Sunday, November 30, 2014

කෝ අපේ එක......???



එක් සමයක අපි ඉන්නා ග්‍රහලෝකේ
නායකයන් රැස්වී ඇත ලකට ලකේ
කුමක්ද මේ බලා ඉන්න අරුමැක්කේ
ලෝකයාට දැනිලා ඇත මහත් සැකේ

නායකයන් එකතුව මේ කරන කතා
මහජනයා අතරට ගියෙ යසට ගොතා
කියවුණු ඒ කරුණු අතර හොඳට හිතා
එළියට ආ අදහස මේ ලෙසට වෙතා

නියෝජිතයො රැළකට මේ අය අතරින්
ටුවර් එකක් ලැබිලා ඇත කලාතුරින්
මොකක්ද ඒ චාරිකාව හොයා බැලින්
අපාය නැරඹුමට වේය ඉතා හොඳින්

සාකච්ජා නිතර නිතර පැවැත්වුණා
හැම රටකම නියෝජිතයො තෙරෙන්නා
ඒ ඒ රටවල උන්දැල එකතු වුණා
නියමිත දින චාරිකාව පිටත් වුණා

යම රජු වෙයි අපාය මහ දොරකඩම
කණ්ඩායම පිළිගන්නට ඉහළින්ම
ආ ගිය තොරතුරු කතාව වෙනුවෙන්ම
සාජ්ජයකි කෑම බීම ඇති නියම

අපෙ කස්ටිය ගමනට දැන් ලෑස්ති වේ
අපාය මුල කොනක හිටන් බැලු යුතු වේ
යමපල්ලන් යම රජු හා මූලික වේ
සැහැල්ලු ලෙස ගමන තුටින් යා යුතු වේ

ලෝදිය හැළිය කටු ඉඹුලද පහු කරලා
කකුල් මැදින් දෙකට ඉරන තැන දැකලා
කිසිදා නොදුටු දඬුවම් ක්‍රම විධි පෙනිලා
කම්පනයෙන් කස්ටිය ඇත විර වීලා

චාරිකාව නිමා කරන අවසානේ
නැවතුම වෙයි යම රජුගේ මහ භවනේ
වාඩි වෙන්ට කස්ටිය හට අණ කෙරුනේ
වටපිට බලද්දියි අරුමැති දේ පෙනුණේ

බිත්ති පුරා ඇත එල්ලා ඔරලෝසූ
එකසිය ගණන් රටවල් ඇත නැත පහසූ
එක් එක් රටට වෙයි එක එක ඔරලෝසූ
දැනගනු තෙක් නැත කිම මේ ඉස්පාසූ

එක් එක් රටේ බොරු කියනා වේගයට
හොර මැරකම් දූෂණ අනුපාතයට
එකී නොකී අවලම් වැඩ වල උසට
කටු කැරකෙයි යම රජු දැන් කී ලෙසට

බලන් බලන් ගිහින් ගිහින් බිත්ති වටේ
නියෝජිතයො තම තමන්ගෙ උපන් රටේ
ඔරලෝසුය නරඹන්නේ එකට සිටේ
සමහර කටු කැරකෙන්නේ හැටට හැටේ

අපේ රටේ උන්නැහෙ දැන් ගිහින් ගිහින්
වටේ කැරකි හැම බිත්තින් අතරතුරින්
හොයයි නැතිය ඔරලෝසුව කිසිම ලෙසින්
ඒ පිළිබඳ පිටවෙයි යම රජුගෙ කටින්



ආ ඒකද... ඒක මගේ රූම් එකේ ෆෑන් එක විදිහටයි තියාගෙන ඉන්නෙ... හොහ්...හොහ්...හොහ්...



( ඇසූ කතාවක් වෙනස් ආකාරයට කවියට නැගීමකි )

අසංක ගයාන් අබේසිංහ

26 comments:

  1. Replies
    1. හලී ස්වීට් නංගියෝ...

      Delete
  2. Replies
    1. Thanks Vibhi...what happened your old logo???

      Delete
  3. යමරජ අප රටේ හෝරා තැටි කොහෙද
    දුටුවේ නෑ බැලුවත් සැම තැන ඇවිද
    ඇයි බොල තොගේ ඇස් ගොඩි දෙක නොපෙනේද
    ඔලුවට උඩින් ඔය කැරකෙන්නේ ...කද?

    (ලිපිය ගැන: හොඳ ගැලපීමක් වර්තමානයට. වෙනස අපූරුයි!)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වර්තමානය ගැන හිතලම තමා මාධවී මම මේ ගැන කවියට නගන්න හිතුවේ...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  4. ඊයේ ආටක නාටක එකේ මේක ගියා.. කවියෙන් කියෙව්වහම් රහ වැඩියි..

