Tuesday, November 11, 2014

නිදාගත්තට නං ඉතිං කාරි නෑ......



පොඩිනම : නායක හිමියනි මා හිත පෙළනා පැනයකි
නායක හිමි : කිමද කියා එය පවසන් පොඩිනම දැන් හැකි

පොඩිනම : ගැහැණුන් ගැන බුදු දහමේ දේ මට පැටලෙයි
නායක හිමි : කිමෙක්ද ඒ ටක්කෙට මට තවම නොතේරෙයි

පොඩිනම : කෙලින් අසන්නට මගෙ සිත බිය වී වෙයි මැලි
නායක හිමි : කියමු ඉතින් දැනගන්නට නැහැ මට ඉවසිලි

පොඩිනම : ගැහැණු ඇසුර මහණ අපිට අකැපද හිමියනි
නායක හිමි : නපුරු කාම ගින්න එයම වෙයි පොඩි හිමියනි

පොඩිනම : තනිවුවොතින් මාත් සමග තරුණ ළඳක් කෙසේ ?
නායක හිමි : මඟහරිමුකො ඇයව ඉතින් පත්තු නොවී විසේ

පොඩිනම : ඒත් අරුම වෙලාවකදි වූවොත් කරදර
නායක හිමි : ඒ කුමක්ද කියමුකො මම දෙන්නම් සැක හැර

පොඩිනම : නිදාගන්න සිදුවුවොතින් තරුණ ළඳක් ළඟ
                කුමක් වෙයිද මහණ කමට හිත කරවයි දඟ...

නායක හිමි : පවක් නැතිය නිදියනවානම් සිදු වන්නේ
                  ඒත් නිදා නොගන්න එක නොවැ මහ ප්‍රශ්නේ...


අසංක ගයාන් අබේසිංහ

60 comments:

  1. හැක් හැක්.. නිදි කරවලයි බලන්න තිබුනේ..

    ReplyDelete
    Replies
    1. හප්පේ දේශකයා සෑහෙන කාලෙකින්...ඒක තමයි...දොයිය බබා කොයෝලම බලමු නේ...

      Delete
  2. මරු යකෝ ස්ට්ටි නමටත් තියෙන පුරස්න...
    හැබැයි දෙන්නම තකට තක...
    හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බලහන්කො මහේෂ්...අපිටවත් නැති ප්‍රශ්න නොවැ වහන්සේලාට තියෙන්නේ නේද...

      Delete
    2. කියලා වැඩක් නෑ පවසලා පලක් නෑ

      Delete
  3. නිදියනවානම් නැත පව් සිදු වන්නේ
    නිදි වදිනා එකනොවැ මහ ලොකු ප්‍රශ්නේ
    ෂෝක්...!

    ReplyDelete
    Replies
    1. ගිහින් ගිහින් අපේ දහම එක්කත් නිදිවදින වහන්සේලා තමයි ප්‍රශ්නේ මධුමාධවී...

      Delete
    2. /නිදි වදිනා එකනොවැ මහ ලොකු ප්‍රශ්නේ
      ෂෝක්...!/

      දැං එතකොට ෂෝක් කිව්වේ නිදි වදින එකටද??? හැක්හ හහහහනකැ්

      Delete
    3. ඒක කොච්චර ෂෝක්ද?
      මං කිව්වෙ කුරුටුගෙ කවි ටිකට. (මේ විදානෙ මහත්තයනං අම්මපා...!)

      Delete
    4. මේ විදානයට මහත්තයෙක් කිව්ව හැකිද ඈ...?

      Delete
    5. මාධවී................

      විදානයාට විදානිවත් මහත්තයා කියන්නේ නැහැ..... වැඩි ගෞරවයක් දෙන්න එපා ගෝණි නැතුව කරේ නගින්න එයි///

      තුෂාර

      Delete
  4. පොඩි නම නම් ලොකු නින්දක් ගහල වගේ...

    ReplyDelete
    Replies
    1. උන්වහන්සේ නිදාගෙන නැහැල්ලු බං...ඒක කරන්න කලින් නොවැ අහන්න හිතල තියෙන්නෙ...

      Delete
  5. හාන්දුරුවරු නිදා ගන්නේ නෑ.. සැතපෙනවා..

    එහෙම හාන්දුරු කෙනෙක් එක්ක නිදා ගන්න සින්දුවක් තියෙනවා අහලා තියෙනවද..

