Wednesday, November 19, 2014

වැඩවසම් ප්‍රේමයේ අරක්ගත් රදළයා..............


පසුපසින් දිව න්න
වැ වැටී වැළපෙන්න
වහළියක් නොවේ මම
වැඩවසම් ප්‍රේමයේ...................

මට අහිමි නිදහසේ

අරක්ගත් රදළයා
වී නුඹම මගෙ දිවිය
කදවුරක සිර කළේ......................

වියළි නිරුදක හදට

මුදුවදන් දිය බික් 
ලැබුණි නම් සැනසෙන්න
සිසිල්වත් කළ නෙතින්.....................

වැහි බික් නොමැතිමුත්

ගුගුරුවන අාකහේ
ගෝරණාඩුව කණට
‍අමිහිරම වත් කළේ..................

සෙනෙහසේ පිපාසෙන්

විඳින දුක් නිවන්නට
හැකි වුණේ කවදාද
රළු පරොළු ප්‍රේමයෙන් ............... ?


ඉසුරිකා චූලරත්න


.

33 comments:

  1. /සෙනෙහසේ පිපාසෙන්
    විඳින දුක් නිවන්නට
    හැකි වුණේ කවදාද
    රළු පරොළු ප්‍රේමයෙන් ../

    එ්ක ෙනාවැ හැමදාම කියන්ෙන්...

    කාෙලකින්
    ජය ෙව් වා !!!

    ReplyDelete
    Replies
    1. //එ්ක ෙනාවැ හැමදාම කියන්ෙන්...//

      විදානේ.........

      කවදාද ඒහෙම ඒකක් කිව්වේ.................... කොලකින් කිව්වේ කාලෙකින් කියලාද???

      Delete
  2. බෙල්ලෙ කැක්කුම හැදෙන්නෙ නැද්ද මේ හාදයට? කමෙන්ට් කරන්න එපා කියලද දන්නෑ කියන්නෙ :ඩී
    නැවේ හිටිය රෝස් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඩෝන්ට් ඩූ දැට් කියලානේ කියන්නේ... හැමවෙලාවෙම ඔය කතාව ම කියද්දි මෙහෙම කවි ලියන්න වෙනවා මාධවී.............. ස්තූතියි කමෙන්නටුවට....................

      Delete
  3. මෙහෙම දේවලුත් ප්‍රේමය තුල වෙනව ඉතින්. මොනා කරන්නද..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් ඉතින් මනෝෂ්............

      මොනවා කරන්න ද කියලා හිතහදාගන්න බැහැනේ මේක ජීවිතයනේ නේද????

      Delete
    2. නමුත් ඉතින් කාසියේ දෙපැත්ත වගේනෙ මේක. හැබැයි ඉතින් වැඩියෙන්ම වැටෙන්න විරහ මුහුණත. අපේ ගීත සාහිත්‍යයෙන්ම ඒක පේනවනේ.

      Delete
    3. ඔව් මනෝෂ්..................

      අපේ ගීත සාහිත්‍ය බැලුවා ම ඉතින් තියෙන්නේ ම විරහා ගීතනේ.... සින්දු අැනෝ දැක්කා නම් තවත් පැහැදිලි කරයි...මනේෂුත් ඔය ගැන මනාවට දන්නවානේ..... අැයි අැත්තට ම මිනිස්සු දුක සහ වේදනාව ගැන කියන්න කතා කරන්න කැමති...........??

      Delete
    4. විප්‍රලම්බ ශෘංගාරය ගී පවුරේ..විප්‍රලම්බ ශෘංගාරය.. ඒක මහ පුදුම රසක්ලුනේ.

      Delete
    5. ඔව් මනෝෂ් මිනිස්සු හරිම පුදුම විදිහට වේදනාව විදිනවා නේද???

      Delete
  4. බලහං කාන්තා රත්නයක් ලියන කවි වල තියෙන හැඩේ. අර අසංකයා ලිව්ව වගේ ද මේවා.. කිරි කවඩි නෙව..

    ReplyDelete
    Replies
    1. දේශකයා වැදගත් කොමෙන්ටුවක් දැම්මමද කොහෙද?
      අර අසංකයයි තුසාරයයි ලියන එව්වා මොනවද මේන්න සුපර් මෙව්වා..

      ඔයා හැමදාම ලියන්න ඉසුරි...
      (දැං අරුං දෙන්න තරහෙ පුපුරයි. හැක් හැක්..)

      Delete
    2. අපි එහෙම තරහ නෑ බොල...අපේම රැහේ එකෙකුට හරි එකියෙකුට හරි නම්බුවක් ලැබෙන එක කොයි තරම් දෙයක්ද...

      දේශයි විදානයයි පෞද්ගලිකව හම්බ වුණා නම් කිරි කවඩි පෙන්නන්න තිබුණා මුන් ඩබලට අම්මමෝ නැතිවෙන්න...නැද්ද තුෂාරයො...හැක් හැක්...

      අසංක

      Delete
    3. ස්තූතියි දේශකයා...................

      ස්තූතියි විදානේ......................

      පුළුවං වෙලාවට ලියනවා ඉතිං... ඒත් වෙලාව නැති කම තමයි අවුල... මොනවා වුණත් ලියපු කවිය අගය කරාට ස්තූතියි........

      ඉසුරි...............

      Delete
    4. අා................. දේශකයා........