    ReplyDelete
    Replies
    1. ඇත්තද මාතේ...මම ටෙලිවිසොන් බලන එක නවත්තලා දැන් අවුරුදු 12 ක් විතර වෙනවා...අහම්බෙන් ගෙදර ගියාම කට්ටියත් එක්ක බලන්න වුණොත් විතරක් ඔය ටික වෙලාවක් ඉඳගෙන ඉන්නවා...ඒ ඇර මට ඒවයින් ගන්න දෙයක් නෑ කියල හිතෙනවා...පොර ටෝකක් කියල හිතන්න එපා...මට හිතෙන්නේ වර්තමාන මාධය්‍ය භාවිතය සහ ආදර්ශවත් වැඩසටහන් බොහොම අඩුයි ඔය ටෙලිවිසොන් එකේ...ඔබේ අගය කිරීමට බොහොම ස්තුතියි...

      Delete
    2. අපේ ගෙදර ටෙලිවිසෙන් නැත.

      Delete
    3. උඹට සුභ පැතුම් මචං...මම හිතන විදිහට ගත්තොත් උඹ ලක්ෂවාරයක් නිවැරදි තීරණයක් අරන් තියෙන්නේ...ඒ කියන්නේ ටෙලිවිසොන් එකක් නොබලන එක...

      Delete
  5. උඹ හැමදාම අන්තිම පදෙන් මොලේ කොලොප්පන් කරනව බං.

    හිනා කටයි මල් දෙකටයි. නියමයි ඈ..

    ReplyDelete
    Replies
    1. උඹලට කොලොප්පං කරල හරි කියාගන්න ඕන එක කියවුණානම් ඇති මචෝ...මට ඇත්තටම ඕන වුණේ අද රටේ හැටි ගැන කියාගන්නමයි...

      Delete
  6. ෆෑන් වගේ කටු කැරකෙන
    ඔරලෝසු ඇත්තේ මොන රටේද..
    එoගලන්තේ.. එoගලන්තේ..

    එoගලන්තේ එහෙම උනත් ලoකාවේ එහෙම වෙන්නේ නෑ ..... හරිද පවුරේ... :D :D

    ReplyDelete
    Replies
    1. අම්මප අපිත් ඉතින් එංගලන්තෙ ප්‍රාන්තයක් වෙලා හිටියනෙ කාලයක්...ඒ පුරුද්ද වෙන්ටැ නේ සුසී...හිහි...

      Delete
  7. අනේ ඒකට අපේ සිරි ලංකාවෙ ඔරලෝසුවෙ ක‍ටු තිබ්බෙ නැතිළු.. මෙයාල ක‍ටු කෝ කියල ඒක අල්ලන්න අතදානකොට හ..හා.. කියල යම රජා නවත්තලා. ඔය ඔරලෝසුවෙ ක‍ටු කොච්චර හයියෙන් කැරකෙනවද කිව්වොත් කාටවත් ක‍ටු පෙනෙන්නෙ නෑ කිව්වළු.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...මේක සේරටම වඩා ජොලි කතාවනේ සරතෝ...

      Delete
  8. Replies
    1. ඔබේ පැමිණීමත් පට්ට අශාන්...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  9. පට්ටම පට්ට.. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංචාරකයෝ...උඹ ගොඩ කාලෙකින්...කොහෙදෑ ගිහින් හිටියෙ...?

      Delete
  10. අපූරු පද ගැලපීමක් ... නිතර ආවත් කමෙන්ට් කරන්න ලැබෙන්නෙ අඩුවෙන්. ඒකට සමා වෙන්න .

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නොකළට නිතර ආව එක ගැන ගොඩක් සතුටුයි සප්‍රි...ඒත් ඔබේ කමෙන්ට් එකක් හින්දා අපි දිරිමත් වෙනවා බොහොම...ඉතින්...හැමදාමත් එන්න කියලා සතුටින් ආරාධනා කරනවා...

      Delete
  11. එල ද බ්‍රා..
    50,000 පාටිය කෝ?

    ReplyDelete
    Replies
    1. පාටියද...බ්‍රා එකක් ඇතුළේ ඇති...හොයාගනිං... හිකිස්...

      Delete
  12. ආපයත් ඉතිරීද මන්දා අපේ අය ගියාට පස්සේ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මචෝ...එහෙ උන් මෙහාට එයි අපේ එවුන් එක්ක ඉන්න බැරුව...හරියට අර ඇමතියත් එක්ක ඉන්න බැරිවුණු ඌරො රංචුවට වගේ...හිහි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...