Wednesday, November 5, 2014

ඒක තමයි වුණේ......



සමනුයි සෝමයයි ගජ මිතුරන් වන්නා
මුන් දෙන්නා එකටම අවලමෙ යන්නා
සූදුවටම ඇබ්බැහි වී ඇත දෙන්නා
සැමදා සවස සූදු පිටියෙ එල්ලෙන්නා

සෝමෙගෙ නෝන උදයෙම සැමියගෙ අතට
දී ඇත දහක් රුපියල් බඩු ගෙන එන්ට
ඒ දාහත් අරගෙන මොහු ගියෙ යන්ට
සූදු කෙළීමේ අරමුණ ගෙන පෙරට

මෙදා පොටේ නම් සෝමෙට සරුසාරයි
දිගින් දිගට මේ සූදුව දිනන හැඩයි
දිනන දිනන මුදලම ඔට්ටුව අල්ලයි
මෙහෙම ගිහින් ලක්ෂයෙ දිනුමක්ම ලැබෙයි

පහළව ඇත තණ්හාවක් සෝමෙ හට
ලක්ෂයෙ දිනුම ලක්ෂ දෙකක් කරන්නට
ඊළඟ වටයෙ ලක්ෂය දුනි ඔට්ටුවට
සිතා දෙලක්ෂය ගන්නට ඔහු අතට

ඒත් හිතුවෙ නැති ලෙසටම වැඩ වැරදී
අනෙක් අතට ගියෙ ලක්ෂය ඔහු පැරදී
මොකුත් නැතිවු සෝමේ දැන් කම්පිත වී
මිය පරළොව ගියෙ එතනම නහර පැලී

මළ කෙළියකි සූදු පොලේ සිදුවීම
සමනුත් ගැහෙයි බියවී ලෙස හොඳ හැටිම
මරණය කියන්නේ ගෙදරට දැන් කොහොම
සෝමෙගෙ නෝන කම්පා වෙනු ඇත බෝම

මෙහෙම සිතා මොහු සෝමෙගෙ ගෙදර ඇදෙයි
වෙව්ලන පියවර නිබඳව පසට නැමෙයි
දහිරිය ගෙන ගෙදර දොරට තට්ටු කරයි
සෝමෙගෙ බිරිය ඇස් ලොකු කර දොරෙන් එබෙයි

මොකද සමන් ඇයි මේ හැටි වෙව්ලන්නේ
ඇය අසනා විට සමනුත් ගොතලන්නේ
කෙසේ කියන්නද මරණය සතුටින්නේ
සිතා සමන් මේ ලෙසටයි පවසන්නේ

සෝමය හට සූදුව විය ජය කොඩිය
ඔහු අතටම දිනුම ලැබුණි ලක්ෂයම
මෙසේ කියා කට ගන්නත් පළමුවම
සෝමෙගෙ නෝන පැනපි උඩින් මිදුලටම

අනේ මගේ දෙයියෝ කෝ දැන් සෝමේ
ලක්ෂෙ දිනා ඇත රන්කඳ මගෙ ප්‍රේමේ
දිනා නැතිය මෙහෙම ගොඩක් මේ සම්මේ
සමන් දෙසට හැරුණේ ඇය එක පිම්මේ

කිව යුතු වෙයි ඇය හට දැන් සහසුද්දෙන්
මුළු සිද්දිය නිසි පෙළටම වූ අයුරින්
එසේ සිතා හරි බරි වී පහසු ලෙසින්
කිව්වා ලක්ෂෙ පැරදුණු බව සෝමෙ උඩින්

පරළ වීය සෝමෙගෙ නෝනා හොඳට
ඇසූ විගස මේ කතාව ඒ ලෙසට
ගත්ත ගමන් ඇය කෑ ගැහුවේ යසට
"සෝමේ උඹ මැරිලම පලයන් යන්ට"

