදෙනෙක් ආදරය කරන නිසා බැනුම් අහනවද??ආදරෙ කරන්නෙ නෑ කියලා කීදෙනෙක් බැනුම් අහනවද???

      Delete
  8. ඔය සයුරෙන් ගොඩවෙමු කොහොමහරි...

    ReplyDelete
    Replies
    1. ගොඩ වුන කෙනෙක්ගෙන්ම අහන්න ඔනී උමෙෂ්.නිවන තමයි එගොඩ වෙන්න තියෙන බෝට්ටුව.

      Delete
  9. නිර්මාණය අති විශිෂ්ඨයි...

    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුති විභිෂණ.දිරිගැන්වීමත් සමඟ තවත් බොහෝදුර යන්න පුලුවන්.ජය වේවා

      Delete
  10. කවි වලට කමෙන්ට් කොටන්න හරි අමාරුයි බොලල්ලා....

    ReplyDelete
  11. පහුගිය දවස් ටිකේ පවුරට ආවාම දැන් බෑ පස්සේ වරෙන් කියනවා..
    නිර්මානය එල ද බ්‍රා

    ReplyDelete
  12. බලා සිටිමි මා සදු දෙස දෙනෙත් පියා
    කිසිවක් නුදුටුවෙමි ගඟනේ රැයක් පුරා
    මහට වැටහුනේ සදදෙවු බවකි අමා
    නමුදු සත්‍යලෙසකින් විය මහද මුලා

    නියමයි මචං.... අන්තිම ටික නම් හිතට වැදුන ආ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී තරිදු.වර්ණනාවත් මගේ හිතට වැදුනා

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...