    සැතපෙන කළ විඳ නිදි සුවේ
    දුටු සුභ සිහිනය යළි මැවේ //
    සියොළඟ යහනතෙ ඉම තියා
    මගෙ හිත ටික ටික දුර ගියා //
    සැතපෙන කළ විඳ නිදි සුවේ

    ඇසිපිය හෙල හෙල අත වනා //
    මදහස මතුකොට හිනැහුණා //
    තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
    නැත නැත එය රන් තරුවෙකි

    සැතපෙන කළ විඳ නිදි සුවේ
    දුටු සුභ සිහිනය යළි මැවේ

    උකුලත සුව පිට හිත තියා //
    නැලවුණි මධු රස ගී කියා //
    තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
    නැත නැත ඒ රන් ගිරවෙකි

    සිඹ සිඹ මගෙ වත සැනසුනා
    සුර ලොව සුර සුව වැටහුණා
    තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
    නැත නැත ඒ පිපි කුසුමෙකි

    සැතපෙන කළ විඳ නිදි සුවේ
    දුටු සුභ සිහිනය යළි මැවේ


    ගායනය - සුජාතා අත්තනායක
    සංගිතය - එම්.කේ. රොක්සාමි
    ගී පද - කරුණාරත්න අබේසේකර

    අල්ලපු ගෙදර චිත්‍රපටියෙන්

    උපුටා ගැනීම

    - ගී පැදුර බ්ලොග් අඩවිය -

    ReplyDelete
    Replies
    1. මාතලන් හරියට හරි...වහන්සේලා සැතපෙනවා තමා...ඒත් මම ඒ වචනය නොදැම්මේ හිතලමයි...ඒකට හේතුව දැන් ගොඩක් වහන්සේලා කරන වැඩ දැක්කම ගිහි වචනම හරි ඊට එහා තියන වචන හරි විතරක් ගැලපෙන හින්දා...මේ සින්දුවාගෙ දක්ෂතාව බෝ වෙලා තියෙන්නෙ හැමෝටම...මරු...බොහොම ස්තුති වේවා ඉතිං මේ දක්වන අනුග්‍රහයට ඕං...

      Delete
  6. ෂැහ් අසංක අයියා..............

    කවිය නම් නියමයි... අම්මපා මේ පොඩි නමලාටත් තියෙන ප්‍රශ්ණ...... හැබැයි පොඩි නම කිව්වට පොඩි ගතියක් නම් පේන්නෙම නැහැ.................

    ReplyDelete
    Replies
    1. සහෝ,

      උඹත් ඉතිං දැකලා ඇති නොවැ අපේ සමහරක් නමලා කොරන පිං අතේ වැඩ නෙහ්...

      Delete
    2. දැං එතකොට උඩ කොමන්ට්එක දාපු එකාට නමක් නැද්ද??

      Delete
    3. තියනවා... සී.ජේ. විදානේ...

      Delete
    4. විදානේ..................... නමක් තියෙනවා උඹට දැනගන්න ම ඕනේද?

      තුෂාර

      දැන් නින්ද යයි නේද??????

      Delete
  7. අසංකයටත් හිතෙව එව්වා. සිරාවටම බං හාමුදුරුවො ගැනනම් මහ අප්‍රසාදයක් තියෙන්නෙ මට දැන්. දැකල ඇතිනෙ අර ගන පැටවු සෙට් එකක් ආවාස ගෙයක් ඇතුලෙ "මගෙ ස්වීටි කෙල්ල" කියන විදිය.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්...බුදු දහම වුණත් යම්කිසි කාලෙකදී නැතිවෙලා යන බව බුදු හාමුදුරුවොම දේශනා කරලා තියනවනේ...මේ පහල වෙන්නේ ඒ රෝග ලක්ෂණ...

      Delete
  8. කතාකරන්න එපා ඔය ගැන. වැඩක් නෑ, දැන් වෙනදේවල් දැක්කම හිතන්නෙ සසුන්ගත වෙන්නේ තමන්ගේ වැඩේ කරගෙන මාරුවෙන්න මිසක් වෙන කිසිදේකට නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඇත්ත නිමෝ...සමහර අය මහණ වෙන්නෙ නොමිලේ ඉගෙන ගන්නයි, බස්වල යන්නයි, සේවා ලබාගන්නයි, ඉඳුම් හිටුම් කෑම බීම ගන්නයි, පුද සත්කාර ගන්නයි, ඒත් එක්කම ගිහියොන්ටවත් නැති කාම ආතල් ගන්නයි...අපේම බාල මහලු තරුණ අම්මණ්ඩිලත් ඉන්නවනේ ඉතින් රහස් පූජා කොරල මහත්ඵල මහානිශංස තියන පිං ලබාගන්න සැදී පැහැදී ඉන්න...මේ සේරොම අපූරුවට කරගෙන හිමින් සැරේ සිවුරු ගලෝල හොඳ රස්සාවක් කරගෙන පවුල් වෙලා ගිහියෙක් වෙනවා...හරිම ලේසි වැඩේ...