එසේ කියා ගතවූ සුළු පමාවකින්
සමන් හටද සිහිය පැමිණි ඇසිල්ලකින්
කියා දැම්මෙ හිත තෙරපූ සිතුවිල්ලෙන්
සෝමෙගෙ නෝන වෙත මේ ලෙස සැහැල්ලුවෙන්


" ඉතිං ඒකම තමයි වුණේ......!!! "

( ඇසූ කතාවකි )


අසංක ගයාන් අබේසිංහ

44 comments:

  1. හරිනේ..ඉල්ලපු දේ ලැබිලා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අඩේ බ්‍රා මෙන්ඩියා...බොහොම කාලෙකින් මේ පැත්තේ...පහුගිය කාලෙ පිට පාරෙන්ම ගියා නේ...කමක් නෑ...බොහොම ස්තුතියි ඉතිං...

      Delete
  2. සූදු අල්ලන්න ඉඳ හිට.......... ගියත් එදා
    අහලා තිබුණෙ නෑ මේ වැනි දෙයක් සුදා
    අහුලා ගතිමි පාඩම....... නිසි පරිදි මෙදා
    අල්ලාපං ඔට්ටු.. බිරිඳගේ කොටස බෙදා

    ... නැත්නං ඉතිං ඕකම තමයි වෙන්නේ අපටත් .. එළද බ්‍රා ම තමයි :D

    ReplyDelete
    Replies
    1. හා හා හොරේ දැනුණා දැනුණා...ඔය අහුවෙන්නෙ ඉතිං කල්‍යාණගෙත් වැඩකිඩ...බොහොම ස්තුතියි ඉතිං අපිව දිරිමත් කිරීමටත් ඔන්න...

      Delete
  3. හරි දැං කියපං බලන්න මං කියන්නේ බොරුද කියලා..
    "ආඬි එකොලෙස් දෙනාගේ කැඳ හැලිය"..
    එකෙක් මේකට කොරනදේ අනික් එකා දන්නෑ..
    ඒකනේ "රෑ ඉර පාන..." රිංගවල, ආයෙත් ගලවල තියෙන්නේ...

    හරි දැං කයියට බහිමු...
    මෙව්වට කියන්නේ කයි කථා කියලා.. මං නං හිතුවේ ලක්ෂේ දිනුවා කියල අහපු ගමන් ඒ සතුටට ගෑනි මැරිල වැටෙයි කියල.. හැක් හැක්..

    (මගේ යාළුවෙක් හිටියා ජිංකානා එකක් ඇදිලා ඒ සතුටට මලා..)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අඩේ විදානේ...උඹ කියන එක ටිකක් ඇත්ත ඒත් ගොඩක් බොරු...ඒ කිව්වෙ අපි ඉතිං එක එකා මේකට ලොග් වෙලා ඉන්නේ රටේ පැති කීපයක් ඉඳන්...ඉතිං එක පෝස්ට් එකක් දවස් ගානක් වේලෙද්දී කාගෙන්වත් අහන්නෙ නැතුව ඉතින් පුළුවන් එකා තව අළුත් පෝස්ට් එකක් ඔබනවා...ඕකට ඉතිං ඔය කෝල් දිදී අහ අහ ඉන්නෙ නෑ අපි...මාර කේස් එක කියන්නෙ මට වගේම සිතුවිලි බ්ලොගේ තව කාටහරි දැනුණ ගමන් දුවගෙන ඇවිත් උගේ පෝස්ට් එක දානවා මිසක් බලන්නෙ පස්සෙ...ඉතින් ඒ පෝස්ට් එක අයින් කරගන්න ඇති ඊළඟට දාන්න...

      කොහොම හරි තොපිට අපි 11 න් එකෙක් හරි කොයිවෙලාවෙත් කොහොම හරි කැඳ හදලා දෙනවනේ...ඉතිං ආඩපාලි නොකියා බීපිය...