      ඉසුරි කියන නම කොහෙන්ද හොයා ගත්තේ......... ??? කවුද ඒක කිව්වේ.....????

      Delete
    5. අා ඒ්ක අහුබුදු අංකල් කිව්වා..හැක්

      Delete
    6. අංකල් දැන් ඉන්නේ ඔහෙද????

      Delete
  5. පෙම් ලොවදී දුටු ඔහුමද මේ
    ඔහුටද මා අන්ධ වුනේ
    යෞවනයේ දුටු ඔහුමද මේ
    ඔහුටද මා අන්ධ වුනේ

    මිදියුෂ යැයි රැවටී යැයි හලා හල
    විෂ බිවුවේ ඇයි මා
    පෙම් දැළ මැද පැටලී
    සුසුම්ලා මුළාවුනේ ඇයි මා

    මිරිඟුව දැක හිනැහී පිපාසෙට
    දිය සෙව්වේ ඇයි මා
    නෙතුසර පහර වැදී විකල්වී
    දිවි පිදුවේ ඇයි මා

    ගායනය - නන්දා මාලනී
    ගී පද - සුනිල් ආරියරත්න
    සංගීතය එච්.එම්.ජයවර්ධන

    ReplyDelete
    Replies
    1. සින්දු .....................

      හරිම ලස්සන ගීතයක්.... නන්දා මාලනී මහත්මියගේ කටහඩ මේ ගීතයේ වේදනාව මනාවට මතු කරනවා............ හරි ම වැදගත් සහ ගැලපෙන ගීතයක් ගෙනාවට ස්තූතියි සින්දු අැනෝ.................

      Delete
  6. අර රළු පරොළු ප්‍රේමය ඇතුලේ තියෙන්නෙත් ආදරයක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.................. මනෝජ් දන්න දේවල්.............

      ඒක ප්‍රේමයක් තමයි මනෝජ්... ඒකේ දෙකක් නැහැ...ඒත් පොඩි අවුලක් තියෙනවා මනෝජ් ... ඒක විදවීමකුත් වෙනවානේ..................

      Delete
  7. මට ප්‍රශ්නයක් තියනවෝ .... දැන් කාලේ ඔය වැඩවසම් ප්‍රේමේ නිදහස අරක් ගත් රදලය ඉස්සරහ ඔහොම දුක් ගී කියයිද නැත්නම් නිදහසේ අහිමි හිරගෙනුත් පැනල කඳවුරත් බිඳලා අර රදලයාවත් හිරකොරල මෙහෙම කියයිද
    Don't do that ???
    huh... who cares ...
    I'll do it .... :P

    ReplyDelete
    Replies
    1. හංසී......................

      අැත්ත හංසි.. සිද්ධ වෙන්නේ නම් තියෙන ප්‍රේමයට බායි කියලා යන ඒක තමයි.. ඒත්............... හැමෝට ම ඒහෙමත් බැහැනේ...... හූ කෙයාස් කියලා ඉන්නත් පුළුවං.... ඒත් හිතට අවුල් හංසි...........

      Delete
  8. අපි ලියන ඒව වගෙ නෙවේ... මේ වටකුරු කවි ලස්සනයි. :) ඉසුරිකා කිව්වම මට මතක් වෙන්නෙම අපේ ඉදං හෝ ඥාති වෙන නංගි කෙනෙක්. රත්න කෑල්ලකුත් තියනව අගට... හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. //අපේ ඉදං හෝ ඥාති වෙන නංගි කෙනෙක්// මොකක් ද චන්දන මේ???

      චන්දන... ස්තූතියි කවිය අගය කිරීමට... ඒක තව තවත් කවි ලිවීමට අපි හැමදෙනාම උනන්දු කරනවා කියලා තමයි මට හිතෙන්නේ.............. ස්තූතියි චන්දන....

      Delete
    2. හහා.. ඒක ඒ හැටි ගණන් ගන්න එපා. නිකං කතාවට කියන එකක්. ඥාතියා ගේ හොඳ එක. :D

      Delete
    3. ස්තූතියි චන්දන.......................

      Delete
  9. ප්‍රේමය ගැන කොච්චර ලිව්වත් ඉවරයක් වෙන්නේ නැහැ..අලංකාර නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්............... අපිව උනන්දු කරවනවාට...... මේ වචන අපිට ලොකු හයියක් උමේෂ්.............

      Delete
  10. මම සදු එක්ක යාලුවෙලා ඉන්න කාලේවත් බැදලා අවුරැදු 6කට පස්සෙවත් මම එයාට අනවශ්‍ය විදිහට නිති රිති දාලවත් කෑගහලා බැනලවත් නෑ..
    අඩුම තරමේ මම සදූට කියන්නේ මට වදින්න එපා මොකද මම තරමටම පවුල වෙනුවෙන් එයත් කැප කිරිමක් කරනවා..
    ඔයාගේ කයිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සංජීව........... හරි අගනා ස්වාමියෙක්... අැත්තට ම අහන්නත් අාසයි මෙහෙමත් මිනිස්සු ඉන්නවා කියලා... අැත්තට ම සතුටුයි ඔබේ ප්‍රතිපත්ති ගැන....... බිරිද ගොඩක් සතුටින් අැති.................

      Delete
    2. ටිකක් දුෙකන්. ඒ්ක උෙගන්ම අහගනිල්ලා..

      Delete
    3. මොකක්ද ඒ කතාව අැත්තද සංජීව...............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...