      Delete
  9. උඹටත් එන්නෙ මරු අදහස් තමා... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංචාරකයා...මේව මගෙම අදහස් නෙවෙයි සම්පූර්ණයෙන්ම...මටත් ඔය කොහෙන් කොහෙන් හරි කනට වැටෙන අමුතු කතා කෑලි එකතු කරලා හදන ඒව නොවැ...හික්ස්...

      Delete
  10. හුඟක් පොඩි හාමුදුරුවරු අවබෝධයෙන් කළකිරිල නිවන් මාර්ගයෙ යන්න හිතාගෙන පැවිදි වුන අය නොවෙයි.දැන් ඒ අය ඔය ප්‍රශ්න අහන්නෙ ලොකු හාමුදුරුවන්ගෙන් නොවෙයි බුකියෙ පොරවල් වලින්
    මට මතක්වෙනව කුරානයෙ මේ ගැන කියල තියෙන එකක්
    ගැහැණියක් හා පිරිමියෙක් තනිවුනහම තුන් වැනියා ලෙස ශෙයිතාන්(සාතන් නම් මිනිසුන් නොමඟ යවන යක්ෂයා ) එනවළු.

    ආ තව එකක්.මේව බුකියෙ දැම්මනම් ලයික් දහස් ගනනක් එයි.දැනටමත් බුකියෙ ශෙයා වෙනවද මන්ද මම බුකියෙ නැහැනෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මතයෝ...මේකට මට හිතුණු හරියනම උත්තරය මීට කලින් කමෙන්ට් එකෙන් නිමෝට දුන්නා...ටිකක් බලපන් තරහ නැතුව...බුකියනම් ඇත්තම කියන්න මට පේන්න බැරි තැනක්...ඒක මට හිතෙන්නෙ හරි අනවශ්‍ය හිසරදයක් බලෙන් හදාගන්නවා වගේ වැඩක්...

      Delete
    2. අසංක.....................

      ඔය උඩින් කමෙන්ටුව දාලා තියෙන්නේ කලින් හිටපු යකා... දැන් මේකා නම වෙනස් කරලා...

      මධ්‍යස්ථ යකා.....

      ඇත්තම කතාව අපි කණ්ඩායමක් හැටියට බුකියේ නැහැ. ඒ වගේ ම මටත් බුකියේ අකවුන්ට් එකක් නැහැ... බුකියේ ගණුදෙනු අපේ බොහොම අඩුයි... අපිට ඇත්තට ම අවශ්‍ය වෙන්නේ බ්ලොග් සහෘදයන් වගේ දැනුමක් සහ බුද්ධිමත්භාවයකින් කටයුතු කරන සමූහයක් එක්ක එකතු වෙන්නයි. බුකිය කියන්නේ කාලකන්නින්ගේ තෝතැන්නක්..... ඒක බ්ලොග්කරුවන් අතර ඇතිවන විදිහේ සංවාද වලට හෝ නිර්මාණ වලට හෝ සුදුසු තැනක් නෙමෙයි.................

      මම තුෂාර

      Delete
    3. ඔව් තුෂාරයෝ...මම දන්නවා මූ ඉස්සර යකා කියලා...දැන් ඉතින් ඔය කොයි නමින් ආවත් යකා යකාමනේ නෙහ්...හික්ස්...

      Delete
  11. ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට නලිනි ජාතකය කියලා දුන්නානම් ඉවරනේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරකතුමා මම නලිනි ජාතකය කියවලා නෑ...ළඟ තියනවා...දැන් කියවන්න ඕන...

      Delete
  12. සා... සා.... සා....

    මටත් මහනවෙන්න හිතුනා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අපෝ...දැන් මේ සෑසනේට වෙලා තියන හරිය මදෑ...

      Delete
    2. පූජ්‍ය නිට්ටඹුවේ විදාන හිමි...

      Delete
    3. අඩේ සංචාරකයා අන්න කතාව.. අම්මපා ඕකව අල්ලලා මහණකරලා දාන්න ඕනේ................ එතකොටවත් හැදෙයිද බලන්න....