      උඹට බොහොම ස්තුතියි විදානයෝ මේ පැත්තෙ ඇවිත් අපිව අගය කරලා දිරිමත් කරන එකටත් ඔන්න...

      Delete
    2. මචං විදානේ.......................

      ඇත්තම කියන්නම්.. එදා වුණ දේමයි අදත් වුණේ..... මොනවා කරන්නද??? අසංක කවියක් දාලා නැති නිසා මං ගිහින් කවියක් කොටලා දැම්මා.... දාලා බැලින්නම් අසංකයත් එතකොටම කවියක් දාලා නොවැ.. මොනවා කරන්න ද බං... දැන් අලුත් ක්‍රමයක් හොයා ගන්න වෙනවා මේක ගැන කතා කරගන්න.... මං හිතන්නේ නිකන් ම කතා කරන්න බැරි වෙයි.. අමුවෙන් කතා කරාට වැඩක් නැහැනේ... ඒ නිසා අපි බයිට් කකා වැඩේට සෙට් වෙමු කියලයි ඉන්නේ.. මොකද කියන්නේ විදානයා...................

      තුෂාර විතාරණ

      Delete
    3. ඔන්න තුෂාරයෝ මමනම් දැන් බොන එක නවත්තල හොඳ ළමයෙක් වෙලාලු හොඳේ...ඒ හින්ද උඹ බයිට්ස් ටිකක් වැඩිපුර ඇන්න වරෙන් හොඳ කොල්ලා වගේ...අර විදානයාට නම් අරක්කු බූලියක්වත් පොවලා චාටර් කරලම දාමු...

      Delete
    4. ගනන් ගන්න එපා බොලව්.. හවුලේ වැඩ කරනකොට ඔය වගේ දේවල් වෙනවා.. ඉස්සර කාලේ නං කුළු එහෙම.... හෝව් හෝව් මේ මොනාද කියන්නේ.. මං කිව්වේ ඒ වගේ මොකක් හරි ක්‍රමයක් හෙයා ගත්තනං...

      /මමනම් දැන් බොන එක නවත්තල හොඳ ළමයෙක් වෙලාලු හොඳේ...// බැන්දට පස්සේ හෙක් හෙක් හෙක්...

      රයිට් අරක්කු බූලියකුයි.. රුපියල් දහයක රටකජුයි අරන් බලංගොඩදි හම්බෙමු...

      Delete
    5. ඒයි තුෂාරයො...මේ විදානයා කොහොමෙයි මම බලංගොඩ අවට ඉන්න බව දන්නේ...බලාගෙන ගියාම මූ රුසියන් ඔත්තුකාරයෙක් වගේනෙ...නොදන්න දෙයක් නෑ...මහ භයානක තත්ත්වයක්...(රහසින්...මේ මම දැන් ඉන්න දිහාව ගැන එහෙම මූට කියන්න එපා...එහෙම වුණොත් මේකා මට මේ තියන සාමකාමී ජන ජීවිතෙත් අවුල් කරයි...හිකිස්)

      Delete
    6. අසංක අයියා.............

      විදානයා කියන්නේ සබරේ කැම්පස් එකේ අර මැනුම් උපාධියක් කරපු එකෙක්... ඕකා මෙහෙ ඉන්නකල් ඉදලා තියෙන්නේ පර්ල් එකේලු.. පොතට බොන්න යන්නේ එහෙටලු......

      විදානයා.................... හරි මංකියපු එක බොරු නම් බොරුයි කියමු බලන්න.....

      Delete
    7. සහෝ,

      යකෝ මේකා පර්ල් එකටත් පොත දාලද...හාපෝ...විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...ඔය මැනුම් උපාධි කතාව නම් උඹ මට කලින් කිවු බව මතකයි...ඔය විදානයාට මනින්න තියෙන්නේ නිට්ටඹුවෙ දේවල් විතරයි වගේ...ටිකක් ඒ ගැන උගේ ගෙදර උන්දැට හොයන්න කිව්ව නම් හරි...මූ මොනවා මනිනවද දන්නෙ නෑනෙ නේද ඔය පඩංගුවේ ඇවිද ඇවිද...හික්ස්...

      Delete
    8. හෙක් හෙක්, පොතට බිව්වේ පර්ල් එකෙන් නෙවෙයි.. බලංගොඩ පොලීසිය පිටිපස්සේ තිබ්බ හෝල් එකේ බාර් එකෙන් දං ඒ හෝල් එක වහලා හැබැයි බාර් එක වැඩ.. ඒකේ උඩ තට්ටුවේ රෙස්ටූරන්ට් එකක් දාලා.. වැඩේට පහසුයි අසංකයා ලබන සතියේ යමුද එතෙන්නට...

      "නිට්ටඹුව යනු සංචරනය අතරතුර තාවකාලික නවාතැන් පොලක් පමණී"

      Delete
    9. යකෝ මම නොදන්න මොණරතැන්න, උඹ ඔය කියන්නේ ජේ.එෆ් හෝල් එක ගැන වෙන්ටැ...ඒ වගේමයි ඉතිං ඉම්පීරියල් එකත් වහලා එතන සේල් දානවනේ...දැන් බලංගොඩට එක හෝල් එකක්වත් නෑ...ඔන්න සිනමාවේ දියුණුව...ජේ.එෆ් බාර් එක ගැන කියන්න ගියොතින් ගොඩක් දේ තිබේ...හැබැයි එතනින් බීල නම් නෑ...ලබන සතියෙ නම් බෑ...තව සති ගොඩකට පසු තුෂාරයවත් මූට්ටු කරගෙන අපි වැඩේට බහිමු...හැබැයි මම කන්නෙ බයිට් විතරයි...බීම වච්චි...කොහොම හරි...උඹට ඔය නිට්ටඹුව වගේ සංචාරක නවාතැන්පොළවල් කීයක් තියනවද බං?

      Delete
    10. විදානේ...................... ජේ.එෆ් එකට ඇවිල්ලා ණයට බීලා ගියේ ගලගම හරියෙන් බිව්වා ම මාට්ටු වෙන හින්දාද????? ජේ.එෆ් එකෙන් නම් බැහැ.. බොනවා නම් ඉතින් රිවර් ගාර්ඩ්න් හරි වෝටර් ගාර්ඩ්න් හරි යමු............. මොකද කියන්නේ....................... බීලා බීලා බෙලිහුල්ඔයෙන් නාමු..... බිල්ලක්වත් ගන්නැතෑ...............

      Delete
  4. අසන - දකින කථා කවියට පෙරලා
    පවුරේ කුරු‍ටු ගායි අසංක, නිදි වරලා
    නෙක නෙක රසයන් ඇත, එහි පටලා
    මේ පද ලීවේ කරනා මෙහෙය අගය කරලා

    හෙම්බත් වෙලා ඉන්න මනසට,
    විඳින්න දෙයක් දෙන එක ලොකු දෙයක් නොවැ ...

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි පිරිසක් වෙනුවෙන් මෙවැනි මෙහෙයක් කරන්න ලැබීම මා ඇතුළු ගී පවුරෙ හැමෝටම සතුටක් සඳරු...අපි ඒ දේ කරන්නෙ බොහොම සතුටින්...ඔබේ සිනාව අපේ සිනාවයි...ඉතින්...බොහොම ස්තුතියි...

      Delete
  5. පස්ටය එල කිරිය!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතුම්...ඔබේ වචන අපිව දිරිමත් කරනවා...

      Delete
  6. මම හිතුවා සංතෝසෙන් උඩ පැන්න විදිහට කාරණාව අහලා නෝනත් මැරෙයි කියලා.. වෙලාවට එහෙම මුකුත් වෙලා නැත්තේ..