      තුෂාර

      Delete
    4. යකෝ...බඩත් ඇමැට්ටි වෙනවා බං උඹ කියන කතාවලට සංචාරකයෝ...පූජ්‍ය නිට්ටඹුවේ විදාන හිමි...!!! හිහි...

      ඕකට තව 'අතිපණ්ඩිත' කියල වගේ බුහුමනකුත් එකතු වුණා නම් මරු...

      Delete
  13. ඇත්තටම පව් නැද්ද ?? :D

    ReplyDelete
    Replies
    1. කවුද හංසි...???

      Delete
    2. // පවක් නැතිය නිදියනවානම් සිදු වන්නේ
      ඒත් නිදා නොගන්න එක නොවැ මහ ප්‍රශ්නේ...

      මෙන්න මේ ගැන නෙ අහන්නෙ

      Delete
    3. ඒකනේ ඉතිං...මොකදෑ කොරන්නේ...

      Delete
  14. එක පාරක් විතරක් කියවල ආසාව යන්නේ නැති නනිසා තුන් හතර පාරක්ම කියෙවුව :) බැලුවහම හාමුදුරුවන් වහන්සේලාටත් තියෙන ප්‍රශ්න ගිහි අපිටත් වඩා වැඩි කියල හිතෙනවා :D නියමයි :)

    ReplyDelete
    Replies
    1. හොරෙක් වුණත් අවංක හොරෙක්...හිහි...ඇත්ත තමයි...ප්‍රශ්න වැඩි ඒ වහන්සේලාට...ඒත් ඒ බුද්ධාගම ගැනනම් නෙවෙයි...

      Delete
  15. පොඩි නම: මට නම් නිදියන්නම හිත ඒත් හිමියනේ
    නායක හිමි: එහෙනම් තව මොකටද ඔය හැටි තටමන්නේ

    පොඩි නම: පුංචි එකා නැගිටිනවා නෑ නිදියන්නේ
    නායක හිමි: ඉගිලෙන මාලුවෙක් තමයි දෙන්නට වෙන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. යකඩෝ කල්‍යාණත් ලේසි පාසු පුතයෙක් නෙවෙයි නෙව බලාගෙන යද්දී...ඇට්ටි හැලෙන්න දෙබස් ටික කවියෙන්ම දීල තියන ලස්සන...ඇත්තටම නියමයි...ඔබේ හැකියාව අගය කරමි...(අනේ ඇයි ඉතින් අර අහිංසක ඉගිල්ලෙන මාලු මරන්න හදන්නේ...හිහි...)

      Delete
  16. කොට්ටේ මැදින් දාලා නිදා ගන්න තියෙන්නේ අර ඉස්කෝලේ සෑර් වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් නේ...කොට්ටෙ උඩින් පැනගන්න අමාරු වුණොත් තමා කාරිය...හිහි...

      Delete
  17. සිරාවට අපිට වුනත් නිදා ගන්ට තමා බැරි..

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්...ඔය අහුවුණේ සෑමගෙත් හැටි...හිකිස්...

      Delete
  18. දැන් පොඩි නමලා අහ අහ ඉන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි මෙන්ඩියා...අහ අහ ඉන්නෙ නෑ...කෙලින්ම නමනවා ඇරෙන්න...හිකිස්...

      Delete
  19. පොඩි නම කට වහගෙන ගිහින් චූ කරලා නිදාගන්නවා. අනවශ්‍ය දේවල් අහලා මගේ පොඩි නමත් නැගිටින්න හදනවා...මීට ලොකු නම.

    ReplyDelete
    Replies
    1. අන්න නියම ලොකු නමලා...පොඩි නම නමන්න කලින්ම වැඩේ නමලා අරිනවා...හික්ස්...

      Delete
  20. හයියූ හයියූ...හමුදුරුවොන්ටත් හිතෙන ඒවා..

    ReplyDelete
    Replies
    1. හයියූ...හයියූ...සාදු සාදු නංගෝ...

      Delete
  21. නින්ද යන්නේ නැතිනම් බන කතාවක් කිව්වම අහවරයිනේ

    ReplyDelete
    Replies
    1. එතකොට මොන බණ කතාද?බණ තලනව මිස.

      Delete
    2. @ මනෝජ්,

      උඹ වගේ පොඩි නමක් නම් ඉතින් බණ කිය කිය ඉඳී...හිකිස්...

      @ කටුසු,

      ඕන්න අපි ඔය වචන කණපිට ගහල නම් බැලුවේ නෑ ඕං...හිකිස්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...