    ReplyDelete
    Replies
    1. මේවට නෝනලා මැරෙන්නෙ නෑ දිනේෂ්...මිනිස්සුන්වම මරාගෙන කනව ඇරෙන්න...දිනේෂ් ගොඩක් කාලෙකින් මේ පැත්තෙ...අසනීප වෙලා හිටිය කියල අනෙක් බ්ලොග් වල කමෙන්ට්ස් වලින් නම් දැනගත්තා...ඒක ඇත්තද...

      Delete
  7. ඉතින් මැරුණයි කිව්වට පස්සේ නෝනා මොකදැයි කිව්වේ ?...... :D

    ReplyDelete
    Replies
    1. උඹම ගිහින් වලදාපන් කිව්වා :D

      Delete
    2. අන්න හරි අරූ අයියා...ඒක වෙන්න ඇති උත්තරේ...ඉතුරු ටික අහගන්නකං මටත් එතන ඉන්න බැරි වුණානෙ හංසි...හිකිස්..

      Delete
    3. හික්ස් :D :D ... 'අනේ ඒ මිනිහ ලක්ෂෙ දිනලා මරුනනම් 'කියල හිත හිත අඬන්න ඇති කියලයි මම හිතුවේ :D :P

      Delete
    4. හංසි...........

      හිතෙන්නෙ නම් එහෙම තමයි... ඒත් ඒවා කියන්න බැහැනේ.... ඉත්තූතියි..... අදහස් දැක්වීමට....................

      Delete
  8. නියමයි!!!! බේබද්දෙකුට දවසකට බොන්න පුළුවන් ප්‍රමානයක් තියෙනවා. සූදු අන්තුවෙකුට ප්‍රමානයක් නැහැ. සූදු කෙලිනවාට වඩා හොඳයි බොන එක :D කෝ මේ කට්ටිය ආ....

    ReplyDelete
    Replies
    1. කෝ අරූ අයියා කට චුට්ටක් අරින්න.. ගල් කාලක් දාන්න....

      Delete
    2. මේං ආවා කස්ටිය...අරූ අයියා හරි...සූදුවට ගියාම එන්න එන්න තණ්හාවට ආස හිතෙනවා මිසක් සීමාවක් නෑ...ඊට වැඩිය හොඳ වෙයි ඉතිං විදානයත් එක්ක බොන එක...හැබැයි ඕකා මහ වාතයක් වුණොතින් නම් හිතෙයි සූදු කෙළියනම් හොඳ බව...

      Delete
    3. අරූ............ විදානයා.................

      අපි විනාඩියක් එහෙට මෙහෙට වුණාම කේස්.......... ඒත් අනික් එවුන් සෙනසුරාදා ඉරිදට කඩේ වහලා ඉන්න එක කාටවත් පේන්නැහැ... උන් අනුන්ගේ මුදලින් නෙට් යූස් කරන එවුන්නෙවැ... අපි තමයි අතින් කාලා හරක් බලාගෙන්නේ.........

      තුෂාර විතාරණ

      Delete
  9. Replies
    1. ස්තුතියි ම තමා...සංචාරකයෝ...

      Delete
  10. සූදුවෙන් වෙන්නෙ ඔහොම වැඩ තමයි. හිතෙන්නෙම ඊලඟ චාන්ස් එක තමන්ට කියලනෙ. හැබැයි ඕවට සෙට් වෙලාම යන වෙට්ට පිත්තලයොත් ඉන්නවා. එවෙලෙ දිනුවත් ඉතින් සාධාරණයක් නැති සල්ලි නෙ. කවද හරි පරාදයි.

    (මොකෝ මේ අමුතු ගැජට් කෑලි එල්ලලා. මට නම් දැන් මේකට එන්න ගියාම එම්ටි පොපප් එකක් ඇවිත් බ්‍රවුසර් එක හිර වෙනවා. දෙතුන් පාරක් ක්ලොස් කරලයි මේ ආවෙ)

    ReplyDelete
    Replies
    1. චන්දන.....ගොඩාක් බ්ලොග්ස්වල මේ අපහසුතාවය තියෙනවා මේ ආභරණ එල්ලීම නිසා. උඹ ලියපු හින්දා මම කියන්නේ...මේ අපහසුතාවය මගේ බ්ලොග් එකෙත් එනවාද. මම එල්ලපු කිසි දෙයක් නැහැ, හැබැයි වර්ඩ්ප්‍රෙස් එල්ලලා තියෙනවාද මම දන්නේ නැහැ. ඒක කොහොමද බලාගන්නේ.

      දොර ඇරලා ජීවත්වෙන තැනක...ඇතුලට එන්න අමාරුනම්...ගෙදර පදිංචි කාරයා දැණගන්න එපැයි. මම වර්ඩ්ප්‍රෙස් නිවසේ කුලී කාරයෙක්ද... මට මේ රෙද්දවල් හරියට තේරුමක් නැහැ.

      Delete
    2. අරු අයියගෙ බ්ලොගේ කිසි අවුලක් නෑ. ඕවා ඉබේම නම් එන්නෙ නෑ මං දන්න තරමින් නම්.

      නිතර පාවිච්චි නොකරන නිසා මට වර්ඩ් ප්‍රෙස් වල විජට් එල්ලන, ගලවන එක හරියටම හුරු නෑ. මං කරන විදිහ ටිකක් බලලා මේලක් දාන්නම්.

      Delete
    3. ඇත්තම කියන්න චන්දනයො, ගී පවුරෙම ඉන්න එකෙක් විදිහට මටත් ඔය ප්‍රශ්නයම එනවා...ඒ වෙලාවට නම් එපා වෙනවා බං...මම මේකෙ නිර්මාණ කළාට ඔය තාක්ෂණ දැනුම නම් බිංදුවයි...ඒක ඉගෙන ගන්න ඒ හැටි කැමැත්තකුත් නෑ...ඉතිං මම අපේ තුෂාරයගෙන්වත් අහල මේ ගැටළුව විසඳන්නම්...කොහොම වුණත් අමාරුවෙන් හරි උඹලා ඇවිත් කමෙන්ට් කරලා යන එකට නම් බොහොම ස්තුතියි...

      Delete
    4. චන්දන........................
      අරූ.....................

      ඔන්න මචංලා ඒ අනවශ්‍ය කෑලි ගැලෙව්වා.... ඕක එල්ලුවේ අපි අපි ගැනම හිතලා. මොනවා හරි දෙයක් කතා කරගන්න පුළුවන් නෙවැ කියලා. ඒත් උඹලාගෙන් මෙහෙමත් බැනුම් අහන්න පුළුවන් යෑ මට....

      ඇත්තට ම ඒ ගැන අපි ව දැනුවත් කරපු එක නම් ලොකු දෙයක්.. තව ඒ වගේ ගැලවිය යුතු දේවල් තියේ නම් කියනු මැනවි... බලන කෙනෙක්ට අමාරු වෙන දේවල් වලින් බ්ලොගයට වැඩක් නැහැ තමයි..... අපිත් එතන ඉන්නවා.. පුළුවන් තරම් සරල වීම හොදයි.... ඔන්න අපි පාඩමක් ඉගෙන ගත්තා... ස්තූතියි චන්දනාය... අරූ අයියා................

      තුෂාර විතාරණ

      Delete
    5. දැන් හරි. නෝ හිරවිලි. ටැංකිව්... :)

      (තව නිව් ටැබ් එකක් නම් ලෝඩ් වෙනවා පේජ් එකේ කොහෙ හරි ක්ලික් කලාම. මට ඒක නම් ගානක් නැ. අනෙක් අයගෙනුත් හල බලන්න කො)

      Delete
  11. අනේ යකෝ වෙච්චි දෙයක් ...:D

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. Replies
    1. තැන්කූ තැන්කූ.................

      Delete
  14. Replies
    1. මේකටත් තැන්කූ................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...